රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය නුවරඑළිය ආගරපතන ප්‍රදේශයේදී සොයාගත් බව පොලිසිය කියයි.
2012 වසරේදී නාරාහේ්න්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී සිය රථය තුළ මිය ගොස් සිටි තාජුඩීන්ගේ ජංගම දුරකථනය සොයා රහස් පොලිසිය පරීක්ෂණ පැවැත්වූ අතර ඔහුගේ රථය අනතුරට පත්වූ ස්ථානයේ තිබී ජංගම දුරකථනය අහුලාගත් අයකු සතුව තිබියදී එය සොයාගත් බව පොලිසිය පවසයි.
දුරකථනයට අයත් කේත අංකය ඇසුරින් පරීක්ෂණ පැවැත්වූ පොලිසියට ආගරපතන පදිංචි අයකු සතුව එය තිබියදී සොයාගැනීමට හැකිවී ඇත. දුරකථනය පරීක්ෂණ සඳහා රහස් පොලිසිය බාරයට ගෙන ඇතැයි කියති.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තාජුඩීන්ගේ දුරකථනය ආගරපතනෙන් හමුවෙයි
දුමින්ද Tuesday, 08 September 2015 05:23 AM
කලින් කිව්වේ වෙන තැනකින් හමු වුණා කියල නේද? (ම)
දිමුත් Tuesday, 08 September 2015 05:32 AM
දුමින්ද: ඒ පර්ස් එක නේද? (බ)
සුනිල් Tuesday, 08 September 2015 05:33 AM
වාහනේ නාරාහේන්පිට තාප්පේ හැප්පුන වේගෙට එක ආගරපතනට විසිවෙන්න ඇති. හෙට අනිද්දා තව මොනවා කියාවිද දන්නේ නැහැ. (ම)
වසන්ජය Tuesday, 08 September 2015 05:45 AM
මෙම අභිරහස දෙස ලොවම බලාසිටිති .(ම)
බුද්ධික Tuesday, 08 September 2015 05:56 AM
පර්ස් එක කිරුළපනේ, දුරකථනය ආගරපතනේ, රියදුරා(තාජුඩීන් ) ඉදිරිපස අනෙක් අසුනේ , එහෙත් වසර 3ක් යනතුරු මේක සාමාන්‍ය රිය අනතුරක්. ආශ්චර්යයක්... (නි)
රුචිරා Tuesday, 08 September 2015 06:03 AM
අන්න දැන් පැහැදිලියි ... ෆෝන් එකයි පර්ස් එකයි දෙකම අහුලන් යන ගමන් පර්ස් එක මග විසි කරලා ෆෝන් එක විතරක් අරන් ගිහින්, සමහර විට පර්ස් එක අහුලන් ගියේ වෙන පුද්ගලයෙක් වෙන්න ඇති.(ම)
චාමර Tuesday, 08 September 2015 06:26 AM
මෙච්චරකල් මේකවත් හොයලා නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? මට හිතෙන්නේ මේ මිනීමැරුම යටගහන්න කාගෙන හෝ ලොකු බලපෑමක් තිබුනා කියන එකයි (නි)
බණ්ඩාර Tuesday, 08 September 2015 06:48 AM
රුචිරා,කාර් එක කාණුවකට වැටී ගිනිගත්තා නම් දුරකථන,මුදල් පසුම්බි අහුලාගන්නේ කොහෙන්ද? කාණුවෙන්ද? ගිනිගන්නා මෝටර් රථයෙන්ද? ඔබ කොහේද පාසල් ගියේ? පොඩි දරුවෙකුට වුණත් වැටහෙනවා මෙහි ප්‍රශ්නයක් තිබෙන බව. (නි)
කල්පනී Tuesday, 08 September 2015 07:02 AM
රුචිරා, ඔයාගේ ගම් පළාත කොහෙද? (නි)
නිශාඩ් Tuesday, 08 September 2015 04:02 PM
මේ අබිරහස දෙස ලෝකයම බලාසිටී (නි)
වසන්ත Tuesday, 08 September 2015 07:14 AM
එන්න එන්නම මෙහි ඇති සැකසහිත බව වැඩිවෙනවා නේද? මේ ගැන ඉක්මණින් පරීක්ෂණ කරන්න (නි)
චන්දන - ඕස්ට්‍රේලියාව Tuesday, 08 September 2015 07:18 AM
වාහනයේ සියලු දොරවල් වැසි තිබෙද්දී වහනය අළු වී තිබෙද්දී දුරකථනය පිලිස්සෙන්නේ නැතුව එලියට විසිවුනේ කොහොමද? මෙය අනිවාරයෙන්ම මිනීමැරුමක් (බ)
අජිත් Tuesday, 08 September 2015 07:23 AM
ඇයි මොකද කල්පනී, ඔයා ගම්පළාතේ ළඟදි ගියේ නැද්ද? (නි)
රෝහණ Tuesday, 08 September 2015 07:33 AM
මෙම මිනීමැරුම කවුරු කළත් මේ ගැන සොයාබලා ඉක්මණින් නීති පියවර ගනු ඇතැයි සිතනවා. (නි)
යෝනක Tuesday, 08 September 2015 07:35 AM
මේ නඩුවට සිදුවන දේ ගැන අපි හැමෝම බලාගෙනයි ඉන්නේ (නි)
උපාලි Tuesday, 08 September 2015 07:48 AM
චන්දන අනිවාර්යෙන් ඔයා ලංකාවේ හිටියනම් අගවිනිසුරු කරනවා.මේ වගේ තීන්දු දෙනකොට (බ)
එඩ්වඩ් Tuesday, 08 September 2015 05:39 PM
දැන් ඉස්සරහට මොනවා වෙයිද? (නි)
තිලක්-ඩුබායි Tuesday, 08 September 2015 07:52 AM
මොන පරීක්ෂණ කළත් වැඩක් නැහැ.දැන් අස්පයා පැනල ගිහින් ඉවරයි (බ)
නවරත්න Tuesday, 08 September 2015 08:13 AM
ඉක්මණින් මේ රහස හෙළිවේවා! (නි)
සේන Tuesday, 08 September 2015 08:24 AM
මම හිතන්නේ කාර් එක හැප්පිලා ගිනි ගන්නවාත් එක්කම තජුදීන් අනේ මම මැරුණත් කමක් නැහැ මගේ පොකැට්ටුවයි පෝන් එකයි බේරෙන්න ඕන කියලා හිතලා ඒවා එලියට විසි කරන්න ඇති. (අ)