IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඩුබායි සිව්මහලක් ලක් කතකට මරු කැඳවයි

ඩුබායිහි ජාත්‍යන්තර නගරයේ මහල් ගොඩනැගිල්ලක සිව්වැනි තට්ටුවෙන් වැටී ශ්‍රී ලංකාවේ අනූපමා (26) නම් තරුණියක මිය ගිය බව ඇය වැඩකළ සමාගමේ හිමිකරු කියයි.

ජෙන් පර්ෆෙක්ට් ක්ලීනින් සමාගමේ හිමිකරු ටෙරින් ද ශ්‍රී ලාංකිකයෙකි.

ඔහු කියනුයේ ඇගේ මරණය ගැන කම්පා වන බවයි. සිව් මසක් එම සමාගමේ සේවිකාවක ලෙස වැඩ කළ ඇයට කුමක් සිදුවීදැයි තමාට අදහා ගත නොහැකි බව ද ඔහු කියයි.

අනූපමා මීට කලින් ඩුබාහි ඇඟළුම් කම්හලක සේවය කළාය.

ඇගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අමිල නම් ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී.

ටෙරින් පවසනුයේ ඇගේ මරණයට අමිලගේ සම්බන්ධයක් ඇති බව නොදන්නා නමුත් ඔවුන් අතර රණ්ඩුවක් පැවති බව දන්නා බවයි.

හින්දි භාෂාව චතුර ලෙස කතා කළ අනූපමා විනෝදකාමී තරුණියක වූ බවත්, හැමවිටම සිනා මුසු මුහුණින් හා ප්‍රියජනක කතාවෙන් කාගේත් සිත් දිනාගෙන සිටි තරුණියක බවත්, ඇගේ සේවය කිහිප වතාවක්ම ලබා ගත් තවත් හාම්පුතෙක් කියයි.

ඇයට ප්‍රශ්නයක් ඇති බව කිසි විටක නොකී බවත් ඔහු කීවේය.

රෂීඩියා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මේ අතර තම සොහොයුරියගේ මරණය සැක සහිත බව මාදම්පේ පනිරෙන්දාව නාන්කඩවල නයනා සංජීවනී මහත්මිය කියන්නීය.

තම සොහොයුරියට සියදිවි නසා ගැනීමට තරම් අවශ්‍යතාවක් නොතිබූ බව ද ඇය කියන්නීය.



අදහස් (0)

ඩුබායි සිව්මහලක් ලක් කතකට මරු කැඳවයි

දෝහා Monday, 28 January 2013 10:01 PM

තට්ටු 4ක් උඩින් පැනලා ‍මැරෙන්න තරම් මේ ළමයාට ප්‍රශ්නයක් නොතිබුණා නම් කොහොමද මේ මරණය වුණේ? (නි)

:       0       0

අනුර Monday, 28 January 2013 03:51 PM

අනිවාර්‍යයෙන්ම පඩිපෙලින් තල්ලු කරලා තමයි මරන්න ඇත්තේ (ස)

:       0       0

ඩෑම් Monday, 28 January 2013 10:03 PM

ඔවැනි දේ වලින් වෙන වෙන සැකත් මතුවෙනවා. (නි)

:       0       0

තුසිත් ලියනගේ මාතර Monday, 28 January 2013 10:08 PM

මම දැං ඉන්නෙත් ඩුබායිවල.. ලංකාව ඉදලා මෙහෙ ඇවිල්ල ාකරන දේවල් අපි ඇස්වලින් දැකලා තියෙනවා.. ලංකාවෙ අය.. කියන්නත් ලැජ්ජයි.. මෙයාලා රටේ නම විනාශ කරනවා.. මෙහෙ ඉන්න ලංකාවෙ අය ගෙවන්නේ අමුතුම පව්ල් ජීවිත... ඩුබායි රට තුල වෙනමම පවුල් කෑමක් කරනවා.. ලංකාවෙ අය මේවා දන්නේ නැහැ.. මොකද මම දැනටමත් ඩුබායි රටේ සේවයකරන නිසා මම මේවා ඇස්වලින් දකිනවා..!(නු)

:       0       0

ලියෝ Monday, 28 January 2013 03:54 PM

කවුරු මොනවා කිවුවත් නැතිවුණේ වටිනා ජීවිතයක්. (නි)

:       0       0

මාටින් Monday, 28 January 2013 04:07 PM

දැන් මේකේ කොහේහරි තියෙනවාද පඩිපෙළකින් තල්ලු කරපු කතාවක්? අදහස් දමන අයට පිස්සුද මන්දා? (නි)

:       0       0

ශාන්ත Monday, 28 January 2013 04:23 PM

මිනීමැරුමක් නම් අපරාධකරුට එරෙහිව ෂරියා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 28 January 2013 04:42 PM

විදේශ රටකට ආවට පස්සේ ගොඩක් කල්පනාවෙන් වැඩකටයුතු කරන්න ඕනෑ. (නි)

:       0       0

කුමාරි Monday, 28 January 2013 04:42 PM

ඩුබායි පුවත්පතක තිබුණෙ සිය දිවි නසාගෙන කියලා.. මේ සිදුවීම වෙන්න කලින් කැෆේ එකකට ගිහිං ලංකාවට කතාකරලා ගොඩක් කෑ ගැහුවා කියලයි පත්තරේ තිබුණෙ..!(නු)

:       0       0

සුරංග Monday, 28 January 2013 04:48 PM

සෞදි වල නීති කොච්චර තද වුණත් ඩුබායි වල අපේ කාන්තාවන් දමන සෙල්ලම් අපි ඇස් දෙකින් දැකලා තියෙනවා. (නි)

:       0       0

නිමන්ත Monday, 28 January 2013 11:28 PM

ඇත්තටම කණගාටුදායක සිදුවීමක්. අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ මෙයට සම්බන්ධයක් තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන. කොහොම නමුත් කිවයුතු යමක් ඇත. මමද එක්සත් අරාබි රාජ්‍යයේ වසර තුනකට අධික කාලයක් සේවය කරමි. මෙහි සේවය කරන බොහෝ ශ්‍රී ලංකික කාන්තාවන්ගේ හැසිරීම නම් එතරම් ප්‍රශංසනීය නැත. මෙහි සේවය කරන බොහෝ කාන්තාවන්ට පෙම්වතුන් ඇත. එම කාන්තාවන් විවාහක අවිවාහක කියා බේදයක් නැත (වයස් බේදයක්ද නැත). එම පෙම්වතුන් ශ්‍රී ලංකිකයින්ම නොවෙති. ඔවුන් ඉන්දියානු පකිස්තානු හෝ බංගලාදේශ විය හැක. මෙය මෙහි සේවය කරන සැමට පොදු කරුණක් නොවිය හැක. හොද අයද සිටින්නට පුළුවන. විවාහ වීමේ බලාපොරොත්තුවෙන් අවංකව පවත්වාගෙන යන සම්බන්ධාතාද නැතිවා නොවේ. නමුත් බහුතරයකගේ තත්වය එසේය. මෙහි සේවය කරන බොහෝ ශ්‍රී ලංකික කාන්තාවන්ගේ වැටුප පහල මට්ටමක පැවතියත්, බොහෝවිට මෙසේ පෙම්වතුන් ඇසුරු කිරීම මුල්‍යමය ලාභයක් තකා නොකරන බව කිවයුතුය. මෙය හුදෙක් විනෝදය හා පාළුව මකා ගැනීමේ උත්සාහයක් ලෙස සඳහන් කල හැක. මෙම තත්වයට පුරුෂ පක්ෂයද එකසේ වගකිවයුතු බව නොකිවමනාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය යනු සෞදි අරාබිය මෙන් දරදඩු නීති තිබෙන රටක් නොවේය. මෙහි ලංකාවටත් වඩා නිදහස තිබේ. තමන් හදුනන අය බොහෝ අඩුවීම සහ මව් රටේදී නොලැබෙන නිදහස යන කාරණා මෙම තත්වයට රුකුලක්ව පවතී. රැකියා ස්ථානය වෙනස් වීම, නිවාඩු සඳහා මව් රට යාම වැනි අවස්ථාවලදී (හෝ වෙනත් මොනයම් හේතුවක් මත) පවතින සම්බන්ධතා බිඳී ගොස් නව සම්බන්ධතා ඇතිවන අතර ඇතැම්විට එවැනි අවස්ථා ගැටුම් කාරී තත්වයන් දක්වා වර්ධනය වේ. සමහර විටෙක එවැනි ගැටුම් ගුටි බැට හුවමාරු වීම්, පිහින ඇනුම් හෝ මිනි මැරුමකින් කෙළවර වූ අවස්ථා වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ වෙසෙන එම අයගේ පවුලේ සාමාජිකයන්හට මෙම තත්වය ගැන වැටහීමක් නැත. මෙම අදහස් මියගිය නැගණියට අගෞරවයක් කිරීමේ අදහසින් පල නොකරන අතර පාඨක ඔබගේ දැනගැනීම පිනිස පල කලෙමි. (ස)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 05:01 PM

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! (නි)

:       0       0

ශිහාන් Monday, 28 January 2013 11:58 PM

මිනීමැරුමක් නම් මිනීමරුවාට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

චින්තන Tuesday, 29 January 2013 12:52 AM

ප්‍රේම සම්බන්ධයක ගැටුමක් (ස)

:       0       0

මෝරාළ Monday, 28 January 2013 06:40 PM

කෝ දැන් අර රිසානාගේ මරණයට අදහස් දාපු කට්ටිය? (නි)

:       0       0

රොෂාන් Monday, 28 January 2013 07:07 PM

කණගාටුදායක සිදුවීමක්. ඒත් ලංකාවේ අය දැන් ළමයි නළවන්නෙත්, බත් උයන්නෙත් හින්දි සිංදු කිය කියා. (නි)

:       0       0

යෝනුස් Monday, 28 January 2013 07:21 PM

සිල්වා නිදා සිටින්නන් කියලා මැරිච්ච අයටද කියන්නේ? ප්‍රේම සම්බන්ධය කාත් සමගද? ඔහුට විරුද්ධවද නැගී සිටින්න කියන්නේ? (නි)

:       0       0

සෝනා Tuesday, 29 January 2013 03:55 AM

මට සැක කරන්න තියෙන්නේ ඇය වැඩකළ ගෙදර ස්වාමියායි.. ඔහු කියන දේවල් වැඩක් නැහැ.. ඇය රූමත් කාන්තාවක්.. මට ගොඩක් කණගාටුයි.. නිවන් සැප ලැබේවා සහෝදරිය... තව කීයක් මේ වගේ දේවල් අසන්නට ලැබෙයිද? කරුණාකර යමක් කරන්න. මේ ගැන..!(නු)

:       0       0

රුවන් Tuesday, 29 January 2013 04:24 AM

කාගේ උවමනාවකටද දන්නෑ උනේ (ස)

:       0       0

හිල්මි Monday, 28 January 2013 02:34 PM

පඩ්පෙලින් පහලට තල්ලු කරලා දාන්නඇති (ස)

:       0       0

නාලක Tuesday, 29 January 2013 07:51 AM

ස්ථීරවම මිණීමැරුමක් විය යුතුයි. අපරාදේ ලස්සන කෙල්ලෙක්ගේ ජීවිතය (ස)

:       0       0

ජයතිස්ස Monday, 28 January 2013 02:49 PM

අනේ දෙවියනේ මොනවද මේ අපිට අහන්න දකින්න ලැබෙන දේවල්. සොයුරිය ඔබට නිවන් සුව (ස)

:       0       0

ප්‍රීති Monday, 28 January 2013 09:29 PM

කාන්තාවන් මැදපෙරදිගට යවන්නේ පිරිමින්ට කොන්දක් නැති නිසාද? (නි)

:       0       0

සිල්වා Monday, 28 January 2013 03:20 PM

 අනුපමා ඔබ මින්මතු  සසරේ මෙවන් අකල් මරණයක් අත් නොවේවා! ඔබට නිවන් සුව.සියදිවි නසාගත්තත්, හිස ගසා දැමුවත් මරණය මරණයමයි. සෝචණීයයි. නිදා සිටින්නන් දැන්වත් අවධිවන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 710 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1525 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 97 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2299 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5919 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4061 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site