IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ණය නැති ආර්ථිකයක් ගොඩඟනවා

(අංජුල මහික වීරරත්න සහ දයාරතන අඹෝගම)

අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 ඇතුලත  කිසිවකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු  රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක්  ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර අභිනව  අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ  ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමිට ශ්‍රී  සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී 
මහා බෝධි මහ මළුවේදී පැවැති පුණ්‍යෝත්සවය අමතමිනි.

අද සියලුදෙනා මුහුණ පා ඇති අසීරුතාව පිළිබඳ මනා අවබෝධයක් තමාට ඇති බව පැවසූ ජනාධිපතිවරයා 2024 වසර වන විට අපේක්ෂා කරන ආර්ථික ප්‍රගතියත් සමග වැටුප් වැඩි කිරීම ඇතුළුව සියලු ජනතාවට සහන ලබාදීමට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර විජිණිපත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගන්වනු ලැබීය.



අදහස් (42)

ණය නැති ආර්ථිකයක් ගොඩඟනවා

Cisco Saturday, 28 January 2023 08:04 PM

ඔයාගේ පෙර පාලන සමයේ ණය මුදල අඩු කිරීමට උත්සාහ කරල තියෙනවද? කවුද විශ්වාස කරන්නේ. නහින දෙහින කාලෙ කතා.

:       0       0

siri Saturday, 28 January 2023 08:49 PM

දශක 04ක් විතර කිව්ව බොරුවලට තවත් එකතුවන බොරු පොරොන්දු... ජනතාව එන්න එන්නම අසරණ තත්වයට පත්වුණා. සෞභාග්‍යය, ආශ්චර්යය මිනිස්සු මුලා කරපු වචන...

:       0       0

Lanka Saturday, 28 January 2023 09:04 PM

ඇයි ඔච්චර අතීතයට යන්නේ ... 1977 නැති කෙරුවේ ඔහේගේ ජේ ආර් නොවා

:       1       0

ගමේ එකාලා Saturday, 28 January 2023 09:22 PM

පින් ජනපතියගේ මොලේ විකාර වෙලාද මන්දා .අනුරාධපුර යුගය වගේද දැන්.ඒ කාලේ හිටපු රජවරු දසරාජ දර්මයෙන් රටපාලනය කෙරුවයි කියලා අපි ඉගෙන ගෙන තියෙන්නේ .දැන් ඉන්න නායකයෝ එහෙමද. උන් රටම හොරාකාලා විනාශ කරපු බලලෝබි දූෂිත දේසපාලුවෝ ?

:       0       0

Kumara Saturday, 28 January 2023 09:40 PM

මේ පාර නායකයා හීන දකිනවා....

:       0       0

Muthu Saturday, 28 January 2023 09:46 PM

දෙයි හාමුදුරුවනේ මෙයා මේ වගේසුරංගනා කතා කොච්චර කියල තියෙනවද. මහින්දත් පරාදයි සමහර කතා වලට. පරණ පත්තර බැලුවොත් එහෙම බය වෙනවා, අපි ඉන්නේ ලංකාවේද කියල.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 28 January 2023 10:15 PM

ඔබතුමාගෙ අරමුණ හොඳ වෙන්න පුළුවන්.ඒත් අප දැක්කා මේ උත්සවෙට රට බංකොලොත් කළ දේශපාලුවන් හා ඔවුන්ගේ කෙවට්ටයන් සහභාගීව සිටිනවා.ඔවුන් සමග ගොස් ඔබතුමාගෙ අරමුණ ඉටු කර ගැනීමට පුලුවන්ද කියලා අපට හිතෙනවා.මේ සියල්ලට කළින් රට බංකොලොත් කළ හොරුන් අල්ලා ඔවුන් රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කරන්න.අන්න එසේ කළදාට මේ රටේ ජනතාව ඔබතුමා වටා එක්රැස් වනු ඇත.

:       0       2

Remal Saturday, 28 January 2023 10:31 PM

පසුගිය කාලවල මොනවා ද කලේ ?

:       0       0

sugath Saturday, 28 January 2023 10:51 PM

මටත් ඔහොම කියන්ට පුළුවන්.

:       0       0

ravin Saturday, 28 January 2023 11:04 PM

දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය අනුව පරම්පරා කීයකට පස්සේද ඔය ප්‍රතිඵල ලැබෙනුයේ...?

:       0       0

nila Sunday, 29 January 2023 01:02 AM

රජයේ සේවකයන්ට දීමනා වෙනුවට සැමට බඩු මිල අඩු කර දෙන්න

:       0       0

Shantha Sunday, 29 January 2023 01:02 AM

රනිල්, ඔබ බිරිඳක්, ඔබව විශ්වාස කරන්නේ නැත,

:       0       0

Perera Sunday, 29 January 2023 01:36 AM

බොරු කයිවාරු නවත්තලා වැඩ කරලා පෙන්නලා කතා කරන්න

:       0       0

යසස් Sunday, 29 January 2023 02:02 AM

මේ රට ලෝකයේ බන්කොලොත්ම රටක් කරපු එකට රාජපක්ෂලා වගේම ඔබතුමාත් වග කිවයුතුයි. 2015 - 2019 කාල සීමාවේ තමයි ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ණය ගත්තේ. ඒ ගත්තු ණය වලින් කරපු සංවර්ධනයේ තරම හොදට පේනවා. ආයෙත් අපිව අන්දන්නේ නැතුව කරුණාකරලා ගෙදර යන්න.

:       0       0

sam Sunday, 29 January 2023 02:09 AM

ඔබ මීට කළින් මේවා සිතුවාද? පළමුව සියලු ණය පියවාදමන්න උත්සාහ කරන්න.

:       0       0

චතුරි Sunday, 29 January 2023 02:16 AM

මෙයා තවත් අවුරුදු 10 ක් ඉන්න ප්ලෑන් හදනවා. තවත් පව් නොදි. මහ මැති වරනයක් තියලා වැලිකඩ යන්න ලෑස්ති වෙන්න රාජපක්ශලා සමග. ඉන්න ගෙයකුත් නැහැ කිව්වානෙ. මෙ ඉන්න ටිකට ගෙවල් අවශ්‍ය නැහැ වැලිකඩ හොදයි කට්ටියට. තමුන් ඇතුලු මෝඩ සෙට් එක රට වලපල්ලට යවන්න තයි දන්නෙ. චන්දෙ ලන්වෙන්කොට. පඩි වැඩි කරන්න හොන්දට පුලුවන් නේද. ඔය තරම් මුදල් තියෙනවානම්. බදු ගහලා. බඩු මිල වැඩි කරන්නෙ ඔලුවේ අමාරුවටද. ඔන්ලිය්න් හරහා ඉන්දියාවෙන් ඉගෙනගන්න. රට පාලනය කරන හැටි. අපිටත් පුලුවන් තමුන් කරන විදියට රට පාලනය කරන්න. හොරුන් හුරතල් කරමින් අසරන ජනතාවට ගින්දර දෙන හෙනහුරා

:       0       1

Ruhunu Sunday, 29 January 2023 03:01 AM

තාමත් විදුලිය කපන එක නවත්ත ගන්න බැරි වුණානේ... ඉතින් තව මොන කතාද?

:       0       0

LGPJ Sunday, 29 January 2023 05:30 AM

කවද්ද?

:       0       0

Nihal Sunday, 29 January 2023 05:59 AM

මෙතෙක් කල් කරන්න බැරිවුන ණය නැති ආර්ථිකයත් ඉදිරි සති තුන අමාරුයි වගේ තමයි.

:       0       0

දිමුත් Sunday, 29 January 2023 06:15 AM

දෙන චන්දෙත් නැති කර ගන්න කතා, යකෝ අඩු ගානේ රජවරුන්ටවත් නින්දා නොකර ඉදපන්, නිකමටවත් අහල තියෙනවද අපේ රජවරු ලෝකේ වටේ ගිහින් හිගා කනවා, හිගා කාලා භාණ්ඩාගාර පුරවනවා.....

:       0       0

රටවැසියෙක් Sunday, 29 January 2023 08:25 AM

ඉදිරි වසර 05-10 ඇතුලත කිසිවකුට යටත්........ ඔබතුමා ලංකාවේ ලාබාලතම ඇමතිවරයා වෙලා හිටියා මතකයි. එදා ඉඳලා මේ වෙනකන් ඔබතුමා පාර්ලිමේන්තුවේ හිටියා. රටේ ඉහලම තනතුරු දරුවා.හොබවපු නැති තනතුරක් නෑ.ඒ කාලය මදි උනාද ඔය කියන ආර්ථිකය රටේ ගොඩනගන්න. රටට යහපතක් වෙන කිසිම දෙයක් කරලා නැහැනේ ඔබතුමා මෙච්චර කාලයකට. ඔය කතාව කියන්නේ වෙන රටක මිනිසුන්ටද? මොකද ඔබතුමා ගැන මේ රටේ මිනිස්සු නම් දන්නවා. ඔය කියන කෙටි කාලයකින් ඔය කියන ආර්ථිකයක්‌ ගොඩ නගන්න ඔබතුමාට ඇලඩින්ගේ පහනවත් ලැබුනද. හොඳට තිබුන රට බින්දුවට බස්සපු එක තමයි ඔබතුමාලා කරලා දුන්නේ. දැන් හොඳටම ඇති. මිනිස්සුන්ට දැන් ඔය බොරු බේගල් තිත්තවෙලා තියෙන්නේ. අළුත් බුද්ධිමත්, තරුණ පිරිසකට මේ රට බාරගෙන කරගෙන යන්න ඉඩ දීල oya225 ම අයින් වෙන්න .ඒකයි මේ රටේ මිනිස්සුන්ගේ අහිංසක බලාපොරොත්තුව ... තෙරුවන්සරණයි.

:       0       2

Bamunuarachchi Sunday, 29 January 2023 08:30 AM

අවුරුදු 57 බලයට එන්න බැරිඋන ජෙප්පෝ මෙරට කේතුමතී පුරයක් කරන්න හදනවා. 30 වතාවක් පැරදිලා ජෙප්පෝ කියන විදිහට 2015-2020 දක්වා රටට වැඩක් නොකර බිලියන 12 තවත් රට ණය කර එක ආසනයක් දිනා ගන්න බැරි වෙච්ච මිනිහා නය නැති රටක් හදන්න යනවා . මේවා ලෝක විහිළු නේද?

:       2       1

Bamunuarachchi Sunday, 29 January 2023 09:09 AM

නියම ජෝකරයෙක්...!

:       9       38

burampi Sunday, 29 January 2023 08:15 PM

හොඳට පෑහිච්චි තෙලිජ්ජ මුට්ටියක් තියෙනවා .... මේ පැත්තේ ඇවිත් ගියානම්...!

:       0       13

රනිල් Monday, 30 January 2023 06:41 AM

තෙලිජ්ජනම් බොමු.වෙරි වෙන්නේ නැහැ නේද ?හැබැයි මම බොන්න කලින් මගේ සේකුරිටි කුක්කන්ට දීලා බලන්න ඕනා.උන් මැරුණේ නැතිනම් ඔන්න මම බොනවා.ඔයගොල්ලෝ ගැන සැකයකට නොවෙයි,මේවා මේ ප්‍රොටෝකෝල්නෙ. මේ ඒකනොවෙයි බුරම්පි අයියේ ,මට හොඳ ලස්සන පිරිමි ළමයෙක් හොයලා දෙන්න බැරිද.. වෙනදේකට නොවෙයි ... මේ ගෙදර බලාගෙන ඉන්න.

:       0       1

BamunuarachchiMonday, 30 January 2023 11:34 AM

උඹ නැතිවෙලාවට ගෙදර උන්දා බලා ගන්නම් මම එන්නම්.

:       0       0

BamunuarachchiMonday, 30 January 2023 11:35 AM

කිරි අප්පට නියමයි මලයා මගේ දෙස්පාලනේ බලල දාන්නම් මුට්ටිය ඉවර වෙනකම් මමත් මලයගේ පැත්තේ. මන්ඥෝකකා ටිකක් මම ගෙනෙන්නම්. ඕකට මොකටද පැහුණ තෙලිජ්ජ කියන්නේ කියපන්කො රා කියලා . අපිට කවුද බය අපි කාටද බය.

:       0       0

thushara Sunday, 29 January 2023 09:45 AM

එච්චරකල් ජීවත් වුණොත් බලමු...

:       5       35

Siripala Sunday, 29 January 2023 10:25 AM

අනුරාධපුර යුගයේ හිටපු රජවරු කව්ද කියල ඇහුවොත් කියයි පරාක්‍රමබාහු කියලා. අපි නොදන්න ඔයාගේ ඉතිහාසය....

:       7       32

Sam Sunday, 29 January 2023 10:29 AM

මේක කියවන කොට පුදුම සතුටක් හිතට ආවේ. ඒත්, නැවතත් මම රැවටුණා කියලා තේරෙන්න ඉස්සර වගේ කල් ගියේ නැහැ.

:       6       29

ලයනල්Sunday, 29 January 2023 05:28 PM

අපි රැවටුනේ රනිල්ට නෙමෙයි.ලංකාවෙ වාමාංශික සහ සිංහල ජාතිවාදී කණ්ඩායම් වලට.මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඉඩ දුන්නෙ නැත්තෙ ඒ දෙගොල්ලො.හැමදාම බටහිර කුමන්ත්‍රණ කතා කියල සියළු දේ නැවැත්තුව.රනිල්ගෙ ආණ්ඩු කෙටි කාලෙකින් පෙරළල දැම්ම.මහින්ද ඔය ජවිපෙ ශ්‍රීලනිප වෘත්තීය සමිති අල්ලෙ නැටෙව්ව.ඒ අය ගොනාට අන්දගෙන තමන්ගෙ වැඩ ටික නියමෙට කරගත්ත(අනුරල විමල්ල සිරිසේනල වාසුල කණ්ඩායම් කිහිපයක් නෙමෙයි.එක ටීම් එකක්.ඒ චීන ටීම් එක මේ යන්නෙ ඇමරිකා චීන ගැටුම-අපි දශක ගාණක් ඒකට මැදිවෙලා දුක් විඳිනව)මහින්ද දැන් වයසයි.අද චීනය තෝරගෙන තියෙන්නෙ අනුර කුමාර - අනුර ආව කියන්නෙ මේක චීන කොළණියක්.වමේ එවුන් හදපු අවුල් වලට දක්ෂිණාංශික ලිබරල් මිනිස්සුන්ට ගල් ගහන්න එපා.දක්ෂිණාංශික ලිබරල් විදියට මේ රට හදන්න දුන්නනම් මේ ප්‍රශ්න නෑ.

:       1       1

අයන්ත Sunday, 29 January 2023 11:25 AM

ලංකාවම විකුණන්න වෙයි...

:       7       30

sena Sunday, 29 January 2023 12:12 PM

මේ මනුස්සයා තාම ඉන්නේ අනුරාධපුර යුගයේ. ඉතින් කොහොමද රට හදන්නේ...? 

:       20       31

Hafeel Sunday, 29 January 2023 12:39 PM

ඔයාද ඇති කරන්නේ ණයනැති ආර්ථිකයක්...? ලාබ ලබන රටේ ආයතන සහ දේපල විකුණගෙන කොහොමද ණය නැති ආර්ථිකයක් ගොඩ නගන්නේ...?

:       7       34

Rata Perata Sunday, 29 January 2023 02:07 PM

අපිට නම් චුට්ටක් ණය වුණත් කමක් නැහැ. අර ඔයා දීපු බ්‍රේස්ලට් එක විකුණලා හරි ටික කාලයක් ශේප් වෙන්න පුළුවන්. අනේ මගේ කට... කවුරු හරි මෙන්න මෙයාව අවදි කරන්නකෝ... අනේ මෙන්න මේ මනුස්සයා මානසික දොස්තර කෙනෙක්ට පෙන්නන්න...

:       6       30

athuraMonday, 30 January 2023 11:09 AM

ඔන්න පෙන්නුව අපේ ජහමනයගේ සැබෑ ස්වරූපය.බ්‍රේස්ලට් දෙනව කියල නෙමෙයි ඒ කිව්වෙ ඒ වගේ ආර්ථිකයක් හදනව කියල.හැබැයි එහෙම කියල අවුරුදු දෙකෙන් එහෙම කිව්ව මිනිහව එලෙව්ව කියල තමුන්ට අමතකයි.

:       1       0

Free Man Sunday, 29 January 2023 02:35 PM

තාමත් මේ දේශපාලකයින්.... දූෂණයෙන් තොර, නීතියේ ආධිපත්‍යය සුරකින, ආර්ථික වශයෙන් දියුණු සුර පුරයක් වගේ රටක් නිර්මාණය කරාවි කියලා හිතන අය තාම ඉන්නවානේ ඉතින්... මේ වගේ අය දන්නේ අනිත් මිනිසුන් ලේ, දහඩිය, ජීවිත කැපකර අරගල කරලා දිනාගත්තු දේවල් විලි ලැජ්ජාවක් නැතිව භුක්ති විඳින ගමන් අරගල කරන් මිනිසුන්ටත් බැන බැන දූෂිත දේශපාලකයින්ට වහල්කම් කර කර කියන උන් කියන ඕනම කෙප්පයක් ඉහ මුදුනින් පිළිඅරගෙන පුළුවන් නම් තාන්න මාන්න අරගෙන පෞද්ගලික ඕනෑ එපා කම් ඉටු කරගන්න...

:       6       29

Nilan Sunday, 29 January 2023 06:02 PM

විකාර...

:       2       9

විජිත් Monday, 30 January 2023 01:19 AM

පිස්සෙක්, එකපාරක් කීවා රටේ කුඹුරු ඔක්කොම ගොඩකරලා ෆැක්ටරි හදනවා, රටේ බුලත් කෑම නවත්වලා ඒ අයට චුවින්ගම් කවනවා, මල්ලිලාට බ්රෙස්ලට්ස් දෙනවා කියලා. ඊට පස්සේ වතාවක් කීවා මේ රටේ ෆොක්ස්වගන් කොම්පනියන් පටන්ගන්නවා කියලා.ඒ කොම්පැනිය දන්නෙවත් නැහැ මේ ගැන.අන්තිමට චන්ද ඔක්කොම පැරදිලා ගෙදරට වෙලා පො ***ත් එක්ක හිටියා.ඊටත් පස්සේ පින් මන්ත්‍රියෙක් වෙලා එකත් නීති විරෝධී විදිහට පාර්ලිමේන්තුවට ආවා.රටේ හිටපු පාලක හොරා , ජනතාවට බයේ රටෙන් පනලාගියාම පර්ලිමෙන්තිවේ හිටපු පට්ටම පට්ට හොරු 134 කගේ චන්දයෙන් මේ යකා පින් ජනයාවුනා.දැන් රට කමින් ,මිනිසුන් බාගෙට මරමින් පන අදිමින් ඉන්නවා.

:       0       2

mp Monday, 30 January 2023 03:13 AM

රටේ මිනිස්සුන්ගේ රෙද්ද උගස්තියලද? නොදකින් උඹ!

:       0       0

sharm warn Monday, 30 January 2023 10:00 AM

එක්කෙනෙක් රුවන්වැලි සෑය ලඟ දිවුරන්න ගිහිල්ල ඉන්න හිටින්න තැනකුත් නැති වෙන්න කෙල වුනා.. දැන් පිස්සට මීටරෙ නෑ වගේ නන්නත්තාරෙ යනවා.. මෙ ගොබ්බයාත් මොනවද ඉල්ලනවා..ඇයි පිස්සො.. එහෙනම් මුල්‍ය අරමුදල පසෙන් යන්නෙ එකෙ නිලධාරින්ට කිරිකොස් විකුනන්නද? මෙ ගොන් කතා හොදයි අර අනුරාධපුරේ පැත්තෙ ඉන්න ආර්ථික විද්‍යව ගැන දන්නෙ නැති මිනිස්සුන්ට..

:       0       1

ගැමියෙක් Monday, 30 January 2023 05:00 PM

ඔය කථා කියන්න හොඳයි අර රට මේ තත්වෙට ගෙනාපු ආර්ථික විශේෂඥයින් හිටපු වියත්මග කට්ටියට... අපිට නම් තේරෙනවා ඕවා කරන්න බෑ කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් මන්ත්‍රී පැටිකිරිය හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 22 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 210 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 91 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 976 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1120 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 591 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site