IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඩුබායි ලාංකිකයනට අත්වැලක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සමාජ සත්කාර කටයුතු සැපයීම වෙනුවෙන් පිහිට වූ ‘සහන‘ සමාජ සේවා සංවිධානයේ නව කාර්යාලය ඩුබායි සහ උතුරු එමීරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්  අබ්දුල් රහීම් මහතා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සුබ මොහොතින් ඩුබායිහිදී  විවෘත විය.

 ඩුබායිහි  ලාංකිකයින් රැසකගේ සහභාගීත්වයෙන් සර්ව ආගමික වතාවත්බ වලින් විවෘත කළ ‘සහන‘ සමාජ සේවා සංවිධානයේ කාර්යාල එරට දී සිටියදී විවිධ හිරිහැර හා පීඩාවන්ට පත්වූ සහ පත්වන ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ජාති බේද නොසලකා උදව් උපකාර කිරීමේ අරමුණෙන් යුතුව පිහිටවූ බව එම සංවිධානයේ සභාපති උපුල් ගමගේ මහතා පවසයි.

 සේවා ස්ථානයේදී,  වැඩපොළේදි කරදරයට පත්වන සෑම ලාංකිකයෙකු වෙනුවෙන් නොමිලේ ඕනෑම අවස්ථාවක මෙම සහන සමාජ සේවා සංවිධානයේ කාර්යාල විවෘත වන බව එම සංවිධානයේ සභාපතිවරයා  කීවේය.

 එරට එතෙක් පැවති සංවිධානයන් වන ඕල්කොට් විද්‍යාලිය ආදි ශිෂ්‍ය සංවිධානය,   ශ්‍රී ලංකා ව්‍යවස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනයේ ඩුබායි ශාඛාව , ඩුබායි අපේ කට්ටිය මිතුරු කැළ , ඩුබායි දහම් පාසල , ඩෙසර්ට් ලංකන්ස් ක්‍රිකට් සමාජය ,  ෆුජෙයිරා සිංහ ක්‍රීඩා සමාජය, හෙළබිම සංවිධානය, ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය , සංසදය සංවිධානය, ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාඛාව , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කතෝලික සංගමය යන සංවිධාන 11ක එකතුවෙන් 2012 වසරේදී ජුනි 8 වැනිදා බිහිවු ‘සහන‘ සමාජ සේවා සංවිධානය මීලඟ අරමුණ වී ඇත්තේ එරට රජයේ අනුමැතිය ලබාගත්  සමාජ සේවා සංවිධානයක් ලෙසින්  සියලූ ලාංකික ශ්‍රමිකයින්ට හැකි උපරිමයෙන් සමාජ සත්කාර සේවා ලබා දීමය. ‘සහන‘ සමාජ සේවා සංවිධානය පිළිබඳ වැඩිදුර තොරතුරු  [email protected] හෝ www.facebook.com/sahanauae යන ෆේස්බුක් ලිපිනය ඔස්සේ ලබා ගත හැකියි.

11721352_10153490696383960_544503518_n[1] 11739600_10153490696338960_443237817_n[1] 11739709_10153490696408960_1047303929_n[1] 11748641_10153490696508960_1277714521_n[1] 11749304_10153490696203960_1155463488_n[1] 11749463_10153490696493960_792661808_n[1] 11759065_10153490696173960_2087637955_n[1] 11774643_10153490696183960_1765958866_n[1]



අදහස් (0)

ඩුබායි ලාංකිකයනට අත්වැලක්

ප්‍රදීප් Sunday, 19 July 2015 06:10 PM

කාරුණික කාර්ය මණ්ඩලයක් ඉන්නවා නම් හොඳයි (නි)

:       0       0

එරංග වීරසිංහ Sunday, 19 July 2015 12:31 PM

ඇත්තටම ගොඩක් හොද වැඩක් මේක. අපිට වෙන අසාධාරණ වලට මෙහෙ කව්රුත් නෑ (බ)

:       0       0

කිත්සිරි Sunday, 19 July 2015 12:58 PM

ගොඩක් හොද වැඩක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 575 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 665 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2113 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1566 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1505 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1754 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24761 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23347 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site