IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තංගල්ල හිටපු සභාපති ඉබේ තුවාල කරන්

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසූ නඩුවේ සැකකරුවන් පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරු රෝහිනී වල්ගම මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ අද සාක්කි දුන්හ.

දොස්තර ජේ කේ එච් ජගත් ප්‍රියදර්ශන , දේශානි ධම්මිකා, කේ එල් එස් ද සිල්වා සහ චන්දන ප්‍රියනාත් එම වෛද්‍යවරු වෙති.

දොස්තර ප්‍රියදර්ශන පැවසුවේ  පළමුවැනි හා දෙවැනි සැකකරුවන් වන ලහිරු කැළුම් හා සමන් දේශප්‍රිය 2011 දෙසැම්බර 27 වැනි දා පරීක්ෂා කළ බවයි.

‘ලහිරු කැලුම්ගේ තුවාල තිබුණේ නෑ. දේශප්‍රියගේ අල්ල ඉදිමී තිබුණා. ඊට හේතුව වැටීමක් බව ඔහු කීවා. ඔවුන් මත්පැන් බී සිටි බවට ගඳක් දැනුණේ නැහැ.‘

දොස්තර ධම්මිකා පැවසුයේ තමා මාස හයක් අධිකරණ වෛද්‍ය වෘත්තියේ යෙදී සිටි බවයි. තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති විදානපතිරණ හා ප්‍රගීත් චතුරංග පිරික්සූ බවත්, සභාපතිගේ ඇඟේ තුවාල හා ඉදිමීම් දුටු බවයි.  

තමා වෙත එන තුවාලකරුවකුගේ තුවාලවල නිධානය නොසොයන බවත්, එය තමාගේ අඩුපාඩුවක් බවත් විත්තියේ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමියින් වෛද්‍යවරිය කීවාය.

තෙවැනි විත්තිකරු විදානපතිරණ තුවාල ඉබේ සිදු කර ගත් බව වෛද්‍යවරිය කීවාය. තමා ඔහු පරීක්ෂා කිරීමට පැය 24කට පෙර හෝ පැය 72කට පෙර එම තුවාල සිදුවන්නට ඇතැයි ද ඒවා සිදුවූයේ කවදාදැයි නිෂ්චිත වශයෙන් කිව නොහැකියැයි ද ඇය සඳහන් කළාය.

දොස්තර ජේ එල් එස් ද සිල්වා සාක්කි දෙමින් පැවසුවේ එම් සරත් නම් සැකකරු තංගල්ල රෝහලේ දී පරීක්ෂා කළ බවයි. ඔහුගේ ඇඟේ තුවාල නොදුටු බවත් ඇය කීවාය.

දොස්තර චන්දන ප්‍රියනාත් සාක්කි දෙමින් පැවසුයේ රයන් අකලංක පරීක්ෂා කළ බවයි.

ඔහුගේ ඇඟේ තුවාල 27ක් වූ බවත්, එය මොට ආයුධයකින් පහර දීම හෝ මිට මොලවා පහරදීමෙන් හෝ සිදු විය හැකි යැයි ඔහු කීවේය.

විභාගය අඟහරුවාදාට කල් තැබිණි.

ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය,තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාන පතිරණ,ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග,එම් සරත් හෙවත් සහන්,හා ප්‍රගීත් චතුරංග සැකකරුවෝය.

 



අදහස් (0)

තංගල්ල හිටපු සභාපති ඉබේ තුවාල කරන්

සුනිල් චන්ද්‍රමන් Monday, 05 May 2014 08:46 PM

සියල්ලටම හොදම විසදුම කාලය විසින් සපයයි (දී)

:       0       0

නන්දන කුමාර Monday, 05 May 2014 08:07 PM

දැන් කොහොමත් සිද්ධ වෙන දේවල් ඉබේ තමයි (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 May 2014 08:53 AM

ඉක්මනට විසදුමක් සොයන්න. (ස)

:       0       0

වෙරංග Monday, 05 May 2014 08:35 PM

ඔබට පිහිටක් නැතිනම් නීතියෙන්,ඔබ ගත යුත්තේ කුමන තීරණයක්ද?අපිට දැන් මේ ගැන හිතන්න සිද්ද වෙලා තියෙන්නේ.නිතිය අතට ගන්න මිනිසුන් පෙළ ගැසෙන්නේ මේ විදිහටයි.භයානකයි! (දී)

:       0       0

රකිත් Tuesday, 06 May 2014 09:58 AM

තුවාලවල නිධානය සොයන්නේ නැත්නම් කොහොමද කියන්නේ ඉබේ කරගත්තයි කියලා? (නදී)

:       0       0

වීරමල Monday, 05 May 2014 09:50 PM

අහිංසක මිනිසුන්ට තමයි ඔක්කෝම කරදර (ස)

:       0       0

සිරිපාල Monday, 05 May 2014 10:00 PM

නිකන් අධිකරනයේ කාලය නාස්ති කරන්නේ නැතුව ආයුධ හොයන්න එක්කගෙන යන්න මේ අය. හෝටලේදි උන දේ හැමෝටම පැහැදිලියිනේ (දී)

:       0       0

කමනි Tuesday, 06 May 2014 09:31 AM

තුෂාරට කොහේ හරි තවත් මේ වගේ වැඩක් තියෙනවද ? (ස)

:       0       0

පද්මිණි Monday, 05 May 2014 10:01 PM

2011 වුනු සිද්ධියක් දැන් මේ 2014 වෙනකල් කල් මර මර ඉඳල දැන් මතකද කියල අහන්නේ? මට නම් ඊයේ දවල්ට කාපු දේවල් වත් මතක නැහැ. (දී)

:       0       0

ජීවක Monday, 05 May 2014 09:47 PM

සෙල්ලමට ගිහින් සෙල්ලමට තුවාල කරගෙන! (ස)

:       0       0

නන්දනී Monday, 05 May 2014 10:01 PM

මේවාට මරණ දඬුවම දෙන්න ඕනේ (දී)

:       0       0

සිරිමෙවන් Monday, 05 May 2014 10:48 PM

ඉබේ මේවගේ දේවලුත් වෙනවාද? (දී)

:       0       0

චන්ද්‍ර Monday, 05 May 2014 10:48 PM

මුසාවාදා වේරමණී සික්කා පදන් සමාදියාමි,.............(දී)

:       0       0

දොඩන්ගොඩ ආනන්ද Monday, 05 May 2014 10:10 PM

දවසින් දවස කතාව වෙනස් වෙනවා. (ස)

:       0       0

අමිල ප්‍රභාත් Monday, 05 May 2014 10:24 PM

දැන්නම් අවි හොයන්න යන්න වේවි වගේ. (ස)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 06 May 2014 11:01 AM

සොබාව ධර්මයෙන් මේ සැමට නිසි දඬුවම ලැබෙන බව ඒකාන්ත වේ. (ස)

:       0       0

ලංකාතිලක Monday, 05 May 2014 10:25 PM

ඉස්සර ඉඳන් පවතින ක්‍රමයක්(ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 05 May 2014 10:38 PM

1994 දී සිදු වුනු ඝාතනයක් සදහා උසාවියේ නඩුවේ තීන්දුව ලැබුනේ 2014 දී. අපේ අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව පැහැදිලි කරගන්න තව සාධක අවශ්‍ය නැහැ..එ්ක හොදටම ඇති.වරදකරු බව දන්නවනම් ඔහු ජිවත් වීම සමාජයට විපතක්නම් හොදම ක්‍රමය ආයුධ පෙන්නන්න එක්ක යන ක්‍රමේ තමයි .(ස)

:       0       0

නාමල් මදුරංග Monday, 05 May 2014 11:38 PM

මේවා තවත් කල් අරින්නෙ නැතුව වැරැදී කරුවන්ට උපරිම දඩුවම් දෙන්න . (ස)

:       0       0

නාමල් Monday, 05 May 2014 11:00 PM

මේ නඩුව දිහා ලෝකයම බලා සිටින නිසා සාධාරණය ඉටු වෙය (ස)

:       0       0

බන්දුල Monday, 05 May 2014 11:51 PM

අපි ජීවත්වෙන්නේ කාට ගිය රටක ද ? (ස)

:       0       0

හේරත් Tuesday, 06 May 2014 12:10 AM

මේ විදියට නඩු කියනවටවඩා හොදනැද්ද දෙගොල්ල සමාදාන කරනෙක මට හිතෙන හැටි (දී)

:       0       0

චමින්ද Tuesday, 06 May 2014 01:42 AM

පුදුමයි !එත් ඇත්තයි! බන්දුල පෙරේරා අද හරි ට්‍රැක් එකට වැටුනා.[හැබැයි අදට විතරයි] (ස)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Tuesday, 06 May 2014 01:59 AM

මෙන්න ඇත්ත තත්වේ. ගිනක් නැතුව දුමක් නගින්නැ ඔතන තව ඕන තරම් සංචාරකයෝ හිටියා නේ ලංකාවේ කෙනෙකුට ඒ රටවල් වලදී දෙයක් වුනාම සාක්‍ෂි දෙන්නවත් කවුරුත් එන්නැ (ස)

:       0       0

බණ්ඩා Tuesday, 06 May 2014 11:11 AM

ඉක්මනටම මරණ දඩුවම දෙන්න. (ස)

:       0       0

දනන්ජය Tuesday, 06 May 2014 12:08 PM

අනේ පොඩිළමයා (දී)

:       0       0

මිහිර ද සිල්වා Tuesday, 06 May 2014 02:39 AM

මම හිතන්නෙ පොලිසිය ඉදිරිපත් කරන සාක්ශි හොදටම ඇති අදාල පූද්ගලයන් වෑරදිකරුවන් වෙන්න අධිකරනය සාදාරණ තීන්දුව දෙන්න මුලු ලොකයටම නීතිය එක හා සමාන බව පෙන් වන්න මෙය අධිකරණයේ යුක්තිය වේ (දී)

:       0       0

බමුණු Tuesday, 06 May 2014 03:38 AM

"අපි ජීවත්වෙන්නේ කාට ගිය රටක ද ?" කීවොත් පලවෙයිද? (නදී)

:       0       0

බමුණු Tuesday, 06 May 2014 04:27 AM

"මෙන්න ඇත්ත තත්වේ. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. ඔතන තව ඕන තරම් සංචාරකයෝ හිටියා නේ ලංකාවේ කෙනෙකුට ඒ රටවල් වලදී දෙයක් වුනාම සාක්‍ෂි දෙන්නවත් කවුරුත් එන්නැ" ඒ මොකද? (නදී)

:       0       0

බමුණු Tuesday, 06 May 2014 04:32 AM

"මට නම් ඊයේ දවල්ට කාපු දේවල් වත් මතක නැහැ. (දී)" ඕක බොහොම වයසට ගියාම හැදෙන රෝගයක් ඕකට කියන්නේ ඩිමෙන්ශීය කියලා.(නදී)

:       0       0

සමන්ති Tuesday, 06 May 2014 03:46 AM

1997 සිදුවූ නඩුවක දොස්තරගේ වාර්තාව බලලා 2013 දී තීන්දුව දුන්නා එතෙක් නඩුව අවුරුදු 16ක් ඇදගෙන ගියා.(නදී)

:       0       0

ශාන් Tuesday, 06 May 2014 12:35 PM

සෙල්ලම් දොස්තරලත් ඉන්නවද එතකොට (දී)

:       0       0

දමිත් Tuesday, 06 May 2014 12:35 PM

මොකද්ද මේ අපබ්‍රංස කතාව කොහොමද තුවාල උනේ (දී)

:       0       0

අජිත් Tuesday, 06 May 2014 12:02 PM

බලන්ටකෝ ඒකෙත් හැටි අප්පා.... (ස)

:       0       0

සුමුදු Tuesday, 06 May 2014 12:50 PM

බමුණු,ඇත්ත. ඔය සුදු ගැහැණු ළමයා හිටි විදිහෙන් මේ අහිංසක ළමයින්ට දුෂණය කරන්න හිතෙන්න ඇති. ඔය විදිහට ඔක්කොම සංචාරකයෝ හිටියා නම් ඔක්කොම දුෂණය කරන්න හිතේවි.අර තරුණයාට ගුටි කන මූහුණක් තියෙන්න ඇති. ඔන්න ඕකයි ඔයාගේ කතාවේ තේරුම. (නි)

:       0       0

ග්‍රාම්‍යා Tuesday, 06 May 2014 07:47 AM

විත්තියේ නීතිඥ උන්නැහේට පින් සිද්ද වෙන්ට කට්ටියම එකතුවෙලා මේ නඩුව "අනනවා" ඊට පස්සේ නොමග යවලා වැඩක් නැති නඩුවක් කරන්න මදනවා. වැඩේ සාදාරණය කරනවා. පාඩුව අසාදාරණයට ලක් උණු අයට.(නදී)

:       0       0

පද්මසිරි Tuesday, 06 May 2014 07:01 AM

මේ සිදුවීම වෙලා වසර තුනකුත් ඉක්මගොස්. තාමත් සාක්කි සටහන් කරනවා. එම හෝටලයේ නවාතැන් ගත් එක මහතෙක් ඇසින් දුටු සියල්ල පවසා තිබුනා. මුළු රටම දන්නවා මොකද උනේ කියලා. විදේශිකයන් දෙදෙනෙකුට පහරදීලා එක් අයෙකු මරා දමන්න තරම් ඔවුන් කල වරද මොකද්ද මේ අමනයන් හට. යම් අතපසුවීමක් ඔවුන් අතින් සිදුඋනානම් එය විදේශිකයකුට කරන සැලකීමක් වසයෙන් නිරාකරණය කරන්න තිබුනා. මේ අමනයන් දන්නේ නැ පිට රටකදී ඕනෑම කෙනෙක් අසරණ වෙන තරම්. නීතියෙන් දඩුවම් නොලැබෙන මොවුන්ට ස්වභාවිකව හෝ මරණය ලැබිය යුතුයි.(නදී)

:       0       0

උපාලි Tuesday, 06 May 2014 07:07 AM

සිනමා වේ මහා සක්විති ගාමිණී ෆොන්සේකාගේ " උතුමාණනි " චිත්‍රපටිය සිහියට එනවා. (නදී)

:       0       0

ලලිත් Tuesday, 06 May 2014 08:12 AM

නීතිව වල්වැදුණු රටේ අපිට නම් දැන් මේවා ගැන විශ්වාසයක් නැති තරම්... අපරාදේ කාලය සහ මුදල්! (නි)

:       0       0

තිලක් Monday, 05 May 2014 06:49 PM

තව එක එක දවස් වලට එක එක කතා කියාවි. මාධ්‍යයන් මඟින් අපි ඒවා බලාවි. කල් ගතවේවි. මොකක් හරි තීන්දුවක් ලැබේවි. අන්තිමට අපිට සියල්ල අමතක වේවි (නි)

:       0       0

තුෂාර Tuesday, 06 May 2014 07:47 AM

සභාපති තුමාව අපි කොහෙම හරි බේරගන්න ඕනේ.(නදී)

:       0       0

ශානි Monday, 05 May 2014 06:02 PM

අනේ පව්. සමහරවිට වැටෙන්න ඇති .... (නි)

:       0       0

අසිත් Monday, 05 May 2014 08:08 PM

අනේ මන්දා, මෙහෙමත් දේවල්! (නි)

:       0       0

හිෂාන් Monday, 05 May 2014 07:20 PM

තිලක්, අපිට සියල්ල අමතක වුණාට මේක දිහා එන්ගලන්තය බලා ඉන්නවා (නි)

:       0       0

පිටිගල Monday, 05 May 2014 08:13 PM

ඉක්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ! (නි)

:       0       0

මංගල Monday, 05 May 2014 08:45 PM

මොකාක් නමුත් වෙලා තියෙන වග නම් පේනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 318 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1383 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1644 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2363 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2974 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35266 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24060 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site