IMG-LOGO

2024 ජුලි මස 02 වන අඟහරුවාදා


ඩයනාට යළි අල්ලස් කොමිසමෙන් විමර්ශන

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කර අල්ලස් පනතේ සඳහන් දුෂණය නමැති වරද කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇය අවභාවිත කළ මුදල් ආපසු අය කරගන්නා ලෙසත් ඇයට එරෙහිව නඩු පවරන ලෙසත් ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

 



අදහස් (15)

ඩයනාට යළි අල්ලස් කොමිසමෙන් විමර්ශන

de silva Sunday, 30 June 2024 10:18 PM

එවැනි කොමිසමක් ලංකාවේ තිබෙනවද ?

:       0       5

Achini Sunday, 30 June 2024 10:22 PM

ඇයට ආරක්‍ෂක හා ආරක්‍ෂක අමාත්‍යාංශය ලෙස සම්පූර්ණ පහසුකම් සැලසීමේ වගකීම ජනාධිපතිවරයා සතුය නමුත් ඔහු ඔවුන්ට මේ රටට වැඩ කරන බව පෙන්වමින් මේ රට කොල්ලකෑමට ඉඩ දුන්නේය දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරලා අලුත් බදු බර පැටවෙන්නේ මෙහෙමයි

:       1       4

Shaf Sunday, 30 June 2024 10:29 PM

ඇය ද්විත්ව පුරවැසිභාවයක් නැති නමුත් අපේ රට මංකොල්ලකෑවා ඒකට වගකියන්න ඕන ජනාධිපතිතුමා, එයා තමයි ඇයව ඇමතිකමට පත් කළේ නමුත් ඇයගේ පදිංචිය පරීක්ෂා කිරීම තම රාජකාරිය නොවන බව ඔහු පවසනු ඇත බැඳුම්කර මගඩියට ද ඔහු කළේ අර්ජුන් මහේන්ද්‍ර මෙන්ම අශෝභන ලෙස එය මංකොල්ල කෑමටද වගකිව යුතු බවත්ය. රනිල් වගකිවයුතු පුද්ගලයෙක් නොවේ.

:       0       7

Darshi Sunday, 30 June 2024 10:37 PM

සාමාන්‍ය කෙනෙක් නම් දැන් ඇය හිරේ දාන්න ඇති. ඇයට දේශපාලන පිටුබලයක් ඇති නිසා ඇය තවමත් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව රට තුළ සිටී ඇය රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස පත්කිරීම ගැන රනිල් ජනාධිපතිවරයකු වශයෙන් ලැජ්ජා විය යුතුයි, ඇය සියලු ප්‍රාන්තවල සුබසාධන මුදල් ආදිය යෙදුවාය. රනිල් ලැජ්ජා නැති මිනිහෙක්

:       0       6

චන්දිම Sunday, 30 June 2024 11:45 PM

අනේ කොමිසමේ මහත්තුරුනේ... ඕගොල්ලෝ නඩු දාලා නඩු කියල කියලා අන්තිමට අර කබ්රාල්ගේ නඩුව වගේ නිකම්ම නිකම් අහක දාන්න වෙයි. නඩු දාන්න ඉස්සෙල්ලා නඩු දාන හරි විදිය ඉගෙනගෙන ඉන්න. හරියට අත්සන් කරන තැන බලාගන්න. මොකද දැන් කබ්රාල්ට නඩුව ආයෙත් දානවාද?

:       1       3

පැරකුම් Monday, 01 July 2024 12:07 AM

අපි ඉන්න රටේ අගමැති පසුගියදා මාර්ග නීති කඩකරල දඩ ගැහුව. සිරි ලංකාවෙ එහෙමද? සියලුම නීති නැති බැරි මිනිහට. මෙයාට අවනීතික කටයුතු කරන්න ඉඩ සලසපු සියලු රාජ්‍ය නිලධාරීන් දෙශපාලුවන් සියල්ලටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය. අවභාවිත කල රාජ්‍ය සම්පත් අයකරගතයුතුය. වෙන රටක නම් මෙයා අද ඉන්නෙ හිර ගෙදර.

:       0       10

Muthu Monday, 01 July 2024 01:13 AM

විගණකාධිපති තුමා කිව්වා වගේ, ජනතා වාදී රජයකින් හැර සියලු හොරකම් හොයන්න බෑ.... නමුත් මේ කේස් එක මුළු දියවන්නාවම සලිත කරවනවා.....

:       0       7

පිටරැටියා Monday, 01 July 2024 02:23 AM

ශිෂ්ට සම්පන්න රටවල නීතිය කාටත් පොදුයි .ලංකාවේ එහෙම වෙයි කියා විස්වාස කරනවා.

:       0       9

Ampare Somasiri Monday, 01 July 2024 08:33 AM

මේ ගෑනුන්ට රට ඉන්න දුන්නට විලිලැජ්ජා නැති ආගමන විගමන ප්‍රධානියාට විරුද්ධව නඩු දාන්න ඕන. මේ දඟ නැති විහිළුකාරයා තවමත් මෙම තනතුර දරන්නේ මන්දැයි පුරවැසියන් වශයෙන් අපට තේරුම් ගත නොහැක. ඔහු සමස්ත ශ්‍රී ලංකා රජයටම අපකීර්තියකි.

:       0       13

Pradeep Kumara Monday, 01 July 2024 08:36 AM

ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන කී දෙනෙක් නම් අපේ රටේ ඉහල තනතුරු දැරුවද? ඔවුන්ටත් මේ නීතියම ක්‍රියාත්මක කරමුකෝ. මින් අදහස් වන්නේ ඩයනා නිවැරදියි කියා කියන එක නොවන බව සළකන්න.

:       0       10

upali Monday, 01 July 2024 08:37 AM

එතකොට... ඇය විදේශිකයෙක් බව දැන දැනම ඇයව පත්කළ කෙනාව ගන්න ඔබ අදහස් කරන ක්‍රියාමාර්ගය මොකක්ද?

:       0       8

Siril Perera Monday, 01 July 2024 10:41 AM

අනිවාර්යයෙන් වැටුප් හා වියදම් අය කර ගත යුතුයි

:       0       3

Channa Monday, 01 July 2024 10:43 AM

ආගමන විගමනයේ වගකිව යුතු පාර්ශවයන්ගේ වැඩ තහනම් කළ යුතුය

:       0       3

Perera Monday, 01 July 2024 10:54 AM

මෙයා තාම ජනතා මුදලින් වාහන දේපල පාවිච්චි කරනවා .ඒවා ගැන මොකෙකුටවත් ගානක් නැහැ

:       0       3

චන්දිම Monday, 01 July 2024 12:00 PM

අල්ලස් කොමිසමෙන් කබ්රාල්ට දාපු නඩුවේදී මොකද වුනේ? කොමිසම නිසි පරිදි නඩුව ඉදිරිපත් කර නොතිබූ නිසා විශාල මුදලක් වැය කළත් නඩුව නිෂ්ප්‍රභා වුනා. මෙතනත් එහෙම සිදු නොවෙයි කියලා දෙන සහතිකය කුමක්ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ණය තිරසර බව ස්ථිරයි
2024 ජුලි මස 02 7 0

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවස


උඩරට පාරේ මාස 6ට කෝච්චි 11ක් පීලි පැනලා
2024 ජුලි මස 02 19 0

2024 වසරේ ගෙවීගිය මාස හයක කාලය තුළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් 11 ක් පමණ සිදුව ඇති බවත්ල පසුගිය ජුනි මස පමණක් හතරවතාවක් දුම්රිය පීලි පැනීමට ල


රට හරි පාරේ යන විට ඇඟේ ඉත්තෑවො දුවන්නේ ඇයි?
2024 ජුලි මස 02 89 0

ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියකින් ඉදිරියට යන විට විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ අභූත කථා නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමස


පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනයට
2024 ජුලි මස 02 116 0

සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම යටතේ පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2024 ජුලි මස 02 86 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් මෙම මස තුළ නොවන බව ලාෆ් ගෑස් සමාගම අද (2) පස්වරුවේ පැවසීය.


පැතිබැම්මක් කඩා වැටි අයෙක් මරුට
2024 ජුලි මස 02 231 0

මීරිගම දංඕවිට පාරේ නිවසක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටියදී ඒ අසල තිබූ පැතිබැම්මක් කඩා වැටීමෙන් යටවූ පුද්ගලයකු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 510 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1555 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3383 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site