IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඩලස් බ්‍රසියර් ගාංචුව ගලවන්න උදවු කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාතාවගේ තනපට ගලවා සිරිකොතට විසි කරලා යනුවෙන් ප‍්‍රකාශයක් කරන ඩලස් අලහප්පෙරුම මහතාත් එහි හක් (ගාංචුව) ගලවන්නට උදව් වුණා යැයි ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රී.ල.නි.පයේ පිරිසක් ආණ්ඩුව හා එක් වූයේ යට ඇ`දුම් ගැලවීමට නොව රට වෙනුවෙන් පක්‍ෂය ගත් තීරණයක් අනුව බව ද ඇමතිවරයා කීවේය.

එම තීරණය ගත් අවස්ථාවේ එයට කැමැත්ත පළ කර ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයාත් අත ඉස්සූ බව කී දයාසිරි ජයසේකර මහතා විරුද්ධ වූයේ කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා පමණක් බව ද ස`දහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ඩලස් අලහප්පෙරුම මහතා කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. 



අදහස් (0)

ඩලස් බ්‍රසියර් ගාංචුව ගලවන්න උදවු කරලා

තශිරා අබේගුණවර්ධන Sunday, 31 January 2016 05:21 PM

එදා සිට තම වාසියට පැති මාරුකරන, කවදත් හිරිකිත කතා කියා ජනතාව පිනවන, එහෙත් කිසි වැදගම්මක් නැති අය ඕනෑතරම් අපි අතර ඉන්නවා (නි)

:       0       0

ශානක Thursday, 28 January 2016 06:21 AM

ලොක්කාට ආරංචි වුණොත් මඩු වලිගෙන් තලයි (බ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 27 January 2016 08:45 PM

ෂික් විතරක්, මෙයාලට හැදියාවක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

නිහාල් Wednesday, 27 January 2016 01:47 PM

දයාසිරි මහත්තයා එජාප. තනපටය කොහාට විසිකරලද ශ්‍රී ල.නි.ප. තනපටේ ඇදගත්තේ. (බ)

:       0       0

ඉසුරු Wednesday, 27 January 2016 11:06 PM

අනේ අම්මපා මෙහෙමත් කතා! (නි)

:       0       0

පියල් Wednesday, 27 January 2016 11:06 PM

දැන් තනපට සම්බන්ධ කරගන්නේ නැතුව කතාකරන්නම බැහැ වගෙයි (නි)

:       0       0

කුමාර Thursday, 28 January 2016 07:27 AM

දේශපාලනය කියන්නේ ලෝකේ තියන හොදම බිස්නස් එක මේ බිස්නස් එකෙන් හොදම ලාබයක් ගන්නේ සහ නියම බිස්නස් ගැට දන්නේ සහ පාරිබෝගිකයා රවට්ටලා හොදට තමන්ගේ මඩිය තරකරගන්න දන්නෙත් අපේ ලංකාවේ ඉන්න දේසපාලුවෝ.සමහර වෙලාවට කරන වැඩ පුදුම අප්‍රසන්නයි. බොරුද ? (බ)

:       0       0

දිල්ශාන් Wednesday, 27 January 2016 02:15 PM

මේ විදිහේ කතා අහන්න වෙන්න ඇති මිනිස්සු මෙයාලට ඡන්දෙ දුන්නේ. තියන නැහැදිච්ච කම තමයි මෙයින් පේන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න අය සැවොම එළවන්නේ නැතුව රටට හොඳක් වෙන්නේ නැහැ. (අ)

:       0       0

නිමල් ලලිත Thursday, 28 January 2016 07:59 AM

අද සමහරුන්ට දේශපාලනය කියන්නේ නියම බඩගෝස්තරවාදී රැකියාවක්. (නි)

:       0       0

නිමල් Saturday, 30 January 2016 04:31 AM

මේ රටේ ජනතාව මේ විදිහට පල් වෙන්නේ අතීතයේ සිට දේශපාලුවන්ගේ අමන වැඩ කෙරුවාව නිසානේ . දැන් දැන් ඒක වැඩි වෙනවා. මේ අයට කුද ගහගන්ඩ මේ රට පොහොසත් රටක් පාලනයට ගන්නවානම් හොදේ කියල හිතෙනවා දැන් . (අ)

:       0       0

අතුල Wednesday, 27 January 2016 03:20 PM

මේ වගේ සත්තු ටිකක්ද හප්පා මිනිස්සු මැරී මැරී ඡන්දෙ දීලා උඩට යැව්වේ? (අ)

:       0       0

කුමාරසිංහ Wednesday, 27 January 2016 05:16 PM

ඔය කතා සාමාන්‍ය දේවල් අපේ දේශපාලකයන්ට (නි)

:       0       0

සුරන් Thursday, 28 January 2016 04:21 AM

මේ හැමෝම එකතුවෙලා ඔය කියන මාතාව ගණිකාවක් කරලා අවසන් (බ)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Friday, 29 January 2016 10:44 AM

ඩලස් තනපට ගාන්චුව ගලවන විටම දයාසිරි තනපටය අරන් දුවලා කියලා තව කොටසක් කියනවා (කෞ)

:       0       0

රත්නසිරි Friday, 29 January 2016 03:27 AM

මේ කතාවෙන් එතකොට පිළිගන්නවා නේද තනපටය විසිකරලා කියලා. (නි)

:       0       0

විද්‍යා Wednesday, 27 January 2016 07:14 PM

අපි කොහොමද අපේ අතීතය ගැන උදම් අනන්නේ, වර්තමානයක් නැතිකොට. (නි)

:       0       0

ගයාන් Wednesday, 27 January 2016 07:21 PM

පේනවා නේද අපේ මහජන නියෝජිතයින්ගේ භාෂාව? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 29 January 2016 11:23 AM

මේක තමයි ඇත්ත දේශපාලන ක්‍රියාවලිය , තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම දෙයක් කියයි ලියයි කරයි , මේවට හුරේ දාන පාක්ෂිකයොත් ඉන්නවා ඉතින් (බ)

:       0       0

තරුෂි Friday, 29 January 2016 11:38 AM

අපි මොනතරම් නම් මේ කුණු රසයට ලොල්ද කියනවා නම්, දවස තුළ දේශපාලකයින් කියන මේ වගේ කුණු හරුපයක් ඇහුවේ නැති නම් හරියට රෑට නින්ද යන්නෙත් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1754 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1106 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2043 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 509 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2934 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37166 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site