රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මුල් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිරුරෙන් ලබාගත් කොටස් හා එක්ස්රේ කොටස් සොයාගැනීමට නැතැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් තෙන්නකෝන් පැමිණිලි කළ බව රහස් පොලිසිය අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
තාජුඩීන්ගේ සිරුරෙන් ඉවත්කළ කොටස් සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරගේ වාර්තාවේ සඳහන් පරිදි එම කොටස් මෘත ශරීරාගාරයේ හෝ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිශීතකරණයේ හෝ ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
එම කොටස් දොස්තර සමරසේකර බාරයේ ආරක්ෂා සහිතව තබා ගන්නා ලෙස එම මරණ පරීක්ෂණයට සහභාගීවූ දොස්තර රාජගුරු ඔහුගෙන් ඉල්ලා ඇති බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය උසාවියේ තීන්දුවක් ඉල්ලා සිටියේය.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
තාජුඩීන්ගේ සිරුරේ කොටස් නැති බව උසාවියට දන්වයි
අජිත් කරුණාරත්න Thursday, 24 September 2015 01:25 AM
ඒගොල්ලෝ මේගොල්ලෝ කවුරුත් එකයි වගේ. අපි කට ඇරගෙන බලාඉන්නවා. එච්චරයි. (නි)
දිමිදු කළුතර Thursday, 24 September 2015 02:47 AM
මෙලෙසින් අධීකරණමය තීන්දුවක් සඳහා සාක්කිමය වැදගත්කමක් ඇති පටක සාම්පලයක් ආරක්ෂා කරගන්නට නොහැකි රටක, මරණ දණ්ඩණය ගේන්නට පෙර කළ යුත්තේ මෙම නීති පද්ධතිය අදට ගැලපෙන සැකසීමයි , එහි ස්වාධීන බව නැවත ලබා දීමයි (බ)
මහානාම - කඳාන Wednesday, 23 September 2015 12:09 PM
තාම බැරි වුනා හොද හෝඩුවාවක් ගන්න , මම හිතුවා මෘත දේහය ගොඩ ගත්ත ගමන් සාක්ෂි හරි කියලා , බලා ගෙන ගියාම එ්කත් වැඩක් නැති වුනා . කොහොම හරි වැරදි කාරයා අත් අඩංගුවට ගත යුතුයි නේද ? (බ)
සංජීව - හොරණ Thursday, 24 September 2015 03:24 AM
අවුලක් නෑ ජන්දෙ දින්නනෙ..(ම)
මලවි Wednesday, 23 September 2015 01:26 PM
දැන් ඔය වාර්තාවෙ තියෙනවගේ කොටස් ටිකක් හොයාගෙන ශීතකරණයේ දෑවානම් ඉවරයි නේ මේවත් ප්‍රශ්නද (අ)
ශිහාන් Thursday, 24 September 2015 06:18 AM
අවුලක් නෑ ඡන්දෙ දින්නනෙ... ආයෙත් ඡන්දයක් එනකොට ගොඩගමු...(බ)
සංජය Thursday, 24 September 2015 06:17 AM
මේවා ඔක්කොම නාඩගම් .. එක එක කාලයට අලුත් අලුත් නාටක රංග දක්වනවා .. කොහොමත් මේක මිනි මෙරුමක් නම් අපරාධ කාරයින්ට දඬුවම් දිය යුතුමයි .. දේශපාලනයක් ගාව ගන්නේ නැතිව (බ)
පෙරේරා Thursday, 24 September 2015 06:22 AM
රටේ නීතියෙන් ගැලවෙන්න පුළුවන් වුනාට ඔය පාපතරයන්ට දෙවියන්ගේ නීතියෙන් කිසි ගැලවීමක් නැහැ. (බ)
රම්‍යා Wednesday, 23 September 2015 06:02 PM
හරියට චිත්‍රපටියක් වගේ මට දැනෙන්නේ (නි)
නන්දලාල්-ප්‍රංශය Wednesday, 23 September 2015 08:53 PM
අභිරහස් මරණයක් ලෙස සළකන මේ සිද්ධිය යටගහන්න තවමත් සමහරු හදනවා වගෙයි (නි)
දුමින්ද Wednesday, 23 September 2015 10:49 AM
මේක ශර්ලොක් හෝම්ස්ගේ කතාවක් වගේ (බ)
සත්‍යයා Thursday, 24 September 2015 12:37 AM
මම එදා නීතියේ සාධාරණය අභියෝගයට ලක්කළා සේම අදත් කියා සිටිනවා වතුර බහිනේ පහළ තැනින් පමණයි කියා. ලොක්කන්ගේ පුත්තු එහෙම ලෙහෙසියෙන් එල්ලුම් ගස් යයිද? දුප්පත් සාමාන්‍ය මිනිහෙක් ඔය මිනීමැරුම කළා නම් ඔහුව එල්ලලා විතරක් නොවෙයි හමගහලා. වැටත් නියරත් ගොයම් කන එකම රට ලංකාව වෙන්න බැරිද? (නි)
ජනක Thursday, 24 September 2015 12:49 AM
අපරාදේ රටක් වටිනා තරුණ වස්තුවක් රටට අහිමිවුණා.ඔය මිනීමැරුමට සහභාහිවුණ කිසිම කෙනෙකුට හොඳක් නොවේවා! දෙවියෝ බලා ගනිත්වා! (නි)