IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ඩොලර් නැතිව බොරතෙල් නැව දින 20ක් මුහුදේ

 

(යොහාන් භාසුර)

බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 ක් හෙවත් රුපියල් කෝටි 2500 කට අධික මුදලක් නොමැති වීමෙන් දින 20 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු අද (10) පැවසීය.

මෙම නෞකාව නැංගුරම්ලා තිබෙන දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු බව කී එම නිලධාරියා ඒ අනුව එම නෞකාවට මේ වන විට ඩොලර් ලක්‍ෂ 30 ක් හෙවත් රුපියල් කෝටි 110 ක් අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන බව ද සඳහන් කළේය.

කොරල් එනර්ජි සමාගමෙන් ඇනවුම් කළ ඌරල් නැමැති බොරතෙල් අඩංගු මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ බවත් එය නිදහස් කරගැනීමට මුදල් අමාතයංශය සහ භාණ්ඩාගාරය සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බවත් එම නිලධාරියා කීය.

ඌරල් නැමැති බොරතෙල් වර්ගය ප්‍රමිතියෙන් තොර බවට මේ වන විට චෝදනා එල්ල වෙමින් තිබෙන අතර එවැනි බොරතෙල් වර්ගයක් තව දුරටත් ආනයනය කිරීම සම්බන්ධයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවවලින් විරෝධය එල්ල වී තිබේ. 



අදහස් (10)

ඩොලර් නැතිව බොරතෙල් නැව දින 20ක් මුහුදේ

ravin Monday, 10 October 2022 03:10 PM

කාගේ කොමිස්ද මේ? හෙණ ගහන්න ඕනේ... අපේ සල්ලි වලින් සාක්කුව පුරවා ගත්තාම ඇති...

:       1       40

damneth Monday, 10 October 2022 03:58 PM

මේ බොරතෙල් රුසියාවෙන් ගෙවන ඒවද? රුසියාවෙන් ගෙවන බොරතෙල් නම් අපේ පිරිපහදුවට ගැලපෙන්න ඕනෑ. අපේ පිරිපහදුව ඉදිකළේ රුසියාව...

:       4       17

Asanga Monday, 10 October 2022 04:00 PM

මෙම ගනුදෙණුවලට හවුල් ඔක්කොගෙන්ම පාඩුව අයකරගත යුතුයි.

:       1       34

Hafeel Monday, 10 October 2022 04:23 PM

වත්මන් තෙල් ඇමැති කාංචනට Twitter ඇමැති කියලා නම්කළ එක හරියටම හරි... මේ පාඩුවත් විඳින්න වෙන්නේ රටේ ජනතාවට මිස Twitter ඇමැතිට නොවේ.

:       0       14

සකල ගුරු Monday, 10 October 2022 04:25 PM

මේ නාස්ති කිරීම නැති කරන්න බැරිද? මුදල් සොයාගෙන ඉන්ධන හෝ බොරතෙල් ඇනවුම් කලොත් නාස්තිය නැතිවෙන්නෙ නැද්ද? හිගමනේ සිටිමින් ජනතා මුදල් නාස්ති කරන්න එපා. ඔහොම කළාම පොලියත් සමග විඳවන්න ලැබෙනවා කියලා හිතන්න ඉස්සර කිව්වේ අපායට යන්න ඕනෑ නම් කරන්න ඇමැතිකම එක දවසකට කියලයි.

:       0       11

fairoos Monday, 10 October 2022 04:46 PM

මේ දේශපාලකයින්ට නම් හෙණ 7ම වදින්න ඕනෑ... මේ කරන අපරාධයට.

:       0       11

Dasa P Monday, 10 October 2022 04:57 PM

ආසියාවේ හොඳම මොලයත්, වැඩකරන විරුවාගේ මොලයත් අතර වෙනස සෙන්ටි මීටර වලින් මැනිය හැකි බව මේ පුවතින් මට පෙනී යයි.. ඔහෙලා කොහොමද?

:       0       13

ගමේ එකාලා Monday, 10 October 2022 05:44 PM

එක්ව නැගිටින්න හදන පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ට බැරියැ හොරාකාපු ඩොලර් වලින් ඔය මුදල ගෙවාදාන්න. දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන් රටට කරපු විනාසේ...?

:       0       17

Samantha Monday, 10 October 2022 08:40 PM

මිස්ට රනිල් රාජපක්ෂ උන්නැහේ මේවා ද මේ රටේ ඉතුරු කරලා ජනතාවට දෙන සහන? හැබැයි මේ රටේ අය කුලප්පු වුණු දවසට පොලිසිය නේවි රුසියානු හමුදාව දාලාවත් බේරෙන්න බැරිවෙයි. අරගලය නවතන්න මිනිස්සු විඳින පීඩාව පුපුරලා ගිය දවසට 225 යන්නේ හොම්බෙන් ඕං..

:       2       9

Lalith M Monday, 10 October 2022 09:53 PM

ඔක්කොටම කලින් යල්පිනූ සපුගස්කන්ද වහල දාන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 124 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මීරිගම දුම්රිය ගම්පහදී පිළි පනී
2025 අප්‍රේල් මස 23 131 0

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය


ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 771 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 821 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 457 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 1036 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 649 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 330 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 477 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site