IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘ණයයි පොලියයි ගෙවන්න ආදායම මදි‘

(අනීෂා මානගේ)

“ලබන අවුරුද්දේ ණය වාරිකයයි පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. අමාරුකම් විඳගෙන අපි හැමකෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ” යැයි මගී ප්‍රවාහන, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ අද(24) අඟුණකොළපෑලැස්ස නිවසේදී පැවැති තංගල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි. 

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

මට මේ රටේ අවධානම තේරුණා. රටේ මිනිස්සුන්ට හිඟා කන්න වෙනවා බඩගින්නේ මැරෙන්න වෙනවා මේ යන විදියට ගියානම්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ අභියෝගය තිබෙනවා. ලබන අවුරුද්දේ ණය වාරිකයයි, පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. කොහොමද අපි රට කරන්නේ. මේවා අලුතින් හිතන්න වෙන දේවල්. සමෘද්ධිය වැඩි කළා ලක්ෂ හයකට. රාජ්‍ය සේවයට විශාල ප්‍රමාණයක් ඇතුළු කළා. මේවා නවත්වන්න බැහැ රජය වෙනස් වුණා කියලා.

මැතිවරණ පොරොන්දු ඉෂ්ඨ කරන්නත් වෙනවා. මේ ඔක්කොම කරන්න අපිට ලොකු අමාරුවක් තිබෙනවා. ඒ අමාරුව විඳගෙන අපි හැමකෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ. අඩු තරමේ රැකියාවක් ලැබෙනකල් ගෙදර වත්ත වගා කරන්න. අපිට අවශ්‍ය මිරිස් ටික රටේ හදාගත්තත් ඇති. අවුරුද්දට වරායවල් දෙකක් හදන්න පුළුවන් මිරිස් රටින් ගේන්නේ නැත්නම්. ගුවන්තොටුපොළවල් තුනක් හදන්න පුළුවන් අවුරුද්දකට මිරිස් කන එක රටින් ගේන එක නැවැත්තුවොත්. මේ අවධානම අපි තේරුම් අරගෙන අපි එය කරන්න පටන් ගමු. ඒ ඉල්ලීම රටේ ජනතාවගෙන් ඉල්ලනවා. රටේ දේශීය නිශ්පාදනය අපි ශක්තිමත් කරමු. 

රටේ ජනතාව බඩු මල්ල දිහා බලාගෙනවත්, දෙනවා කියන දේ දිහා බලාගෙනවත් නෙවෙයි ඡන්දය භාවිතා කළේ. රට ගැන සිතා භාවිතා කළ ඡන්දයක් ලෙසයි අපි මෙවර ඡන්දය දකින්නේ. රට මුල් කරගත් ඡන්දයක් මේ රටේ ඉතිහාසයේ තිබුණා නම්, අපේ සිංහල බෞද්ධකම මුල්කරගත් ඡන්දයක් ජයග්‍රහණය කළා නම් එම පළවෙනි අවස්ථාව 16වැනිදා තිබුණා. සමහරු ඡන්දේ දාලා ඡන්ද පෙට්ටියට වැඳලා ගිහිල්ලාත් තිබුණා. 

සමහරු නම් සිමෙන්තිත් ගත්තා. සමහරුන්ට නිවාස ණයත් හම්බවුණා. හැබැයි රට හදන ඡන්දය ඒ අය භාවිතා කළා. ඒ විශ්වාසයෙනුයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය මුල් වුණේ. අද පත්ව තිබෙන ජනාධිපතිවරයාට සෘජුව තීරණ අරගෙන කටයුතු කරන්න සම්පූර්ණ බලය ලැබී තිබෙනවා. වෙනදා බලයට පත් වුණාම බලයට පත්කළ අන්තවාදීන් විශාල පිරිසක් තනතුරුවල රැකෙන්න දෙන්නේ නැහැ. අන්තවාදීන්ට වුවමනා විදියටයි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හසුරුවන්න සූදානම් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කිසිදු අන්තවාදියෙකුගේ ක්‍රියාවකට යටත් වෙන්නේ නැතුව ස්වාධීනව කටයුතු කරන්න හැකියාව තිබෙනවා. 

මම ඒ කාලයේත් කියූ දෙයක් තමයි අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරන්න බැහැ කියන එක. අවුරුදු දෙකකට කලින් කිව්වේ. අපිට තේරුණා ඒක ගැලපෙන්නේ නැහැ. ඒ අයගේ අදහස් මේ රට ගොඩනගන්න නෙවෙයි තිබෙන්නේ. අපි හිටපු ජනාධිපතිතුමාටත් කිව්වා මේ අයත් එක්ක ගමනක් නැහැ කියලා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහය පළ කරන්න තීන්දු කළ දවසේ තමයි රටේ මධ්‍යස්ථව සිටි ජනතාව තීන්දු කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහය පළ කරන්න. ‘

 



අදහස් (104)

‘ණයයි පොලියයි ගෙවන්න ආදායම මදි‘

sirimal Sunday, 24 November 2019 09:24 AM

කුම්බලා කෑවනම් විදවපන් කියලද කියන්නේ?

:       109       1319

Warnakulasuriya Sunday, 24 November 2019 05:58 PM

අවු.71ක් කුම්බලා මාලු කමින් විඳවන අපි එයට තව අවු.5ක් එකතු කරමු. ඒක දැන් අපිට පුරුදුයිනේ... අනික මේ පහ වින්ඳත් මොකද ජාතික ෆිට් එක තියෙනවනේ...

:       78       542

RaveendraSunday, 24 November 2019 09:00 PM

" ඉස්සරත් ඇමතියෙක් දැනුත් ඇමති හෙටත් ඇමතිද " කියා පළමුව විමසීමට කැමැත්තෙමු. මිට පෙර මෙම අදහස්, රටේ ඇතිවී තිබෙන තත්වය ගැන කතා කිරීමට නොහැකි වුයේ මන්ද ?

:       10       251

Wijebahu Monday, 25 November 2019 02:23 AM

දුර දිග නොබලා කිසිම ආදායමක් නැති වරායවල්, ගුවන්තොටුපළවල් හදපු එකේ විපාක ගෙවනවා.

:       32       651

janahitha Monday, 25 November 2019 04:25 AM

මහබැංකුව කොල්ලකෑම සෑම තැනකින්ම රජයේ මුදල් ගසාකෑම නිසා අපි අසරණ වෙලා බව තේරෙන්නේ නැතිද?

:       453       114

janabala sena Monday, 25 November 2019 07:47 AM

ඔය වරායවල්, ගුවන් තොටුපළවල් අපේ දූ දරුවන් වෙනුවෙන් අනාගතයට පවතිනවා. නමුත් හත්වලාමේ කොල්ලකාපු මහබැංකුව ගොඩ ගන්න තව වසර 20ක් යනවලු.. ඔහෙත් මමත් දෙන්නම නැතිවෙන්න පුළුවන් නමුත් අපේ දූ දරුවන් එයට මුහුණ දෙනවා.. ගම්මිරිස් කවලම් තේ කුඩු නිසා අපි නැතිවෙලා කොළපාට කණ්ණාඩිය ගලවලා එළිය බලන්න කාලය හරි...

:       467       132

ShehanTuesday, 26 November 2019 12:24 PM

මහා බැංකු මහා කොල්ලය විතරක් නෙවේ හෙජින් ගිවිසුමෙනුත් ඒ වගේම ලොකු හානියක් සිදු උනා. නමුත් වහල්ලුන්ට පෙන්නේ අනිත් කෙනා කරපු දේ විතරයි. මේ රට ටොයියෝ, බයියෝ, ජෙප්පෝ ඔක්කොම එකතුවෙලා විනාශ කරා. ඒවාටම හරියන්න විකල්පයක් කියලා ටිකකුත් එකතු උනා. ඇයි දෙයියනේ මේ රටට මෙහෙම උනේ ?

:       0       27

Wijebahu Monday, 25 November 2019 02:35 AM

ළඟදීම මේ ගොල්ලන් මොකක් හරි මොත්තයක් ගහලා MCC එක අත්සන් කරනවා.

:       16       601

BamunuarachchiTuesday, 26 November 2019 02:58 AM

රට තව ණය උනේ ආදායම් මාර්ග නැතුව රජයේ සේවකයින්ට පඩි වැඩිකල නිසා අපේ කරුමෙකට සජිත් බලයට ආවානම් ඔහු පොරොන්දු උන දේවල් ඉෂ්ට කරන්නේ කොහොමද?

:       360       1

චන්න Sunday, 24 November 2019 09:28 AM

කන්න එපා. බොන්න එපා. බඩගින්නෙ මළත් කමක් නෑ. සිංහල බෞද්ධ අපේ ආණ්ඩුවක් අපි බිහි කෙරුවා.

:       3171       3088

Mahesh BoossaSunday, 24 November 2019 11:59 AM

චන්න, ඔයා ලංකාවෙ නෙමෙයි ජීවත් වෙන්නේ.. එහෙම නේද? එහෙම නම් කරුණාකරලා කතානොකර කටවහගෙන ඉන්න.

:       1870       2161

jagathSunday, 24 November 2019 02:08 PM

එහෙම කියලනේ වහල්ලු මේ හොර ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ... දැන් ඉතින් වහල්ලුන්ට කන්න නැතිව මැරෙන්න වෙන්නේ...

:       228       2037

සරත්Sunday, 24 November 2019 03:15 PM

මොන රටක පුරවැසිභාවය තිබුණත් තමන් උපන් රට, ජාතිය, ආගමට තියෙන ආදරය අඩු වෙනවද?

:       279       679

nisar Sunday, 24 November 2019 09:34 AM

රට වෙනුවෙන් දවසකට වේලක් කෑවොත් ඇති. මීට කලින් සිංහල බෞද්ධකම තහනම් කොරලා තිබුන නිසා.

:       179       67

Buddika Sunday, 24 November 2019 09:36 AM

එහෙමද? මේවා කොයි කාලේ ගත්ත ඒවද දන්නවද?

:       154       1330

Ravi Sunday, 24 November 2019 09:45 AM

පැරණි වාර්තා වාදනය කිරීම රට සංවර්ධනය කිරීමට උපකාරී නොවේ. ඔබත් ඇමතිවරයෙක්. මෙම තත්වය ඔබ දන්නා බැවින් රට වෙනුවෙන් මුදල් උපයා ගැනීමේ කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඔබ සැමට නොහැකි විය. එබැවින් දැන් රට වෙනුවෙන් මුදල් උපයා ගැනීම සඳහා හොඳ වැඩසටහනක් ආරම්භ කරන්න.

:       0       52

MIHIRA Sunday, 24 November 2019 10:33 AM

ඕකනේ ඕනේ කිව්වේ

:       2       318

ජයන්ත මිලානෝ Sunday, 24 November 2019 10:47 AM

බොරු කතා පැත්තකින් තියලා ප්‍රතිඅපනයනය කිරීම නවත්තන්න, උදාහරණයක් ලෙස දේශීය ගම්මිරිස් ගොවියාට පහුගිය කාලෙ මොකද වුනේ? එවැනි දේ නතර කලොත් දේශීය ගොවියා උද්‍යෝගිමත් වේවි .

:       0       464

Daminda Sunday, 24 November 2019 10:59 AM

අපිද ණය ගත්තේ

:       14       406

Ruwan Sunday, 24 November 2019 11:02 AM

අවුරුදු 5ක් හිටියා ඕක කියන්න. මේ වගේ මිනිස්සු.

:       0       452

kamal Sunday, 24 November 2019 11:03 AM

ණයයි පොලියයි ගෙවන්න ආදායම මදි අපේ පෙජරෝ වලට නොමිලේ ඉන්ධන ගැහුවම.

:       0       612

kanna epa Sunday, 24 November 2019 11:06 AM

හොඳමයි ඇමතිතුමා! අපි බඩගින්නෙ හරි ඉන්නම්. ඔයාල සතුටින් ඉන්න හොදේ...

:       0       466

sandy123 Sunday, 24 November 2019 11:16 AM

හිටපු අයයි පත් වෙච්ච අයයි සේරම කියන්නේ එකම සින්දුව.

:       1       288

රවින් Sunday, 24 November 2019 11:29 AM

හරි අපි බඩගින්නේ එක වේලක් කාලා ඉන්නම්. ඔය 225ම දවසක් ඇර දවසක් කාලා එක මාසයක් ඉඳියිද? අපේ පටි තද කරගන්න කියන්න ඉස්සෙල්ලා පහුගිය අවුරුදු ගණනක් වෙලේ ඉඳන් හොරකම් කරපු සල්ලි ටික ඔය තමතමන්ගේ හිතවතුන්ට ආපහු ගෙවන්න කියන්න. අපේ නිකන් දෙන ඡන්දෙ අරගෙන (හිගාකාලා) පරම්පරා ගණනකට හම්බ කරපු සල්ලි ආපහු දුන්නොත් මේ රටේ සමස්ත ණය මුදලින් 150% කට වැඩිය ගෙවලා ඉවර කරන්න පුළුවන්. හොරකම් කරපු ගණන් මිමි පොදු ජනයාට වැඩියෙන් හොඳින් දන්නවා නේද? දේශපාලුවන් ටික පොදුජන බඩටමයි ගහන්න හදන්නේ...

:       0       1817

Asanga Sunday, 24 November 2019 11:36 AM

එතකොට කවුද දන්නැහැ මෙච්චර ගත්තේ...? මහජනයා ගොනාට අන්දන්න හදනවද? ඔය හිටපු සහ කරපු අය ඔක්කොම වගකියන්න ඕනෑ එ්කට...

:       0       1428

Mahee Sunday, 24 November 2019 11:48 AM

රටින් මිරිස් ගේන්නේ නැත්නම් වරායවල් දෙකක් ගුවන් තොටුපළවල් දෙක තුනක් හදන්න පුළුවන් කිව්වා... ඇයි කර්මාන්ත වැඩි දියුණු කරන්න, අපනයන වැඩිකරන්න වගේ රට ඉස්සරහට ගෙනියන ක්‍රමවලට මුල්තැන දෙන්න කල්පනාවක් නෑ... ඔලුවට එන්නෙම ගුවන්තොටුපළවල්, වරායවල් වගේ ඒවා විතරයි නේද? ඔහෙලගේ ඉදිරි දැක්ම ගැන හිනාවෙනවද? අඬනවද? කියලා හිතා ගන්න බැරුවයි ඉන්නේ...

:       4       553

Nandalal DE SILVA - FranceSunday, 24 November 2019 04:34 PM

මහින්ද මහත්තයාගේ පාලන කාලේදී බෝඩ්ලෑලි එල්ලා ගැනීම සඳහා චීනාගෙන් ගිණි පොලියට ණය අරගෙන හදපු නැව් නැති වරායවල්, ගුවන් යානා නැති ගුවන් තොටුපොළවල් මදිවාටද මිරිස් ගෝනිවල කටවල් බැඳ තවත් ඒවා හදන්න වලිකන්නේ? රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි යහපාලන රජය කාලයේදී එතුමා රටටම මහින්ද ණය කන්දරාව ගැන පැහැදිලිවම කිවූ බව දැන් නහයෙන් අඬන අමාත්‍ය මහින්ද අමරවීරට අමතක වුණාද? දැනට ඇමති මණ්ඩලය 16ක් වුණත් මහ මැතිවරණයෙන් පසු හැම ඇම්බැට්ටයෙකුටම ඇමතිකම් බෙදන විට, සංස්ථාවල ලොකු තනතුරු බෙදා ඒවායින් පාඩු ලබනවිට, මිරිස් ගෝනියේ විතරක් නෙවෙයි හාල් ගෝනියේත්, සීනි මුට්ටයේත් කට බැඳ "පටි තද කරගනිල්ලා" කියා උන්ටම ඡන්දෙ කතිරය ගහපු ජනතාවට කියන්න සිදුවන විට ඔවුන්ට ගහන්න මඩු වලිග රැස්කර ගැනීමට හැමෝම සූදානම් විය යුතුයි.

:       127       1516

RuwanMonday, 25 November 2019 03:06 AM

රස්සාවක් නැතුව හංදිගානේ රස්තියාදු වෙලා කොහොම හරි දේශපාලනයට ඇවිත් ඉන්න හුඟක් අයගේ මොලේට සංවර්ධන උපාය මාර්ග තේරෙන්නේ නෑ. කාට හරි හුරේ දාලා තමන්ගේ වැඩේ කරගන්නවා මිසක්...

:       3       189

Nimal Sunday, 24 November 2019 11:51 AM

එහෙනම් පටි තද කරගමු නේද? එ්ත් ඉතින් ඡන්ද කාලේ නම් මෙහෙම කතාවක් ඇහුනේ නැහැනේ?

:       1       1152

lasantha Sunday, 24 November 2019 11:53 AM

ණය අරගෙන හොරකම් කළාම වෙන්නේ ඕක තමා.

:       3       1402

චින්තක බණ්ඩාර Sunday, 24 November 2019 11:57 AM

මුලින්ම ඇමති හා මන්ත්‍රිවරුන්ගේ වියදම් කපා හරිමු. ඒ වගේම එතුමන්ලාගේ විශ්‍රාම වැටුප් කපාහරිමු.

:       0       916

anithya Sunday, 24 November 2019 12:03 PM

අවුලක් නැහැ.. අපේ ආණ්ඩුවනේ... ගෑස්, තෙල්, විදුලිය, වතුර, ටැක්ස් වැඩිකරමු. ගෙවන්නත් ඕනනේ ණය...

:       208       406

Bishan Sunday, 24 November 2019 12:16 PM

අවුලක් නෑ ගෙදරම වගා කරගෙන කන්නම්. රට බේරාගත්තනේ... දැන් නම් නොකා මැරුණත් කමක් නෑ.

:       78       322

jerryMonday, 25 November 2019 04:36 AM

ඇයි ඔයාට ගොඩින් අක්කර 10ක්, මඩින් අක්කර 10ක් තියනවද? වවාගෙන කන්නයි බැලුවේ..

:       0       11

Senevirathne Sunday, 24 November 2019 12:30 PM

දෙවෙනි පින්තුරය දැක්කහම බලාපොරොත්තු කඩවීම හොඳට නිරූපනය වෙනවා.

:       54       918

ramaniSunday, 24 November 2019 01:40 PM

එතන ඔක්කොම ඉන්නේ වහල්ලු. මේ අයට මෙහෙම වෙන්න ඕනෑ. ඔවුන්ගේ ගෝත්‍රික අදහස් නැතිවෙන්න.

:       28       579

samareSunday, 24 November 2019 04:20 PM

ඔතන ඉන්න අය.. එක්කෝ ටකරමක්, වැසිකිළි පෝච්චියක්, අරක්කු වීදුරුවක්, රුපියල් 500 ක්, රෙදි කෑල්ලක් වැනි දේකට තමන්ගේ වටිනා ඡන්දය හුවමාරු කරපු ගෝත්‍රික වහලුන්.

:       3       451

සෙනෙවිරත්න Monday, 25 November 2019 02:24 AM

Gune කියන එක හරි. මගේ අනිත් පෝස්ට් බලන්න. ඔය පාන් පොලිං හොඳට අත්දැකපු කෙනෙක් මම, මේ කියන හැටියට ඒ කාලෙට යන්න යෝජනාකරයි ලඟදීම... අනෙක අගමැතිතුමා පරණ ආණ්ඩුව විවේචනය කරනවා ඇරෙන්න වෙන යමක් කියනවද?

:       0       103

සෙනෙවිරත්න Sunday, 24 November 2019 12:32 PM

අමරවීර මහතාණෙනි, මේ හඬ ඔබේද? ඇයි මගෙ දෙයියෝ මේ ගැන හාංකවිසියක්වත් 16 වැනිදාට කලින් නොකිව්වේ?

:       0       709

සෙනෙවිරත්න Sunday, 24 November 2019 12:34 PM

මමත් කියන්නේ 70-77 කාලයට යමු කියලා...

:       34       197

kumudu Sunday, 24 November 2019 01:39 PM

ආපෝ... පාන් පෝලිමට පාන්දර 3ට. සඳුදා, සිකුරාදා බත් කෑම තහනම්... හාල් ප්‍රවාහනය තහනම්. මගුල් ගෙදරකට 50කට වැඩිය ආරාධනා කිරීම තහනම්. කඩවල තියෙන්නේ මඤ්ඤොක්කා ස්පෙෂල්..." අපිට ඕවා අමතක නැහැ. ඔබට මොලේ අමාරුවක් වත් තියෙනවද..? කරුණාකරලා අංගොඩ ඉස්පිරිතාලෙන් අර රෝස පාට පෙති ටිකක් ගන්න. සතියෙන් හරියනවා.

:       186       243

GuneSunday, 24 November 2019 02:40 PM

කුමුදු කියන දේ නම් හරි. මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි, සෙනෙවිරත්න කියන්නේ මොකක්ද කියලා යන්තම්වත් ඔබට තේරුනේ නැද්ද? හැබැයි කුමුදු උපහාසයෙන් කියන දේ තේරුම් ගන්න පොඩ්ඩක් හිතන්නත් ඕන වෙනවා. නිමල්, අනිත්‍ය, බිෂන්ලාගේ කොමෙන්ට්ස් බලන්න. ඔබට වැටහෙයි එතකොට. ලංකාදීපය අපේ අදහස් මේ අන්දමට නිදහස්ව ප්‍රකාශ කරන්න ඉඩ දීලා තියෙන එක ගැන මම ලංකාදීපයට ඉහලින්ම ගරුකරනවා.

:       14       46

sugathSunday, 24 November 2019 03:29 PM

ඇයි මිරිස් පොලු, හාල් පොලු එහෙම මතක නැති වුණාද?

:       119       51

Athila Sunday, 24 November 2019 12:41 PM

රට නයකරේ අපිද? ඔය පිටරටවල හංගලා තියෙන ඒවා ගෙනාවොත්... කවුද ඒවා හොරා ගත්තේ? ඔයාලම තමයි

:       48       1001

sandy123 Sunday, 24 November 2019 12:46 PM

හිටපු අයයි, පත්වෙච්ච අයයි සේරම කියන්නේ එකම සිංදුව. 69 ලක්ෂයටයි 54 ලක්ෂයටයි ඉතින් සොරිම තමයි. දෙගොල්ලම පිට කසා ගනී. අපි ඉතින් කටු ඉඹුලක ඇතිල්ලෙන්න ඕනේ. මේ ණය ගත්තේ අපිව සුඛිත මුදිත කරන්නනේ? අපිට අඩු මොනවද? මාර ජොලියක් ගත්තනේ ණය අරන්. මේ රටේ වහල්ලු ඉන්නකම් මොවුන්ට රජ සැප....

:       1       692

විජිත් Sunday, 24 November 2019 01:01 PM

".. මට මේ රටේ අවදානම තේරුණා. රටේ මිනිස්සුන්ට හිඟා කන්න වෙනවා. බඩගින්නේ මැරෙන්න වෙනවා. මේ යන විදියට ගියා නම්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ අභියෝගය තිබෙනවා. ලබන අවුරුද්දේ ණය වාරිකයයි, පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා..." ලැජ්ජා නැති හැටි..!!! මේ අවධානම ඔබ දැනගෙන හිටියා නම්.. ඇයි ඒ අවදානම අභියෝගයක් ලෙස බාරගන්න ඉදිරිපත්වුණු රොහාන් පල්ලෙවත්ත මහත්මයාට ජයග්‍රහණය කරන්නට තමන්ගේ අනුගාමිකයින්ව ධෛර්යමත් නොකළේ..? ඔබ රටට නොවෙයි ඔබගේ ජීවිතය සුඛිත මුදිත කරගන්න උත්සාහ කළා...!!! යමෙක් රටට අවංකවම ආදරේ නම් ඔහු පක්ෂයට නොවේ රටට ආදරේ විය යුතුයි. අපේ රටේ ඉන්නේ රටට නොව "පක්ෂයට" ආදරේ කරන පිස්සන් පිරිසකි. ඔබ කියන විදිහට හිඟාකන්න, මැරෙන්න වුනොත් වෙන්නේ ශ්‍රීලනිප, පොහොට්ටු සහ එජාපයටත් ඡන්දය දුන්න "ගෝත්‍රික වහල්ලුන්ට" බව අමතක නොකරන්න. තව දෙයක් ..2020 ඔක්තෝබර් වෙනකොට.. ඔබලාට සිදුවෙනවා රොහාන් පල්ලෙවත්ත ළඟ දණින් වැටී ඉල්ලන්න "අනේ අපේ ණය ටික කොන්සොලිඩේට් කරන්න ක්‍රමයක් කියාදීලා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උදව්කරන්න.." කියලා බැගෑපත් වෙන්න. අනිවාර්යයෙන්ම මෙය සිදුවෙනවා.!!!

:       4       1003

Dayan Sunday, 24 November 2019 01:09 PM

බයවෙන්න කාරි නැහැ. කැළණි විහාරයට නාගලොවින් ධාතුන් වහන්සේලා වැඩමවලා. හාමුදුරුවෝ ණය ගෙවන්න කටයුතු කරලා දේවි...

:       1       1120

විජිත් Monday, 25 November 2019 02:54 PM

ඔව් දයාන් මල්ලි.. මමත් ඔය කතාව දැක්කා. ලංකාවේ මිනිස්සුන්ට අතීතය අමතක වුණාට නාගලෝකයේ අයට නම් අතීතය අමතක නැහැ කියලයි මම හිතන්නේ. ඔය දුටුගැමුණු රජ්ජුරුවන් ගැන තියෙන එක කතාවක තියෙනවා රුවන්මැලිසෑය වැඳපුදාගන්න නාග ලෝකයෙන් නා රජුගේ දියණිය ආවාලු. එයා පූජා කලේ නා ලොවින්ගෙනා කඩුපුල් මල්ලු. ඒ බව දැනගත් රජතුමා කොහොම හරි මේ නාග කන්‍යාව අල්ලාගෙන තමන්ගේ අග මෙහෙසිය කරගත්තාලු. (මේ කතාව හරි දිගයි - මේ කෙටියෙන්) රජතුමාට දෂ්ඨ කරලා, නාග කුමාරිවත් අරන් අයෙත් ඒ ගොල්ලන්ගේ ලෝකෙට ගියාලු. ඉතින් එහෙම සටනක් දුන්න නාග ලෝකයෙන් අායෙත් මේ ලෝකෙට "ධාතුන් වහන්සේලා" වැඩම්ම වාවිද " ? ඔය කතාව දේශපාලුවෝ ලස්සනට හදලා...

:       0       89

sandy123 Sunday, 24 November 2019 01:10 PM

මේ ණය ගත්තේ අපිව සුඛිත මුඛිත කරන්නනේ? අපිට අඩු මොනවද? මාර ජොලියක් ගත්තනේ ණය අරන්. මේ රටේ වහල්ලු ඉන්නකම් මොවුන්ට රජ සැප.

:       1       257

Mahesh Sunday, 24 November 2019 01:13 PM

පිටරටින් එන පාන් පිටි, ගෑස්, පෙට්‍රල්, ඩීසල් වගේ ඒවා වැඩි කරලා ණය ගෙවන්න ඕනෑතරම් සල්ලි හොයාගන්න පුලුවන්නේ. පරණ වාහන පුලුවන් තරම් හදන් පාවිච්චි කරන්න මිනිස්සු හුරු කරන්න අලුත් වාහන ගෙන්වන එක පුලුවන් තරම් සීමා කලා. අනික ඔබලාත් පෙට්‍රල් කරන වියදම් අඩු වාහන පවිච්චි කරනවකෝ... දැක්කනේ අර ඇමති කෙනෙක් ලක්ෂ හයක් ආයේ දීලා තිබුණා පෙට්‍රල් දීමනා විදියට ලැබුණු සල්ලි කියලා. ඒ වගේ මුදල් නාස්ති නැතිකරන්න ඕනෑ. අනික දේශීය නිෂ්පාදනවලට මිනිස්සු යොමු කරන්න ඕනෑ. එතකොට ඉබේම පිටින් එන එක අඩුවෙනවා.

:       267       202

nilantha Sunday, 24 November 2019 01:39 PM

රැස්වීමේ මිනිස්සුන්ගේ මුහුණු දිහා බලන්න. ඇටිකෙහෙල් කාපු උගුඩුවන් වගේ. මේකට රනිල් හා සජිතුත් වගකියන්න ඕනෑ.. ඊළඟ ඡන්දෙදීවත් එජාපය හා පොහොට්ටුවන් පරාජය කරන්න වෙනවා.

:       4       458

රවින් Sunday, 24 November 2019 01:49 PM

හා... අපි විතරක් පටි තද කරගන්නම්. 225ම පිස්සු කෙලින්නකෝ...!!! 

:       1       150

ධම්ම Sunday, 24 November 2019 02:31 PM

සුපුරුදු බයිලා පටන්ගෙන වගේ. කරුණාකරලා ඔබ යටතේ ඇති ආයතනවල ලාභ පෙන්වන්න. වියදම් අවම කරන්න. ඔබගේ සුඛෝපබෝගී ජීවන රටාව වෙනස්කර ගන්න. එලෙසින් ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න. එවිට එතුමා ආර්ථිකය කළමණා කරගනීවි.

:       173       252

athuraMonday, 25 November 2019 03:54 AM

එතුමා ආර්ථිකේ කළමනාකරණය කරයි කවුරු හරි සල්ලි ගෙනැල්ලා දුන්නොත්...!!!

:       2       74

බද්රානි Sunday, 24 November 2019 03:07 PM

ණය ගෙවන්න බැරි නම්, මේ රට සුද්දෙකුට දීලා මකබෑ වෙයව්... රටේ ජනතාවට පව් නොදී. ආයෙත් ආවා මෙතන නාහෙන් අඬ අඬා උඩු බුරන්න... මෝඩයින් ඉදිරියේ සිංහ වෙස් අරගෙන" කරනවා නම්, කරපල්ලා හරියට... බැරි නම්, පලයව් අහකට"

:       0       231

saliya Sunday, 24 November 2019 03:08 PM

මෙය ක්‍රමවත් ශාක්‍යතා අධ්‍යයනය නොකර, කොමිස් හා තම දේශපාලන ප්‍රතිරූප වර්ධනය උදෙසා කළ ව්‍යාපෘති නිසා සිදුවූවකි. සමහර වැඩ සඳහා ගෙවිය යුතු ණය පියවීමට වසර දහස් ගණනකින් ඉන් ලැබෙන ආදායම් මදිය... සිදු වූ දේ කුමක්ද? වගකිව යුත්තන් කවුරුන්ද යන්න හංගා ගෙන කියන්නේ අපිට පටි තද කර ගන්න කියලා නේද? අපි පරාදයි. නුඹලා හැමදාමත් දිනුම්. මේ වගේ වැඩ ඉදිරියේ දී නවතින්නේද නැත.

:       0       407

NishanMonday, 25 November 2019 01:28 AM

ප්‍රතිරූපය ගොඩනගා ගන්න වැඩ කළා කිව්වම මතක් උනේ කෝටි 32,000 ක් වියදම් කරලා හදපු මත්තල ගුවන්තොටුපල. අපරාදේ කියන්න බැහැ ගොඩක් දවස් වලට කිසිම ගුවන් යානයක් එන්නේ නැහැ.

:       0       165

chinthanaMonday, 25 November 2019 05:04 AM

ශක්‍යතා වාර්තා ගැන නම් කියලා වැඩක් නෑ... තමන්ට කඩේයන කට්ටියක් දාලා ශක්‍යතා වාර්තා හදවන්න. තමන්ට ඕනෑදේ වාර්තාවේ ලියවා ගන්නවා. ව්‍යාපෘතියේ හොඳ විතරයි... නරක ලියන්නේ නෑ..

:       0       45

podikoluva Monday, 25 November 2019 07:50 AM

සමහර වැඩ සඳහා ගෙවිය යුතු ණය පියවීමට වසර දහස් ගණනකින් ඉන් ලැබෙන ආදායම් මදිය... හරියට හරි මහබැංකු කොල්ලය වසර 20 කින් අහවර වෙනවා යාන්තම් ඇති...

:       127       0

nimal Sunday, 24 November 2019 03:25 PM

ඇයි මගේ සංතෝ මෙහෙම කියන්නේ මේ හදිස්සියේම? මගේ මුළු පංචස්කන්ධයම දාලා පිච්චිලා ගියා නොවැ... හුස්මක් ගන්නවත් ඉඩක් දුන්නේ නැත්තේ ඇයි? පහුගිය කාලෙම ඇහැව්වේ ඇස්දෙක එෆ් එම්. උදේ ඉඳලා හවස් වෙනකල්ම එ්කේ කිව්වේ සහන මලු දෙනවා කියලා.. බදු අඩුකරනවා කියලා, පහසු ණය දෙනවා කියලා.. ටෙලිෆෝන් අඩුකරනවා කියලා. අන්තිමට කිව්වා "මේ දැන්වීමකි" කියලත්. ආසාවේ වැඩිකමටම වෙන මොනවත් ඇහැව්වේ නැහැ. සොමි ලෝකෙක ඉඳලා අවීචි මහා නරකාදියට කඩා වැටුණා වගේ දැනුණා රත්තරනේ මේ කතාව අහලා. මට නම් පිස්සු වගේ..!.

:       0       279

NishanMonday, 25 November 2019 01:24 AM

ආණ්ඩුව පත්වෙලා තවම දවස් 10 යි. හිතා ගන්න පුළුවන් නේද ඉදිරි අවුරුදු 5 තත්වේ මොන වගේ වෙයිද කියලා.

:       0       129

සමන්ත Sunday, 24 November 2019 03:32 PM

අපි කිව්වා නේද හෙට අනිද්දට හිඟා කන්න වෙන්නේ නෑ කියලා. එතකොට අපිට හිනාවුණා. මෙයා කියන ඒවා නම් ඒ තරම් ගණන් ගන්න එපා. වැල යන පැත්තට මැස්ස ගහන මිනිස්සු. කවුරු දිනුවත් ජනවරම කාගේ වුණත් ඉත්තෑවා ගෙදරට රිංගගත්ත කැබැල්ලෑවා වගේ ඇමැතිකම් වලට රිංගා ගන්නවා. හොහොම වුණත් දැන් රට, ජාතිය බේරාගත්ත බණඩාරනායක පාලනය කාලේ වගේ, සිරිමාවොගේ කාලේ වගේ බඩගින්නේ ඉන්න. හෙට අනිද්දා රට රටවල් වලින් ජාතිවාදී සම්බාධක දාපුවාම අර අන්ත ජාතිවාදීන්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැති බවත් මතක තියාගත්තොත් හොඳයි.

:       0       279

සෙනෙවිරත්න Monday, 25 November 2019 02:31 AM

එතකොට ජාතික කොඩියේත්, බෞද්ධ කොඩියේත් කෑල්ලක් අනුභව කරනවා.

:       0       163

Voter Sunday, 24 November 2019 03:41 PM

ණය ගත්තා නම් ගෙවන්න ඕනෑ, ලක්ෂ දෙකේ තුනේ ණය අරගෙන ඉතාම අමාරුවෙන් ඒවා ගෙවන අහිංසක මිනිස්සු පවා දන්නවා ණය ගන්නේ පොලිය එක්ක ගෙවන්න කියලා, ඒ දෙය තමුන්නාන්සේලා නොදන්නවා වෙන්න බැහැනේ.., ඉතින් කාවද මේ රවට්ටන්නේ? කෝටි දාස් ගණනින් ගන්න ණය මුදල් වලින් වංචා කලේ කවුද? ඒවායින් කිසිම ආදායමක් නොලැබෙන මවාපෑම් සෝභන ඉඳිකිරීම් කලේ කවුද? මේ අපි නෙවෙයි, ඉතින් ඇයි අපි පටි තද කරගන්න ඕනේ? තමුන්නාන්සේලා සියලුම සැපපහසුකම් සහිතව ජීවත් වෙමින් හෙම්බිරිස්සාවක් හැදුණත් රට ගිහින් බෙහෙත් ගන්නකොට අහිංසක අපේ පටි තද කරගන්න කීම හරිද? ඉස්සෙල්ලා අපට පෙන්වන්න මෙන්න මේවා අපි කරනවා, අපි මේ පහසුකම් ගන්නේ නෑ, අපි අපේ වියදම් කපනවා කියලා, එහෙම කළොත් රට ගැන හිතලා අපේ යුතුකම අපි කරන්නම්...

:       0       730

Suranga Collom Sunday, 24 November 2019 05:09 PM

ගෙදරින් ගෙනත් බේරන්න.

:       0       272

ravin Sunday, 24 November 2019 06:20 PM

බද්රානි, ඔයා කඩේ ගියේ මේ අයට නේද...? ඔබ ඇවිල්ලා මේ කට්ටියගේ වහල් අයෙක් පමණයි...!!!

:       1       172

Malli Sunday, 24 November 2019 09:27 PM

බඩගිනි උනාට කමක් නෑ මහත්තයෝ අපට ඉන්න රටක් තියෙනවානෙ!

:       172       8

sunil perera Sunday, 24 November 2019 10:02 PM

ණය වාරිකයයි පොළියයි ගෙවන ආකාරය... කැබිනට් ඇමතිවරු 16යි... පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 60යි. පළාත්සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 7000 අහෝසියි.... මැතිවරණ සියල්ල අවුරුදු 5කට එකවරකදී ජනාධිපති සහ මහා මතිවරණ පැවැත්වීම. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි. සියලුම මොටරථ බයිසිකල් ගෙන්වීම වසර 5කට නවතා දැමීම, සියලුම ආහාර වර්ග රටින් ගෙන එම නැවතීම .... ඩියුටි ෆ්‍රී ක්‍රමය අහෝසි කිරීම, සියලුම රජයේ පාඩු ලබන ආයතන සමාගම් යටතට ගැනීම. පිටරට ඉගෙනීමට යොදන විදේශ විනිමය නවතා දැමීම. නමුත් දේශපාලන වාසි තකා මේ කිසිවක් ක්‍රියාත්මක නොවේ.

:       69       10

Nandalal DE SILVA - France Sunday, 24 November 2019 11:20 PM

පහුගිය දිනක චීනෙන් කියලා තිබුනා, අපේ රටේ තිබෙන විශාල ණය කන්ද ගෙවා ගැනීමට උදව් වෙන්නම් කියලා. ඔබට අමතක උනාට, අපට මේවා අමතක නැත. චීනත් මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවෙයි කියල මේ වාර්තා කියවන මගේ ආච්චි කියනවා.

:       1       120

Asela Sunday, 24 November 2019 11:28 PM

මම අහන්නේ ආයේම ඇයි මේ වගේ අයව මේ ආණ්ඩුවට ගත්තේ? මේ අය තමයි තිබුණු ආණ්ඩුවේත් හොරා කකා හිටියේ... කෝ වෙනසක් නැද්ද දැන්වත්? හොරා කන්න හදන්නේ පේන විදිහට පුරුදු විදිහට.. දැක්කාමත් අපිට දැන් අප්පිරියයි ඇත්තෙන්ම කිව්වොත් ...!!!

:       0       760

Dasa P Sunday, 24 November 2019 11:41 PM

මිරිස් කරලට, පරිප්පු සීයට නැහෙන්නේ නැතුව පිටරටට යන ලොකුලොකු වියදම් අවුරුද්දකට දෙකකට නවත්තලා බලන්න. වාහන ආනයනය, පිටරට චාරිකා නවත්තන්න. සුපිරි ආහාර, ඇඳුම් පැළඳුම්, ඉලෙට්‍රෝනික් බදු ගෙන්වන එක වහා නවත්තන්න. ලක්ෂ 69 ක් ඡන්දෙ දුන්නේ ඒකටයි.

:       72       168

Nandalal DE SILVA - France Monday, 25 November 2019 12:31 AM

මේක අහපු ඔය පින්තූරවල ඉන්න ආච්චිලා කී දෙනෙකුට "හාර්ට් ඇටෑක්" හැදුණද දන්නේ නැහැ නේද? හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මැතිතුමා පටන්ගත් සුවසැරිය ගිලන් රථ කිහිපයක් ඔය ඇමතිවරුන්ගේ රැස්වීම් ලඟට ගෙන්වා තබා ගත්තොත් මේ අයට ඡන්දෙ දාපු අයගේ ජීවිත බේරාගන්න පුළුවන් වෙයි...! කොහොම වුණත් ඒ ගෘහණියන්ගේ මුහුණු නම් වේලිච්ච කෙහෙල් කොළ වගේ මැලවිලා!!! අර පහුගිය ඡන්දයකදී ඡන්ද වැඩ සඳහා 100 කොළ හිඟාකෑවා වගේ.. මේ රජයේ මැතිඇමැතිවරු පැමිණෙන රැස්වීම් වේදිකාවල තඩි පින්කැට තබා, "අපි හිඟන්නෝ. ණයයි පොලියයි ගෙවන්න ආදායම මදි... මේ කැටේට රුපියල් සීය බැගින් හැමෝම දමන්න" කියා බෝඩ් ලෑල්ලක් එල්ලුවොත් රාජපක්ෂ ණය කන්ද සමහරවිට ගෙවාගන්න බැරි වෙන එකක් නැහැ!!! ට්‍රයි කරලා බලමුද, උදය මහත්තයෝ?

:       1       30

Nishan Monday, 25 November 2019 01:12 AM

මිනිස්සුන්ව රවට්ටලා බලය ගත්තට මොකෝ දැන් හිර වෙලා. දැන් පටි තද කරගන්නලු. කොරන්න බැරි මගුල් බදාගන්නේ නැතුව ඉන්න ඕනා. කෝ බල තන්හාව ඔලුවට ගහලනේ තියෙන්නේ. දැන් ඡන්දේ දීපු අයට විතරක් නෙවෙයි නොදීපු අයටත් පරිප්පු කන්න වෙලා. පව් මේ රටේ මිනිස්සු.

:       0       54

kamal Monday, 25 November 2019 01:45 AM

මෙයා මොන ආණ්ඩුව ආවත් ඇමති. එකම කතාවම තමා කියන්නෙත් . වෙනස පැහැදිලිද?

:       0       18

Ashan Monday, 25 November 2019 01:54 AM

ජාතිවාදයෙන් විතරක් රටක් පාලනය කරන්ඩ බැරි බව දැන් කට්ටියට වැටහීගෙන එනවා වගේ.

:       0       119

Fz Monday, 25 November 2019 02:39 AM

රාජ්‍ය පාලනය ලබාගන්න කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා බලයට එන්නේ අපට සේවය කරන්නද?

:       0       13

Ramendra Monday, 25 November 2019 03:09 AM

"මිරිස් නැතිව හොදි කන්නම්" "සීනි නැතිව තේ බොන්නම්" ලොක්ක අපිට කියනවා නම් කන්නේ නැතිව වුණත් අපි ඉන්නම්...

:       106       21

sas Monday, 25 November 2019 03:15 AM

මොනවද මේ කියවන්නේ? මිරිස් වවලා ගුවන්තොටුපොළවල් හදන්න හදන්නේ...? තව ගුවන්තොටුපොළවල් හදලා කොමිස් ගහගන්න හිතාගෙන ඇති.

:       0       17

saliya Monday, 25 November 2019 03:53 AM

"ජාති ආලය" යනු "හොරකම" ට සමාන පදයකි.

:       0       60

Hasi Monday, 25 November 2019 04:24 AM

ආරාම වලට නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද?

:       0       35

Ratnappriya Monday, 25 November 2019 04:41 AM

මහින්ද මහතා ගිය සතියේ හෙලිකොප්ටරයෙන් දළඳා වඳින්න ආවා. නිවුස් වලට කිවේ දළදා වැඳපුදා ගත්තා කියා විතරයි. ලංකාවේ වගකීම් නැතුව වැඩකිරීම සහ මහජනතාව දැනුවත් කර රටේ මුදල් ඉතිරි කිරීමට මාධ්‍ය දායකත්වය නොදෙන එක් අවස්ථාවක්... මෙහිදී උපකල්පන වියදම මාධ්‍ය ආයතන වලින් ප්‍රසිද්ධ කළ යුතුයි. මම හිතන විදියට මිලියන 5ක් විතර ඒ සඳහා වියදම් කළා. කොස්ට් කොම්පෝනන්ට් බැලිය යුතුමයි. දේශපාලකයින් ඇත්තටම මුදල් ඉතිරි කරනවද? නැතිනම් කොච්චර නාස්ති කරනවද? යන්න සෙවිය යුතුයි.

:       0       96

sumudu Monday, 25 November 2019 04:55 AM

ගහන්න බලන්න බහුතරය අත් පුඩියක්...

:       0       4

BamunuarachchiTuesday, 26 November 2019 03:55 AM

අත්පුඩි නොවෙයි අපි රතිඤ්ඤා පත්තුකෙරුවා. ඔයාලට ඕනේ රට කාට විකුනලා හරි කමක් නැහැ පිනට කන්න දෙනවානම්. මෙහෙම සිංහලයෝ. දෙමල්ලුන්ට නම් දකුණට මොන වුනත් කමක් නැහැ උතුර නැගෙනහිර ඒ අයට ලැබෙනවා නම්. මේවගේ සිංහලයින්ට රටම දෙමලාට ගියත් කමක් නැහැ පිනට කන්න ලැබෙනවානම්.

:       335       0

සත්‍යපාල Monday, 25 November 2019 04:56 AM

දේශපාලුවන් කරන නාස්තිය අනවශ්‍ය වියදම් දිහා බලනකොට ඒවට වගකියන්න ඕනෑ ඔවුන්ම තමයි.

:       0       9

isurandi Monday, 25 November 2019 04:58 AM

මේ නම් එන්නේ මොකක් හෝ බද්දක් ගහන්න තමයි...

:       0       7

kap Monday, 25 November 2019 05:23 AM

ණය ගත්තේ අපිට නෙමෙයිනේ. ඔබලගේ සුඛවිහරණයට නේ... ඒ නිසා ඔබලා බඩ ඇතුළට ඔබාගෙන බෙල්ට් තදකර ගන්න.

:       0       10

sharm warn Monday, 25 November 2019 05:34 AM

ආ එතකොට දැන් අපි තවත් නොකානොබී ඔහෙලට සැපත් දීලා ණයත් ගෙවන්න ඕනද? තව ටික දවසකින් ඔහෙලගේ සැපවාහන වලට ආණ්ඩුවෙන් මුදල් අනුමත කරගෙන එහෙම වැඩ පටන් ගන්න එපැයි. ඔහෙලට කන බොන දේවල් යා දෙනවද මන්දා...? තව වැඩි දවසක් යන්න කලින් ඡන්දෙ දුන්නු කෙනෙක් හොයා ගන්න බැරි වෙන එක නම් මට විශ්වාසයි.. මොවුන්ගේ නාස්තියයි, අසාමාන්‍ය වියදම් ටිකයි, රට සවාරියි නවත්වන්න ජනාධිපතිතුමා.. එතකොට වාරිකයි ණයයි ඔක්කොම ගෙවලා රටේ දියුණුවටත් වැඩ කරන්න සල්ලි එකතු වෙයි.

:       0       36

Dissanayaka Monday, 25 November 2019 06:56 AM

විපක්ෂයේ ඉන්නකොට මේ අයට තියෙන මොලය බලය තියෙනකොට පල්ලෙහාට බහිනවා. කරන්න පුළුවන් හින්දනේ ආවේ. කෝ දැන් ආර්ථික පර්යේෂණ ඒකකයේ ටික. ඒ දවස්වල කෙස් පැලෙන තර්ක ගෙනාවේ ආර්ථිකය ගොඩගන්න ක්‍රම කියලා...

:       0       20

Sam Monday, 25 November 2019 08:06 AM

අනේ අර අනුර කොලුවා කිව්ව ණය ගෙවන ක්‍රමේ.. ඒ කොලුවා මෙහෙම කියන එකක් නැහැ.

:       0       16

fernando gamini Monday, 25 November 2019 08:26 AM

අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ දේශපාලන වේදිකාවල රට වැටී තිබෙන තත්වය හොඳට පැහැදිලි කළා. තමුන්ලා බලයට ආපුවාම තමා කියන්නේ රට පාලනය කලේ ඔබලාය. අත සෝදා ගන්න එපා... ඔබලා වගකිව යුතුය. ප්‍රථමයෙන් රටකරවන පාලක පන්තිය ආදර්ශමත් වන්න.

:       0       218

janahitha Monday, 25 November 2019 09:37 AM

කාලකන්නි ජාතියක්... මිරිස් පැලේ හිටුවන්න ඕනෑ දේශපාලකයින් පළමුවෙන් දෙවනුව ජනතාව ඔයාම තම යහපාලන යූඑන්පී බෝට්ටුවට නැගලා අපිට මඤ්ඤොක්කා කන්න කිව්වේ දැන් ඔන්න කකුලෙන් අදින්න හදන්නේ අයෙමත් යූඑන්පී යට කඩේ යන්න..

:       76       0

සමන්තMonday, 25 November 2019 11:52 AM

කවුරුත් යූ.ඇන්.පී යට කඩේ යන්න ඕනේ නෑ. වැඩි කාලයක් නොයා යු.ඇන්.පී ය බලයට නිකම්ම එන සීන් එකක් තියෙන්නේ...

:       0       52

BamunuarachciTuesday, 26 November 2019 03:15 AM

ඔන්න එළුවා ඉස්සරහට දැම්මා දැන් කෙල හල හල යන්න පස්සෙන් දැන් වැටෙයි දැන් වැටෙයි කියලා..

:       213       0

Kumara Monday, 25 November 2019 10:38 AM

පොල්කටු අරගෙන හිඟමනේ යමු...

:       0       1

Palitha Monday, 25 November 2019 10:45 AM

ඇපල්, මිදි, දොඩම් වගේ ඒවා රටින් ගේන එක නවත්තන්න බැරිද?

:       0       2

Kapila Monday, 25 November 2019 11:43 AM

රටයි, ජනතාවයි රවටන එක මෙරට පාලකයින්ගේ සෙල්ලමක්..

:       0       2

saliyaMonday, 25 November 2019 12:44 PM

මේ දෙගොල්ලන්ම ගහලා රටෙන්ම පන්නන්න ඕනෑ... කාලකන්නි..!!!

:       0       33

Rohana Monday, 25 November 2019 01:55 PM

කවුරු දිනුවත් ඔය කතාව අහන්න වෙන බව මම නම් දැනගෙන හිටියා. එහෙම වුණාට මැතිවරණ වේදිකාවල මවන්නේ සුරංගනා ලෝක...

:       0       2

Bamunuarachchi Tuesday, 26 November 2019 04:48 AM

නිවට නායකයා තමන්ගේ වැසියන්ගේ බඩට ආමන්ත්‍රණය කරනවා. වීර නායකයා තම වැසියන්ගේ ගරුත්වයට ආමන්ත්‍රණය කරනවා. ප්ලේටෝ, මෙතන බොහොමයක් ඉන්නේ බඩගෝස්තරවාදියෝ බව පෙනෙනවා නමුත් රටේ ඉන්නේ බොහොමයක් ගරුත්වයක් ඇති මිනිස්සු. වීරයෙක් ඉදිරියට ආවාම ඔවුන් ඒකරාශී උනා.

:       460       0

karuTuesday, 26 November 2019 12:24 PM

වීරයා කවුද.... වීරවංශ එහෙම නැතිනම්...?

:       0       30

සමන්තWednesday, 27 November 2019 05:09 PM

මිනීමරුවන් කොහෙද වීරයෝ වෙන්නේ..?

:       0       35

lgg Tuesday, 26 November 2019 09:21 AM

දැන්වත් තේරුණාද?

:       0       0

සදිසි Wednesday, 27 November 2019 06:37 AM

ඉතිං ඹ්ක කියන්න ඔයා ඕනයැ. මොකටද ඇමතිකම ගත්තේ. අපිට බඩගින්නේ ඉන්න මං ඇමතිකමෙන් කාලා ඉන්නම් කියන්නද. අනෙක ගිය පාර ආණ්ඩු කලේ අපියැ. ඹයාලාටමනේ බලය තිබුණේ... මේ බැරීමනං ගෙදරට වෙලා ඉන්නවද ප්ලීස්...

:       0       0

Kumar Thursday, 28 November 2019 04:18 AM

එක්කෙනක් කියනවා අදායම මදි කියලා. ඊළඟ මොහොතේ එ් කෙනාම කියනවා බදු අඩුකරනවා කියලා. රජයට ආදයම ලැබෙන බදු කප්පාදු කළාම ආදායම අඩුවෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1743 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1946 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1386 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 286 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 771 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 566 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site