IMG-LOGO

2024 ජුලි මස 08 වන සඳුදා


ණය ගිවිසුම් දෙක මැතිසබා න්‍යාය පුස්තකයට

(සුජිත් හේවාජුලිගේ සහ  අන්ජුල මහික වීරරත්න)

ණය  ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් දෙක අනුමත කිරීම සඳහාවූ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

මෙසේ න්‍යාය පුස්තකයට  ඇතුළත් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය සහ නිල ණය හිමියන්ගේ කමිටුව අතර පසුගිය ජුනි මස  26 වැනිදා එළඹෙන ලද අවසන් ගිවිසුම සහ ශ්‍රී ලංකා රජය සහ චීන අපනයන හා ආනයන බැංකුව අතර පසුගිය ජුනි මස 26 වැනිදා එළඹෙන ලද අවසන් ණය ගිවිසුම් සංශෝධනය කිරීමේ ගිවිසුමයි.

මෙම ගිවිසුම් දෙක පාර්ලිමේන්තුවේදී ලබන සතියේදී අනුමත කිරීමට නියමිතය.

මෙම ගිවිසුම් දෙක පාර්ලිමේන්තුවේදී මීට පෙර අනුමත කිරීමට නියමිතව තිබුණත් විපක්ෂයෙන් ඉදිරිපත් කෙරුණු කරුණු දැක්වීම හේතුවෙන් විවාදයට ගැනීම කල් ගියේය.

මෙම ගිවිසුම් දෙක ක්‍රියාත්මක කිරීම සඳහා සියලු අවසර මුදල් අමාත්‍යවරයාට ලබාදීම මෙම යෝජනා සම්මතයේ අරමුණයි.



අදහස් (3)

ණය ගිවිසුම් දෙක මැතිසබා න්‍යාය පුස්තකයට

විජිත් Friday, 05 July 2024 07:23 PM

මේ ගිවිසුම් 2 ක කාටවත් පෙන්වන්න බැරිලු. මිනී ලේ ගෑවුණු අත් ඔසවාලා අනුමැතිය දෙන "දේශකාපාලු තිරිසනුන්" වත් මේ ගිවිසුම දැකලා නැහැ. දැකලාවත් නැති එහෙම ගිවිසුම් අනුමත කරන මේ ලෝකයේ ඉන්න එකම " තිරිසනුන්ටත් අන්ත සක්කිලි " මන්ත්‍රීලා ඇමැතිලා ඉන්න රට ශ්‍රී ලංකාවයි. ඔය ගිවිසුම් දෙකට අත් ඔසවාලා අනුමැතිය දෙන " තිරිසනුන් දන්නේ නැහැ ඒ උන් අනුමැතිය දෙන්නේ ඔවුන්ගේ "මළගම" ට බව !!! හෘද සාක්ෂියක් නැති මිනිහෙක් කියන්නේ නිකම්ම නිකම් මළමිනියක් පමණයි. රටේ ජනතාවගෙන් ඡන්දේ ලබාගෙන ඇමැතිකම් අරගෙන ජනතාවට වල කපන, ජනතාව පාවාදෙන අසික්කිත නරුමයිනේ... මේ නුඹලාගේ අවසාන පැය කිහිපයයි...

:       4       5

sujayaSaturday, 06 July 2024 11:39 AM

පෙන්වන්න බැරිවුණේ ISBs එකඟතාවයකට එනකන් විතරයි.

:       1       0

shanthaSaturday, 06 July 2024 06:37 PM

වැරදියි, ඒ ගිවිසුම් නොපෙන්වන්නට අපේ ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා තමයි ගිය සුමානේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා ඒ ගිවිසුම ඉල්ලපු වෙලාවේ රනිල් දුන්නේ නැත්තේ, එහෙම නැතිනම් අනිවාර්යෙන්ම ඒවා පෙන්වනවා. ඒ සිද්ධිය නිසා තමයි හර්ෂ මුදල් කාරක සභාව නොකැඳවන්නට තීරනය කලේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතුරුගිරියේ ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහලින් හමුවෙයි?
2024 ජුලි මස 08 746 0

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන් ගමන් කළ බවට සැකකරනු ලබන වෑන් රථය බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශය


නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති
2024 ජුලි මස 08 763 0

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම


පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි ඔක්කොම උදව් කරනවා
2024 ජුලි මස 08 894 0

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ම


ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට
2024 ජුලි මස 08 1119 0

ක්ෂේත්‍ර තවත් 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


දක්ෂ කපිතාන්ලා බිහි වෙන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක
2024 ජුලි මස 08 995 0

කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


තැපැල් දුම්රියෙන් තැපැල් පෙට්ටිය ගලවයි
2024 ජුලි මස 08 568 0

තැපැල් දුම්රිය අද (8) හා හෙට (9) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන නමුදු තැපැල් සේවක වැඩ වර්ජනය නිසා තැපැල් මැදිරිය ඉන් ඉවත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 786 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1717 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3615 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site