IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඩයලොග් ලීග් ශූරතා පාපන්දු තරග 4දා සිට

කී‍්‍රඩා සමාජ 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා ලීග් පාපන්දු තරගාවලිය ලබන සෙනසුරාදා (4) ආරම්භ වේ. පළමු තරගය රත්නම් කණ්ඩායම හා සෝන්ඩර්ස් කණ්ඩායම අතර අද  පස්වරුවේ සිටි ලීග් පිටියේදී පැවැත්වෙන අතර ඉරිදා (5) තවත් තරග හතරක් පැවැත්වීමට නියමිතය.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය ලෙස වසර ගණනාවක් පවත්වා ගෙන ආ මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ වසරක පමණ කාලයක් ඉක්මවා යාමෙන් පසුවය.

දිවයිනේ ස්ථාන 15කදී තරග 187ක් පැවැත්වෙන මෙවර ලීග් තරගාවලියේ මුළු තරග කාලය පැය 16830ක් ඉක්මවා යන බව තරග සංවිධායකයෝ පවසති.

කණ්ඩායමේ හයක් පමණ මේ වන විට තරගාවලිය සඳහා විදේශීය කී‍්‍රඩකයන් සහභාගි කර ගැනීමට තීරණය කර තිබේ. එක් කණ්ඩායමක් සඳහා උපරිම වශයෙන් විදේශීය කී‍්‍රඩකයන් තිදෙනෙකු සහභාගි කර ගැනීමේ අවස්ථාව හිමිව තිබේ.

ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරගාවලිය සඳහා මෙවර පිට පළාත් කණ්ඩායම් කිහිපයකටද අවස්ථාව හිමිව තිබීම කැපී පෙනේ.
මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අලූත් උපක‍්‍රම ඔස්සේ තරග වැදීමට සූදානමින් සිටින අතර කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම මොරොක්කෝවේ පුහුණුකරුවකුගේ සේවය ලබා ගනිමින් තරගාවලියට එයි. සුගතදාස කී‍්‍රඩාංගණයද ඇතුළුව සිටි පාපන්දු පිටිය, වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගණය, මීගමුව මාරිස්ටෙලා, කැළණිය, ඒකල, වැලිසර, කොළඹ සහීරා, සී.ආර්. සහ එෆ්.සී., මාතර, මීගමුව දොන් බොස්කෝ, වෙන්නප්පුව ඇල්බට් පීරිස්, කුරුණෑගල මාලිගා පිටිය, පොලිස් කී‍්‍රඩාංගණය,හෝමගම, නාවලපිටිය ජයතිලක, අනුරාධපුර බන්ධනාගාර යන කී‍්‍රඩාංගණ වලදී පළමු වටයේ තරග 50ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරගාවලිය කාණ්ඩ දෙකකට බෙදා වට දෙකකින් පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට හිමි තරග ගණන 18 කි. ඒ ඒ කාණ්ඩයෙන් වැඩිම ප‍්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් හතර අර්ධ අවසන් පූර්ව වටයට තෝරා ගැනේ.

ජයග‍්‍රහකයාට රුපියල් 750,000ක් දිනා ගැනීමට අමතරව ආසියානු සමුළු සභාපති කුසලාන පාපන්දු තරගාවලියට (2014) ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ සුදුසුකමද ලබයි. තරග සංවිධායකයන් පවසන්නේ අනුශූරයන්ට රුපියල් ලක්‍ෂ පහක් පිරිනැමීමට අමතරව අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර සඳහා රුපියල් ලක්ෂයක් බැගින්ද ප‍්‍රදානය කෙරෙන බවකි.



අදහස් (0)

ඩයලොග් ලීග් ශූරතා පාපන්දු තරග 4දා සිට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 20 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 507 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1186 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 155 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 82 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


ජනපති ජුලී චන්ග් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 816 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38399 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site