IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ණයට දුන් කෝටි 8,000 අයකර ගන්න බැරිව ලංකා බැංකුව අසරණ වෙයි

( ජයන්ත සමරකෝන් )

යහපාලන   රජය  සමයේ  දේශපාලනඥයින් ඇතුළු විවිධ  ප්‍රද්ගලයින්  සඳහා ලංකා බැංකුව රුපියල් කෝටි 8,000 ක ණය මුදලක්  නිකුත් කර ඇතැයිද , මේ වන විට එම ණය මුදල් අය කර ගැනීමට නොහැකිව කල් ඉකුත් වූ අංශයට මාරු කර ඇතැයිද  ප්‍රගති බැංකු සේවක සංගමයේ  සභාපති  නිශාන්ත සමරසිංහ මහතා පැවසීය.
 ආචාර්ය ඇන් ඇම් පොරේරා කේන්ද්‍රෙය් අද ( 06) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් ප්‍රකාශ කළේය.
 
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින්  සිව් දෙනකු ද මේ අතර වන බවද සභාපතිවරයා පැවසූවේය. මෙම කාලය තුළ ලංකා බැංකුව විසින් කපා හැර ඇති බොල් ණය ප්‍රමාණය  රුපියල් කෝටි  500 ක් ඉක්මවන බවද ඔහු සඳහන් කළේය.
 
ලංකා බැංකුවේ  හිටපු මහා කළමනාකරුට  ලබා දුන් රුපියල් ලක්ෂ 250 ක ප්‍රාඩෝ නිල රථය ඔහු විශ්‍රාම යන විට රුපියල් ලක්ෂ 6 ක් ගෙවා  නිවසට රැගෙන ගොස් ඇතැයි ද  ඒ මහතා අනාවරණය කළේය.මේ පිළිබඳව අල්ලස් කොමිසමට, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පැමිණියද අද වන තෙක්  විමර්ශනයක් හෝ සිදු කර නැතැයි  ඔහු කීවේය.

හිටපු මහ බැංකු කලමණාකාරවරයා අද වන විට ඊ ටී අයි ආයතනයේ පවතින ගැටලු සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමේ සාමාජිකයකු බවද  ඒ මහතා පැවසීය.



අදහස් (38)

ණයට දුන් කෝටි 8,000 අයකර ගන්න බැරිව ලංකා බැංකුව අසරණ වෙයි

sampath Thursday, 06 February 2020 11:40 AM

අපෙන් රුපියලක් එන්න තිබුනානම් නඩු පිට නඩු. මේවා ඔය නිලදාරීන්ගේ පඩියෙන් කපාගන්න තීරණ ගෙනාපු අයගේ දේපොළ රාජසන්තක කරන්න. ණය දෙනකොට එපා තියලා ඇතිනේ. දැන ඕවා ජනතාවගේ පිට දාන්න එපා.

:       4       786

aselaThursday, 06 February 2020 01:13 PM

මේ අයට බැංකු පේන්න බෑ. බැංකු භීතිකාව.......

:       212       234

NishanFriday, 07 February 2020 12:00 AM

එක කට්ටියකට විතරක් නෙවෙයි දෙගොල්ලොම එකයි. එක කට්ටියක් මහා දවල් බැංකු මංකොල්ල කෑවා අනිත් අය දවලුයි රැයි දෙකේම බැංකු මංකොල්ල කෑවා.

:       243       259

gayanFriday, 07 February 2020 04:31 AM

අපෙන් රුපියලක් එන්න ඕනෙත් නෑ. කාගේ හරි ඇපෙට අස්සන් කරලා තිබ්බනං ඇති. ණය කාරයට පෙර දැනුම් දීමකින් තොරව අපිට ගෙදරට ලියුම් එවනවා නම ක්‍රිබ් එකට යවනවා කියලා තර්ජනය කරලා

:       0       6

Dhammika Thursday, 06 February 2020 11:48 AM

රුපියල් ලක්ෂ 250 ක ප්‍රාඩෝ නිල රථය ඔහු විශ්‍රාම යන විට රුපියල් ලක්ෂ 6 ක් ගෙවා නිවසට රැගෙන ගොස් ඇත. මේ බැංකුවල අයට දෙන වරප්‍රසාදයක් නොවේද ?

:       340       57

සමරනායක Thursday, 06 February 2020 11:52 AM

අර අම්පාරේ රැවුලා එකෙක් ...කාලකන්නි.පක්ෂ බේදයකින් තොරව අවුරුදු 5 කට වරක් ඒ අයයි දේ අයයි රට කනවා. නන්නාදුනන තුවක්කුකරුවාණෙනි මෙන්න බිලි 4 ක්. ඔලුවටම...

:       3       1082

asela Thursday, 06 February 2020 11:54 AM

මිස්ටර් බීන්ගේ යහපාලනය......සජිත්ගේ සංවර්ධනය................

:       181       1045

NalakaThursday, 06 February 2020 09:14 PM

ඇයි අන්තිමට තියන ටික කියවගන්න බැරිද? දැන් ඉන්න ජනාධිපති කොමිසමේ එයත් ඉන්නවා කියන ටික. පොහොට්ටු කුක්කන්ට තේරෙන්නේ නැත්තේ මේ දෙගොල්ලම හොරු අල්ලන්නේ නැහැ කියන එකයි.

:       718       203

aselaSunday, 09 February 2020 01:26 PM

කොළ පාට විතරක් දාන්න...

:       0       0

aselaMonday, 10 February 2020 09:31 AM

අනේ මෙහෙමත් වහල්ලු...

:       0       21

RTK Thursday, 06 February 2020 12:01 PM

ඇයි අර අහිංසක දුප්පත් මිනිස්සුන්ට කරනවා වගේ නඩු දාලා අය කරගන්න බැරිද ? ඉහළින් බලපෑම්ද ?

:       0       399

Naushad Thursday, 06 February 2020 12:01 PM

පොඩි මිනිහෙක් නැත්නම් ගොවියෙක් ණයට ගත්තහම අය කරගන්න හැටි අපි හොදින් දනී. ඉන්න ගෙදරින් දොට්ට දාලා ණය අය කරන්නේ. ලොක්කෝ ණයට ගත්හම ඉල්ලන්න බයයි. මරු නීතිය.

:       1       504

MaheshThursday, 06 February 2020 12:52 PM

අනිවාර්යයෙන්ම. ජරාම බැංකුවක්..

:       150       438

කපුරු හාමි Thursday, 06 February 2020 12:15 PM

ණය දුන්නානම් ඒ අයගෙන්ම අයකර ගන්න එකනේ තියෙන්නේ. දුෂිත දේශපාලුවන්ගේ තියෙන වත්කම්වල හැටියට ඒ අයගෙන් අයකර ගන්න බැරි මොකෝ.

:       0       394

Pradeep Thursday, 06 February 2020 12:19 PM

දේශපාලකයන්ගේ වැටුපෙන් මෙම මුදල අඩුකර ගත නොහැක්කේ ඇයි ? වැටුප් හා දීමනා ලෙස විශාල මුදලක් ලබා ගන්නා ඔවුන්ගේ ණය අයකර ගැනීමට නොහැකි බැංකු පොඩි මිනිසාගේ, ගොවීන්ගේ ඉඩ කඩම්ද වෙන්දේසි කර තම ණය මුදල් අයකර ගන්නා අයුරු අප දැක ඇත.

:       0       336

aselaThursday, 06 February 2020 12:56 PM

කෝටි 8000 ක් වැටුපෙන් අඩු කරන්න? ප්‍රශ්නයක් නෑ බැංකු ගිණුමෙන්නම් පුළුවන් මේ රටේ සල්ලි තියෙනවනම්......

:       7       63

PradeepThursday, 06 February 2020 05:07 PM

වැටුපෙන් අඩුකර ගන්න කියන්නේ කෝටි 8000ම එක වර නොවෙයි. අනික මේ එක අයෙක් ලබාගත් මුදලක් නෙමෙයි නේ. ණය ලබාදීමේදී නැවත අයකර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරලනේ දෙන්නේ. වැටුපෙන් නොහැකිනම් දේපල වලින්. පොඩි මිනිහව උපරිමයෙන් පිඩාවට පත්කර ණය අයකර ගන්න පුලුවන්නම් ඇයි දේශපාලකයන්ගෙන් අයකර ගන්න බැරි? ඇයි පළමු මාසයේ පටන්ම වාරික විදියට අයකර ගන්න බැරි? මෙයාලා ජනතා බලයෙන් පත්වෙන ජනතා සේවකයන් මිසක් රටේ මහ ලොකු ප්‍රභූන් නොවන බව බැංකු පමණක් නොව සියලු දෙනාම දැනගත යුතුයි.

:       0       64

පිටගම්කාරයා Thursday, 06 February 2020 12:29 PM

බලන්ඩ ඕන රජයෙ බැංකුවකට ගියාම පෞද්ගලික අංශයේ සේවකයෙක් ඒ අය අහන්නෙ හරියට අපි ලක්ෂයක්වත් ගන්ඩ ගියාම අපිට ණය ගන්න උවමනාවක් නැති විදියට අපි හැසිරෙන්ඩ ඕන. මොකද බැංකුවෙ අය අහන්නෙ බැංකුව අපෙන් ලෝන් ගන්නවා වගේ.

:       0       6

Nuwan Thursday, 06 February 2020 12:35 PM

රජ පාලනෙත් යහපාලනෙත් මේ දෙකෙන්ම කළේ රටේ සම්පත් බැංකු හිස් කරන එක.

:       0       140

Hafeel Thursday, 06 February 2020 02:00 PM

සහතික ඇත්ත. ඔබ නිවැරදි. ඔවුන් දෙගොල්ලම රට විනාශ කළා. මොන නමින් හෝ ලකුණෙන් ආවොත්, ඔවුන් හොරු. කට ඇරියත් මව්බිම, දේශප්‍රේමී, ආගම්, දහම නමුත් රට විනාශ කල පට්ට හොරුන්.

:       6       8

Dil Perera Thursday, 06 February 2020 12:42 PM

ජරා පාලන වසර 4.5 දී මහබැංකුව පමණක් නෙවේ එහෙනම් හොරකම් කොරාලා තියෙන්නේ. අනිකුත් රාජ්‍ය බැංකුවලටත් සිරිසේන-රනිල්-අනුර කුමාර පූට්ටුව විදලයි පැනලා ගිහින් තියෙන්නේ. මේ "හොර සිරා" වත්, රතු අලි පැටව් වත්, බබාලවත් පාලනයට සම්බන්ධ කොර ගත්තොත් නම්, ගෝඨාභය මහත්මයා කොච්චර ශිලාචාර, අවංක වුවත් අපි නම් ඡන්දෙ දෙන්නේ නැත. ගෝඨාභය තනියම මහින්දත් එක්ක ආවොත් මේ පාර මිලියන 6.9 නවතින්නේ. ඡන්ද ප්‍රමාණය මිලියන 10 ක් වෙලා. කෝප් කමිටුවේ හිටපු සභාපතිට මේ අපරාද පෙනුනේ නෑනේ. අනේ රතු අලි පැටව් ටික. 1971 සහ 1988/89 රට කැවා මදිවට, කොළ අලින්ට පුට්ටුත් වුනානේ.

:       736       839

Mahesh Thursday, 06 February 2020 12:51 PM

ණය දුන්න නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්න. සාමන්‍ය මනුස්සයෙක් ගන්න ගියහම ලංකා බැංකුව සෑහෙන දේවල් බලනවා. අනික පොඩි පොඩි මිනිස්සුගෙන්නම් ණය බලෙන්ම ගන්නවා. ලංකා බැංකුව එක්ක බැලුවම අනිත් රාජ්‍ය බැංකු ඉතා හොදයි.

:       11       118

රවින් Thursday, 06 February 2020 01:15 PM

දුවලා දුවලා ගිහිල්ලා ගත්තා ඉතිහාස පොත. මේ තියෙන්නේ. මිට ඉස්සෙල්ලා හිටපු කට්ටිය කියපු ඒවා. අකුරු අතරින් මතු උනා , ඊට ඉස්සෙල්ලා කට්ටියත් රාජ්‍ය ආයතනවලට ඔය විදියට පොල්ල තිබ්බාය කියලා. දැන්නේ තේරුනේ. ඌ මට ගහනවා. මට ඌ ගහනවා. දැන් කවුද ගුටි කෑවේ ?

:       0       10

කැප් Thursday, 06 February 2020 01:51 PM

යහපාලනයට ඉස්සර කාලේ කපා හැරපු ණය ගැනත් කියන්නනකො.

:       0       5

සෙනෙවිරත්න Thursday, 06 February 2020 02:04 PM

ඔබට සිහින දකිනට අයිතිය ඇත. එහෙත් ගෝටා යටතේ එම සිහින සැබෑ නොවේ. මෙයට අනුර කුමාර ඇතුලු ජවිපෙ ඈදා ගැනිම ඔබගේ ආවේගය කරන ක්‍රියාවකි. මෙම එක අකටයුත්තකට ඔවුන් සම්බන්ධ නම් ඔප්පු කරන්න.

:       20       31

Surath Thursday, 06 February 2020 02:29 PM

රට බංකලොත් කර ජනතාව නන්නත්තාර කිරීම කලින් ඉඳපු කෙනාගේ ඒකායන අරමුනයි. එවිට රට පරසතු කිරීම පහසුයි.

:       1       2

Dr Thursday, 06 February 2020 03:49 PM

බැංකුව මෙහෙම අසරනනම් ජනතාව කොහොම අසරණ ද කියලා තේරෙනවද ? 77 න් පස්සේ දිගටම මේක තමා උනේ.

:       0       7

Nalaka Thursday, 06 February 2020 09:16 PM

ඇයි අන්තිමට තියන ටික කියවගන්න බැරිද? රන්ජන් කිව්වෙත් ඕකම තමයි.

:       0       10

kamal Thursday, 06 February 2020 11:04 PM

ඔය බැංකුව නම් කරදර බැංකුවක්.

:       8       13

mahinda Friday, 07 February 2020 01:54 AM

අපේ රු 10-15000 ක් තියෙනවා ඒකටත් මොනා වෙයිද දන්නේ නැහැ?

:       0       3

Walter White Friday, 07 February 2020 04:16 AM

ගොඩ දෙනෙක්ට සීමිත සමාගම්, පෞද්ගලික සමාගම් පොදු සමාගම් කියල ව්‍යාපාර තියෙන බව, පුද්ගලික ණය සහ ව්‍යාපාරික ණය කියන්නේ බොහොම වෙනස් දේවල් කියලා තේරුමක් නැහැ වගේ, සමාගමක කොටස්කරුවන්ට තියෙන්නේ සීමාසහිත වගකීමක්, ලිමිටඩ් ලයබිලිටි කියන්නේ එක, සමාගම ගත් ණය සඳහා වගකිව යුතු වන්නේ සමාගමයි, කොටස්කරුවන් නොවේ, අයකරගන්න බැරි ණය තියෙනවා නම් නඩු පවරලා සමාගමේ වත්කම් වෙන්දේසි කරලා ණය අය කරගන්න පුළුවන්, තනි තනිව වෙළඳාම් කරන සිල්ලර වෙළෙන්දන් සහ පෞද්ගලික ණය සමාගම් ණය යටතට වැටෙන්නේ නැහැ, ඔවුන් තමන් ගත් ණය සඳහා වගකිව යුතුයි.

:       0       0

Jehaan Friday, 07 February 2020 04:29 AM

මේවාට රැකියා පත්වීම් දෙන්නෙත් පස්ස දොරින් දේශපාලු හිතවතුන්ගේ පවුල් වල උදවියට. ඉතින් කොහෙද ආයතනයක් විදියට ඉදිරියට යන්නේ. කිසිම වෘත්තීය නිපුනත්වයක් උගත්කමක් නැති , ඉංග්‍රීසියෙන් ලියුමක් ලියා ගන්න බැරි , පරිගණයක අකුරු හොයන්න දවසම යන්න කට්ටියට , මුල්‍ය කළමනාකරණය භාර දීලා, දැන් නහයෙන් අඩනවා.

:       0       1

asela Friday, 07 February 2020 04:54 AM

ලෝන්ඩ්‍රී වැඩ කරන කුක්කන්ට එහෙම තමා පෙන්නේ. කොමිස් හොරා කාලා නැහැනේ.?

:       0       0

eresh S kumara Friday, 07 February 2020 04:55 AM

සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වාරික අයකරගන්නා විදියටම අදාල පුද්ගලයන්ගෙනුත් අයකරගත්ත නම් හොදයි. ඒ අයටත් ඇපකරුවන් අනිවාර්ය විය යුතුයි.

:       0       1

Aravinda Bandara Friday, 07 February 2020 05:34 AM

ලංකා බැංකුවෙන් මම නිවාස ණයක් ගන්න මාර දුකක් වින්දේ. මාස 6ක් දුක් විදලත් දුන්නේ නෑ. පුද්ගලික බැංකුවකින් මාසෙන් දුන්නා. ලස්සනට මම ඒක ගෙවාගෙන යනවා.

:       0       0

Rohana Friday, 07 February 2020 06:05 AM

මේ ප්‍රකාශයට වැඩිය කලබලවෙන්න අවශ්‍ය නැහැ. හේතුව මෙය කිසියම් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මිස ලංකා බැංකුවේ නිල ප්‍රකාශයක් නොවෙයි. අති විශාල ණය පහර හැරීම් තියෙන්න පුළුවන්. නමුත් මෙම සංඛ්‍යාවේ සත්‍යතාවය දැනගත හැක්කේ විගණනය කරලන ලද ගිණුම් තොරතුරු ඇසුරෙන් පමණයි.

:       0       2

උපාලි විජේසූරිය Friday, 07 February 2020 08:49 AM

මම දේපල උකසට තබා ණය මුදලක් වැටුපෙන් කැපීමට ඉල්ලුවා මාස ගණනාවකට පස්සේ ඔප්පුවේ කිසියම් අඩුපාඩුවක් මෙම බැංකුවට තියෙනවාලු, ණය අනුමත නැති බව ලිඛිතව පැවසුවා. එම ඔප්පුවම ඉතිරි කිරීමේ බැංකුවට ගැටළුවක් නැති බව පැවසුවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපකෘත ගුරුවරුන් වෙත අනුමත චක්‍රෙල්ඛයකට ද බැංකු අනුමැතිය නැති බව ලිඛිතව පැවසූවා චක්‍රෙල්ඛයකට ද ණය දීමට නොහැකි බව ලිඛිතව දැන්වූවා. ජාතියේ මහා පහන් ටැඹ.

:       0       1

jonana Friday, 07 February 2020 03:57 PM

මරු තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්
2024 නොවැම්බර් මස 27 98 0

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ


කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි
2024 නොවැම්බර් මස 27 212 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය


මන්නයකින් පහරදී අයෙක් මරලා
2024 නොවැම්බර් මස 27 285 0

හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


බොහෝ ප්‍රදේශවලට තද වැසි-සුළං
2024 නොවැම්බර් මස 27 347 0

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව


කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 3561 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 3100 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2122 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site