IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ණය සීමාව කෝටි ලක්ෂයකින් වැඩි කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් ගන්නා  අරමුදල්( ණය)  ප්‍රමාණය ( සීමාව) කෝටි ලක්ෂයකින් වැඩි කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට අද (12) ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ලබා ගැනීම  මෙතෙක් පැවතියේ රුපියල් කෝටි ලක්ෂ පහේ ( බිලියන පන්දහස)   සීමාවේය.

නව යෝජනාව සමඟ එම සීමාව රුපියල් කෝටි  හය  ලක්ෂය දක්වා (බිලියන 6000) වැඩි කෙරෙන බව  මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේද මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේද අනුමැතිය ඊයේ (11) පළවූ බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

භාණ්ඩාගාර බැඳුම්කරවලින් අරමුදල් සපයා   ගැනීමට වඩා මේ ආකාරයට කෙටිකාලීන ක්‍රමයට  ණය මුදල් ගැනීමෙන් පොලී සඳහා ගෙවීමට සිදුවන මුදල අඩු වන බවද  ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිවිය.

 

 

 



අදහස් (4)

ණය සීමාව කෝටි ලක්ෂයකින් වැඩි කරයි

Lalith Jayasinghe Thursday, 11 May 2023 08:03 PM

ලංකාවේ අච්චු කන්තෝරුවක් දැම්මා නම් ගානක් හොයාගන්න පුළුවන් වෙයි වගේ ?

:       2       5

Nalaka Thursday, 11 May 2023 09:31 PM

අනේ වාසනාවන් ETF EPF සමෘද්ධි ආදීවූ අරමුදල් වලට අබ සරණයි. උම්බෑ උම්බෑ අපි තවත් ඡන්දය දෙමු

:       2       7

අරවින්ද මොනරවිල Friday, 12 May 2023 07:01 AM

ණයට ගන්නයි විකුණාගෙන කන්නයි විතරක් දන්න ගොබ්බ ආර්ථික ඔස්තාර්ලා රට හිගමනට වට්ටලා තවත් බලහකාරයෙන් බලය අල්ලාගෙන ඉන්නේ. උන්ගේ හොරකම් වහාගන්නයි රටේ ඉතිරිවෙලා තියෙන දේපොල ටික මංකොල්ල කන්නයි තියෙන උවමනාවට. එකට ඉඩ තියෙන්නේ තව බොහොම ටික කාලයයි කියලා මතක තියා ගනිල්ලා.

:       2       9

බැසිල් Friday, 12 May 2023 07:09 AM

ණය සීමාව ඉහල දැමීමට අදාලව තාක්ෂණිකව සැකසිය යුතු නීති මට්ටම ඉහල දැමීම සිදු උනාද? ණය සීමාව ඉහල දමන විට හොරකම් කිරීමේ හැකියාව ඉහල යන නිසා නීති අණ පනත් වල මට්ටමද ඉහල දා යුතුය .

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site