IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තංගල්ලේ හතර දෙනෙක් හඳුනා ගැනෙති

තංගල්ලේ ධනවත් ව්‍යාපාරිකයන් හා නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු විසිදෙදෙනකුගේ කෙළෙසීමට ලක් වූ බව කියන තංගල්ලේ 14 හැවිරිදි දැරිය විසින් අද සිවු දෙනෙක් හඳුනා ගනු ලැබූහ. නාගරික මන්ත්‍රී අංජන ලියනගේ, චාමික අමරසිංහ, සම්පත් ලංකාතිලක හා පී.ජී. ප්‍රදීප් කුමාර එසේ හඳුනා ගනු ලැබුවේය. සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමට දැරියට නොහැකි විය. හඳුනා ගැනීමේ පෙරෙට්ටු 11කදී සැකකරුවෝ  හත් දෙනෙක් හඳුනා ගනු ලැබ සිටිති. පහළොස් හැවිරිදි ශිෂ්‍යා හඳුනා ගැනීමට නොහැකි විය. සැකකරුවෝ විසි දෙදෙනාම බදාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

තංගල්ලේ හතර දෙනෙක් හඳුනා ගැනෙති

වරුණ Wednesday, 18 July 2012 07:52 AM

ඔය කට්ටියව අමුතුවෙන් හදුනා ගන්න ඕන නැනේ

:       0       0

සුනෙත් Thursday, 19 July 2012 10:09 AM

බාල වයස්කාර දැරියක් ඇගේ කැමැත්තෙන් මේ ක්‍රියාවට යොදා ගත්තත් වරද පිරිමියාගේ ය.

:       0       0

ගොනා Tuesday, 17 July 2012 07:39 PM

ඹය අයව ගම්වලින් ගහලා පන්න තියෙන්නෙ..

:       0       0

අමිල කටුනායක Wednesday, 18 July 2012 08:30 AM

කට්ටියව එල්ලන්නද දන්නේ නැහැ ,අරහේ අයදුම්පත් කැදවනවා කරනවා අළු ගොසු තනතුරට

:       0       0

ගිහාන් සිල්වා Wednesday, 18 July 2012 09:10 AM

මේ වගේ එඅද දැන් සෙල්ලමක් වෙලා , අචල කියන්න වගේ මේවා ගැන හරි පරීක්ෂණයක් තියන්න ඕන කව්ද හරියටම වැරදි කියල , නමුත් කැමැත්තෙන් උවත් කට්ටියක්ම එකතු වෙලා ඕව කරනෙක මහා පවක් , අපේ සදාචාරෙටත් නිගාවක් , හැදෙන ළමයින්ට ඕව දැක්කම සාමාන්‍ය දෙයක් වෙයි ඉස්සරහට , බලදරයන්යි අවදිව නිසි පියවර ගනු අනාගතේ මල් කැකුළු විනාස වන්නට පෙර . මේක අපේ ජාතික ප්‍රශ්නයක්

:       0       0

යටියන ගුණේ Wednesday, 18 July 2012 08:58 AM

අද පත්තරේ තිබ්බ වෙන්වුනු අතක් ආයෙම බද්ධ කල විස්තරයක්.. එච්චර දියුනු රටේ මේ වගේ අපරාධ කරන අයටත් සදාකාලිකවම "අහවල් එක" අප්‍රාණික වෙන විදියට සැත්කම් කරවන්න තිබ්බනම්,....!! …

:       0       0

Indika Wednesday, 18 July 2012 09:40 AM

ඔය කමෙන්ට් කරල තියෙන ..අචලා වික්‍රමනායක,සුභාෂිණී ... කියන අය එතකොට කියන්න හදන්නෙ ස්ත්‍රී දූෂණ සියල්ලක්ම සිද්ධවෙන්නෙ ඒ දූෂණය වෙන ස්ත්‍රීන්ගෙ පූර්ණ කැමැත්ත ඇතුව කියලද? අනේ හැබෑට ... කැලේ ගහක් නහන්න පොරවට මිට වෙන්නෙ තවත් ගහක්මයි කියනෙ මේවට තමයි... ඔය කමේට් කරපු "යුවතියො" ඇත්තටම මේවගේ අවස්ථාවකට මුහුණදීල නැති නිසා මෙහෙම කියනවද ...

:       0       0

සිරිපිනා Wednesday, 18 July 2012 09:56 AM

අචලාගේ අදහස ගැන යමක් ---> "මේ දැරියගේ වයස අවුරුදු 14 ක් නෙවෙයි වයස අවුරුදු 10 ක් වුවද දැරියගේ කැමැත්තෙන් තොරව බලහත්කාරකමක් සිදුකළ නොහැකිය". කතාව ඇත්ත. ඒත් ලංකාවෙ නීතියෙ හැටියට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවුරුදු 18ට අඩු කෙනෙක් සමග ලිංගිකව එක්වීම වරදක් නේද..? අනිත් එක විස්සක් විතර වැඩේට සෙට් වුනා කියන්නෙ. අනික මෙතනදි එක් පාර්ශවයක විතරක් සතුට බලපොරොත්තු වන නිසා අනිකාගේ වේදනාව තැකීමක් නොකොට අදාල ඉලක්කයට පමනක් පහර දීමට තරුණියගේ 100% කැමැත්ත අනුබලය අවශ්‍යයි කියල හිතන්න අමාරුයි.

:       0       0

සම්පත් Wednesday, 18 July 2012 10:03 AM

නිතියෙන් දඩුවම් නොලැබුනොත් ස්වභාවදහමෙන් හරි දඩුවම් ලැබිය යුතුයි‍‍‍.....

:       0       0

නිශාන්ත Tuesday, 17 July 2012 07:49 PM

හෙණ ගහන්නයි තියෙන්නේ

:       0       0

තරුෂ Wednesday, 18 July 2012 03:40 PM

ශරීර ඇපයක් ගහල නිදහස් කලා නම් ආයි කරන්නෙ නෑ මේ දේවල් ජය වේවා !!!!!!!!!!!!!!!

:       0       0

නදීක Wednesday, 18 July 2012 10:13 AM

මරණ දඩුවම දෙන්න ඕන....

:       0       0

දයා, sudi Wednesday, 18 July 2012 10:18 AM

අචලාට මේ සම්බන්ධව හොද පළපුරුද්දක් තියෙන හැඩයි.එය ලබා ගත්තේ කෙසේදැයි මම අහන්නේ නැහැ

:       0       0

එම් ආර් Thursday, 19 July 2012 12:39 AM

දූෂකයනට මරණ දඬුවම හෝ ශරීර අංගය කපලා දැම්මා නම් හරි. බරපතල දඬුවම් දිය යුතුයි.

:       0       0

චානක එල්.පී. Tuesday, 17 July 2012 08:09 PM

අපි කොච්චර ලැජ්ජා වෙන්න ඕනිද? දැන් වැඩිහිටියන් කියන්නේ කාටද?

:       0       0

ෂෙරි‍ෆ් Tuesday, 17 July 2012 08:52 PM

වත්මන් ශ්‍රී ලංකාවෙ දූෂිතම පළාත

:       0       0

සමන් Tuesday, 17 July 2012 08:15 PM

ඔයා කාටුන් අඳිනවාද?

:       0       0

Mohamad riswan saudi arabia Tuesday, 17 July 2012 08:16 PM

ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමත් නැති කරන්න ඕන.

:       0       0

Dengu Maduruwa Tuesday, 17 July 2012 08:55 PM

මරණ දඬුවම දෙන්න ඕනේ.

:       0       0

moho Tuesday, 17 July 2012 08:25 PM

මම හිතුවේ ප්‍රදේශීය මන්ත්‍රි හැර අනෙක් අය අඳුර ගනී කියල. හොඳ වෙලාවට මිනිහත් මාට්ටු

:       0       0

සහන් Thursday, 19 July 2012 10:44 AM

මේ ඔක්කොම අල්ලලා බරපතල වැඩ ඇතිව හිරේ යවන්න ඕන.. මේවගේ දේවල් පිරිමිකමට නින්දාවක්..

:       0       0

සම්පත් Tuesday, 17 July 2012 09:29 PM

රජකාලෙ දඩුවම් දෙන්න ඕන..

:       0       0

ලුම්බිණි Wednesday, 18 July 2012 11:09 AM

මේ සමහර අය තමන් ගැහැණියෙක් කියාගෙන ලියල තියෙන ඒවා හිත ගන්නත් අමාරුයි. බලහත් කාර කම් කිරීම හෝ බලෙන් දුෂණය කරනවා කියන්නේ දෙන්න කැමැත්තෙන් කරන දෙයක් නොවේ. තමන් කැමැත්තෙන් ගියත් අඩු වයසේ කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධ කම පැවැත්වීම නීතියෙන් තහනම්. මේ සිද්දියේදී ගැහැණු ළමයට වරද පටවන්න උත්සහ කරන්නේ මොකද කියල මට හිතාගන්න බැහැ. තලිබාන් සමාජයේ තමා මේ වගේ දේවල් වලදී ගැහැණිය වරද කාරය වෙන්නේ.

:       0       0

අමිල කටුනායක Tuesday, 17 July 2012 09:43 PM

මේ අය දකුණම ඉවර කරනවා....

:       0       0

කළණ Tuesday, 17 July 2012 09:48 PM

හොදම දෙයක් කරන්න මුලු රටටම පේන්න

:       0       0

පිලිපිනෝ Wednesday, 18 July 2012 11:34 AM

මේ පාසල් සිසුන්ව දාල තියෙන්නේ කට්ටියව නොමග යවන්න ..දැන් කියයි මේ ගැනු ළමය බොරු කියන්නේ කියල ..මේකට සම්බන්ද මේ පාසල් සිසුවාගේ අයියාලු ..

:       0       0

රෝහණ Tuesday, 17 July 2012 10:06 PM

අනිත් අය පෙනෙන්න නැතිව ඇති...

:       0       0

ගොඩකවෙල අසංක Tuesday, 17 July 2012 10:46 PM

අතිගරු ජනාධිපතිතුමනි, මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.

:       0       0

සුමිත් Tuesday, 17 July 2012 10:47 PM

මේ දරුවට නොතේරෙන කමින් මුං උපරිම ප්‍රයෝජන අරගෙන තියෙනවා.. දඩුවම අපායෙන් ලැබෙයි.. දුක්වෙන්න එපා..

:       0       0

ඉදුනිල් Wednesday, 18 July 2012 11:48 AM

අචලා,සුභාෂිණී .. කියන කතා ඇහුවම මතක් වෙන්නෙ , කැලේ ගහක් නහන්න පොරවට මිට වෙන්නෙ තවත් ගහක්ම තමයි කියන කතාව .. ඒ කියන විදිහට හැම ස්ත්‍රී දූෂණයක්ටම ලක්වන ස්ත්‍රීන් ඒ සදහා අනුබල දීලා තියෙනවා ...

:       0       0

අචලා Tuesday, 17 July 2012 10:13 PM

මේ දැරියගේ වයස අවුරුදු 14 ක් නෙවෙයි වයස අවුරුදු 10 ක් වුවද දැරියගේ කැමැත්තෙන් තොරව බලහත්කාරකමක් සිදුකළ නොහැකිය. කොතරම් ශක්තිමත් හැඩිදැඩි පිරිමියෙකු වුවද එසේ ලාබාල දැරියකගේ කැමැත්තක් නැතිව ඒ දේ කළ නොහැකි බව කාන්තාවක් ලෙස මම හොඳින්ම දනිමි.මෙවැනි දැරියන්ව මෙසේ දූෂණය කලා බලහත්කාරකම් කලා කියලා කියන්න පොළවන්නේ එයාගේ අම්මා තාත්තා මයි.එහෙම කරලා ඒ දැරිවි ලවා ඒ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගැනීමට සිදුකරනු ලබන එක්තරා උපාය මාර්ගයක් තමයි මේක.ඒ නිසා මම කියන්නේ යම්කිසි දැරියක් හෝ යුවතියක් කිසිම දාක බලහත්කාරයෙන් දූෂණය කරන්න බැහැ. ඇයට යම් ලිංගික කටයුත්තක් සිදුවෙනවා නම් එයට ඇගේ පූර්ණ කැමැත්ත තිබෙන්න ඕන.මේ දක්වා සමාජය විසින් දූෂණ ලෙස සලකා ඇති දුෂණ සිදුවීම් දෙස අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් සලකා බලන විට පැහැදිලි වෙන එක් සත්‍යයක් තමයි මේ හැම වෙලාවේදීම එම අතවරයට ලක්වන දැරියගෙන් ඒ දූෂකයාට 100% අනුබලයක් හා පෙළඹවීමක් ලැබිලා තියෙන බව.මේ නිසා මම කියන්නේ තනි අතින් අප්පුඩි ගහන්න බැහැ කියනවා වගේ මේ කටයුත්ත ස්ත්‍රියකගේ කැමැත්ත නැතුව කරන්න බැහැ කියලයි.මේ නිසා මේ වගේ වරදකදී පිරිමින්ට වගේම දුෂණයට ලක්වූ යුවතියටත් නීතිමය දඬුවමක් පැණවිය යුතුබව අවධාරණය කරමි.

:       0       0

කපිල Tuesday, 17 July 2012 10:13 PM

අවවාද කරලා පිටත් කරයිද දන්නේ නැහැ

:       0       0

උමා Wednesday, 18 July 2012 11:18 AM

ඔයා ඕව කොහොමද හොදට දන්නේ

:       0       0

අචලා වික්‍රමනායක Tuesday, 17 July 2012 10:54 PM

මම නම් කියන්නේ මේ කටයුත්තේදී ඒ දැරිවියත් වැරදියි.මුලදී ඇය කැමැත්ත පෙන්නලා මේ දේ වුණාට පස්සේ බොරුවට මුදල් ලබා ගන්න තමන්ට බලහත්කාරයෙන් කළා කියලා කියනවා වෙන්න පුලුවන්.නැතිනම් යුවතියක් විදිහට මම හොඳටම දන්නවා කවදාවත්ම මේ වගේ වැඩ ගැහැණු අපේ කොයියම්ම අනුබලයක් වත් නැතුව පිරිමින්ටම විතරක් තනිකරම කරන්න බැහැ කියලා.ඒ නිසා මම කියන්නේ තව දුරටත් බොරු කරන්න එපා.පිරිමින්ටම පමණක්ම තනිකරම වරද පටවන්න එපා කියලා.ගැහැණුන් වශයෙන් අපිත් දැන ගන්න ඕන තැනකට ගියාම අපේ ආත්ම ගෞරවය රැකගෙන ඉන්න.

:       0       0

සුභාෂිණී Tuesday, 17 July 2012 10:57 PM

ඔය ලාබාල කෙල්ලෝ ඇටෙන් පොත්තෙන් යන්තම් එලියට එන්නත් ඉස්සර වෙලා හරිම ආච්චි අම්මලා වගේ දැන් හැදෙන ගෑනු ලමයි පැහිලා.සමහර විට මෝඩ පිරිමි පහසුවෙන් ගෑනු ගැට වලට අහු වෙනවා. බොරුවට පත්තිනි අම්මලා වගේ අපේ ගැහැණු අය රඟපානවා.ඒ වෙලාවට කැමැත්තෙන් ඉඳලා පස්සේ බොරුවට බලහත්කාරකමක් කලා කියලා තමන් විතරක් බේරෙන්න බලනවා පිරිමියා පිටට සම්පුර්ණ වරද පටවලා. විවාහක ගැහැණු අය තමයි මේකේ හොඳටම සූරයෝ.මමත් ගැහැණියක් නිසා මම දන්නවා අපි හොඳ නම් අපිට කොහේ ගිහිනුත් ඉන්න පුළුවන් බව.

:       0       0

උමාලි තිලකරත්න Tuesday, 17 July 2012 10:20 PM

අනේ පව් මේ ලාබාල නංගියා.මට හරිම දුකයි මේ නංගි ගැන.අනේ පව් ඒ මාමාලා පොඩ්ඩක් වත් මේ ලාබාල නංගියාගේ දුක වේදනාව ගැන තැකීමක් කරලා නැහැ.අනේ මේ ලෝකේ මනුස්සකම පොඩ්ඩක් වත් නැහැ නේද?

:       0       0

සල් Wednesday, 18 July 2012 06:00 PM

මෙයාලව ප්‍රසිද්ධියේ එල්ලා මරන්න ඕන....

:       0       0

රාධිකා Tuesday, 17 July 2012 11:00 PM

මේ අයට කිසිම දඩුමක් දෙන්න එපා.අපිට කරන උදව්ව නම් කරුණාකරලා මේ අයවත් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරු විදිහට තෝරා ගන්න.මොකද දැන් පාර්ලිමේන්තුවෙත් ඉන්න තරමක් ඉන්නේ මේ විදිහේ අයමනේ..

:       0       0

සුමුදු Wednesday, 18 July 2012 06:11 PM

අපරාදෙ...!!!! ඔය දුෂකයො ටික යවන්න තිබුනෙ අචලා සහ සුභාෂිනී ලඟට...එතකොට මොකද කියන්නේ කියලා බලාගන්න තිබුණා..

:       0       0

රුවන් Tuesday, 17 July 2012 10:32 PM

වත්මන් ශ්‍රී ලංකාවෙ දූෂිතම පළාතද මේ....

:       0       0

ලලිත් Wednesday, 18 July 2012 12:12 PM

ප්‍රධාන සැකකරු හදුනා ගත්තා කියන්නේ අනෙක් සැකකරුවන්වද හදුනා ගෙන තිබෙන බවයි

:       0       0

පිලිපීනෝ Wednesday, 18 July 2012 11:52 AM

උමාලි තිලකරත්න වෙත, මේ වැඩේ හරි නෑ නේද උමාලි? ඔන්න මේ ළමයාගේ තාත්තා මේ වැඩේ කළානම් කමක් නැහැ නේද? ඇයි ඉතිං අයිතියක් තියෙනවනේ නේද?

:       0       0

මලින්ද. Wednesday, 18 July 2012 12:50 AM

කට්ටියගෙම පුරුශ ලිOගය මුලින්ම සිදදමන්න.

:       0       0

ලක්විදු Wednesday, 18 July 2012 01:08 AM

ඔයාලා අහලනෙද්ද , සියල්ල සිදුවන්නී දෙවියන්වහන්සේගේ කැමැත්ත පරිදි කියලා ?

:       0       0

නෞෂාඩ් Wednesday, 18 July 2012 12:42 PM

අචල මහත්මියට හොඳ පළපුරුද්දක් තියෙනවා වගේ

:       0       0

බණ්ඩා Thursday, 19 July 2012 08:59 AM

අතිගරු ජනාධිපතිතුමනි, මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.

:       0       0

ගුණතිලක Thursday, 19 July 2012 09:01 AM

මරණ දඬුවම දෙන්න ඕනේ.

:       0       0

චන්දන Tuesday, 17 July 2012 06:47 PM

ප්‍රසිද්ධියේ දෙන දඩුවමක් දෙන්න.. රටම හැදෙන්න..

:       0       0

අලිබබා Wednesday, 18 July 2012 02:04 PM

අපි අදතමයි දන්නේ ඇමතිකමි මන්ත්‍රී තනතුරැ දෙනකොට දුෂනය භීෂනය දුරාචාර්ය කියන තනතුරත් ඒ අයට පිරිනමන බව. ඉතින් ඒ ඇත්තෝ ඒවා ක්‍රියාවට නගනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1705 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 794 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1018 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site