IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඩිව්ගේ පෙත්සම අගවිනිසුරුට

මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ   11 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් සහ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ගොනු කළ පෙත්සම විභාගයට ගන්නාවාද නැද්ද යන්න සලකා බැලීම සඳහා අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප‍්‍රමුඛ විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තීන්දු කළේය.

එසේම එම පෙත්සම පංච පුද්ගල හෝ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහාද පෙත්සම හෙට (8)  අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමටද තීරණය විය.

මෙම පෙත්සම අද (07) බුවනෙක අළුවිහාරේ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවිණි.

තමන්  ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු ඇමැති සිය පෙත්සමින් ඉල්ලා සිටී.

 

මැතිවරණ කොමසාරිස් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

 

නාමයෝජනා බාර දෙන අවස්ථාවේදී ප‍්‍රකාශිත ගැසට් නිවේදනයේ නම නොමැති සහ මැතිවරණයේදී පරාජයට පත්වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙස ප‍්‍රකාශ කිරීමෙන් මැතිවරණ කොමසාරිස් මෙරට ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලයි.

 



අදහස් (0)

ඩිව්ගේ පෙත්සම අගවිනිසුරුට

ඉසුරන්දි Wednesday, 07 October 2015 12:03 PM

සාධාරණයි එතුමාගේ පැමිණිල්ල. (ර)

:       0       0

ධම්ම Wednesday, 07 October 2015 12:42 PM

ඔන්න රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙනවාද කියා දැන් බලාගන්න පුලුවන් මේ තීරණයත් එක්ක. (නි)

:       0       0

කපිල Wednesday, 07 October 2015 12:48 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

තිලාන් Wednesday, 07 October 2015 12:49 PM

අපිට තියෙන්නේ ඉතින් නිශ්ශබ්දව බලා ඉන්න එක (නි)

:       0       0

දීප්ති Wednesday, 07 October 2015 01:48 PM

පැරදුන අපේක්ෂකයින් මෙයට පෙරත් පත්කර ඇත .ජාතික ලයිස්තුවෙන් පත්කළ යුත්තේ විශේස දක්ෂතා ඇති පුද්ගලයන්. (බ)

:       0       0

නන්දන Wednesday, 07 October 2015 02:02 PM

මේ නඩුව නිකම්ම නිෂ්ප‍්‍රභා වෙලා යන බවයි මම නම් කියන්නේ .මෙවැනි පත්වීම් වලට ඇති තරම් පූරවාදර්ශ තියෙනවා. ඊටත් එහා ගිහින් ලැයිස්තුවෙ වත් නොහිටපු ජන්දෙන් පරාද වෙනව තියා ජන්ද ඉල්ලුවෙවත් නොමැති අය පුරප්පාඩු වශයෙන් පත් කළ අවස්ථාත් තියෙනව. මේව ඩියුලට මතක නැති එකනේ පුදුමෙ. (අ)

:       0       0

සිරි Wednesday, 07 October 2015 02:57 PM

මෙම නඩුව තාක්ෂණික හේතුන් මත නිෂ්ප්‍රභා නොවුවහොත් ඓතිහාසික නඩු තීන්දුවක් වීමේ සම්භාවිතාව වැඩි වීමට ඉඩකඩ ඇත. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 08 October 2015 04:45 AM

ඩිව් කිව් විදියට ඉතිහාස ගතවන නඩු තීන්දුවක් ලැබෙනවා නම් සතුටුයි. ජාතික ලැයිස්තුවට නිදහස් රට පිළිගත් රටට අවශ්‍යය විද්වත් ප්‍රාමාණීකයින් පමණක් ඇතුල් කිරීමට තීන්දුවක් ලැබෙනවානම් . (ම)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 07 October 2015 04:01 PM

යහපාලනය වෙනුවෙන් හෘද සාක්ෂියක් සහිතව කඩේ ගිය එව්වෝ ලජ්ජා වෙන්න ඕන යහපාලන ලොක්කගේ මේ නින්දිත ක්‍රියා පටිපාටියට..ඔහු ආවේ සියයල්ල දන් දෙන වෙස්සන්තර කෙනෙක්ට ඇදගෙන..නමුත් දැන් හැසිරෙන්නේ අනුන්ගේ දේත් බලෙන් උදුරා ගන්න අමුම අමු මසුරු සිටාණෝ කෙනෙක් හැටියට..ඔහු තම විධායක ජනපතිකම යොදා ගන්නේ තමන්ට පක්ෂයේ බලය තහවුරු කර ගන්න..තමන් ද්‍රෝහී වුනු තමන් පාවාදුන් පක්ෂය තමන්ගේ අනාගත දේශපාලන තහවුරු තාවය වෙනුවෙන් යොදා ගන්න...අපි මෛත්‍රී මහත්තය රටේ ජනාධිපති හැටියට පිලි ගන්නවා.. ඒ බහුතර කැමැත්ත මත ප්‍රජාතන්තරවාදය ක්‍රියාත්මක වන නිසා.අපි එයට ගරු කළයුතු නිසා..නමුත් කවදාවත් ඔහු ශ්‍රී ලංකා එකේවත් සන්ධානයෙවත් නායකයා හැටියට පිළිගන්නේ නැහැ..අපි ඔහුට විරුද්ධව ඔහුව ප්‍රතික්ෂේප කළ අය..මහා මැතිවරණයේදීත් ඔහුව පමණක් නෙමෙයි ඔහුගේ අනුගාමිකයිනුත් නිර්දයවම ප්‍රතික්ෂේප කළ අය..අපේ ඒ මතය තමයි සන්ධානය වෙනුවෙන් ඡන්දය දුන් පාක්ෂික මතය ..ඔහු මේ අමු අමුවේ මංකොල්ල කන්නේ ඒ මතය..යහපාලනයේ ලොක්කෙක් කවදාවත් එහෙම වෙන්න බැහැ..එහෙම වෙනවනම් එතන තියෙන්නේ යහපාලනයක් නෙමෙයි..යම පාලනයක්.. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 27 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1038 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1721 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 743 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 188 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 522 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site