තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඩිල්ෂාන් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (23)විද්‍යූත් තැපෑලෙන් (ඊමේල්) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා යොමුකර තිබේ. ඩිල්ෂාන්, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන කණ්ඩායම් තුනේම නායකත්වයෙන් ඉල්ලා අස්වන බවත් තමන් තව දුරටත් කණ්ඩායමේ ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රීඩා කරන බවත් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් දැනුම්දී තිබේ.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඩිල්ෂාන් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
saga Tuesday, 24 January 2012 10:29 PM
ඩිල්ෂාන් ඔබ ගත්තේ නිවැරැදි තීරණයක්. පරාජයන්ට පමණක් ඔබ වගකිව යුතු නැහැ. තේරීම් කමිටුව හා පාලක මණ්ඩලයේ වැරැදිත් ඔබගේ පිටින් යවන්න හදන්නෙ
amila Wednesday, 25 January 2012 02:54 PM
ඩිල්ෂාන් ඔයා කරපු සේවය ඇති විසිස්ටය්. තව කරන්ඩ ගොඩක් දේවල් තියෙනවා ඔයාට ලංකාව වෙනුවෙන්.
චමින්ද කොස්තා Thursday, 26 January 2012 12:17 AM
කවුරු මොනව කිව්වත් තරුණ අයත් එක්ක මෙපමණ දුරක් ගෙන ඒම ගැන සතුටුයි. ඔබ හොදින් ඔබගේ කාර්යය ඉටුකළා
ඇත්ත Monday, 23 January 2012 08:41 PM
දැන්වත් බැරි බව තේරුම් ගැනීම වටිනවා
ශිරාස් Monday, 23 January 2012 09:01 PM
තරග පැරදුනේ ඩිල්ෂාන් නිසා නෙමෙයි. දේශපාලන ක්‍රිකට් නිසා. අපි ඩිල්ෂාන්ට ස්තූති වෙන්න ඕනා ලංකාව අසීරු තත්ත්වයක සිටින විට නායකත්වය බාරගන්න මෙතෙක් දුරට ගෙන ඒම ගැන. නැත්නම් අපිට නායකයෙක් නැතිව තමයි ක්‍රීඩා කරන්න වෙන්නෙ
අචලා Monday, 23 January 2012 09:13 PM
හිතට දුකයි
prabash Thursday, 26 January 2012 03:37 PM
දැන ආයෙත් පරණ විදියටම ගහන්න.
අමිල Monday, 23 January 2012 09:35 PM
කවදා හෝ වෙලාව හොද වෙයි..
සමිත් Monday, 23 January 2012 09:37 PM
ඔක්කොටම අමතක උන දෙයක් තමයි ඩිලා නායකතවය බාර ගත්තෙ.. කන්ඩායමේ හිටිය පරන නායක සහ උපනායක දෙන්නා ඉල්ලා අස්වුන වෙලාවක.. ඒ වෙලාවෙ කණ්ඩායමේ හිටිය පරන ක්‍රිඩයන් වන මුරලි/සනත්/වාස් (ටෙස්ට් වල මාලිංග) වගේ අය නැති වෙලාවක... අනික හොදම පිතිකරැවන් ලකුනු නොගහන වෙලාවක, කණ්ඩායමේ ඉන්න හුගාක් අය අත්දැකීම් නැති අලුත් ක්‍රිඩකයන් (අවරැදු 22-25) වුන වෙලාවක, නිතය පුහුනුකරැවෙකු නොමැතිව.පුහුනු කරැවන් තිදෙනෙකු මාරැවෙවි.. ඇත්තටම ඔයා බාරගත්තෙ අභියොගයක් එක අමාරැ අභියොගයක්... ඒ අභියොගය නිසාම ඔයාට පිතිකරනයට බදා ඇති උනා.. නමුත් දැන් සියල්ල අනිත් පැත්තට පෙරෙලෙනවා වගේ.. එදා වැස්සෙ නැත්නම් තරගාවලියේ ප්‍රතිපල මීට වඩා වෙනස් වෙන්න පුලුවන්..
රවිඳු Tuesday, 24 January 2012 10:03 AM
ඩිලා කල සේවය අනර්ඝයි, අසීරුම මොහොතක ඔබ වගකීම ඉටු කලා. ඔබේ නායකත්ව හැකියාව ගැන ගැටළු ඇති නමුත් ඔබ විශ්ෂ්ඨ ක්‍රීඩකයෙක් බව අවිවාදිතයි.
ධනුෂ්ක Tuesday, 24 January 2012 11:46 AM
ඩිල්ෂාන්ට අපේ නායකත්වය භාර ගන්න තව කාලය තියනවා ඩිල්ෂාන්ට පුරුදු විදිහට දැන් සෙල්ලම් කරන්න පුළුවන්
අසංක - Dubai Tuesday, 24 January 2012 11:47 AM
ඩිල්ෂාන් හොද පිතිකරුවෙක්
සුමන මනන්දූව Tuesday, 24 January 2012 12:52 PM
ඩිල්ෂාන් ඔබ ගත්තේ නිවැරැදි තීරණයක්. පරාජයන්ට පමණක් ඔබ වගකිව යුතු නැහැ. තේරීම් කමිටුව හා පාලක මණ්ඩලයේ වැරැදිත් ඔබගේ පිටින් යවන්න හදන්නෙ
නිලන්හා සිල්වා Tuesday, 24 January 2012 02:06 PM
ඩිල්ෂාන් අපි ඔබ සමගයි. කවුරු කෙසේ කීවත් අපි දන්නවා ඔබගේ දක්ෂතාවයන්
තුෂාර Tuesday, 24 January 2012 03:17 PM
ඩිල්ෂාන් කියන්නේ වටිනා ක්‍රීඩකයෙක් කණ්ඩායමෙන් අවශ්‍යය සහයෝගය නැතිව තරග දිනන්න බැහැ. කොහොම වුණත් මගේ වත්මත් ක්‍රිකට් වීරයා ඩිල්ෂාන්