IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සැක සහිතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ලංසු ඉදිරිපත් කිරීමට කුප්‍රකට විදේශීය සමාගමක් සම්බන්ධවීමෙන් ශ්‍රී ලංකාවේ පුරවැසි දත්තවල ආරක්ෂාව සහ ස්වෛරීභාවය නැතිවීමේ අවදානමක් මතුවී ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ  මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩරයේ අවසන් දිනය  අවස්ථා ගණනාවක් වෙනස් කිරීම සැක සහිත බවත් එය යම් තෝරාගත් සමාගමක් ඉලක්ක කර ගනිමින් සිදුවූවක් දැයි රජය මේ සභාවට දැනුම් දිය යුතු  බවත්  මන්ත්‍රීවරයා කීවේය.

ඩිජිටල්  හැඳුනුම්පත් මුද්‍රණයට ඉදිරිපත්ව සිටින සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම  ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් කළ සමාගමක්  බව පවසන දිසානායක මහතා විවිධ සැකකටයුතු ගණදෙනුව හේතුවෙන් මේ සමාගම රටවල් ගණනාවක අසාදු  ලේඛනයට ඇතුළත් කර ඇතැයිද  ප්‍රකාශ කළේය.

මෙරට මත්පැන් බෝතල්වල ස්ටිකරය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය 2016 වසරේදී බාරගෙන තිබුණේද මෙම සමාගම බවත් මෙම ස්ටිකරය  ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් කෝටි 6000 ක පාඩුවක් සිදුවූ ඇතැයි  අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළ බවත් ඔහු කීවේය.

තාක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා:

කැබිනට් මණ්ඩල තීරණ අනුව ලංසුව ප්‍රකාශයට පත් කළා. ලංසු පැහැදිලි කිරීම් ගණන 613 යි. ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව මෙතනදී ගත්ත තීරණය හරියාකාරව ක්‍රියාත්මක වුණේ නෑ.  එතන වරදක් වෙලා තියෙනවා. ලංසුව අවසන් කරන දිනය ඒ අනුව පස්සට ගත්තා. එක සමාගමක් ඉලක්ක කරලා මේක කරන්න බෑ. ලංසු කැඳවීමේදී  හැම සමාගමකටම එකම කාලයක්  දුන්නා. පුද්ගල දත්ත වලට කිසිදු බලපෑමක් කරන්න බැහැ ස්වෛරීභාවයට හානියක් වන්නේ නැහැ. පෞද්ගලික දත්ත පනත අනුව දත්ත සියල්ල  ආරක්ෂා කරනවා. අපේ දත්ත කිසිම කෙනෙකුට  ලබාගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මේක රටට වැදගත්  වැඩසටහනක්.



අදහස් (7)

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සැක සහිතයි

de silva berlin Friday, 11 August 2023 04:01 PM

ලන්කවෙ රජයෙ මුඩ්‍රන දෙපාර්තමෙන්තුවට මුද්‍රණනය කරන්න පුලුවන් හැදුනුම්පතක් නිර්මනය කරන්න, ලජ්ජා නැද්ද මෙව පිටරටවල් වලට දෙන්න ?

:       1       25

senaSaturday, 12 August 2023 10:44 AM

පිට රටට දුන්නේ නැත්නම් කොමිස් ගන්නේ කොහොමද?

:       0       0

Kule Friday, 11 August 2023 04:18 PM

මට, හිනා.... මේ අයම තමයි 88-89 කාලවලදී අපේ හැඳුනුම්පත්, තුවක්කු පෙන්නලා අරන් ගියේ... අද පුරවැසියන්ගේ ආරක්ෂාව කතාකරනවා...

:       0       0

anura kumara buruwa Friday, 11 August 2023 04:41 PM

මෙයාලට පිස්සු... හැමදාම සැකයි...

:       0       0

pissu anura Friday, 11 August 2023 04:43 PM

හැමදාම සැකයි... කරපු දෙයක් නැහැ...

:       0       0

sarath Friday, 11 August 2023 08:26 PM

හැඳුනුම්පතක්වත් මුද්‍රණය කරගන්න බැහැ. නමුත් දේශපාලඥයෝ කයිය ගහන්නේ... සියලු දේම මෙහි නිෂ්පාදනය කරගන්න... තිබෙන හැඳුනුම්පත හොඳටම ඇති. ලංකාවේ මුද්‍රණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම... නැතිනම් මේ පව් කරගහන්න වෙන්නේ අපිට...

:       0       0

ජයලත් Saturday, 12 August 2023 08:03 AM

මොනදේටත් අකුල්හෙලන කුහක හැත්ත...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 888 1

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1538 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 213 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 349 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 2201 4

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 9526 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 408 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1416 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site