IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඩිව් සුසිල් විරෝධතා ගොනු කරති

මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කළ  රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (කෝප්) එරෙහි වාරණ නියෝගයන් ලබා ගැනීමෙන් සිදුකර ඇති අගතියට රුපියල් මිලියන දහය  බැගින් රුපියල් මිලියන 20ක  වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය  හා කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු විරෝධතා ගොනු කරමින්  කොළඹ දිසා අධිකරණයෙන් ඊයේ (10) හරස් ඉල්ලීමක් කළහ.

අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටු සාමාජිකයින් දොළොස් දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවේ විරෝධතා ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා ඉදිරියේදී  අද (10)  ඔවුන් මෙම ඉල්ලීම කරනු ලැබීය.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව ඉදිරිපත් කර ඇති තොරතුරු ජනතාවට දැන ගැනීමේ අයිතිය නැති කරමින් මෙම නඩු දැමීම තමන්ගේ කීර්ති නාමයට අගතියක් සිදුව ඇති බව කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් සිය හරස් ඉල්ලීමෙන්  කරුණු ඉදිරිපත් කරමින් කියා සිටී.

සුජීව සේනසිංහ මහතා දේශපාලන වාසි ලබා ගැනීමට අයුක්ති සහගතව නඩු පවරා ඇති බවද එබැවින් සිදුවූ අගතියට හා කීර්තිය හානියට මෙම රුපියල් මිලියන 10 බැගින් වූ රුපියල් මිලියන 20ක වන්දි මුදල ලබා දෙන ලෙසත් ඉල්ලා සිටී.

වගඋත්තරකාර කෝප් කමිටුවේ සෙසු සාමාජික විත්තිකරුවන්ගේ විරෝධතා  ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා මීට පෙර දන්වා සිටියේය. අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටු සාමාජිකයින් දොළොස්දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවේ වගඋත්තරකරුවන් වන ඩිව් ගුණසේකර සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා විරෝධතා ගොනු කළේය.

නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීමට කතානායකවරයා පත් කල කෝප් කමිටුවට එරෙහිවපැවරූ නඩුවෙන් ඉල්ලා තිබූ වාරණ නියෝගය  දිසා අධිකරණය විසින් ඒක පාර්ශවිකව නිකුත් කරනු ලැබුවේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාව පාර්ලිමේනතුවේ සභාගත කිරීමකින් තොරව ප‍්‍රකාශයට පත් කිරීම හෝ ප‍්‍රසිද්ධ කිරීම  වළකාලමිනි. නමුත් සේනසිංහ මහතා පසුගිය 23 වැනිදා මෙම වාරණය ඉල්ලා අස් කර ගත් අතර අදාළ වාර්තාවක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද විත්තිනරුවන්ට දන්වා සිටින ලදී. ලබන 27 වැනිදා මෙම හරස් ඉල්ලීම් යළි සලකා බැලේ.



අදහස් (0)

ඩිව් සුසිල් විරෝධතා ගොනු කරති

සමන් - මිනුවන්ගොඩ Tuesday, 11 August 2015 04:49 AM

මම නම් හිතන්නේ මේ ලංකාවේ නෙමේ වෙන රටක සිද්ධ වුණ දෙයක්.(ම)

:       0       0

යහපාල Tuesday, 11 August 2015 05:03 AM

23 සිට අද වෙනකන් ඇයි ඩිව්ට බැරි වුනේ වාර්තාව ඉදිරිපත් කරන්න....... කළානම් ඉවරයිනේ.............. බොරුවෙන් හැමදාම ජිවත් වෙන්න බෑ (බ)

:       0       0

සුමිත් Monday, 10 August 2015 08:21 PM

මාත් නොදන්න හින්දා අහන්නේ. භාණ්ඩාගාර බැඳුම්කර වංචාවක්‌ සිද්ධවුණේ නැද්ද එතකොට? (නි)

:       0       0

සිසිර Tuesday, 11 August 2015 01:04 AM

මමත් මේ අහන්නේ වංචාවක් එහෙම යටපත් කරලා තියාගන්නත් නීතියට පුලුවන්ද? ඒක එහෙම නම් එහෙම රටක් ගැන අහපු පළමු වතාව මේක (නි)

:       0       0

සෙලෙන්සියස් Monday, 10 August 2015 01:24 PM

මම මේ නොදන්න හින්දා අහන්නේ නඩු දාපු එකට විරුද්ධවත් නඩු දාන්න පුළුවන්ද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4185 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 93 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 251 0


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 250 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 3125 2

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


නිවිතිගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 253 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site