(අංජුල මහික වීරරත්න)
ණය ප්‍රතිව්‍යුහගත නොකලා නම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් දරන්නට සිදුවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ජනාධිපති කාර්යාලයේ දී ජනපති සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ දී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීය
"එය ගෙවීමට අපහසු නිසා තමයි ණය ගෙවීම තාවකාලිකව නවතා ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට මේ ක්‍රියාවලයේ යෙදෙන්නේ. එම ක්‍රියාවලියේ පළමු පියවර තමයි ණය හිමියන් ලබාදුන් මූලය සහතිකය. අපේ ණය තිරසාර කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛනයේ තිබෙනවා.
ඒ තිරසාර මට්ටමට ළඟා කර ගැනීම වෙනුවෙන් ඒ ඒ රටවල් සහයෝගය දෙන බවට සහතිකයක් දී තිබෙනවා.
ෙ මෙතන තිබෙන්නේ අප නැවත ණය ගන්නේවත් ගෙවන්නේවත් නෑ කියන කාරණය නොවෙයි. ණයක් ලබා ගත් විට එය ගෙවීමට අපට වගකීමක් තිබෙනවා. එසේ නොවුනහොත් නැවත කිසිවෙක් ණය ලබා දෙන්නේ නෑ. මෙහිදී සිදු වන්නේ ණය ගෙවීමට අපට හැකියාවක් නොමැති නිසා ගෙවීම පැහැර හැරීම වෙනුවට සහන ක්‍රමයකට ගෙවීමට අවස්ථාවක් දෙන්න කියා ඉල්ලා සිටිමයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ණය ගෙවන්න කාලයක් නොගත්තා නම් අපි හිර වෙනවා
Yas Friday, 24 March 2023 10:43 AM
මේවා සාමාන්‍ය ජනතාවට කියලා වැඩක් නැහැ. කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් රටට ප්‍රතිලාභ ලබා දිය හැකි දේ හදන්න.
ජයන්ත Friday, 24 March 2023 10:45 AM
ණය ප්‍රතිව්‍යහගත කරනවා කියලා කරන්නේ තව වසර 2 ක් පමණ ණය කල් දාගන්නවා වගෙ වැඩක්. මේක මීලග ආණ්ඩුවට මාර බෝම්බයක්. ණය කල් දාගෙන අද මෙයාල ජාමෙ බේර ගන්නවා. කොච්චර කල් දාගත්තත් අපිම ගෙවන්න එපායැ.
Amara Friday, 24 March 2023 12:18 PM
මේ ක්‍රමය ලංකාවෙ බැංකු සහ ලීසින් සමාගම්වලටත් පිළිපැදීමට නිර්දේශ කළයුතු ඉතාම වැදගත් ආදර්ශයක්! ඔබ තුමාලට ජය.
pradeep Friday, 24 March 2023 12:32 PM
නාස්තිය, දූශනය, හොරකෙඑම නතර කර්න්නෙ නැතුව මොනව කලත් වැඩක් නෑ, තව තවත් නය අරගන, නැවත ගෙවන්න වෙන දවස්ක මීට වැඩියෙ හිර වෙන එක වෙන්නෙ, මෙ ඔක්නොම හදන් තමන් ඉන්න කලේ කොහොම හරි නය අරගෙන ශේප් වෙලා දීර්ඝ කාලීනන විශාල ප්‍රස්නයක් අති කරන එක.
de silva Friday, 24 March 2023 01:48 PM
අමර- ලන්කවෙ තිබෙන බැන්කු සහ ලිසිං සමගම් එක්ක කතා කරල මෙ විදිහට නය කල් දමාගන්න පුලුවන් . ප්‍රශ්නෙකට තිබෙන්නෙ පොලි අනුපාතය 25%-30 % අතරෙ පොලියක් ගෙවනවට වැඩිය ලබයි සමහර අවස්තාවල වාහනය විකුන ලිසිං නය ටික ගෙවා දමා ඉතුරු මුදලින් අඩුවට වාහනයක් ගන්න එක.
dpe Friday, 24 March 2023 04:06 PM
ආනයන උපරිම සීමා කර අපනයන වැඩි කර, ඇයවය පරතරය අඩු කලානම් නය වෙන්න දෙයක් නැැනෙ