IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඩිව්ගේ පෙත්සම විසිවේ

මැතිවරණයෙන් පරාජයට පත්වූවන් 11 දෙනෙකු  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩිව් ගුණසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම තරම් නීතීමය පදනමක් නොමැති බව සඳහන් කරමින් එය ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) ගාස්තු රහිතව එම පෙත්සම නිෂ්ප්‍රභ කළේය.

මැතිවරණ කොමසාරිස්වරයා, නීතිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලාමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතීඥවරුන් මෙම පෙත්සම වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂඨාධිකරණය මෙම පෙත්සම ප්‍රතික්ෂේප කළේය.

අගවිනිසුරු කේ ශ්‍රී පවන් ,සිසිර ද ආබෘෘ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විවිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කළේ පසුගිය පාර්ලමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීමෙන් පසුව ප්‍රකාශිත ගැසට් නිවේදනයෙහි නම නොමැති සහ මැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයින්  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙරට ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය.

පෙත්සම්කරුගේ නමද ඇතුළුව මුල් ජාතික ලැයිස්තුවේ නම සඳහන් අය වෙනුවෙන් පරාජිත අපේක්ෂකයින් සහ බාහිර පුද්ගලයින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට මෙරට ජනතාවගේ සර්වඡන ඡන්ද බලය හෑල්ලූ කිරීමක් බවද හෙතෙම අධිකරණයට කියා සිටයේය.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ෆායිස් මුස්තාපා මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණු ද සිල්වා මහත්මිව පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කළහ.

14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන කරුණු ව්‍යාකූල බවට පෙත්සම මඟින් දන්වා ඇති කරුණු පිළිගත නොහැකි බවට පෙත්සමේ  වගඋත්තකාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි එම නීතීඥවරු අධිකරණයට දන්වා සිටියහ.

14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලාමේන්තුවේ සම්මත වී මේවන විට නීතියක් බවට පත්ව ඇති නිසා එවැනි නීතීයක් ,මෙවැනි පෙත්සමක් මඟින් අභියෝගයට ලක් කළ නොහැකි බවට මූලික විරෝධතාවයක් එල්ලවිය. මෙවැනි පෙත්සමක් සම්බන්ධයෙන් දෙන නියෝගයක් මඟින් එවැනි නීතියක් සංශෝධනය කළ නොහැකි බවට එහිදී සඳහන් විය.

එසේම මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනටමත් පාර්ලාමේන්තුවේ දිවුරුම් දී ඇති නිසා මෙම පෙත්සම පාර්ලාමේන්තුවේ කටයුතු වලට මැදිහත් වෙමින් ගොනු කර ඇති බවද, කිසිදු අධිකරණයක පාර්ලිමේන්තුවකට එරෙහිව නියෝගයක් නිකුත් කිරීමේ බලයක් නැති බවද එම නීතීඥවරු පෙන්වා දුන්හ.
එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙස වගඋත්තරකාර නීතීඥවරු දන්වා සිටියහ.

දෙපාර්ශවයේම නීතීඥවරුන්ගේ කරුණු සලකා බැලු අධිකරණය වගඋත්තරකරුවන්ගේ මූලික විරෝධතා පිළගැනීමට තීරණය කරමින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කළේය.

තමන්  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.

මෙම පෙත්සමේ මැතිවරණ කොමසාරිස්වරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වූහ.

 

 



අදහස් (0)

ඩිව්ගේ පෙත්සම විසිවේ

බණ්ඩා Thursday, 08 October 2015 11:29 AM

පරාජිත මන්ත්‍රීවරු මෙයාට වඩා ඡන්ද ගත් උදවිය නේද ? මේකට පාර්ලිමේන්තුවේ පියන් කමක් දෙන්නවත් සලකා බැලුවොත් නරකද? ගොටු අල්ලා පළපුරුද්දක් තියෙන නිසා ජීවිකාව කරගෙන යන්න (බ)

:       0       0

ධම්ම Thursday, 08 October 2015 12:13 PM

ජයවේවා! (හේ)

:       0       0

වසන්ජය Thursday, 08 October 2015 08:45 PM

ආත්මාර්ථය වෙනුවෙන් නොසිතා පරාර්ථය ගැන සිතුවා නම් ... පසු භවයකදීවත් පැතුම ඉටුවේවා! (නි)

:       0       0

සත්‍යයා Thursday, 08 October 2015 11:12 PM

කොමියුනිස්ට් පක්ෂයට මේ තත්වය උදාවෙන බව අපි දශක කිහිපයකට උඩදී දුටුවා. බලේට තියෙන කෑදරේ! (නි)

:       0       0

සමන්ති Thursday, 08 October 2015 01:46 PM

ඩිව් මහත්මයෝ හැරමිටියෙන් යනෙනතුරා දියවන්නාවට යන්න බැහැ වගේ (බ)

:       0       0

ජයවික්‍රම Thursday, 08 October 2015 09:50 AM

දුක හිතෙනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 846 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1518 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 611 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 147 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 501 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1970 2

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14590 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 186 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site