පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 25 වැනිදා අබුඩාබිහිදී පැවැත්වෙන විස්සයි-20 තරගයට සහභාගි වීමට තුන් ඉරියව් ක‍්‍රීඩක ඩිල්රුවන් පෙරේරා, පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් සහ පිතිකරු කුසල් ජනිත් පෙරේරා යන ක‍්‍රීඩකයෝ අද (22) රාත‍්‍රි අබුඩාබි බලා පිටත්ව යෑමට සූදානමින් සිටියහ. ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරුවකු වන පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා, ශ්‍රී ලංකාවේදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරග දෙකේදී පන්දු යවන්නකු ලෙස විශිෂ්ට දස්කම් දැක්වීය. ඩිල්රුවන්, ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පළමු විස්සයි-20 තරගයේදී කඩුලූ තුනක් දවා ගනිමින් අවධානය දිනා ගත්තේය. ලෝක විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින අජන්ත මෙන්ඩිස් ආබාධයකට ලක්වීම නිසා ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී සහ මෙම පාකිස්තානු සංචාරයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවිය. අජන්ත මේ වන විට විස්සයි-20 තරග 20 කදී කඩුලූ 39 ක් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ යොවුන් කඩුලූ රකින ක‍්‍රීඩක කුසල් ජනිත්, ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට එක්වූ පළමු අවස්ථාව මෙය වේ.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩිල්රුවන් - අජන්ත - කුසල් විස්සයි-20 සංචිතයට එක්වෙති
සුසා Wednesday, 23 November 2011 03:17 PM
දිල්රුවන්ට අපේ සුබ පැතුම්
හේමා-abudhabi Wednesday, 23 November 2011 10:14 AM
අජන්ත මෙන්ඩිස් අනිවාර්යෙන්ම සංචිතයට අවශ්‍යයමයි. දිල්රුවන්, අජන්ත, කුසල් ඔබ සැමට සුබ ගමන්.