උදයකාන්ත වර්ණසූරියගේ 'චැලෙන්ජර්ස්' සිනමා නිර්මාණය හරහා රංගනයට පිවිසි දෙනුෂ්කා වර්තමානය වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසයි. මේ වනවිට තාවකාලිව කලාකටයුතුවලින් ඉවත්ව සිටින දෙනුෂ්කා, ගුවන් සේවිකාවක ලෙස වසර 2ක කාලයක් තිස්සේ සේවයේ නිරතව සිටින්නීය. දැනට 'චැනල් සී' නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කරන ඇය ඉදිරියේදී සම්බන්ධවූ වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකින්ද රසික ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටියි.
දෙනුෂ්කා දැන් කලාවෙන් ඈත් වෙලාද?
ගුවන් සේවිකාවක් විදිහට දැනට මම 'ශ්‍රී ලංකන් එයාර්ලයින්' සමාගම සමග වසර 2ක් තිස්සෙ වැඩ කරනවා. ඒ හින්දා ලොකුවට කලාව පැත්තට සම්බන්ධ වෙලා වැඩ කරන්නෙ නැහැ. ඒත්, මම 'චැනල් සී' රූපවාහිනි නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක විදිහට තාමත් වැඩ කරනවා. ඊට අමතරව පසුගිය කාලෙදී වෙළෙඳ දැන්වීම් කිහිපයටත් දායක වුණා. ඉතින් ඉඩ ලැබෙන පරිදි කලා කටයුතුවලටත් සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ නැද්ද?
ලැබුණා. ඒත්, ගොඩක් ආරාධනා ලැබුණේ දිර්ඝ ටෙලිනාට්‍යවලට. ඉතින් මම කරන රැකියාවත් එක්ක ඒ නිර්මාණවලට දායක වෙන්න බැහැනේ. කොටස් 40ක් වගේ තියෙන ටෙලිනාට්‍යකට එකතු වෙලා වැඩ කරන්න නම් මම කැමතියි. නමුත්, එවැනි නාට්‍යක ආරාධනාවක් මට ලැබුණේ නැහැ. අන්තිමට මම රඟපෑවේ ස්වාධීන රූපවාහිනි නාළිකාවේම නිෂ්පාදනයක් වූ 'සිත් අහසයි' කියන ටෙලිනාට්‍යයේ.
ගුවන් සේවිකාවක වෙන්න දෙනුෂ්කා හීන මවපු කෙනෙක්ද?
නැහැ. මගේ හීනේ වුණේ නිවේදිකාවක් විදිහට ජාත්‍යන්තර නාළිකාවකට සම්බන්ධ වෙන්න. නමුත්, හිතේ කොණක ආසාවක් තිබුණා ගුවන් සේවිකාවක් වෙන්නත්.
ජාත්‍යන්තර නාළිකාවට එකතු වෙන හීනේ දැන් අමතකද?
නැහැ. ගුවන් සේවිකාවක් විදිහට මට තව අවුරුදු 2ක් විතර වැඩ කරන්න ඕනා. ඊට පස්සෙ මේ රැකියාවෙන් ඉවත් වෙලා ජාත්‍යන්තර නිවේදිකාවක වෙන ඉලක්කය සපුර ගන්න ඕනා. ඇමෙරිකාවේ 'ඩිස්කවරි' රූපවාහිනි නාළිකාවට සම්බන්ධ වෙන්න තමයි මම දැනට සැලසුම් කරලා තියෙන්නේ.
නිවේදිකාවක් වුණොත් රංගනය පැත්තට යොමු වෙන්නේ නැද්ද?
යොමු වෙනවා. හැබැයි ඉඩ ලැබෙන පරිදි. ඒත්, වෘත්තිය මට්ටමේ නිවේදිකාවක් විදිහට වැඩ කළොත් මට බොහෝදුරට රංගනයට පැත්තට යොමු වෙන්න කාලයක් නැති වේවි.
ගුවන් සේවිකාවක් විදිහට දැනට රටවල් කොපමණ ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවාද?
'ශ්‍රී ලංකන් එයාර් ලයින්' ගමන් කරන සෑම රටකටම වගේ ගිහිල්ලා තියෙනවා. මම හිතන්නෙ රටවල් 10කට 12කට වගේ ගිහිල්ලා තියෙනවා.
මේ රටවල් අතරින් ආස කරපු රටක් එහෙම ඇති?
ඉතාලියට ගොඩක් ආසයි. යුරෝපා රටකට වගේ අපි ගියොත් දවස් 3ක් දෙනවා රට තුළ සංචාරය කරන්න. ආසියාව වගේ රටකට ගියොත් ලැබෙන්නේ දින 2ක් කාලයක්. ඉතින් රට රටවල සංචාරය කරන්න ලැබීමත් එක්තරා විදිහට ලොකු වාසනාවක් කියලයි මම හිතන්නේ.
බුද්ධික සේනාධීර/ඡායාරූප අනුග්‍රහය - දෙනුෂ්කාගේ ෆේස්බුක් ගිණුම
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'ඩිස්කවරි' චැනල් එකට යන ආසාව තාම තියෙනවා