IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


තාජුඩීන්ගේ ඇටකටු සොයන්න රහස් පොලිසිය සයිටම් යයි

ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අස්ථාන ගතවූ අස්ථී කොටස් සොයා ගැනීම සදහා කොළඹ ප්‍රධාන  අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් මහතා ප්‍රමුඛ වෛද්‍ය මණ්ඩලයක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අද (03) මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) තුළ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විශේෂඥ ලක්ෂිකා අයිරාංගනී ජයරත්න, අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ජීන් පෙරේරා, අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ විශේෂඥ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. පී. එ්. හේවගේ ද එම වෛද්‍ය කණ්ඩායමේ වෙති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව මෙම සෝදිසි මෙහෙයුම දියත් කර තිබිණ.

මෙම සිද්ධියට අාළව ඉකුත් 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සදහන් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාව සිටි වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විශ්‍රාම ලබාගැනීමට දින කිහිපයකට පෙර එම කාර්යාලයේ ඉහළ මාලයේ තිබූ මිනිස් සිරුරුවල අස්ථී කොටස් බහා තිබූ විවිධ ප්‍රමාණයේ කාඩ්බෝඩ් පෙට්ටි 15ක් 20ක් පමණ පහළ කාමරයකට රැගෙන ගොස් ඇති බවට තොරතුරු ඇති බවයි.

අබේසිංහ ආරච්චිගේ චන්ද්‍රපාල නැමැති පුංචි බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලාවක සේවය කරනු ලබන රියැදුරු විසින් වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාගේ නියෝග මත වාහනයට පැටවූ අස්ථී කොටස් සහිත පෙට්ටි, මාලබේ  පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වූ සයිටම් ආයතනය වෙත ගෙන ගොස් භාරදුන් දී ඇති බවට හා ඒවා මේ වන විට එම ආයතනයේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බවට තොරතුරු ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට කීවේය.

 

 



අදහස් (0)

තාජුඩීන්ගේ ඇටකටු සොයන්න රහස් පොලිසිය සයිටම් යයි

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 03 October 2016 12:44 PM

සැප් 28 දා සැත්කමක් කිරීමට තරමේ ආබාධයක් දණහිසේ සහ වළලුකරේ තිබෙන පුද්ගලයෙකුට ඔක් 2 වනදා වන විට කිලෝමීටර් 42 ක් දුර දිවිය හැකිද? (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 03 October 2016 12:48 PM

මේ තරම් පැහැදිලි සාක්ෂි තියෙද්දිත් තවම වැරදිකරුවෝ නිදහසේ ඉන්නවා. ලැජ්ජයි. (බ)

:       0       0

දිලීප් Tuesday, 04 October 2016 05:26 AM

ඔය ඔක්කොම ඡන්දෙ වෙනකම් විතරයි මහත්තයෝ.(හේ)

:       0       0

මෝහමෙඩ් මහරුෆ් Monday, 03 October 2016 01:27 PM

මෙය කවදා ඉවර වෙයිද. (ර)

:       0       0

රසික Tuesday, 04 October 2016 05:35 AM

මේක හරියට චිත්‍රපටියක් වගෙයි .කොහොමහරි තජුදීන්ට සාධාරණයක් වන්නේ නැති පාටයි අනේ .(හේ)

:       0       0

උපාලි Monday, 03 October 2016 01:42 PM

මේ අස්ථි කොටස් හොර රහසේ සයිටම් එකට ගෙනිච්ච කථාව දැන් සති ගානක් තිස්සෙ ෆේස් බුක් එකේ තිබුනා. එච්චර එකේ අධිකරණ නියෝග ගන්න ඔච්චර පරක්කු උනේ මොකද දන්නෙ නෑ . (ර)

:       0       0

චානක් ලොස්ඇන්ජලිස් Monday, 03 October 2016 02:04 PM

සැප් 28 දා සැත්කමක් කිරීමට තරමේ ආබාධයක් දණහිසේ සහ වළලුකරේ තිබෙන පුද්ගලයෙකුට ඔක් 2 වැනිදා වන විට කිලෝමීටර් 42 ක් දුර දිවිය හැකිද? එසේනම් කෙසේද කුරුණෑගල මන්ත්‍රී රාජපක්ෂගේ පුතා ප්‍රතිකාර ගන්න පිටරට යන්න අධිකරණ අවසර ඉල්ලුවේ (බ)

:       0       0

රසික Monday, 03 October 2016 02:05 PM

ටිකිරිබණ්ඩා .ඕක ඔච්චර තමයි .බොරුවට බලන අයගේ කාලය .(බ)

:       0       0

චින්තක Tuesday, 04 October 2016 05:58 AM

මේක තමයි කරන්න ඕනේ.(හේ)

:       0       0

රසික Monday, 03 October 2016 02:12 PM

මටනම් ෂුවර් ඔය කේස් එකේ අයව හිරේ යන්නේ නැහැ . මිටි තැනින් විතරයි වතුර බහින්නේ .බැලුවම යහපාලනේ අයත් මෙයාලට බයයි වගේ (බ)

:       0       0

කේ පෙරේරා Monday, 03 October 2016 02:54 PM

දුවනවා තියා කිලෝමීටර 42ක් පාගමනිකන්වත් යාමට හැකිද දණහිසේ ආබාධිත අයකුට? (බ)

:       0       0

රුචී Monday, 03 October 2016 03:13 PM

ටිකිරිබණ්ඩෝ - කොහෙද බන් සාක්කි තියෙන්නේ? අපේ එවුන් බින්කුන්ඩෝ වගේ හාරනවා හාරනවා ඡන්දෙට ලකුණු දාගන්න. ඕක කොහොම කළත් ඔච්චර තමයි. (බ)

:       0       0

විකුම් රංගන Monday, 03 October 2016 03:31 PM

දැන් මෙතන සිදුවෙන්නේ, මිනීමැරුම යට ගහලා, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සයිටම් ආයතනයෙන් පළිගන්න අලුත් ක්‍රම වේදයක් හොයාගෙන තියනවා. බොරු ඔත්තුවක් දීලා. (බ)

:       0       0

රන්දික Monday, 03 October 2016 03:43 PM

රටම දන්නා මොනර තැන්න . මේ ඔක්කොම සිනමා ...(බ)

:       0       0

අනුර Monday, 03 October 2016 04:24 PM

අර සූරියකන්දේ ඇටකටු වලට එහෙම මොකද වුණේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 03 October 2016 04:36 PM

එදා ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාව ජනාධිපති කරගන්න නොලැබුණේ අපේ කරුමෙට, උපදින්න ඉන්න දරුවන්ගේ අවාසනාවට කියලා හිතෙනවා. (නි)

:       0       0

ටිරෝන් Monday, 03 October 2016 04:37 PM

අපි මේ ජවනිකා කවදා වෙනතුරු නරඹමුද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 03 October 2016 04:39 PM

රාජපක්ෂලා හිතාගෙන ඉන්නේ රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියලා වෙන්න ඇති. (නි)

:       0       0

ගිෂාන්ත Monday, 03 October 2016 04:42 PM

අපිත් ඉතින් මේවාවත් බලාගෙන ඉඳිමු (නි)

:       0       0

රාධා Monday, 03 October 2016 05:08 PM

මේවා කවදා කෙරෙන වැඩද මන්දා? (නි)

:       0       0

සිරි Monday, 03 October 2016 06:19 PM

මේවා සංදර්ශන විතරයි කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

අසංක Monday, 03 October 2016 09:48 PM

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) තුළ මේ අස්ථී කොටස් තිබුනා නම්, කොහොමටත් දැන් ඒවා අතුරුදහන් වෙලා ඇති. මිට කලින් මේ අයට සයිටම් එකට යන්න තිබුනේ. (නි)

:       0       0

ටිකිරි Tuesday, 04 October 2016 01:11 AM

මියගිය අයට සාධාරණයක් වෙන්න ඕනෑ බව ඇත්ත. නමුත් කිසිම පැහැදිලි සාක්කියක් නැතුව මෙම මරණය මිනීමැරුමක් කියලා ඔප්පු කරන්න යන එක විහිළුවක්. ලංකාවේ ඇසින් දුටු පැහැදිලි සාක්කි තියන මිනීමැරුම් දහස් ගණනක් සිදුවුණා. හැබැයි ඒවා පිළිබඳ මෙතරම් උනන්දු වුණේ නැහැ. මේ විදියට ගිහිල්ලා මහමුහුදේ සාක්කි ඇති කියලා මුහුදත් ඉහින්න ඕනෑ කියයිද දන්නේ නැහැ (නි)

:       0       0

සජී Tuesday, 04 October 2016 02:48 AM

තරුණයෝ දහස් ගණනක් මැරුව අයට මේ නීති නැද්ද? (නි)

:       0       0

සහන Tuesday, 04 October 2016 03:06 AM

ඕවා මේ කපේ සිද්ධවෙන දේවල් නෙමෙයි. මොකද දැන් යහපාලනයත් තිත්තවෙලා මිනිසුන්ට. මුළු රටම දන්නවා කව්ද මැරුවේ කව්ද කිව්වේ කොහෙන්ද දුරකථන ඇමතුම ආවේ කියලා. යහපාලනය සංදර්ශන පවත්වනවා (නි)

:       0       0

සෙනරත් Tuesday, 04 October 2016 03:12 AM

නීතිය නමලා හරි ඇටකටු වලටත් කතාවක් ගොතාවි. නැතුව ඉතිරි අවුරුදු 4 කොහොම කරන්නද? කෝ ඡන්ද කාලේ අැහින් දැක්කා වගේ කියපු සාක්ෂි ? (නි)

:       0       0

මංජු Tuesday, 04 October 2016 03:42 AM

මේවා දකිනකොට අපිට ලැජ්ජයි. මිනිස්සු ගොනාට අන්දන්න හදන්නේ. මෙන්න ලංකාවේ නීතිය (නි)

:       0       0

නුවන් Tuesday, 04 October 2016 04:14 AM

නරකම අමානුෂිකම 89 කාලෙ පාරවල්වල ගංගාවල මළ කදන් මතක නැ සමහර අයට කෝ එව කරපු අයට දඩුවම් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 291 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 304 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 378 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 301 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 419 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 447 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site