IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඩේසි ෆොරස්ට ඇප

(කේ බුද්ධික කුමාරසිරි)

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ පවතින නඩුවක සැකකාරියක ලෙස අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කල ඩේසි ෆොරස්ට් නැමැත්තිය රුපියල් ලක්ෂ පණහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කලාය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සභාපතිත්වය දැරූ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් පෞද්ගලික සමාගමට ඒරෙහිව මුදල් විශුද්ධිකරන චෝදනාව යටතේ  2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ආරම්භ කල විමර්ශනයකට අදාලව එම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි

අදාල විමර්ශනයේදී රපියල් මිලියන 59කට අධික මුදලක් තිබූ ස්තීර තැන්පතු බැංකු ගිණුමක් සම්බන්ධයෙන් අණාවරණය වූ බවත් අදාල ගිණුම යෝෂිත රාජපක්ෂ නැමැත්තා සමග හවුල් ගිණුමක් ලෙස සැකකාරිය විසින් පවත්වාගෙන ගොස් තිබු බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් අධිකරනය හමුවේ කරුණු දැක්වීය



අදහස් (10)

ඩේසි ෆොරස්ට ඇප

swene Wednesday, 05 March 2025 08:13 PM

අති දක්ෂ විමර්ශකයෝ! අනු වයසැති ඩේසි ආච්චි පොලිසියට ආවහම අත් අඩංගුවට ගන්නවා. සතියක් තිස්සේ දේශබන්දු හැංගී මුත්තන් කෙලිනවා

:       5       25

කව්ද බෝයි Wednesday, 05 March 2025 08:58 PM

ඩේසි ආච්චිගෙ පිං පඩියයි, සමෘධි සහනාධාරයි එකතු වෙච්චි බැංකු ගිණුම. වයසත් එක්ක හදීසියකයට කීයක් හරි වියදමට ගන්න තමයි, මුණුබුරාගේ නම ඇතුළත්කරලා තියෙන්නේ. යහ පාලනේ එකටත් නඩු දාල නෙව...

:       10       1

නන්දන පනා-මිලානෝ Wednesday, 05 March 2025 09:37 PM

තාරුණ්‍යයට හෙටක් සැට් එක දුප්පත් වයසක ආච්චිව ඉස්සර කරගෙන හොරකමේ ගිහිල්ලා තියෙන්නේ…

:       17       11

යෝගා Wednesday, 05 March 2025 09:39 PM

ඉෂාරා සෙව්වන්දි වෙනුවටද අවුරුදු 97ක ආච්චිව අරන් ආවේ? දැන්වත් ඔය ගොන්පාට් නවත්තලා කරන්න පුළුවන් එකෙකුට පොලිසිය බාර දියල්ලා

:       2       24

පිටිගල මිලානෝ Wednesday, 05 March 2025 10:35 PM

නිල් බලකායේ ඉදිරියෙන්ම යන නායිකාව…..!

:       11       4

සුසන්ති Wednesday, 05 March 2025 10:37 PM

ඩේසි ආච්චිට පොලිස් ආරක්ෂාව දෙන්න… රාජපක්ෂලා විශ්වාස නැහැ… සාක්කි නැති කරන්න වැඩක් දෙයි.

:       19       25

Siri Thursday, 06 March 2025 04:36 AM

"කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" අනුන්ගේ පව් වලට කර ගහල කරගත්තු දෙයක්. පව් අප්පා

:       17       10

maalaka Thursday, 06 March 2025 05:59 AM

අම්මෝ මෙන්න පලි ගන්නවා

:       17       3

de silva berlin Thursday, 06 March 2025 11:46 AM

දුප්පත් මිනිහෙක් පොල් ගෙඩි කිහිපයක් හොරකම් කලත් දවස් 14 රිමාන්ඩ් ,මිලියන 97 වංචා සහගතව හොරකම් කළ එකට සම්බන්ධ ගැනිට ඇප දෙනවා , ශ්‍රී ලන්කන් එයාර්බස් ගනු දෙනුවට ඩොලර් මිලියන 2 පගාව ගහපු කපිල චන්ද්‍රසේන කිසිම ප්‍රශ්නයක් නැතුව යහතින් ජිවත් වෙනවා. ඔහුගේ නඩුවට දැන් වසර 5 පමණ ගතවෙලා. ඊට වැඩියෙන් හොරකම් කළ අර්ජුන මහේන්ද්‍රන් එක දවසකවත් රිමාන්ඩ් එකේ හිටියේ නැහැ. හොරකම් කරනවා නම් හොරකම් කරන්න ඕනේ ජනතා මුදල් , වැඩි වැඩියෙන් හොරකම් කරන තරමට දඩුවම අඩුයි.

:       13       2

මාලිමාවා Thursday, 06 March 2025 02:28 PM

බැංකු හොරා අල්ලනු. උගන් ඩා සල්ලි ගෙනෙනූ. පොරොන් දු වූ ලෙස වියදම් අඩු කර භාණ්ඩාගාරය පුරවනු. ජනතාවට සහන දෙනූ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site