IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ඩොලර් ප්‍රශ්නෙට මහ බැංකුවත් හිර වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .

එම කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් කෝටි දෙකහමාරක පමණ ප්‍රමාණය ලබන මස මැද දී පමණ ලබා දිය හැකි බව ද මහ බැංකුව වෙළද අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1200 ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි දෙකහමාරක පමණ මුදලක් ආනයන කරුවන්ට බැංකු හරහා නිකුත් කරන්නැයි වෙලද මාත්‍යාංශය මහ බැංකුවෙන් මීට සති දෙකකට ඉහතදී ලිඛිත ඉල්ලීමක් කර තිබිණි .

වෙළද අමාත්‍යංශය එම ඉල්ලීම කළේ එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා හමුවී කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි . එම ඩොලර් ප්‍රමාණය නිදහස් කිරීමට මහ බැංකුව මුලදී එකඟතාව පළ කර තිබූ නමුත් ඒවා පසුගිය සතිය වන විටත් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් විමසීමට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මහ බැංකුවට ඉකුත් බ්‍රහස්පතින්දා ගොස් එහි අධිපති වරයාද හමුවි සාකච්ඡා කර ඇති අතර ,එම ඩොලර් ප්‍රමාණය මේ මොහොතේ නිදහස් කිරීම අපහසු බව මහ බැංකු නිලධාරීන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ .

ලබන මාසයේ ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් කෝටි 50 ක විදේශ ණය වාරික ගෙවීමට මහ බැංකුව ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් ,කන්ටේනර නිදහස් කිරීමට මේ මොහොතේ ඩොලර් නිදහස් නොකරන බව බව දැනගන්නට ඇත .

 



අදහස් (29)

ඩොලර් ප්‍රශ්නෙට මහ බැංකුවත් හිර වෙයි

Dayan Sunday, 26 December 2021 07:00 AM

මහ බැංකු අධිපතිට තිබෙන්නේ විශාල කටක් පමණි...

:       2       158

DonSunday, 26 December 2021 04:08 PM

හැබැයි කට්ටිය තාම අත්සාහ කරන්නේ කොහොම හරි මාර්ග සංවර්ධනය කරන්නයි. මොනවා නැවැත්තුවත් ඒක නවත්තන්නේ නැහැ. චීනෙන් ණය ගන්නවා. ප්‍රාදේශීය හෙංචයියන්ට කොන්ත්‍රාත්තුව දෙනවා. අවුරුදු 4,5 කින් විනාශ වන විදිහට පාර හදනවා. කට්ටියම එකතුවෙලා හොඳ කුට්ටියක් ගහගන්නවා.

:       0       56

සමන්ත Sunday, 26 December 2021 07:17 AM

අපි කිව්වනේ මෙයාලාට කරන්න බෑ කියලා කලින්ම. ඒත් ඒක කවුරුත් ඇහුවේ නෑනේ. රාජපක්ෂලාගේ, කබ්රාල්ලාගේ අතේ පැලවෙන බොරුවලට රැවටුණා. තව හිටියත් ඔච්චරම තමයි. ඒ නිසා මේ අසමත් කණ්ඩායම පලවා හැර රට බේරාගමු...

:       10       210

galaparaSunday, 26 December 2021 03:06 PM

සහතික ඇත්ත... රාජපක්ෂලා තව අවුරුදු 3ක් රට පාලනය කළොත්... රට මොනතරම් දුක්ඛිත තත්වයකට යයිද? අද රටේ කිසිම ආණ්ඩු කරණයක් නැහැ. ඔක්කොම මහා ගොන් තකතීරුවන් විදියට ආණ්ඩුව කරන්නේ. ඉල්ලා අස්වෙලා ගෙදර යන එක තමයි එකම විසඳුම...

:       4       46

de silva Sunday, 26 December 2021 08:05 AM

අපේ රටේ පාලකයෝ චීනෙ වහල්ලු.. ඔවුන්ට චීන ණය ගෙවන එක, රටේ මිනිස්සු බඩගින්නේ මැරෙන එකට වැඩිය ලොකුයි...

:       8       132

Chooti Baba Sunday, 26 December 2021 08:22 AM

දේශපාලකයින්ට බනින එක නවත්තන්න!! බඩගින්නේ සිටීමට සැවොම සූදානම් වන්න. ඔවුන් තෝරා පත්කර ගැනීමේ වගකීම ඇත්තේ ජනගහනයෙන් බහුතරයයි. දේශපාලකයෝ නැවත නැවතත් එයම කළහ.. මේ අතර, ජනතාව නැවත නැවතත් ඔවුන් තෝරා පත්කර ගත්හ.

:       0       157

MO77 Sunday, 26 December 2021 08:31 AM

කබ්බ්‍රාල්ලා කියනවා මිලියන 25ක කන්ටේනර් නිදහස් කිරීමට ඩොලර් නැහැලු.. දෙසැම්බර් 31 වෙනකොට සංචිත ඩොලර් මිලියන 3.5 දක්වා වැඩි කරනවලු. කබ්බ්‍රාල් උන්නැහැගේ උද්ධච්ච හිතුවක්කාර තරවටු කිරීම නිසා විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මුදල් 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවෙලා තියෙනවා. දැන් කළ යුත්තේ විදේශ ශ්‍රමිකයින්ට හා අපනයනකරුවන්ට වෙළෙඳපොළ විනිමය අනුපාතය ලබාදෙන ඩොලර් ගෙන්වා ගැනීමයි. මේ අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් අදාල සහන ලබාගත යුතුයි. අකාර්යක්ෂම රාජ්‍ය සේවය අඩු කිරිම රටට යහපත් අනවශ්‍ය වියදම් අඩු කිරීමත් ඒ වගේමයි. මේ අවස්ථාවේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට අඩු මුදලකට ඩොලර් ලබාදිය යුතුයි. එම භාණ්ඩ සාධාරණ මිලකට අලෙවි කිරීම සඳහා නියාමන ඇති කළ යුතුයි.

:       2       164

සිල්වා Sunday, 26 December 2021 02:08 PM

හොරුන්ට, වංචාකාරයින්ට සහ ජාතිවාදීන්ට ණය තියා හිඟමන් ලැබෙන්නෙත් නෑ...

:       2       87

samMonday, 27 December 2021 02:09 AM

"අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට අඩු මුදලකට ඩොලර් ලබාදීම " නොකළ යුතුය. සහනාධාර වගකීම් සහිත විය යුතුය. මෙය වෙනත් වචන වලින් කිවහොත් ව්‍යාපාරිකයින්ට නොමිලේ මුදල් ලබා දීමකි. දූෂිත දේශපාලකයින් අනිවාර්යයෙන්ම හිඩැස ගසාකනු ඇත. ඔවුන්ට කොමිස් මුදලක් සඳහා කැමති ව්‍යාපාරිකයින්ට මෙම නොමිලේ මුදල් (ඩොලර් අඩු මිලට) ලබා දිය හැක. මෙය මුළු ආනයන වියදමෙන් 25% (50/203) පමණ ඉතා වැදගත් මුදලකි. දැනට මෙම පිරිවැය ගෙවනු ලබන්නේ අපනයනකරුවන් සහ විදේශීය ශ්‍රමිකයන් වැනි ඩොලර් උපයන්නන් විසිනි. ඩොලර් රටට එන්නේ නැත්තේ ඇයි කියලා පැහැදිලියි. ආණ්ඩුව මේක නොකර ඉන්න ඇති. එක්කෝ රජය නිර්දේශ නොකළ එය ආනයනය කළ යුතුය, නැතහොත් ආනයනකරුවන් සඳහා බදු අඩු කළ යුතුය.

:       0       0

කුසල්හාමි Sunday, 26 December 2021 08:49 AM

ආගමික ස්ථානවල අය මහ සද්දෙට ලවුඩ්ස්පීකර් දමාගෙන අපාය, දිව්‍යලෝක, පින්, පව් ගැන කියලා අහිංසක මිනිස්සුන්ව බයකරලා මිනිස්සු ගාව තියෙන සල්ලි දේපල හූරාගෙන කනවා. ගස්, ගල්, පිළිම වන්දනාවට හුරුකරලා මිනිසුන්ව මෝඩකරලා ඒ අතරින්ම ආධාර හැටියට මුදල් දේපල ගරාගන්නවා.

:       19       49

samMonday, 27 December 2021 02:14 AM

නමුත් දේශපාලුවන්ට කඩේ යන කහකඩ කාරයන්ට පේන්නේ නෑ මේ මිත්‍යා දුශ්ටිකයන් දේවාල පස්සේ ගිහිල්ල නටන විගඩන්. රටේ නායකයන් අතේ, ඇගේ හැම තැනම එක එක එල්ලාගෙන දේවාල පස්සේ යනවා. මේ කහකඩයෝන්ට අහිංසක මිනිස්සුන්ගේ සිලේ විතයරයි පෙන්නේ.

:       0       4

අගුපිලගේ Sunday, 26 December 2021 09:07 AM

වත්මන් ජනපතිවරයාගේ නමින් තවමත් මොකුත් ඉදිකළේ නැහැනේ... ඉක්මණින් ණයක් අරගෙන අඩුම තරමින් මංතීරු ටිකක්වත් හදන්න. එතකොට හොඳින්ම ඩොලර් ලැබෙයි. ජනාධිපති අකමැති නම් කබ්රාල්ගේ නමින් හරි ඉක්මන් කරලා වැසිකිළි ටිකක්වත් හදන්න ඩොලර් ප්‍රශ්නෙ ඉක්මණින් විසඳෙනවා සත්තම සත්තයි...

:       3       63

යෝගා Sunday, 26 December 2021 10:20 AM

එතකොට වාරයේදී නරක්වෙන අලළූණුවලට මොකද කරන්නේ...? ෂෝට්ඊට්ස් හදන්න හෝටල් වලට දෙන්නද?

:       1       75

චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 26 December 2021 11:40 AM

නිකන්ද කියන්නේ බොරුවට වැඩි ආයුෂ නෑ කියලා... මුලින්ම කිව්වා එච්චර කන්ටේනර් ප්‍රමාණයක් වරායේ නෑ කියලා... ඊට පස්සෙ කිව්වා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නිකුත් කරලා තියෙන්නේ කියලා... හැබැයි අවසානෙට ඇත්තම කියන්න සිද්ද වුණා... මම හිතන්නේ මොවුන් තරම් ලෝකෙ කිසිම කෙනෙක් බොරු කියන්නේ.. වංචා කරන්නේ නැතිව ඇති... දැන්නම් ලංකාවේ කියන්නත් ලැජ්ජයි..

:       1       116

amila Sunday, 26 December 2021 12:31 PM

දැන්වත් රුපියල පා කරන්න. රට විරුවන්ගෙන් අත්දෙක එකතු කරලා සමාව ඉල්ලලා කියන්නේ රටට සල්ලි එවන්න කියලා..

:       0       78

Naushad Sunday, 26 December 2021 12:43 PM

රටට කුමක් සිදු වුවද කමක් නැත. කබ්රාල්ට විශ්‍රාම වැටුප ලැබෙනවා නම් ඒ ඇති..!,

:       0       75

fairoos Sunday, 26 December 2021 12:46 PM

ජාති භේදයකින් රට කරන්න හිතාගෙන හිටපු නන්දසේනට දැන් යන එන මං නැතිවෙලා...

:       7       111

යෝගා Sunday, 26 December 2021 01:50 PM

ජාතිභේද කරේ තියන් වෙනම නීති ඉල්ලලා පන්සල් ඉඩම් අල්ලාගෙන පල්ලිවලට බෝම්බ ගැහුවේ කවුද...?

:       27       18

RoshanSunday, 26 December 2021 08:30 PM

දැන් තනිකර සිංහල බෞද්ධ ආණ්ඩුවක් තියෙන්නේ... තාම පරණ තැටියම වාදනය කරනවා.

:       0       7

Shan Sunday, 26 December 2021 02:02 PM

රටක ආර්ථිකය හැසිරවීම ගැන ගත්තාම,.. මහින්ද, ගෝඨාභය, බැසිල්, කබ්‍රාල්, ජයසුන්දර කියන්නේ නිකන්ම පිරිසක්... මෙන්න මේ ඇත්ත අපි පිළිගන්න සහ විවෘතව කතාකරන්න බය නැති වෙනකම් මෙයාලා රටේ ආර්ථිකය කාලාම දානවා. බය නැතිව ඇත්ත කතා කරමු.

:       4       31

saman Sunday, 26 December 2021 03:35 PM

රට විනාශ වෙන බව දැනගෙන වෙන්න ඇති පාර්ලිමේන්තුවෙන් අයින්වෙලා ඇවිත් අධිපතිකම හදාගෙන පෙන්ෂන් එකක් හදාගත්තේ රටේ අන්තිම සතේ දක්වා සූරාකාලා තමයි පස්ස බලන්නේ.

:       1       30

samMonday, 27 December 2021 02:15 AM

ඊට පස්සේ සෙට් එකම ඇමෙරිකාවේ හරි ,වෙන දියුණු රටක පදිංචියට යනවා.

:       0       2

priyantha Sunday, 26 December 2021 05:34 PM

ගෙදරක් වුණත් ස්‌ථාවර අාදායම් ක්‍රමයක් නැතිනම් කන්නේ බොන්නේ ණයට නම් කිසිදාක පැවැත්මක් නැත. ලංකාව මෙතරම් කාලයක් ධුර ගෙවා තිබුණද ගෘහ සේවයට යාම.., කුඩු ගෙනැල්ලා සංචාරකයින් එනකම් බලාගෙන සිටීම... ඇඟලුම්, කුළුබඩු අපනයනය වැනි දේවල් හැරෙන්නට වෙනත් කාර්මික නිෂ්පාදන නොමැත. ජපානය, කොරියාව වගේ මිනිසුන්ගේ හිත දිනාගැනීමට සමත් නිෂ්පාදනයක් කිරීමට අපට තවත් නොහැකි වී ඇත. අපි මෙතෙක් කල් අාදායමට වඩා වියදම් කර රටතුළ නිපදවිය හැකි දේවලුත් පිටරටින් ගෙනත් ණයට කන්නට රට සකස් කරපු දේශපාලකයින් සිටිය රටකි. වෙනත් රටවල නිෂ්පාදන වල මිල වෙනස් කිරීම මගින් අපේ රට බන්කොළොත් කර ඇත. (ගෑස්, තෙල්, පොහොර, බෙහෙත් යනාදිය) දේශපාලන ගේම් නොමැතිව දැන්වත් දිගුකාලීන සැලසුමකට අනුව රට නගා සිටුවීමට කටයුතු කළයුතුයි...

:       0       19

con Sunday, 26 December 2021 05:40 PM

ජොනියාගේ ඩොලර් මිලියන 6.7ක් මතක් වුණාම කියන්න වචන නෑ...

:       0       19

ඇන්තනි Sunday, 26 December 2021 05:49 PM

මෙයට සම්පූර්ණයෙන් වගකිව යුත්තා කබ්රාල්ය. ඩොලරය බොරු පහළ අගයක පැවතියත් ආනයනික භාණ්ඩවල හිඟකම නිසා බඩු මිල ඉතා ඉහළ ගොස් ඇත. ඩොලරයේ බොරු වටිනාකම නිසා සිදුවූයේ රටට ඩොලර් බිලියන 2ක ශ්‍රමික ආදායම අහිමි වීම පමණි.

:       0       26

siri Sunday, 26 December 2021 08:59 PM

බොරුවට ජාති වාද ,ආගම් වාද මතු කරලා බොරුවෙන් ජනතාව රවටලා බලය අරන් කෙටි කලකින් රට නැතිම කරා .මේක මහා පරාජයක් රටට

:       0       4

dhamneth Sunday, 26 December 2021 09:15 PM

මීට සැපයි විපක්ෂයේ ඉඳගෙන දිගටම යහපාලනයට බැන බැන ඉන්න තිබුනා නම්

:       1       4

හිටං Sunday, 26 December 2021 11:06 PM

රටට අවශ්‍ය මුදල් සහ රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සොයාගන්නෙ කෙසේද යන්න මාධ්‍ය වේදියෙක් ඇසූ ප්‍රශ්නයට අයියන්ඩි දිහා බලද්දි හිතුනා ඇනගනියි කියලා. නොදකිං එහෙව් එකෙකුට 69 ලක්ෂයක් බයියො චන්දෙ දුන්නානෙ.

:       0       7

Soma dubayi Monday, 27 December 2021 09:11 AM

පොඩ්ඩක් ඉවසලා ඉන්න.සැප බදු ගන්න වෙලාවක් නෙවේ මේක.රට වෙනුවෙන් පොඩි කැප කිරීමක් කරමු

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 683 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 158 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 395 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 525 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 105 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 466 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 721 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site