IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ණය කියන්නේ ලෙඩක්, ඒක අපිට පේන්නේ නැහැ.

2016-04-07-ent-21

ඔහු රසික සුරවීරආරච්චිය. "ඇබෑර්තු ඇත", "තාත්තේ මං ආවා", "බොරළු පාර", "ඊළඟට මොකද වෙන්නේ" වැනි ටෙලි නාට්‍යවල තිරපිටපත් රචකයා වන ඔහුගේ නවතම ටෙලි නාට්‍යය තිර රචනය වන්නේ මැයි මස 2 වැනිදා සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සතියේ සෑම දිනකම රාත්‍රී 8.30 ට විකාශය වීමට නියමිත "සිල්ලර කාසි" ටෙලි නාට්‍යයය.

 

2016-04-07-ent-20සිල්ලර කාසි ගැන

රටක් වශයෙන් අපි ලෝකයටම ණයයි. අතීතයේ මේ රට සෞභාග්‍යමත්ව පැවතුණ රටක්. ස්වයං පෝෂිත ආර්ථිකයක් තිබුණ රටක්. අපේ මිනිස්සු අපේ පොළොවෙන් හදාගන්න දේවලින්ම ආහාර ගෙන, සරල ගතිපැවතුම් එක්ක අල්පේච්ඡතාව මුල්කරගෙන ජීවත් වුණ මිනිසුන් හිටියත්, ඒ හරහා ගොඩනැගුණ සංස්කෘතියක්, සදාචාරයක් සභ්‍යත්වයක් අපේ රට තුළ තිබෙනවා. තව දුරටත් ගෝලීයකරණය එක්ක ලෝකයක් එක්ක, එක්ව යනවිට අපිට හුදකලාව අපේ ස්වයං පෝෂිත ආර්ථිකයක මත යැපෙන්න තවදුරටත් අවකාශයක් ලැබෙන්නෙ නැහැ.

අපිට දැනුවත්ව හෝ නොදැනුවත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතනවලට අපට ණය වෙන්න සිදුවෙලා තිබෙනවා. උපදින්න ඉන්න පරම්පරාවල් පවා ණයයි. පවුලක් වශයෙන් ගත්තත් හැම කෙනෙක්ම කොත හෝ ණයකාරයෙක් බවට පත්වෙලා. ඒක කොළඹ හතේ කෝටිපතියටත් එකයි. සියඹලාණ්ඩුවේ, මොනරාගල, වව්නියාව වැනි දුෂ්කර පළාත්වල ජීවත්වන දුප්පත් කෙනාටත් එකයි. මේ මිනිස්සු නින්දට යන්නේ ණයකාරයෙක් වෙලා.

වක්‍රාකාරයෙන් කොලෙස්ටරෝල්, දියවැඩියාව, හෘද රෝග, මානුෂික ආතතිය වැනිදේ ඇති වෙනවා. ශරීරයේ රසායනික ක්‍රියා වෙනස් වෙන්න ණය බරපතළ ලෙස බලපානවා. ණය කියන්නේ ලෙඩක්. ඒක අපිට පේන්නෙ නැහැ. හැම මිනිහෙක්ම ඒ ලෙඩෙන් පීඩා විඳිනවා.

 

නෝට්ටුවලින් ණය වුණ මිනිසුන්ට "සිල්ලර කාසි"

මම මේ නාට්‍ය හරහා කතා කරන්න උත්සහ කරන්නේ මම පෙර කිව්ව ලෙඩේ ගැන. නෝට්ටුවලින් ණය වුණාට, ඒ ණයෙන් ගැලවෙන්න ගොඩක් මිනිස්සු හොයාගන්නේ සිල්ලර විසඳුම්. සිල්ලර විසදුම්වලට ගියාම වෙන්නේ තව තව ඒ ණය මත හිරවීම. ජීවිතේ නැවත ගොඩ ඒමට බැරි ලෙස ඔහු මර උගුලකට හසුවෙනවා.

 

සිල්ලර කාසිවලට දායක වුණ පිරිස

අධ්‍යක්ෂණයෙන් ජනක සුරංජිත්, සංස්කරණය ජගත් වීරතුංගගේ , සංගීතයට ලහිරු මාඩිවිල, ගීත රචනය මම සිදුකළා. කැමරාකරණය අජිත් බලංගොඩ, නිෂ්පාදනය විරාජ් විසින් සිදුකළා. මෙහි ප්‍රධාන භූමිකා හතරක් තිබෙනවා. උද්දික ප්‍රේමරත්න, ධර්මප්‍රිය ඩයස්, ජෙහාන් අප්පුහාමි, සරත් කරුණාරත්න, ඒ වගේම හිමාලි සයුරංගි, රුවිනි මනම්පේරි, අනුරුද්ධිකා පාදුක්කගේ, වොල්ගා කල්පනී, වසන්ත කුමාරසිරි, කෝරලගේ සමන් යන එය මෙහි රංගනයේ යෙදෙනවා.

 

2016-04-07-ent-17
2016-04-07-ent-18
2016-04-07-ent-19
2016-04-07-ent-22

 



අදහස් (0)

ණය කියන්නේ ලෙඩක්, ඒක අපිට පේන්නේ නැහැ.

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 881 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 412 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 895 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3247 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 593 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38102 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site