IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඩෙනිම් අස්සෙන් කෝටි දෙකක සිගරට්

ඩෙනිම් රෙදි බවට  ව්‍යාජ ලියකියවිලි සකසා ඩුබායි සිට මෙරටට ගෙන ආ රෙදි පෙට්ටි පහලොවක්  පරික්ෂා  කිරිමේදී  එහි රුපියල් දෙකෝටි විසිපන් ලක්ෂයක් වටිනා සිගරට් කාටුන් හාරදහස්  පන්සීයක්  තිබූ   බව  රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා   පැවසුවේය.

කොළඔ 12 ප‍්‍රදේශයේ ලිපිනයකට ලැබී තිබුණු මෙම රෙදි පෙට්ටි 15 සඳහා  ව්‍යාජ ලිපිලේඛන සකසා රුපියල් එක් ලක්ෂ හැත්තෑදහසක මුදලකට තක්සේරු කර එක්ලක්ෂ විසිදහසක සෙස් බද්දක්ද ගෙවා තිබූ බව රේගුව කියයි.

මේවා ගෙනවන ලද අදාල ව්‍යාපාර ස්ථානය පරික්ෂා කිරීමේදී එය මියගිය පුද්ගලයෙකුට අයත් කිසිවෙක් පදිංචි වී නොසිටි ස්ථානයක් බව රේගුව සොයාගෙන ඇත.

පසුගිය ජූනි 14 වෙනිදා ඊ.කේ 465 දරණ ගුවන්යානයෙන් කිලෝග‍්‍රෑම් 1293 ක් බර ඩෙනිම් රෙදි පෙට්ටි 15 ක් ලෙස මේවා මෙරටට ගෙනවිත් ඇත.

එම අවස්ථාවේ මෙම භාන්ඩ මුදාගෙන යාමට අදාල ලියකියවිලි පරික්ෂා කර බැලූ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන්බඩු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් මෙම භාන්ඩ දැඩි පරික්ෂාවෙන් පසුව මුදා හළ යුතු බවට නියෝග කර ඇත.

එසේ වුවත් මෙම භාන්ඩ  රැගෙන යාමට  සතියක්  ගත වන තුරුත් කිසිවෙක් නොපැමිණී බැවින් ඒ පිලිබඳව සැක සිතූ රේගුව මේ පිලිබඳ විමර්ශනය කිරීමට කටුනායක  නයිකන්දේ උප නිවාරණ කාර්‍යයාලයේ නිලධාරීන් වෙත බාර දී ඇත.

පසුව එම නිලධාරීන් විසින් කරන ලද සූක්ෂම පරික්ෂනයකින් මෙයට සම්බන්ධ පුද්ගලයින් හා ස්ථාන සොයාගෙන ඇත.   පසුව ඇලකන්ද හා ඔරුගොඩවත්ත යන ප‍්‍රදේශවලදී මීට සම්බන්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පුද්ගලයින් සිටි ස්ථාන පරික්ෂා කිරීමේදී මෙයට සම්බන්ධ ලියකියවිලිද ඔවුන් සතුව  තිබූ බව රේගුව කියයි.

මෙම පරික්ෂනයේදී  ලියිකියවිලි වලට අදාලව තිබූ ඩෙනිම් රෙදි වෙනුවට ටොප් මවුන්ටන් වර්ගයේ සිගරට් කාටුන් 2250 ක් සහ ගෝල්ඞ් සීල් වර්ගයේ සිජරට් කාටුන් 2250 ක් සොයාගත් බව රේගුව කියයි.

මේවායේ අඩංගු වූ සිගරට් ප‍්‍රමාණය සිගරට් ලක්ෂ නවයකි.

 මේ පිළිබඳ විමර්ශන වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් බඩු අංගනයේ රේගු අධ්‍යක්ෂක ජූඞ් ඩිලූක්ෂාන්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන ස්ටීවන් පීරිස්, කේ.ආර් සෙනවිරත්න යන නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ ප‍්‍රධාන සහකාර නිවාරණ නිලධාරී දුමින්ද වීරක්කොඩි, සහකාර නිවාරණ නිලධාරී වයි.එම්.එස් කුමාර, අජිත් ඉලේසිංහ, කේ.ඒ.ආර්.එස් කුරුප්පු, ඩබ්ලිව්,ඒ.එස්.අයි වන්නි ආරච්චි, ලලිත් කාරියවසම්, නාලක වීරසිංහ, සම්පත් ජයරත්න, අසංක ගුණසිංහ යන නිලදාරීහු සිදු කරති.

  



අදහස් (0)

ඩෙනිම් අස්සෙන් කෝටි දෙකක සිගරට්

සරෝජ් Thursday, 11 July 2013 11:31 PM

අපගේ රේගු නිලදාරීන් මෑතක සිට හොර බදු අල්ලා රටට ලබා දුන් කිර්තියටත්, රටට නොලැබෙන රේගු මුදල් ලබා දීමත්, රටට මිනිස් ජිවිතයට අහිතකර මෙවැනි දේවල් ඇල්ලීමටත් ඔවුන්ට අපගේ හදවතෙන් ස්තුතියි. රජයෙන් මොවුන්ට තෑගි මුදලක් ලබා දිය යුතුය (නි)

:       0       0

හේරත් Friday, 12 July 2013 12:18 AM

සුදු සිගරට් නම් මගේ නෙමෙයි රජෝ.... (නි)

:       0       0

චන්දා Friday, 12 July 2013 01:36 PM

අපි මොනවා හරි ලංකාවට එව්වත් ගන්න ගියාම රේගු පරික්ෂාව තදට. අපි නොදන්නා බීඩි සිගරට්. (දී)

:       0       0

විජේසිංහ Friday, 12 July 2013 02:02 PM

සිගරට් තහනම් කලානම් වැඩේ ඉවරයිනේ. ඊයේ ලංකාදීපේ තිබ්බා සිගරට් නිසා අවුරුද්දකට ලක්ෂ හැටක් මැරෙනවලු. (දී)

:       0       0

පුෂ්ප කුමාර Friday, 12 July 2013 07:53 AM

අනිත් දවස්වල මේවා බලලා නෙමේද එලියට දාන්නේ. මම අවුරුදු දෙකක් කටාර් වල ඉඳලා දාපු පෙට්ටිය ගන්න වෙලාවෙ ඒකේ තිබුන බඩු ඔක්කොම බිමට දාලා, තිබුන බඩු ටිකටත් ඩියුටි ගහලා තමයි නිදහස් කලේ .පොඩි මිනිහට තමයි ඔක්කොම නීති අකුරට (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 13 July 2013 10:04 AM

රටට මිනිස් ජිවිතයට අහිතකර මෙවැනි දේවල් ඇල්ලීම වෙනුවෙන් රජයෙන් මොවුන්ට තෑගි මුදලක් ලබා දිය යුතුය.අපි දැක්කනේ කුඩු කිලෝ අකසිය ගානක් අල්ලපු ඉන්ස්පෙච්ටෝර් සිසිර කුමාරට දුන්නු තෑග්ග මොකක්ද කියල. (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 13 July 2013 10:10 AM

සරෝජ් රජයෙන් මොවුන්ට තෑගි මුදලක් ලබා දිය යුතුය.මෙයාල දවසට රුපියල් 50000-ලක්ෂයක් හොයාගෙන තමා හවසට ගෙදර යන්නේ.එන්නේ ලක්ස 100 පන්නපු චාර් වල.ඉන්න රජ මදුරු වගේ ගෙවල් වල.දරුවෝ ඒගෙන ගන්නේ ඇමෙරික වල ලන්ඩන් වල.වගකීන් මම කියන්නේ. (අ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 13 July 2013 10:15 AM

සරෝජ්, කුඩා දරුවෙක් වඩාගෙන ආච්චි කෙනෙක් ආවා ඒ දරුවගේ මව කුවේට් ඉදන් එවපු කිරිපිටි ,සීනි,සබන් වගේ කුඩා පෙට්ටියක් අරගන්න. ඔය පෙට්ටිය එලියටම ඇදලා අර අසරණ ආච්චිගෙන් රුපියල් 8000 ක් ගසා කෑවනේ. මීගමුවේ ඉදලා ආව නිසා ඒකට රුපියල් 4000 ක් ගෙව්වම රුපියල් 12000 ක් වෙනවා. බඩු ටික රුපියල් 12000 ක් වටින්නේ නැහැ. මේවා අහස පොලව නුහුලන අපරාද නෙමෙයිද?(නදී)

:       0       0

කසීම් Friday, 12 July 2013 09:24 AM

අපි මේවා කැමැත්තෙන් නෙවෙයි කරන්නේ අයියා. ආදායම් මාර්ග නැති කර ගන්න කවුද කැමති? මේවා උඩින්ම එන නියෝග. නොකර බැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 13 July 2013 10:17 AM

අපගේ රේගුවයි, විදේශ සේවා එකයි දෙකම එකයි. ලංකාවේ පොලිසිය ඊට වඩා හොදයි.(නදී)

:       0       0

නුවන් Friday, 12 July 2013 09:34 AM

අපගේ රේගු නිලදාරීන් මෑතක සිට හොර බඩු අල්ලා රටට ලබා දුන් කිර්තියටත්, රටට නොලැබෙන රේගු මුදල් ලබා දීමත්, රටට මිනිස් ජිවිතයට අහිතකර මෙවැනි දේවල් ඇල්ලීමටත් ඔවුන්ට අපගේ හදවතෙන් ස්තුතියි. රජයෙන් මොවුන්ට තෑගි මුදලක් ලබා දිය යුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 94 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 135 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 229 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 801 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 548 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 370 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24834 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site