(අංජුල මහික වීරරත්න)
කූඨ වෙළඳුන්ගේ ග්රහනයෙන් ජනතාව මුදා ගැනීම සඳහා තොග වෙළඳාමට අනිවාර්යයෙන් රජය මැදිහත් විය යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
සමහර වෙළෙඳුන් හිතුමතයේ භාණ්ඩ මිල ඉහල දමමින් කටයුතු කරන අතර රට වසා දැමීමෙන් පසුව මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇතැයි අමාත්‍යවරයා කීය.
තොග වෙළෙඳාම නිසි ලෙස පාලනයකට ගතහොත් වෙළෙඳපොල යාන්ත්‍රණය යම් ආකාරයකට පාරිභෝගිකයාට පහසුවන ලෙසට මෙහෙයවීම ද සිදුකළ හැකිවේ යැයි විශ්වාස කරන බවද වාසුදේව නානායක්කාර මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කීය.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තොග වෙළෙඳාම ට රජය මැදිහත් විය යුතුයි
දිසා.....ගම්පහ. Friday, 03 September 2021 11:02 AM
ඇමැතිතුමනි, මෙය එළවළු සඳහාද ක්‍රියාත්මක විය යුතුයි. ගොවීන්ගෙන් තුට්ටු දෙකට මිලට ගන්නා එළවළු පිට පළාත්වල අලෙවි වන්නේ දස ගුණයකටත් වඩා වැඩිමිලට. ජනතාව ගසා කෑම සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් හෝ සොයා බලා සහන සැලසීමට පියවර ගත යුතුයි. අදාල අංශ සහ බලධාරීන් ඇස් කන් පියා සිටිය හොත් සෑම දෙයකින්ම සීනිවලින් කළ ගසා කෑම විය හැකියි. ඇමතිතුමනි, මෙවන් ව්‍යවසනකාරී කාලයක ගසා කන්නවුන්ගෙන් බේරා ගැනීම පිණිස ජනතාවට අවශ්‍ය එළවළු, ආහාරපාන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ කටයුතු යුද හමුදා සහායෙන් සිදු කිරීමට රජයට යෝජනා කරමු...
Lalith M Friday, 03 September 2021 11:09 AM
ආයිමත් සමාජවාදී කඳවුරු හදලා පෝලිම් යුගයට දූෂිත රාජ්‍ය ඒකාධිකාරයට යන්න ඕනෑවෙලා වගේ. තරුණ පරපුරට ඉඩදීලා අයින් වෙලා යන්න. නැතිනම් ඔය වගේ කල් ඉකුත් වූ ද්‍රව්‍ය ඉතිරි වී තරුණ පරපුර රට හැරයාම නියතයි.
පාල මුදලාලි Friday, 03 September 2021 03:56 PM
2023 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණය කරන වෙලාවේදී පාවිච්චියට ගතනොහැකි භාණඩ අපහරණය කිරීමට සැමගේ සහාය ලබාදෙන්න..
Sriland Friday, 03 September 2021 12:20 PM
කෝ දෙනවා කිව්ව වතුර? එනකොට කිව්වේ රටටම වතුර දෙනවා කියලා.., දැන් කරන්නේ වෙන මගුලක්..
Nana Friday, 03 September 2021 12:22 PM
වයසට කියවන එව්වා තමයි... ගෙදරට වෙලා ඉන්නේ නැතිව...
Chathu Friday, 03 September 2021 12:40 PM
අර්තාපල් , ලුණු, වී සහ එළවළු සියලුම නිෂ්පාදන පරිගණක ගත කරන්න කල්පනා කළා නම් මේවා ප්‍රශ්න නොවේ නේද? ආර්ථික මධ්‍යස්ථාන වලට එන ප්‍රමාණ සහ මිල ගණන් යාවත්කාලීන කර සියලු මිලගණන් සහ ප්‍රමාණයන් පරිගණක යෙදවුමක් මගින් ඒ මොහෙතේම රටේ ඕනෑම කෙනෙකුට දැක ගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් හැදුවා නම් කොච්චර හොඳද? රටට අානයනය කරන භාණ්ඩ සහ ලැබීමට තියෙන භාණ්ඩ එම යෙදවුමේම සඳහන් කරා නම් කොච්චර පහසුයිද?. මේ සඳහා කෝටි ගාණක් මුදල් යන්නේ නැහැ. ලංකාවේ ඇතුළතම ඕනෑතරම් සමාගම් ඉන්නවා මෙවැනි යෙදවුම් නිර්මාණය කරන. කෘෂිකර්ම නිලධාරීන් දහස් ගාණක් ඉන්නවා. පරිගණක දහස් ගාණක් තියෙනවා. ගමක පාරකට යටකරන මුදලකින් රටේම තියෙන මේ ප්රශ්නය විසඳන්න පුළුවන්. එ්ත් ඕනෑකමක් නැහැ. නැත්නම් තේරෙන්නේ නැහැ. නොසැලකිලිමත් කමින් හැමදාම රටේම මිනිසුන් දුක් විඳිනවා...
සිරිසේන Friday, 03 September 2021 04:06 PM
ඇමතිතුමා කෘපනිෂ කියලා පිරිසක් ඉන්නවා නේද කරන වැඩක් නැතුව?. ඔබේ ආසනේ සමහර එවැනි අය ඔබේ නගරේ හාඩ්වෙයාර් ළඟ ත්‍රී වීලර් එලවනවා. මුන්දැලා කරන වැඩකුත් නැති එකේ තම තමන්ගේ ප්‍රදේශයේ අස්වනු සමීක්ෂණය කරලා බෙදාහරින ක්‍රමයක් ඇතිකරන්න බැරිද?
මුණසිංහ Friday, 03 September 2021 01:59 PM
සම්පූර්ණ ඇත්ත . අපි එදා ඉඳල කියන්නේ ඔය ටික තමා.
sunil Friday, 03 September 2021 04:31 PM
සතොස ජාලය රට පුරා තව දුරටත් පුළුල්ව ව්‍යාප්ත කල යුතුයි.
Nihal Saturday, 04 September 2021 05:29 PM
මේ වසංගතේ ගමේ පොඩි කඩේ එකාගේ සිට මහ වෙළෙන්දා දක්වා මාර සූරාකෑමක් කන්නේ...