IMG-LOGO

2025 ජනවාරි මස 29 වන බදාදා


’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’

(ආරියරත්න රණබාහු සහ තිලකරත්න දිසානායක)

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.

මේ රටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන වසර බවට ලබන වසර පත් කරන බවකි ජනාධිපතිවරයා දුගී දුප්පත් බවෙන් පෙළෙන ජනතාව ඉන් මුදා ගැනීම තම පාලන සමය තුළදී ඉටු කරන බවද කීය.

ඒ සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමට මේ මස 14 වෙනිදා සිය ඡන්දය මාලිමාව වෙනුවෙන් කැප කරන ලෙස ඒ මහතා ජනතාවගේ ඉල්ලා සිටියේය

"රට හදන අපි එකට" "මැතිසබය ක්ලීන් කරමු මාලි මාවෙන් පුරවමු" යන  තේමාව යටතේ ගම්පහ නගර සභා පිටියේ පැවති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මහ මැතිවරණ  ප්‍රචාරක රැස්වීම් මාලාවේ අවසන් රැලිය අමතමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය

ජනාධිපතිවරයා  මෙසේද පැවසීය.

මහා ඡන්දේ අවසන් දිනය අදයි. මම කිව්වා  අපි දිනන්න ඕන ඇඬෙන්න කියලා ඒත් දැන් අපිට පේනවා අපි දිනන්න ඉස්සෙල්ලම කට්ටිය අඬනවා. ඒක එහෙම වෙන්න ඕන. දශක හතකට වැඩි කාලයක් විරාජමානව ඒ අය මේ රට පාලනය කළා. මේ වෙනකොට රටේ ජනතාව පොදු ජනතාවගේ අතට බලය හුවමාරු කර තිබෙනවා

දූෂිත ප්‍රභූ අයගේ පාලනයෙන් මේ රට නිදහස් කරන්න ජනතාවට හැකි වුණා. කවදාවත් මේ දෙයක් වෙයි කියලා ඔවුන් සිතුවේ නෑ. මේ පරාජය දරා ගන්න බැරුව ඒ අය එකම කතාව විවිධ විදියට කියනවා. මේ පාලනය බිඳ වට්ටන්න ඔවුන් මාන බලනවා

හැත්ත හතේ ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්න කෙනා විශ්‍රාම ගන්නවා කිව්වා ආයෙ ඉන්නෙ නෑ කිව්වා. ඒත් තාම දේශපාලනය කතා කරනවා. ඔවුන් උත්සාහ කරන්නේ මේක හරවන්න නමුත් ජනතාව ඒකට ඉඩ දෙන්නේ නෑ. රටේ  උතුරු නැගෙනහිර ජනතාව ඇතුළුව බොහෝ ජනතාවක්  සුබවාදී බලාපොරොත්තුවක් අප කෙරෙහි තබා තිබෙනවා.

මේ රටේ දේශපාලනය පිරිසිදු කිරීම කළ යුතුයි. මෙහිදී පාර්ලිමේන්තුව පළමුවෙන්ම පිරිසිදු කිරීම සිදු කළ යුතුයි. මේ වෙනස සිදු කිරීම පිනිස පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවීමට පියවර ගනිමු." 

අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් දක්වමින් , අදවන විට තිදෙනෙකුගෙන් යුත් ඇමති මණ්ඩලයක් විසින් රට පාලනය කරන බවත් අතීතයේ සිටි ඇමතිවරුන් අතර කාර්ය භාරයක් නොමැති වශයෙන්ද කොටසක් පත්ව සිටි පැවසූ අතර මේ වන විට එම ජනතා මුදල් කාබාසිනියා කිරීම අවසන්වී ඇති බවද කීය. 

මෙහිදී අමාත්‍ය විජිත හේරත් , ජාතික ජනබලවේගය විධායක සභිකයින්වන අපේක්ෂක  මහින්ද ජයසිංහ , අශෝක රන්වල  , මහාචාර්ය වසන්තා සුභසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂක මහත්ම , මහත්මීන්ද අදහස් දැක්වූහ.  

(ඡායාරූපය: තිලකරත්න දිසානායක)



අදහස් (11)

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’

Fernando Monday, 11 November 2024 08:35 PM

අනුර හොඳයි...

:       2       0

Harin Tuesday, 12 November 2024 02:00 AM

අන්තිමට ඒගොල්ලන්ට ඉතුරු වුණා චේ, අපිට ඉතුරු වුණා පචේ...

:       7       1

සෙනෙවිරත්න Tuesday, 12 November 2024 12:36 PM

ඔබට පමණයි එය කළ හැක්කේ, මන්දයත් එය කොමිස් වලින් ගහන ව්‍යාපෘති රැසක් ඇති එකකි. සොරුන්ට එය කළ නොහැක.

:       3       7

m. saman perera Wednesday, 13 November 2024 09:41 AM

ඔබට ජය ජනාධිපති තුමනි .අලුත් ශ්‍රීලංකාවක් ගොඩනගන්න

:       12       36

Eranga Wednesday, 13 November 2024 11:13 AM

පච කියන්නෙත් ඉතින් මාර ගැම්මකට

:       35       18

Jothi Thursday, 14 November 2024 07:02 AM

ඕන දෙයක් කියනවා බය නැතුව මොකද ටික දවසකින් එහෙම දෙයක් කිව්වේ නැත්තේ

:       5       7

Priyantha Dissanayake Thursday, 14 November 2024 07:38 AM

77 සිට සිටිකෙනාගේ සුළු සුළු අඩුපාඩුකම් තිබෙනවා නමුත් 77 සිටම රටට මොනතරම් සේවයක් කළාද, අධ්‍යාපනයට , උසස් අධ්‍යාපනයට, කාර්මික අධ්‍යාපනයට. කොටි ත්‍රස්තදයේ ප්‍රථාපවම සෙන්පතියා තම ග්‍රගණයට ගත්තා ලේ බිඳකුදු නොසොල්වා සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙව්වා. ඒ නිසාම උතුරේ යුද්දය ජයග්‍රහණය පහසුවූවා. මිනිසුන්ගේ වැරදි අඩුපාඩු හොයනවා වගේම ගුණ දකින්නත් විජේවීර මහතයාගේ පුතාගෙන්වත් ඉගෙනගන්න. 76 වසරක තිබූ යහපත් දේ නිසා තමා අද ගොවියෙකුගේ පුතෙක් නිදහස් අධ්‍යාපනය ලබලා රටේ ප්‍රධාන පුරවැසියාවෙලා තියෙන්නේ. මම නොවේ කියන්නේ විජේවීර පුතා. රනිල් මහත්තයාට සාපේක්ෂව ඔබතුමාලා මොනවාද රටට කරලා තියෙන්නේ, පාර්ලිමේන්තුවේ වසර කීයක් ඉන්නවාද..? සහ කථාවේ විදිහට වැඩ නැහැනේ දැන් ඔබතුමා වාඩිවෙලා යන්නේ ලක්ෂ 750ක.

:       17       15

Sagara JeewanthaMonday, 18 November 2024 07:10 AM

ඔබතුමාට කියන්න පුලුවන්ද සුළු සුළු අඩු මොනවද කියල. දන්නේ නැත්නම් කාගෙන් හරි අහල ඉගෙන ගන්න. 77 JR බලය ගන්න ප්‍රථම අපේරට අයිතිව ප්‍රවාහන නවුකා 7ක් තිබුණා, රට වටේටම රෙදිවිවියන් කර්මාන්ත ශාලා තිබුණා. ලංවා සංස්ථාව විසින් උදළු තල සදා ඉන්දියාවට විකුණුවා. පවුම් 5000ක් මහා බ්‍රිතාන්‍යට ලබාදී ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ලංකාවට පවරා ගත්තා. ලෝකේ රටවලට ණයට මුදල් දුන්නා. JR බලය ගතට පසුව අද අපි කොතනද ඉන්නේ. මීට පස්සෙවත් ගොබ්බ කථා නොකියා ඉන්නවා දන්නේ නෙත්නම්.

:       3       2

samSaturday, 30 November 2024 04:43 AM

ඔපචුනිටි කොස්ට් කියලා දෙයක් තියෙනවා. පොඩ්ඩක් කියවන්න.

:       0       0

Priyantha Dissanayake Monday, 25 November 2024 05:41 PM

Sagara, කරුණාකර තේරුම් ගන්න උත්සාහ ගන්න මම දැක්වූ අදහස කුමක්ද කියා... මෙය ඔබ ඉලක්ක කර තැබූ සටහනක් නොව... බුදුරජාණන් වහන්සේ දේශනා කළා" කළගුණ දන්නා සහ කළගුණ සලකන අය ලෝකයේ දුර්ලභයි " කියා. ඒ සම්බුදු වදනට සංවේදී කරන්නයි අවශ්‍ය වූයේ. ඒ සඳහා ඉතාමත් හොඳ නිදසුනක් දී තිබුණා උවිඳු විජේවීර මහතා. අනුන්ගේ වැරැදි දකින්න දකින්න හිත දූෂණය කරගන්න රැස්වන්නේ අකුශල්, ඒ අකුශල්වලට විපාක විඳින්න ඕනෑ තම තමන්මයි. නමුත් එහි අනෙක් පැත්ත අනුන්ගේ ගුණ දකින්න පුළුවන් නම් ඒවා වර්ණනා කරන්න පුළුවන් නම් රැස්වන්නේ කුසල්. විපාක ලෙස ලැබෙන්නේ සැපවිපාක. එවැන්දේ පිළිබඳව කථා කිරීම ගොබ්බකම නම් මම ඔබට කියමි මේ මගේ අදහස් දැවීමේ අයිතිය. එය ඔබ සිත රිදවාගන්න එපා. ඔබ ඔබගේ අදහස මාර්තෘකාවට අදාලව ඵලකරන්න. තෙරුවන් සරණයි .!!!.

:       0       2

බණ්ඩා Tuesday, 26 November 2024 12:20 AM

Sagara- මාරි මෝඩ කතා කියන්න එපා හලෝ. ඔහේ ඒ කාලේ හිටියාද? දැක්කද ඒවා? හොඳයි තිබුණා කියමුකෝ? ඉතින් රට දියුණු වුණාද? මිනිස්සු කාලා ඇඳලා සැපට හිටියාද? මිනිස්සු අපා දුක් වින්දා. කන්න නැතුව මයියොක්කා කොළ, බතල කොළ කෑවා. ඒ අතරේ සිරිමා එහෙම බාස්මතී කද්දී මිනිස්සුන්ට හාල් පොලු, සීනි පොලු දාලා නොමරා මැරුවා. රුමේනියාව, සෝවියට් දේශය, ටිටෝ ගේ යුගෝස්ලාවියාව වගේ රටවලින් දුන්නු කබල් මැෂින් දාලා කිසිම ප්‍රමිතියක් නැති රෙදි, ටයර්, හැදුවා තමයි. ඒවා පිටරට බල්ලෙක්වත් ගත්තේ නෑ. ජේ.ආර්. හොඳ නෑ තමයි. ඒත් කඩිනම් මහවැලි ව්‍යාපාරය, වික්ටෝරියා වේල්ල, ගොවි ජනපද නොතිබුණා නම් අපි අදත් හිඟා කනවා. ඒ නිසා ලොකු ටෝක් නොදී දැනගෙන කතා කරනවා....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

නිල්වලා ගඟෙන් සිංහරාජයට යන්න පාරක්
2025 ජනවාරි මස 28 329 0

නිල්වලා ගඟ සංරක්ෂණ හා සංවර්ධනයටත් නිල්වලා ගඟ ආශ්‍රිතව නිරතුරුව පවතින ගංවතුර තත්වයට කඩිනම් විසඳුම් සෙවීමත් වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධ


පෝල්රාජ් - ජූලි චං හමුවෙති
2025 ජනවාරි මස 28 408 0

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර හමුවක් කාන


අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා
2025 ජනවාරි මස 28 377 0

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


චීන මාධ්‍ය සමූහය වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයෙන්
2025 ජනවාරි මස 28 283 0

මෙවර චීන අලුත් අවුරුදු උත්සවය ’’නයාගේ වසරේ’’ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, නැටුම් ගැයුම්, හරස් කතා, හාස්‍යජනක කෙටි නාට්‍ය, ප්‍රාදේශීය ඔපෙරා, සටන් කලා අ


විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති අගමැතිනිය හමුවෙයි
2025 ජනවාරි මස 28 403 0

විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේදී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවිය.


ආණ්ඩුවට සැබෑ ප්‍රශ්න අමතක වෙලා
2025 ජනවාරි මස 28 300 0

ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව ජනතා ප්‍රශ්න මඟ හැරීම සඳහා විවිධ ජනප්‍රිය මාතෘකා සතිපතා තෝරා ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 48 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 628 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 684 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site