IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘තාක්ෂණය නැතිව ලංකාවට ඉදිරි ගමනක් නෑ‘

රජය තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් රාජ්‍ය අංශය විසින් ලබාදෙන සේවා වඩාත් කාර්යක්ෂම කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඒ සඳහා පළමු පියවර ලෙස රාජ්‍ය ආයතන විද්‍යුත් ලියවිලි හා විද්‍යුත් අත්සන් පිළිගැනීමට එකඟවීම අත්‍යවශ්‍ය සාධකයක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

විද්‍යුත් අත්සන් පිළිගැනීම හා ‘සින්ගල් වින්ඩෝ‘ ආදී ලොව ප්‍රචලිත පහසුකම් හරහා ආසියාවේ අනෙක් රටවල් බොහෝ වේගයෙන් ඉදිරියට යද්දී ලංකාවට වැරදුණේ කොතැනද, විසඳුම කුමක්ද සහ තවදුරටත් ප්‍රමාදවීමේ ප්‍රතිවිපාක මොනවාද? යන මැයෙන් අද නාරාහේන්පිට ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී එම ආයතනය මෙම කරුණු ඉදිරිපත් කළේය.

වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මැල්, ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ සභාපති දිනේෂ් ද සිල්වා ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා රේගුව හා මුදල් අමාත්‍යංශය එක්ව දශක දෙකක කාලයක් ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු කාර්යක්ෂම කිරීම සඳහා හඳුන්වාදීමට උත්සාහ කරන ඉලෙක්ට්‍රොනික සන්නිවේදන පද්ධතිය හෙවත් ‘සිංගල් වින්ඩෝ‘ හි අරමුණ ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලදී රජය සමග කරන ගනුදෙනුවලට ගතවන කාලය හා පිරිවැය අවම කිරීම බවත් පෙන්වා දුන් නිශාන් ද මැල් මහතා කියා සිටියේ නීතිමය හා තාක්ෂණික බාධා නොමැතිවද අදාළ රාජ්‍ය ආයතන විද්‍යුත් ලියවිලි සහ විද්‍යුත් අත්සන් පිළිනොගැනීම හේතුවෙන් වත්මන් සිංගල් වින්ඩෝ ව්‍යාපෘතියෙන් උපරිම පළ නෙළා ගැනීමට ලංකාව අසමත් වී ඇති බවයි.

එබැවින් මෙම ක්‍රමවේදය සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය පාලකයන්ගේ අවධානය කඩිනමින් අවැසිව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.



අදහස් (0)

‘තාක්ෂණය නැතිව ලංකාවට ඉදිරි ගමනක් නෑ‘

අබේරත්න Wednesday, 26 October 2016 09:48 AM

තොරතුරු තාක්ෂණය ගැන දැනගන්න අවශ්‍යනම් අල්ලපු ගෙදර ඇසිලින් අක්කාගෙන් උපදෙස් ගන්න පුළුවනි. (බ)

:       0       0

මෙන්ඩිස් Thursday, 27 October 2016 01:12 AM

ඉගෙනගත්ත මොළ රට හැර යනවනේ. (නි)

:       0       0

රංග Wednesday, 26 October 2016 09:56 AM

ගොඩක් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ පරිගණක සාක්ෂරතාව ඉතා අඩුයි. තවත් පරිගණක ගත කළාට පසු හොර වැඩ කරන්න අමාරුයි. "සජිත් ජොබ් බෙදන න්‍යායෙන්" ඇතුලට රිංගු තවත් සෑහෙන පිරිසක් ගෙදර යන්න වෙනවා. මේ හැම කරණය නිසාම වුවමනවෙනම මෙවැනි ජාල ගත කිරීම් අඩපන කරනවා. (බ)

:       0       0

කෝනාර Thursday, 27 October 2016 01:41 AM

අපේ හුඟක් අය හිතන්නේ එෆ්බී යන්න, චැට් කරන්න පුළුවන් කියන්නේ පරිගණක ගැන, තොරතුරු තාක්ෂණය ගැන හොඳට දන්නවා කියලා. කිසිත් නොදන්නා බව තේරෙන්නේ හොඳ මොළයකට අහුවුණ වෙලාවට තමයි. (නි) (නි)

:       0       0

ආරච්චි Thursday, 27 October 2016 02:07 AM

තොරතුරු තාක්ෂණය අපට අවශ්‍ය බව ඇත්ත. ඊට පෙර අපේ පාසල් ටික හදාගන්න ඕනෑ. ඔය පාසල් වලින් හරි අධ්‍යාපනයක් දෙනවද? ලංකාවේ අධ්‍යාපන කඩ තිබුනට ඇමෙරිකාවේවත් එහෙම එකක් නැහැ. ඔය තාක්ෂණ විද්‍යාලය කුරුණෑගල හෝ වෙනත් එවැනි ප්‍රදේශයක තිබ්බා නම් ගත හැකි ප්‍රයෝජනය කොපමණද? හැම දෙයක්ම අගනුවර වටා තියන්නේ ඇයි. තාක්ෂණය කියන එක හැමදේකටම ගාවාගන්න ඕනෑ නැහැ. රටේ කර්මාන්ත ඇති කරනකොට ඉබේම ජනතාව ඒ තත්වයට ඒවි. (නි)

:       0       0

නුවන් Wednesday, 26 October 2016 10:50 AM

ලංකාවේ ඕන තරම් තාක්ෂණික මොළ තියෙනවා වෙලා තියෙන්නේ ඉස්කෝලේ ගිය නැති දේසපලුවෝ රට කරවන තැන ඉන්නකොට මොනවා තිබුණත් වැඩක් නැහැ! (අ)

:       0       0

බමුණු Thursday, 27 October 2016 05:00 AM

තොරතුරු තාක්ෂණය නැතිව ලංකාවට ඉදිරි ගමනක් නෑලු එ්කද ඉන්දියාවෙන් අතුආල දමන තොරතුරු තාක්ෂණ ශිල්පීන් ලංකාවට ගෙන්වන්න හදන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 61 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 211 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 370 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 127 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 738 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 502 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site