IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඩේසි ෆොරස්ට්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(කේ. බුද්ධික කුමාරසිරි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අයත් හවුල් බැංකු ගිණුමක තිබූ රුපියල් මිලියන 59 ක පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඩේසි ෆොරස්ට් යන අය සැකකාරියක ලෙසට නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් අද (11) දින ප්‍රතික්ෂේප කලාය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ මෙම කාන්තාව සැකකාරියක කරන ලෙස නීතිපතිවරයා සිදුකළ දැනුම් දීම මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදු කරන ලදී.

මෙහිදී අදාළ නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවද ඒ අනුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අදාල නඩුව සම්බන්ධයෙන් පෙර දිනකදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා අධිකරණයෙහි මෙම නඩුව බහා තිබුණි.

 



අදහස් (4)

ඩේසි ෆොරස්ට්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය ප්‍රතික්ෂේප කරයි

රම්බොඩ Tuesday, 11 February 2025 05:45 PM

නැවත ජනාධිපති තුමාව මුන ගැහලා සාකච්ඡා වාරයක් දාන්න වෙයි වගේ

:       14       19

pj Wednesday, 12 February 2025 10:23 AM

පිලිවෙලක් නොමැතිව කරැණු කාරණා නොදැන ගැලරිය පිනවීමට ම තමන් අකමැති පාර්ශවයනට විරැද්ධව නඩු පවරීමෙන් සිදුවනුයේ ක්‍රමවත් සාක්ෂි පද්ධතියක් නොමැතිවීමෙන් වැරදි කර ඇතිබව සැකයකින් තොරව සනාථ කිරීමට අපොහොසත් වී විත්ති පාර්ශවය නිදොස්කොට නිදහස් වීම ම පමණකි.....

:       13       23

සෙනෙවිරත්න Wednesday, 12 February 2025 02:52 PM

රම්බොඩත් පී ජේ ත් මේ කියපු දෙය තේරිලා නෙවෙයි අදහස් දෙන්නේ. තමන්ගේ හාම්පුතුන්ට වැඩ වරදින නිසා ඇතිවෙච්චි හිතේ අමාරුවට මොනවා හරි කියන එක. නඩුකාර තුමිය නරක පැත්තට යමක් කියලා නැහැ.

:       0       1

රුවන් Thursday, 13 February 2025 12:28 PM

රන්බොඩා, පීජිට අනුව තමන්ගේ වකුගඩු හොරකම් කරත් රාජපක්ෂලා ඒ අය දෙවිවරුන් ලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site