(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට, ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ සිය ජාත්‍යන්තර බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීම හැකියාව ලැබී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ ජාත්‍යන්තර බැඳුම්කරවල ආයෝජනය කළ ආයෝජකයන්ගෙන් සියයට 96 ක් සිය සුරැකුම් නව බිල්පත්වලට මාරු කිරීමට එකඟතාවය පළ කර අවසන් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසුවේය.
ඉන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුද්ගලික ණය හිමියන්ගෙන් පුළුල් සහයෝගයක් ලැබී අවසන් බව යැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
පුද්ගලික ණය හිමියන්ගෙන් මෙලෙස පුළුල් සහයෝගයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම වසර අවසාන වීමට ප්‍රථම අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් නමුත් ඊට පෙර එළැඹෙන 16 වැනිදා එය නිල වශයෙන් තහවුරු කළ යුතු බවත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසුවේය.
පුද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන ඉදිරියට ගෙන යාමටද අත්‍යාවශ්‍ය කොන්දේසියක් විය.
ශ්‍රී ලංකාව සිය ද්වි පාර්ශ්වික ණයද සාර්ථකව ප්‍රතිව්‍යුහගත කළ නමුත් එම ගිවිසුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකළේය.
උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි. මෙම පොහොයේ සුවිශේෂී සිදුවීම් අතර සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමන, ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ශ්‍රී මහා බෝධීන
මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන ’පුෂ්පා 2’ චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට ආචාර්ය උපාධි සඳහන් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ල
කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ අද 13 රාත්‍රී 7.00 පමණ සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෙනකු මිය ගොස් අයකු තුවාල ලබා ඇති බව නොරොච්චෝලේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 32 කට වැඩි වැය බරක් දරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ශ්‍රී ලංකාවට, ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ සිය ජාත්‍යන්තර බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීම හැකියාව ලැබී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප්
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කරයි