IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


‘‘ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී කාටත් සමාන විය යුතුයි‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී චීනයට හෝ වෙනත් කිසිම රටකට විශේෂ සැලකිල්ලක් නොදැක්විය යුතු බවත් ශ්‍රී ලංකාවට ණය ලබා දුන් සියලු පාර්ශ්වයන්ට එක සමාන ලෙස සැලකිය යුතු බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.  

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම බව ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.

එය ඇමෙරිකා එක්සත් ජනපදය,ජාත්‍යන්තර ප්‍රජාව පමණක් නොව ශ්‍රී ලාංකික ජනතාව පවා විශ්වාස කරන දෙයක් බව ඇය සඳහන් කළාය.

ඇමෙරිකාව,ජපානය සහ ඉන්දියාව පමණක් නොව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු යැයි ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ආර්ථික විද්‍යාඥයන් ද ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය ආරම්භයේදී නිර්දේශ කළ බවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ප්‍රමාද වූ බවත් ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සහ එහි විනිවිදභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කළ පමණින් කළ යුතු දෙයක් නොවන බවත් ඉන් ශ්‍රී ලංකාවටද  යහපතක් සිදු වන බවත් ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා දීම සඳහා ඔවුන් නිර්දේශ කරන ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට ඉතාමත් අපහසු වනු ඇතැයි ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ ඕනෑම රටකට අපහසු කටයුත්තක් බව ඇය සඳහන් කළාය.

නමුත් ශ්‍රී ලංකාව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ඇමෙරිකා එක්සත් ජනපදය ද්වි පාර්ශ්වික හවුල් කරුවන් ලෙස අපි දැඩි අවදානමකට ලක්වූ ජනතාව මෙන්ම දුප්පත් ජනතාව ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතු බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.ශ්‍රී ලංකාවට මානුෂීය සහාය වැදගත් වන්නේ එම නිසා බව ඇය සඳහන් කළාය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ පැරිස් ක්ලබ් හවුල් කරුවන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහාය දක්වන බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය. නමුත් බටහිර රටවල්,ජපානය සහ ඉන්දියාව පමණක් නෙවෙයි චීනයද මේ වෙලාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉදිරියට පැමිණිය යුතු බව ඇය වැඩි දුරටත් පැවසුවාය.

ජාත්‍යන්තර ප්‍රජාව  ශ්‍රී ලංකාවට ලබා දිය හැක්කේ කුමන ආකාරයක සහායක් දැයි තීරණය කර එය ලබා දිය යුතු බව ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පාර්ශ්ව ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සහාය ලබා දිය යුතු බවද ඇය සඳහන් කළාය.  



අදහස් (6)

‘‘ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී කාටත් සමාන විය යුතුයි‘‘

අතුල සෞදි Friday, 08 July 2022 02:46 PM

ඉතිහාසයේ ඉඳන් බැලුවොත් මේ රටේ හැරවුම් ලක්ෂ තුනක් මම දකිනවා. 1956, 1977 සහ 2009. මේ හැම අවස්ථාවකදීම රටට ගැලපෙන ක්‍රමය ක්‍රියාත්මක කරගන්න බැරිවුණා. ඒ රටේ දේශපාලකයින්ගේ හෝ නිලධාරීන්ගේම ප්‍රශ්නයක් නොවෙයි. හැම කාලයකම බලපාපු දේශපාලන... අදත් එහි අඩුවක් නැත. ඇත්තේ එහි උපාය මාර්ගික ක්‍රියාවලියේ වෙනස පමණි...!

:       3       15

සුදු ඇඳගෙන කලු ඇවිදින් Friday, 08 July 2022 02:48 PM

රුසියාව පාලනය කරන්නෙ පුටින්, ලංකාව පාලනය කරන්නෙ පිටින්...

:       0       14

amara Friday, 08 July 2022 02:49 PM

චීනා කියන්නේ ගැහුවා ගත්තා ගියා...

:       2       9

praneeth Friday, 08 July 2022 02:53 PM

ඇයි උදවු කරන්න චීනය ඉදිරියට ආ යුත්තේ? ණය උගුල් ගැන කියලා ද්විපාර්ශ්වික සම්බන්ධතා විනාශ කළේ කවුද?

:       12       15

සත්‍යයFriday, 08 July 2022 07:21 PM

ද්වීපාර්වික සබධතා..... ලංකාව - ඉන්දියාව, ඡපානය, ඇමරිකාව, යුරෝපය,.......... ලංකාවට හැම වේලාවේම අප රටේ අනාගත දියුනුවට උදව් කළ ඉහත සඳහන් හැම රටක්ම තරහ කර ගත්තා.

:       0       0

sam Saturday, 09 July 2022 01:49 PM

ලංකාව මේ තත්වයට පත්වුනේ මේ සාටක දාගෙන ලංකාවේ රාජ්‍ය දේපල සහ රාජ්‍ය ධනය රාජපක්ෂ හොර මුල විසින් මහා පරිමාණයෙන් හොරාකාලා ඔවුන්ගේ පිටරට ගිණුම්වලට දා ගැනීම නිසයි. මේ රාජපක්ෂ හොර මුලම අධිකරණය ඉදිරියට පත්කර ඔවුන් හොරාකාපු ජාතික ධනය නැවත අයකරගෙන දැඩි දඬුවම් දීලා ප්‍රජා අයිතිය සදාකාලයටම නැතිකළ යුතුයි. පට්ටම හොරු...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 825 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 209 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1688 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 197 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 476 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2397 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site