IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඩිල්ෂාන් යළිත් ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් නැවතත් ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පිවීසීමට සූදානමින් සිටී. කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට පැවැත්වෙන මෙම තරගය දිවා/රාතී‍්‍ර තරගයක් වන අතර තරගය පස්වරු 2.30 ට ආරම්භ කිරීමට නියමිතය.

”ඩිල්ෂාන් අයියා හුගාක් සුව අතට හැරිලා ඉන්නේ. අද එයාට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකුත් තිබ්බා.. මා හිතන්නේ එයාට හෙට තරගයට කී‍්‍රඩා කරන්න පුළුවන්” යයි දිනේෂ් චන්දිමාල් අද (19 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡවේදී පැවසීය.

පාදයේ ආබාධයක් නිසා බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති තුන්කොන් තරගාවලියෙන් ඉවත්ව සිටි ඩිල්ෂාන් මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටී. ශී‍්‍ර ලංකා පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ද කණ්ඩායමේ නොසිටින හෙයින් ඩිල්ෂාන්ගේ ආගමනය නව නායක දිනේෂ් චන්දිමාල්ට දැඩි සැනසීමකි.

(බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී නියමිත කාලය තුළ  ඕවර 50 යැවීමට අසමත් වීම නිසා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක ඬේවිඞ් බූන් මහතා විසින් මැතිව්ස්ට එක්දින තරග දෙකක තහනමක් පනවන ලදි.)
තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී ආබාධයක් සහිතවම කී‍්‍රඩා කළ ළහිරු තිරිමාන්නද මේ වන විට සුවය ලබා සිටී. පළමු තරග දෙක සඳහා තිරිමාන්න උපනායකත්වයටද පත්කර තිබේ.

මෙම තත්ත්වය අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රශ්න කිහිපයක්ම බලාපොරොත්තු වූවාට වඩා හොඳින් විසඳී තිබෙන නමුත් කණ්ඩායමේ අවසන් 11 දෙනා සම්බන්ධයෙන් අද සවස් වන තුරුත් නිශ්චිත තීරණයක් නොතිබිණ.

”අපට මේ තරගාවලියට නවකයන් සිටිනවා”
”ජෙහාන් මුබාරක්ටත් ඇන්ජලෝටත් (පෙරේරා) හොඳ අවස්ථාවක් තියෙනවා. ඒත් හෙට උදේටත් තණතීරුව බලල අපට තීරණය කරන්න වෙනවා කවුරු එක්කද සෙල්ලම් කරන්නේ කියලා” යයි ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික නායක දිනේෂ් චන්දිමාල් අද පැවසීය.
කෙසේ වෙතත් තමන් පිතිකරුවකු වශයෙන් තරමක් දුරට අසාර්ථකව සිටීම චන්දිමාල්ට හිසරදයක් වී තිබේ. එහෙත් එයින් මිදීම තමන්ගේම වගකීමක් බවද හෙතෙම දනී.

”පසුගිය සංචාර දෙකේදීම මා පිතිකරුවෙක් විදිහට අසාර්ථක වුණ බව මා පිළිගන්නවා”
”දැන් මට තියෙන්නේ පිතිකරුවෙක් විදිහටත් නායකයෙක් විදිහටත් මගේ වගකීම ඉෂ්ට කරගෙන මෙතැනින් උඩට එන එකයි” යයිද චන්දිමාල් පැවසීය.

”තමන්ගේ සුපුරුදු දස්කම් දක්වන්න බැරි කාලයක් සෑම කී‍්‍රඩකයකුටම තියෙනවා. ඒත් මම හොඳ කී‍්‍රඩකයෙක් නම් මම දැනගන්න  ඕන එතනින් කොහොමද උඩට එන්නේ කියලා” යයිද ශී‍්‍ර ලංකාවේ ලාබාළතම නායකයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර දකුණු අපි‍්‍රකානුවෝ සිය සැලසුම් වෙනස් කරමින් තරගාවලියට අවතීර්ණ වීමට සැරසෙති.

මෙවර ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින දකුණු අපි‍්‍රකානු පිල නවක කී‍්‍රඩකයන් රැුසකගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ ඉලක්කය වන්නේ 2015 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් තමන්ගේ සංයුතිය සොයා ගැනීමයි. එහිදී ඔවුන්ගේ ඉලක්කය වන්නේ දග පන්දුවයි.
”අපේ වේග පන්දු යවන්නන් ගැන මට විශ්වාසයක් තියෙනවා. ඒත් රොබින් පීටර්සන් සහ ඒරන් පැන්ගිසෝ වගේ දෙන්නෙක් දෙපැත්තෙන් පන්දු යවන විට අපට අවශ්‍ය දේ වෙනවා යයි මා හිතනනවා”

”ජේ. පී.ටත් (ඩූමිනි) අවස්ථානුකූලව පන්දු යැවිය හැකි නිසා ඇතැම් විට අපි දග පන්දු යවන්නන් තුන් දෙනෙක් එක්ක මේ තරගාවලියට එන්නත් පුළුවන්... අපේ උපක‍්‍රම වෙනස් විය හැකියි” දකුණු අපි‍්‍රකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් පැවසීය.

දකුණු අපි‍්‍රකානු පිලේ සිටින ප‍්‍රධාන පෙළේ වේග පන්දු යවන්නන් වන මෝර්නි මෝකල් සහ ලොන්වාබෝ සොත්සොබි දෙදෙනාම ආබාධයන්ට ලක්ව සිටිති. එහෙත් ඔවුන් දෙදෙනාම ප‍්‍රතිකාර ලබමින් සිටින බවත්, හෙට තරගය සඳහා කී‍්‍රඩා කරවීමට සූදානම් කරවන බවත් ඩිවිලියර්ස් පැවසීය.

ශී‍්‍ර ලංකා සංචිතය :
දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, ජෙහාන් මුබාරක්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, ශාමින්ද එරංග, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල්

දකුණු අපි‍්‍රකානු සංචිතය:
ඒ. බී. ඩිවිලියර්ස් (නායක), හෂිම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඞීන්, ක්වින්ටින් ඩි කොක්, ෆෆ් ඩු ප්ලෙසි, ජේ. පී. ඩුමිනි, කොලින් ඉන්ග‍්‍රම්, රෝරි ක්ලින්වෙල්ට්, රයාන් මැක්ලරන්, ඬේවිඞ් මිලර්, මෝනි මෝකල්, කි‍්‍රස් මොරිස්, ඇල්විරෝ පීටර්සන්, රොබින් පීටර්සන්, ඒරන් පැන්ගිසෝ සහ ලොන්වාබෝ සොත්සෝබි

 

 

 



අදහස් (0)

ඩිල්ෂාන් යළිත් ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට

ධම්මික Saturday, 20 July 2013 10:22 AM

බුද්ධිමත්ව සිත බැලුවොත් චන්දිමල්ට නායකත්වය දීම සුදුසුයි. එක හේතුවක් ඔහු දැන් උප නායක ,අනෙක් හේතුව ඔහුට අත්දැකීම් දියුණු වෙනවා. ඔහුගේ සහයට ප්‍රබල දිල්ෂාන්, සංගක්කාර, මහේල සිටිනවා.නොබෝ දිනකින් මේ ප්‍රබලයන් සමුගන්නවා. එතකොට කවුද නායකයා? එවිට හොයා හොයා ඉන්නවට වඩා දැන් සිටම සැලසුම් සැදීම සුදුසුයි යැයි මට සිතේ. තිරිමාන්න තවත් හොඳ ක්‍රීඩකයෙක්. සුබ පැතුම් ! (නි)

:       0       0

දෙවුමිත් විතාරණ Friday, 19 July 2013 10:20 PM

දිල්ෂාන් නැවත පැමිණීම ගොඩක් සතුටු දෙයක් තිසර හෙට ඉන්නම ඕනි තිරිමාන්න උපනායකයා නිසා පුදුම කේන්තියක් තියෙන්නේ (දී)

:       0       0

සුජි Friday, 19 July 2013 10:29 PM

චන්දිමල්ට වයස වගේම අද්දැකීම් මදි නේද අනවශ්‍ය පීඩනයක් මේ නවක ක්‍රීඩකයාට දෙන්නේ තේරීම් කමිටුව මෙට වඩා බුද්දියෙන් ක්‍රියා කල යුතු වෙනවා (දී)

:       0       0

අමිල Friday, 19 July 2013 11:05 PM

චන්දිමාල්ට අර්ජුනට වගේ වාසනාව තියෙනවා.අපි බලමු ඔහුගේ වාසනාව ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොමද කියල.අමතක කරන්න එපා,චන්දිමාල් පසුපස මහේල,සංගා සහ දිල්ෂාන් යන පළපුරුදු නායකයෝ සිටින බව. (දී)

:       0       0

පහන් Friday, 19 July 2013 11:07 PM

එදත්( අනු)ශුරයෝ අදත් (අනු )ශුරයෝ මොනව කරයිද කියල මිලියන 20 ම නැතිඋනත් මිලියන 15 වත් බලාගෙන ඉන්නේ (දී)

:       0       0

ශාන්තලාල් Saturday, 20 July 2013 12:20 PM

තිරිමාන්න කියන්නේ සංගක්කාරගේ දෙවන උප්පත්තිය. ඔහු කවදාක හෝ නායකත්වයට හිමිකම් කියයි. ඔහු අත්දැකීම් ලබා ගත යුතුයි.(නදී)

:       0       0

චාමර සම්පත් - Saturday, 20 July 2013 12:36 PM

තිරිමාන්න ,සංගක්කාර, තව ටික කාලයක් යයි .(අ)

:       0       0

පහන් Saturday, 20 July 2013 12:52 PM

අද ඇන්ජලෝ පෙරේරාට අවස්ථාවක් දෙන්න. මුබාරක් ගේ තරග 38 ක ලකුණු සාමාන්‍යය 23.20. අන්ජලෝව දාන්න හොද ආයෝජනයක් වයස 23 යි.(නදී)

:       0       0

ජගත් Saturday, 20 July 2013 01:18 AM

චන්දිමාල් කියන්නේ ඊ ලග අර්ජුනයි. සුභ පැතුම්.(නදී)

:       0       0

ජගත් Saturday, 20 July 2013 01:18 AM

චන්දිමාල් තමයි ඊලග අර්ජුන. සුභ පැතුම්!(නදී)

:       0       0

හරීන් Sunday, 21 July 2013 01:13 PM

ඩිල්ෂාන් ගැනත් ටිකක් හිතන්න වෙයි වගේ (දී)

:       0       0

හුසේන් රියාද් Saturday, 20 July 2013 03:23 AM

කොහොම හරි සචිත්‍රයි , හේරතුයි සෙල්ලම් කරන්නම ඕන. දකුණු අප්‍රිකාව දඟ පන්දු යවන්නන්ට එච්චර හොඳට සෙල්ලම් කරන රටක් නෙමේ. එත් හෙට මැච් එක තියෙන්නේ ඛෙත්තාරාමේ නිසා සැක සහිතයි. මොකද ඛෙත්තාරාමේ එදා ඉඳලා ප්‍රසිද්ධ බැටින් පිච් එකක් කියලයි. කෙසේ වෙතත් අපි සුභවාදීව බලමු. අපේ කොල්ලන්ට සුභ පතමු. සෙල්ලම් කරන්නේ ඉන්දියාවත් එක්ක නෙමෙයි නිසා විස්වාසයක් තියන්න පුළුවන්.(නදී)

:       0       0

අපි සහ අපි Saturday, 20 July 2013 04:48 AM

නෑ යාලුවනේ, අර්ජුන නවත්තල ගිය තැන ඉදන් චන්දිමාල් ඕක හරි පාරේ ගෙනියනවා. මිලියන 20 ම චන්දිමාල් එක්ක ඉන්න ඕන හරියට අර්ජුන එක්ක මිලියන 20 ම උන්න වගේ. චන්දිමාල් නොම්බර 17. 17 වැනි නායක. ලෝක කුසලානය දිනලා අවුරුදු 17 කට පස්සේ; ජයෙන් ජය.(නදී)

:       0       0

රෝහණ Saturday, 20 July 2013 07:59 AM

චන්දිමාල් හොඳට කළොත් නම් හොඳයි. ඒ ළමයාට ජවයක් සහ කැපකිරීමක් කළ හැකි බව පේනවා. ඒ වගේම තිසර පෙරේරා ටීම් එකට ගන්න. එයා තමයි අපිට ඉන්න එකම තුන් ඉරියව් ක්‍රීඩකයා. (නි)

:       0       0

සුමේද Saturday, 20 July 2013 08:20 AM

මේ එක තරගාවලියකට කොච්චර නම් ශක්තියක් වැය කරන්න ඕනෑද? 22 න් ටෙස්ට් 3 එක්දින 3 ගැහුවොත් ආසන්න වශයෙන් මිනිස් පැය 3000ක්... අතිරේක ක්‍රීඩකයන්ද ඇතුළුව පුහුණු වීම් ඇතුලත් කලොත් අවම වශයෙන් මිනිස් පැය 10000 ක්... අපි හිතමු මේ කාල සීමාව තුලදී මේගොල්ලෝ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවට ක්‍රීඩාවක ආකාරයෙන් වෙනත් ඵලදායී දෙයක නවීන යන්ත්‍ර යොදාගෙන නිරත වුනොත් කොච්චර සාර්ථක ප්‍රමවේදයක් වෙයිද? අපි මේ සුද්දෝ දීපු කාලේ කන සෙල්ලම් වෙනුවට මොකද අපිට බැරි අපිට ගැලපෙන ඵලදායිත් ක්‍රීඩාවක් නිර්මාණය කරන්න? (නි)

:       0       0

අමිළ Sunday, 21 July 2013 03:55 PM

සුමේද හොඳ නැද්ද බතල ටිකක් වත්තේ ඉඩ තියෙන තැනක හිටවුවානම්? මොකද ඒකත් හොඳ ශාරීරික ව්‍යායාමයක් තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2321 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1266 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 521 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 845 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1469 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


මංගලගේ ආරක්ෂකගේ නිවසින් ගිනි අවියක් හමු වෙයි
2024 සැප්තැම්බර් මස 26 1580 0

දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ නිවසක සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site