(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ උත්සව ශාලාවක තිබූ තේක්ක ගසක අතු කැපීමට ගිය පුද්ගලයකු එම ගසේ අඩි හතලිහක පමණ උඩක සිට බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට අද (02) දින ඇතුලත් කල පසු මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාගම්මන වෙදගෙවත්ත ප්‍රදේශයේ පදිංචි මහගමගේ ජයරත්ත නැමැති 61 හැවිරිදි අවිවාහකයෙකි.
මියගිය පුද්ගලයා තවත් පුද්ගලයකු සමගින් අදාල ගසේ අතු කැපීම සදහා ගොස් ඇති බවත් එම ගස අඩි හැත්තෑවක් පමණ උසැති ගසක් බවත් එම ගසේ අඩි හතලිකහ පමණ උසින් තිබූ අත්තක් කැපීමට යාමේදී අත ලිස්සා බිමට ඇද වැටී ඇති බවට සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී මියගිය පුද්ගලයා සමග අත් උදව්වට ගිය අය ගස මුල ලණුවක් අත අල්ලා සිට ඇති බවත් පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තේක්ක ගහෙන් මාරයා එයි