පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙස පත් කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වන ඩිව් ගුණසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහතා නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි ලබන 16 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළේය.
පෙත්සම් විභාගයට සහභාගී වීමට විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහතා අකැමැත්ත පළ කිරීමෙන් පසු මෙය තීන්දු විය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, රෝහිණී මාරසිංහ, සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි. එහිදී පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලෙසට පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම පිළිබඳ තීන්දුවක් ප‍්‍රකාශ නොකළ අධිකරණය පෙත්සම සම්බන්ධ නොතීසි පෙත්සමේ නම සඳහන් සියලූ වගඋත්තරකරුවන් වෙත දන්වා යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුගේ නීතිඥවරයාට නියෝග කළේය.
තමන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටී.
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඩීව්ගේ පෙත්සම විභාගෙට
දිලිප් Wednesday, 09 September 2015 05:12 AM
" තමන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි" කියලනේ ඉල්ලන්නේ. මෙයාව තෝරා ගත්තනම් මෙයා මෙහෙම ඉල්ලීමක් කරයිද? නැහැනේ? (බ)
නාලනී Tuesday, 08 September 2015 01:06 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දහම් Tuesday, 08 September 2015 01:22 PM
සාධාරණ ඉල්ලීමක්. ජය වේවා! (නි)
පිටබැද්දර ජයා Tuesday, 08 September 2015 01:36 PM
ඇත්තටම හොඳ තීන්දුවක් අපි බලාපොරොත්තු වෙනවා (නි)
අකලංක Tuesday, 08 September 2015 01:53 PM
අපි බලමුකෝ ඉතින්... නේද? (නි)
චන්න බුවනක Tuesday, 08 September 2015 02:20 PM
උසාවිය මොනවා කියයිද? අපිත් බලාපොරොත්තු වෙන්නේ ඔබ බලාපොරොත්තු වෙනදේම තමයි. (නි)
රණසිංහ Tuesday, 08 September 2015 04:24 PM
අපි බලමු සතුටුදායක පිළිතුරක් ලැබෙයිද කියලා (නි)
රොහාන් Tuesday, 08 September 2015 04:44 PM
මේ අය ඉස්සර මෙහෙම ඉල්ලුවේ නැහැනේ. දැන් මොකද මේ?? (නි)
වසන්ජය Tuesday, 08 September 2015 08:59 PM
තමන්ව ජාතික ලැයිස්තුවෙන් පත්කරන්න යැයි නොඉල්ලා පරාජිත අපේක්ෂකයින් පත්කිරීම බලරහිත කරන්නයි ඉල්ලීම සාධාරනය. (නි)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 08 September 2015 09:47 PM
යුක්තිය සාධාරණය ඉටු වෙන්නට ප්‍රාර්ථනා කරමු (නි)
දුමින්ද Tuesday, 08 September 2015 11:01 PM
මොනවා වුණත් ජනතාවට වන අපට වැඩක් නැත. (නි)
රෝහණ Tuesday, 08 September 2015 11:48 PM
ඩිව් ගුණසේකර මහතා ඉදිරිපත්කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා ලැබෙන තීරණය ඉතා තීරණාත්මකයි. නමුත් අසාධාරන ඉල්ලීමක් තමන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම්කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටීම. (නි)
රෝහණ Friday, 11 September 2015 12:50 AM
රටට වැඩ කරන්න යන මහත්තයෙක්. අනේ මෙහෙම ආශාවක්! (නි)
ධර්ම Wednesday, 09 September 2015 02:40 AM
ඉතාමත් වැදගත් තීරණයක් ලැබෙයි. නමුත් තමන්ව පත්කරන්න යැයි කීම නම් හොඳ නැහැ. (නි)
දුමින්ද Wednesday, 09 September 2015 03:24 AM
ජනමතයට අභියෝග කිරීමට විරුද්දව අභියෝග කිරීම (අ)
ඉන්දික ගාලේවත්ත Wednesday, 09 September 2015 04:29 AM
පරාජිත අපේක්ෂකයින් පත්කිරීම බලරහිත කරන්නයි ඉල්ලීම සාධාරණය.ඊටත් මෙයාලට යුක්තිය මකත් වෙන්නේ දැන් වීම ඊට වඩා කණගාටුයි..අපි කොහොමත් කැමති නෑ..එස්.බි, ලක්ෂ්මන්, විජිතමුණි වගේ අය කොහොමත් හොඳ නෑ..ආ ඩිලාන් ඊට හපන් එපා අය එපාමයි. (අ)