IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


තංගල්ල බස්පොළේ දී තරුණයා වෙඩි තබා මරලා

තංගල්ල හේනකඩුවේ තරුණයකු මින් මදවේලාවකට පෙර තංගල්ල බස් නැවතුමේ දී වෙඩි තබා මරා දමා ඇතැයි තංගල්ල පොලිසිය කියයි.

 



අදහස් (0)

තංගල්ල බස්පොළේ දී තරුණයා වෙඩි තබා මරලා

ඩිලාන් Wednesday, 04 June 2014 09:43 PM

දැන් නම් පාරේ බැහැලා යන්නත් බයයි වගේ (නි)

:       0       0

ජයවර්ධන Wednesday, 04 June 2014 09:43 PM

දැන් නම් ධර්මද්වීපය අංග සම්පුර්ණ වෙලා වගෙයි... හොරකම, මංකොල්ලකෑම, මතට තිත, දූෂණය, හිංසනය.. සුභ අනාගතයක් ඔබ සැමට! (නි)

:       0       0

ජයවර්ධන Wednesday, 04 June 2014 09:50 PM

අද ඔහුට.. හෙට අපට වෙන දේ පැහැදිලියි (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 04 June 2014 03:20 PM

බෙලිඅත්ත , තංගල්ල කියන්නේ මේ වගේ දේවල් එදත් උනා හැබැයි ඉතින් අද තරම් එදා මාධ්‍ය දියුණු නැති නිසා මිනිසුන් දැනගත්තේ නැහැ. නැත්නම් දැනගත්තේ පරක්කු වෙලා. අද ඉතින් මාධ්‍ය දියුණුයිනේ.(නදී)

:       0       0

විජේසිංහ Wednesday, 04 June 2014 03:27 PM

මිනිස්සු මරණ එකට කව්රුත් විරෝධතා සංවිධානය කරන්නේ නැත්තේ ඇයි ? (නදී)

:       0       0

චානක Thursday, 05 June 2014 01:08 AM

මේ වැනි අපරාධ කාලයත් සමඟ වැළලී යනවා.පිටරටවල ඉතා ආරක්ෂාකාරීව හා නිදහසේ ජීවත් වන නීතිගරුක ලාංකිකයන් රටේ පවතින දුර්දාන්ත ක්‍රමය හේතුවෙන් ලංකාවට පැමිණ ජීවත්වීමට මහත් මැළිකමක් දක්වන බව ඔවුන්ගේ කතා අහනවිට අවබෝධ වෙනවා.සුදුසු ආරක්ෂිත වාතාවරණයක් රටේ ස්ථාපිත කිරීම අවශ්‍යයි (නි)

:       0       0

බිමල් Thursday, 05 June 2014 02:57 AM

දැන් හැමතැනම වගේ මෙහෙමයි. මිනිසුන් මිනීමරන්න බය නැහැ (නි)

:       0       0

පද්මිණි Wednesday, 04 June 2014 04:21 PM

මේ ගෙවෙන්නේ අවසන් සටනේ අවසන් මෙහෙයුමද කියලා හිතෙනවා, වෙලාවකට මට (නි)

:       0       0

මහේෂ් Wednesday, 04 June 2014 04:59 PM

සෙල්ලම් පිස්තෝලයකින් සෙල්ලමට තියපු වෙඩිල්ලක්ද කියලත් මට ඒත් සැක සිතුනා (නි)

:       0       0

සිල්වා Thursday, 05 June 2014 03:54 PM

අපේ වැඩිහිටියෝ කියල තියනවා බෙන්තර ගගෙන් එහා පැත්ත අය එක්ක සම්බන්දතා තියා ගන්නේ පරිස්සමින් කියල . මම හිතනවා ඒ කතාව සීයයට සියයක් හරි කියල .(දිල්)

:       0       0

දර්ශන Thursday, 05 June 2014 06:34 AM

දැන් ගාල්ල මාතර මිනිස්සුන්ටත් පාරේ බැහැල යන්න බැහැ මේ දකුණේ කතාව නිසා. දකුණ බැබලෙව්වේ ගාල්ල මාතර වියතුන්, බුද්ධිමතුන්, ලේඛකයන්. දැන් මේ අය තංගල්ලේ උනාට මිනිස්සු බනින්නේ මුළු පළාතටම. මෙය දකුණෙන් බිහි වූ ලොව ප්‍රකට ශ්‍රේෂ්ටයන්ට කරන නිගාවක්. දැන් තංගල්ලේ අය මුළු දකුණම ගඳ ගස්සනවා. (නදී)

:       0       0

චන්දන Thursday, 05 June 2014 07:52 AM

පිටරටදී සල්ලි ටිකක් හරි හම්බ කරගෙන දරුවන්ටත් උගන්න ගෙන , විශ්‍රාම යන කාලයේ ලංකාවට ඇවිත් පිනක් දහමක් කරගෙන සැනසිල්ලේ ඉන්න තමා නෝනයි මමයි සැලසුම් කලේ. දැන් නම් ඉන්න රටටම පස් වෙනවා. මෙහෙම වාතාවරණයක ලංකාවට නිවාඩුවකටවත් එන්න බැහැනේ. දැන් ඉතින් අපිට භුමි පුත්‍රයන් ටික බනීවි. අනේ අපිට මෙහෙ වෙඩි කාලා මැරුණත් සැපයි . ඔයාලා ඔහෙටම වෙලා ඉන්න කියලා. (නදී)

:       0       0

නිලංග Thursday, 05 June 2014 08:00 AM

කලකින් අම්ම තාත්ත දැක්කේ නැහැ කියලා හැමදාම නහයෙන් අඬන බිරිඳව නිවාඩුවකට ලංකාවට එවන්න හිටියේ. ඒ වුනාට දැන් නම් මම අදහස වෙනස් කර ගත්තා. (නදී)

:       0       0

එච් ඊ දයාරත්න Thursday, 05 June 2014 08:10 AM

වැරදිකාරයෝ අල්ලන්න බැරි වෙයි සෙල්ලම් පිස්තෝලයකින් වෙඩි තියපු නිසා.(නදී0

:       0       0

එච් ඊ දයාරත්න Thursday, 05 June 2014 08:12 AM

දැන් දැන් සෙල්ලම් පිස්තෝලයි, ඇත්ත පිස්තෝලයි නිසා මිනීමැරුම් වැඩියි.(නදී)

:       0       0

අශෝක Thursday, 05 June 2014 08:13 AM

හෙට අනිද්දාට මේ පැත්තේ ගෑනු ළමයෙකුට කසාදයක් වත් කර ගන්න බැරිවේවි, වෙනත් පලාතකින්. (නදී)

:       0       0

ගුණරත්න Wednesday, 04 June 2014 05:21 PM

තංගල්ලේද? (ස)

:       0       0

ලලිත් -එස්.එල් Thursday, 05 June 2014 08:29 AM

ඉස්සල්ලා කට්ටිය මැරුණේ බෝම්බයට රොත්තක්ම. දැන් එක එක මරනවා. යුද්ධේ ඉවර උනා කීවට කිසි වෙනසක් නැහැ නේ.(නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 04 June 2014 05:58 PM

රටට ගිය කලක් (නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 04 June 2014 06:02 PM

මේ ඝාතනය ගැන වැඩි විස්තරයක් අන්තර්ජාලයේ විස්තර සහිතව තියෙනවා.(නදී)

:       0       0

පද්මිණි Thursday, 05 June 2014 10:07 AM

මේ රටේ මහජන නියෝජිතයින්ට අන්තර් ජාල පහසුකම නැතුවද? මේ සිදුවෙන දේවලට එකම අදහසක් වත් ඔවුන්ගෙන් පළ වෙන්නේ නැහැ.ඔය ආරක්ෂාව සම්බන්ධ ඉහල ඇත්තෝ මේ අපි ලියන ඒවා බලන්නේ නැද්ද? (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 04 June 2014 12:03 PM

මේ තමා රුහුණේ සුපතල තංගල්ල පුරවරය. ඒක නිසා මේවට කලබල වෙන්න විතරක් එපා. (ස)

:       0       0

වසන්ත Wednesday, 04 June 2014 12:05 PM

අනේ අනේ තංගල්ලට වෙච්චි දෙයක් ! (ස)

:       0       0

ඇල්බට් Wednesday, 04 June 2014 12:08 PM

ආයුබෝවේවා! (ස)

:       0       0

සේන Wednesday, 04 June 2014 06:16 PM

මෙච්චර ආරක්ෂාවක් තියෙද්දිත් මිනිස්සු මරාගන්නවා. පොලෝසිය සැකකරුවෝ නිදැල්ලේ ඉන්න අරිනවා එහෙම නැතිනම් අල්ලාගෙන ආයුද හොයන්න එක්ක යනවා. දෙපැත්තෙන්ම නීතිය කැඩෙනවා.(නදී)

:       0       0

භානු Wednesday, 04 June 2014 06:22 PM

ලංකාවේ කීර්තිමත් පුරවරයක් නේ. හැමදාම මොකක් හරි ගිනි කෙලි සංදර්ශනයක් නොතිබ්බොත් මෙහෙම තැනක් තියනවා කියලාවත් පුරවැසියන් දන්නේ නැහැනේ. (නදී)

:       0       0

සුරංග ප්‍රදීප් පෙරේරා Wednesday, 04 June 2014 12:18 PM

තංගල්ල මුදා නොගත් ප්‍රදේශයක් ද? (නදී)

:       0       0

ලලින්ද්‍ර Wednesday, 04 June 2014 12:26 PM

මේ තංගල්ල මුදා නොගත් ප්‍රදේශයක් කියන කතාව සහතික ඇත්ත ද? ලංකාවේ වැඩිම ආරක්ෂාවක් තියන නගරයක් නේද? මීට කලින් උසාවි ආව සාක්කිකාරයෙකුට වෙඩි තිබ්බා. විදේශිකයෙක් මරලා පෙම්වතිය දුෂණය කරා කියා පළාතේ ප්‍රදාන පුරවැසියාට එරෙහිව නඩුවක් යනවා (ඔහු තාමත් ඔහුගේ තනතුර දරනවා චෝදනාව කොයිතරම් බරපතල උනත්). එහෙම වෙන්න පුළුවන් කැලේ නීතියෙන් පාලනය වන පෙදෙසක විතරනේ. (නදී)

:       0       0

සිරියලතා කෙන්යා Wednesday, 04 June 2014 12:58 PM

නීත්‍යනුකුල නොවන සියලු අවි ආයුද අල්ලන්න ඕනේ. (නදී)

:       0       0

තිලක් Thursday, 05 June 2014 10:59 AM

මම ලංකාවට යන්න කියල ගුවන් පත මිලට ගනිද්දී හිතට විශාල බියක් දැනෙනවා. මෙහේ දෙවියනේ කියල ඉඳල මැරෙන්න යන්න හදනවද කියන බය හදවතේ වද දෙනවා. ලංකාවේදී අපි මොන තරම් ඉවසීමෙන් හිටියත් මොන විදිහට,මොන අාකාරයට,කොයි වෙලේ කන්න වේවිද කියල දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි. අපි මිනීමරු ප්‍රභාකරන්ගේ කාලේදී වුනත් සන්තෝශයෙන් මව්රටට ගිය උදවිය. අද රටට මොකක්ද මේ වෙන්න යන්නේ? (ස)

:       0       0

සේනක මිලානෝ Wednesday, 04 June 2014 01:00 PM

මේ වගේ තරුණ ජිවිත තිරිසන් මිනීමරුවන්ට හිතුමතේට ඝාතනය කරන්න දෙන්නේ රටේ ආරක්ෂක අංශ මේවා ගැන සොයා බලන්නේ නැද්ද? නැතිනම් බිහිසුණු සමයක පෙර නිමිත්තක්ද ? (නදී)

:       0       0

හසන්ත Thursday, 05 June 2014 11:02 AM

සමහරවිට මේක පත්තරේ පල වෙනකන් මේ ජරමර ගැන වගකිවයුතු බලධාරින් දන්නෙත් නැතිව ඇති පද්මිණි. (ස)

:       0       0

කුමාර Thursday, 05 June 2014 11:07 AM

රටේ ඉහලම පුරවැසියාගේ නිවස තියෙන්නෙත් මේ පුරවරයේ නිසා මේක නම් සුළුපටු කාරණාවක් නෙවෙයි. ඇතැම් ගම් වල නම් කියපු පමණින් මිනිසුන් නහය අකුලා ගන්නවා. මේ පුරවරයටත් දැන් "අපොයි ඔයා එහෙ කෙනෙක්ද ?" කියන තත්වයට පත්වෙලා. (ස)

:       0       0

තිලක් Wednesday, 04 June 2014 01:07 PM

අනිවාර්යයෙන්ම සාක්ෂි කාරයෙක් වෙන්න ඇති. තංගල්ල කියන්නේ ලංකාවේ මුදා නොගත් ප්‍රදේශයක්ද? (ස)

:       0       0

රවී Wednesday, 04 June 2014 01:08 PM

සෙල්ලම් පිස්තෝලයකින්ද දන්නේ නෑ. (ස)

:       0       0

ජෙහාන් Thursday, 05 June 2014 11:21 AM

කෝ මේ ලංකා තිලක් උන්නැහේ ? මෙතන හිටියා නම් අපෙන් අහවි මේ සිදුවීම ඇසින් දැකලාද මේ ප්‍රතිචාර දක්වන්නේ කියලා. (ස)

:       0       0

හාරිස්පත්තුවේ ජිනදාස Wednesday, 04 June 2014 01:12 PM

මේවා බෙන්තර ගඟෙන් එපිටහ සාමාන්‍ය දේවල්. ඉස්සර උතුරට වඩා දැන් දකුණ දරුණු වෙලා.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 04 June 2014 07:31 PM

තංගල්ල කියලා මහදවාලේ මිනි මරන්නේ කොහොමද? (නදී)

:       0       0

ශාන්ති Wednesday, 04 June 2014 01:19 PM

සෙල්ලමටද කොහෙද ? (නදී)

:       0       0

ආනන්ද Wednesday, 04 June 2014 07:31 PM

මේ මනුස්සයට වෙඩි තිබ්බේ අමිල කෝ කියල අහල නේද ? දැන් ඉන්නේ කොහෙද අහල මිනිස්සු මරනවා. වඳුරන්ට දැලිපිහි දුන්න වගේ මැරයන්ට ආයුද දීල තියෙන්නේ. (නදී)

:       0       0

ප්‍රශීන් Wednesday, 04 June 2014 07:32 PM

සුභ අනාගතයක්!!! (නදී)

:       0       0

ශිහාන් Wednesday, 04 June 2014 01:20 PM

මේ අර මුදවා නොගත් ප්‍රදේශයනේ (නදී)

:       0       0

සිරාන් Wednesday, 04 June 2014 07:38 PM

අධි ආරක්‍ෂිත කලාපයක මහා දවල් මිනිසුන්ට වෙඩි තියල පලායන්නේ කොහොමද? (නදී)

:       0       0

විදුෂක Wednesday, 04 June 2014 08:06 PM

උගතුන් බුද්ධිමතුන් බිහිකළ තක්සලාව - දක්ෂිණ දේශය. ආශ්චර්යයේ ආශ්චර්යයෙන් උඩු යටිකුරු වේගෙන එනව වගේ. (නදී)

:       0       0

සමන්ත Wednesday, 04 June 2014 08:12 PM

තංගල්ල වෙනුවට චිකාගෝ කියලා නම තිබ්බ නම් හරි. මේ පළාතේ මේ දවස් වල ඉලක්කයට වෙඩි තැබීම පුහුණු වෙනවද කොහෙද. (නදී)

:       0       0

සුනිල් Wednesday, 04 June 2014 01:50 PM

වෙන්න ඇති. ඒ පැත්තේ තියෙන්නේ සෙල්ලම් පිස්තෝල නේ (නදී)

:       0       0

සුජානි Wednesday, 04 June 2014 08:26 PM

වැඩිය කියවන්න හොඳ නැහැ. තංගල්ල කියන්නේ දැන් යාපනයට වැඩිය භයානක ප්‍රදේශයක්. මොනවහරි වුණොත් නඩුත් නැහැ බඩුත් නැහැ. (නි)

:       0       0

පිටිගල Wednesday, 04 June 2014 09:16 PM

රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න අය රෑට පාටි වලට යන රටක් අහලා තියෙනවද කව්රු හරි? (නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 04 June 2014 02:23 PM

වර්තමාන දකුණු පළාත මිනී මැරුම් වලට හොඳ ප්‍රසිද්දියක් දරනවා (නදී)

:       0       0

ජයවර්ධන Wednesday, 04 June 2014 09:33 PM

දැන්නම් හැම අතින්ම ලංකාව පෙරමුණ අරගෙන වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 491 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 195 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 559 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 424 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2442 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2351 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37070 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24420 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 604 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site