IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තංගල්ල විදේශ සේවා පුහුණුවට ආ කාන්තාවෝ ආහාර වරති

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තංගල්ල  විගමනික සම්පත්  මධ්‍යස්ථානයේ පුහුණුව ලබන මැදපෙරදිග ගෘහ සේවිකාවන් වශයෙන් යෑමට නියමිත කාන්තාවන් 121දෙනෙකු ආහාර වර්ජනයක යෙදී ඇතැයි එම කාන්තාවෝ පවසති.

ආහාර සැපයුම් කරුවෙකු හරහා විදේශ සේවා මධ්‍යස්ථානය මගින් සපයනු ලැබූ ආහාර ලබා ගැනීමෙන් පසු රෝගී වූ  බව කියන පුහුණුව ලබන කාන්තාවන්  16දෙනකු අඟහරුවාදා (29) රෝහල් ගත කළ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තංගල්ල කාර්යාලයේ නිලධාරියකු පැවසීය.

පුහුණුව ලබන කාන්තාවන් පවසන්නේ ගෘහ සේවිකාවන් වශයෙන් විදේශගත වීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දින 40ක නේවාසික පුහුණුවක් ලබා දෙන බවයි.එම පුහුණුව සදහා එක් කාන්තාවකගෙන් පුහුණු වීමේ ගාස්තු වශයෙන් රුපියල් 13822ක් අය කරන බවත් ඊට අමතරව ආහාර ලබා දීම සදහා රුපියල් 12000ක මුදලක් කාර්යාංශය මගින් අය කරන බවත් ඔවුහු පවසති. තමන්ගෙන් මුදල් අය කර පිරිසිදු ආහාර වේලක් ලබා දීමට කාර්යාංශය කටයුතු නොකරන බව එම කාන්තාවෝ පවසති.

තංගල්ල නගරයේ කාන්තාවක් පසු ගිය දින කිහිපය පුරා දුන් ආහාර ඉතා අපිරිසිදු බවත් පිළුණු ව තිබූ බවත් එම කාන්තාවෝ පවසති. තංගල්ල විගමනික මධ්‍යස්ථානයේ නිළධාරීන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අසරණ බවත් ඉහල නිළධාරීන් ගේ නොසැලකිල්ල හා දරදඩු ප්‍රතිපත්ති නිසා ගෘහ සේවය සදහා පිටත්ව යාමට නියමිත පුහුණුව ලබන කාන්තාවෝ දැඩි පීඩනයකට පත්ව ඇති බවත් කියති. තමන් ආහාර වර්ජනය කරනවිට තංගල්ල කාර්යාලයේ නිලධාරීන් මුදල් එකතු කොට කාර්යාලයේ මුළුතැන් ගෙයි ආහාර පිස තමන්ට කන්නට දුන් බවද එම කාන්තාවෝ පැවසූහ.

පුහුණුව ලබන කාන්තාවන් පවසන්නේ ඔවුනට ආහාර ලබා දීම සඳහා වෙනත් ආයතනයක් පත් කොට පිරිසිදු ආහාර වේලක් ලබා දෙන තෙක් තමන් ආහාර වර්ජනය කරන බවයි. මේ සම්බන්ධයෙන් තංගල්ල විගමනික සම්පත් පධ්‍යස්ථානයේ නිලධාරීන්ගෙන් අප කරුණු විමසුවද ඔවුන් මාධ්‍යයට තොරතුරු ලබා දීමට නොහැකි බව පැවසූහ.

tangalla_2016330 tangalla_2016330-2 tangalla_2016330-3 tangalla_2016330-4



අදහස් (0)

තංගල්ල විදේශ සේවා පුහුණුවට ආ කාන්තාවෝ ආහාර වරති

නාමල් Wednesday, 30 March 2016 07:45 AM

මේ මිනිස්සු සල්ලි ගන්නේ මොකටද පුහුණුවට? මේවා රජයේ වගකීම්. විදේශ විනිමය එවන්නේ ලංකාවටද? නැත්නම් ඉන්දියාවටද? (නි)

:       0       0

නුවන් Wednesday, 30 March 2016 07:52 AM

දුප්පත් මිනිස්සුන්ට කරන මේ වැඩ වලට නිලධාරින්ට හොඳක් වෙන්න හොඳ නැහැ! (නි)

:       0       0

සෞදි සරත් Wednesday, 30 March 2016 08:02 AM

නැතිබැරිකමට රට යනවා මුළු සේසතම උගස් තියලා. එ්කෙනුත් රජය ගන්නවා. ඒත් දෙන්නේ කුණු කෑම (නි)

:       0       0

සුජිත් Wednesday, 30 March 2016 08:14 AM

එහෙම කියලා බැහැ. බලෙන් හරි කෑම කවලා සෞදියට යවන්න (නි)

:       0       0

සම්පත් කල්හාර Wednesday, 30 March 2016 08:20 AM

මැද පෙරදිග හාම්පුතුන් අපේ අසරණ කාන්තාවන්ට නොසලකන එක පුදුමයක් නොවෙයි අපේ ලංකාවේ තිරිසන් නිලධාරිනුත් එහෙම කරනකොට. අපේ කාන්තාවන් ලංකාවට විදේශ විනිමය උපයාදීමෙන් කරන සේවය ඇගයීමට ඒ අය ලංකාවට ආපසු එනකොට රෙඩ් කාපට් වෙල්කම් දෙන්නයි වටින්නේ. ගුවන් තොටුපලේදීත් ඒ අයට හරියට හිරිහැර. (හේ)

:       0       0

තබුක් සිල්වා Wednesday, 30 March 2016 08:46 AM

.ලිවීමට බොහෝ දේ හිතට ගලාගෙන අහවත් හිතට දැන්නේ වේදනාවක් පමණි!!! (ම)

:       0       0

රමණි Wednesday, 30 March 2016 08:50 AM

පව් අසරණ කාන්තාවෝ ටික. මේ අය සල්ලි තිබිලද මේ දහස් ගනන් ගෙවන්නේ, එහෙම අයටවත් පිරිසිදු ආහාර ටික්ක දෙන්න තරම් උවමනාවක් නැහැ ඉහල යයි කියන නිලධාරින්ට.(හේ)

:       0       0

තිලක් Wednesday, 30 March 2016 08:52 AM

පුහුණු වීමේ ගාස්තු වශයෙන් රුපියල් 13822ක් අය කරන්නේ මොනවටද? (හේ)

:       0       0

චමල් Wednesday, 30 March 2016 08:53 AM

ඇයි මේ දකුණේම මේ දේවල් සිද්ද වෙන්නේ. (හේ)

:       0       0

ශෂි Wednesday, 30 March 2016 08:55 AM

රට ගියත් ගොඩක් අයට දුක් විඳින්න වෙනවා... මේ රටේ දෙයක් කරගෙන දරුවන්ගේ දුක සැප බලාගෙන රටේම ඉන්න එක තමයි හොඳම....(හේ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 30 March 2016 08:55 AM

ගෙදර පිරිමියා පිරිමියෙක් විදියට හිතනවා නම් කාන්තාවන්ට මේ දුක් විදින්නට සිදුවෙන්නේ නෑනේ. (හේ)

:       0       0

සුරංග Wednesday, 30 March 2016 09:12 AM

අහිංසක මිනිසුන්ට කන කෑම වෙල හරියට දෙන්න බැරි කාටද? (නි)

:       0       0

සුජිත් Wednesday, 30 March 2016 09:52 AM

ගෘහ සේවය සඳහා මැදපෙරදිග ගොස් වැටුප් නොමැතිව සහ වද හිංසාවන්ට ලක් වූ කාන්තාවන් එක සිය හතළිස් දෙදෙනෙක් යළි ශ්‍රී ලංකාවට පැමිණියහ. මැදපෙරදිග අසරණව සිටින පිරිස් නැවත ගෙන්වා ගැනීමට රජය මැදිහත් විය යුතු අතර විදේශ රැකියා නියෝජිත ආයතන සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි ශ්‍රී ලංකාවට නැවත පැමිණි පිරිස් පෙන්වා දෙන්නේ. එලෙස මැදපෙරදිග සේවයට ගොස් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ නැවත ශ්‍රී ලංකාවට පැමිණි මුළු පිරිස දෙසීය දාහතක්. විදේශ රැකියා නියෝජිත ආයතන මැදපෙරදිග බලා යන ගෘහ සේවිකාවන්ගේ සුබ සාධනය සහ ඔවුන්ට එල්ල වන තාඩන පීඩන පිළිබඳ සොයා නොබලන බවත් සඳුදා දිවයිනට පැමිණි කාන්තාවක් සඳහන් කළාය.\(බ)

:       0       0

ජයන්ත දසනායක Wednesday, 30 March 2016 09:53 AM

මේ විනාශ කරන්නේ අපේ මව්වරු නේද? රට සුර සැප නැත. දරුවන් හදාගෙන ගෙදර ඉන්න. අඩු පඩියකට උදේට ගිහින් හවස දරුවෝ එක්ක ඉන්න රස්සාවක් හොයාගන්න. (බ)

:       0       0

වින්සන්ට් Wednesday, 30 March 2016 10:01 AM

නොකා නොබී හෝ අපේ දේශපාලකයන්ට සුර සැප විඳින්නට වහල් සේවයට ඔබලා යායුතුමය. රට වෙනුවෙන් ඔබලා කරන්නට යන පිනට පිළුණු කෑම ටිකක් කන්න වීම ගැන ටිකක් ඉවසන්න. මොකද තීරුබදු රහිත වාහන ගැන අපේ සමහර අය ඉවසන ඉවසීම ගැන බලන විට ඕක සුළු දෙයක්නේ. (බ)

:       0       0

ඕපාත Wednesday, 30 March 2016 10:35 AM

“ දේශපාලකයන්ට සහ දේශපාලඥයින්ට පන්දම් අල්ලන නිලධාරීන්ට සුරසැප විඳින්නට වහල් සේවයට ඔබ යායුතුමය“ ලෙස වෙනස් කළා නම් තව හොඳයි වින්ස්ටන්ට්. (නි)

:       0       0

අනුලා Wednesday, 30 March 2016 10:39 AM

මේ මිනිස්සු එවන සල්ලි වලින් ඒකාලේ නම් සැප වින්ද‍ේ ඕක ඇතුළේ හිටිය ඔය කියන නිලධාරින් තමයි. (නි)

:       0       0

සමන් Wednesday, 30 March 2016 10:40 AM

රට සේවයට නියම පුහුණුව මේක කියලා බලධාරින් හිතන බැව් පෙනේ. (නි)

:       0       0

මුනිප්‍රිය Wednesday, 30 March 2016 10:40 AM

මේවාට යන්නේ අසරණ අය නිසා ඒ අයව ගණන් ගන්නෙ නැහැ ඔය කියන නිලධාරින්. උස්තැන් දැක හැකිලෙන්නේ ... මිටි තැන් දැක පුප්පන්නේ මේ වගේ අය තමයි. (නි)

:       0       0

ලෝකේෂ් Wednesday, 30 March 2016 10:43 AM

මේ අක්කලා අම්මලා රට ගියේ නැත්නම් මෙහෙ අය කෝටි ගණන් වියදම් කරන්නේ කොහොමද? මේ අය යන්නම ඕනෑ. මෙහෙදි ඉඳුල් බත්. එහෙදි කස පහර. හැබැයි බලන්න කෙනෙක් නැහැ. (නි)

:       0       0

සමරසිංහ Wednesday, 30 March 2016 10:44 AM

ඉහළ නිළධාරීන්ගේ නොසැළකිල්ල හා දරදඩු ප්‍රතිපත්ති නිසා ගෘහ සේවය සඳහා පිටත්ව යාමට නියමිත පුහුණුව ලබන කාන්තාවෝ දැඩි පීඩනයකට පත්ව ඇති බවත් කියති. මේ තමයි ඇත්ත මම හිත්නනේ. (නි)

:       0       0

අබය Wednesday, 30 March 2016 10:51 AM

අහෝ අපේ රටට වෙලා තිබෙන ඛේදවාචකය! කාට කියමුද මේ අවනඩුව? (නි)

:       0       0

නුවන් Wednesday, 30 March 2016 10:52 AM

මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. බලන්න ඒ මිනිසුන්ගේ මුහුණු වල තියෙන අසරණකම. (නි)

:       0       0

කුමාර Wednesday, 30 March 2016 11:09 AM

මේ පුහුණුව ගැන කතාකරලා වැඩක් නැහැ මට නම් (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 30 March 2016 11:20 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

කැප්පෙටිපොළ Wednesday, 30 March 2016 12:43 PM

හරිම සෝචනීයයි. මේ යුවතියන් රටට සම්පතක්. අපේ රත්තරන් අම්මල ටික අරාබියට විකුණලා සල්ලි හොයන එක නවත්වන්න මේ පාදඩ දේශපාලකයන්ට තවමත් බැරි උනා. මේ යුවතියන් මහන්සියෙන් හම්බකරගෙන රටට ගෙනෙන විදේශ ධනය දේශපාලකයෝ ගසා කනවා මිසක් රටට වුන සෙතක් නැහැ. මේවා සහගහන අපරාධ. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 129 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 823 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1729 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1112 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 462 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 283 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25053 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site