(ගයාන් සූරියආරච්චි)
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට මන්නා පහරක් එල්ල තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර් ශවයේ කිසිවකු විසින් පොලිසියට පැමිණිලිකර නොතිබුණු බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් ඩෑන් ප්‍රියසාද් නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පැති කඩ තුනකින් විමර්ශන ආරම්භ කර ඇති අතර අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරන බව ද එම උසස් නිලධාරියා කීය.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට පවුලේ සාමාජිකයන් ඇතුළු 10 දෙනකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාට එරෙහිව සහ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී බැණවැදීම් සහ ප්‍රකාශ සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.
මීට අමතරව ඩෑන් ප්‍රියසාද් නැමැත්තාගේ සහහෝදරයකු මීට වසර කීපයකට පෙර කපා කොටා ඝාතනය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද පවතින අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පිය-පුතු දෙපළකට චෝදනා එල්ලවී තිබූණි. මෙම ඝාතන සිද්ධියත් සමග පොලිසිය විසින් එම පිය-පුතු දෙපළට විදේශ ගතවීම තහනම් කරමින් සහ ඔවුන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා විමර්ශනය කිරීමට අවසර ඉල්ලා අධිකරණයෙන් කළ එල්ලීමකට අද (23) අවසර ලැබී ඇති බවද පොලිසිය පවසයි.
ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඔහුගේ පුංචි අම්මා පදිංචිව සිටි කොළොන්නාව ලක්සද සෙවණ නිවාසට සංකීර්ණයට පෙරේදා (22) රාත්‍රී පැමිණ තිබූ අතර එම අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් හෙල්මටයක් පැළැද ආ එක් අයකු එම නිවාස සංකීර්ණයේ තෙවන මහලට පැමිණ ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි ප්‍රහාර 5 ක් පමණ එල්ල කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.
එම එහිදී පපු ප්‍ර දේශයට වෙඩි උණ්ඩ 2 ක්ද උරහිස ප්‍ර දේශයට උණ්ඩ 2 ක් සහ කකුල ප්‍ර දේශයට එක් උණ්ඩයක් ද වැදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
එහිදී තවත් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
සැකකරුවන් වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම ස්ථානයේ තිබී උණ්ඩ කොපු 5 ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබුණි.
බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් නුගේගොඩ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජයම්පත්, වැල්ලම්පිටිය පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් 6 ක් වැඩිදුර විමර්ශන සිදුකරති.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
බණ්ඩා Wednesday, 23 April 2025 05:26 PM
ඔච්චර අපරාධ කරන්න කන්ජිපානි කොහොමද ඇප ලබාගෙන එළියට ආවේ...?