IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘තාජුඩීන් ඝාතනයට පීඑස්ඩී තුන්දෙනෙක් හවුල්‘

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ජනාධිපති ආරක්ෂක අංශයේ තිදෙනකු සම්බන්ධ බවට තොරතුරු ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා බ්‍රහස්පතින්දා (6) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

2012 වසරේ මැයි 17 වැනිදා සිදුවූ තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් සපයා ඇතැයිද එම ක්‍රීඩකයා ඝාතනය කිරීමට ප්‍රධානියකුගේ අණක් ලැබී ඇතැයිද සේනාරත්න මහතා එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

මේ අතර ඔහු පැහැර ගැනීමට යොදාගත් බව කියන ඩිෆන්ඩර් ජිප් රිය එදා සිටි ප්‍රභූවරියකට දුන් බව කියන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියකුගෙන්ද රහස් පොලිසිය ප්‍රශ්න කර ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (0)

‘තාජුඩීන් ඝාතනයට පීඑස්ඩී තුන්දෙනෙක් හවුල්‘

සහීඩ් කටාර් Saturday, 08 August 2015 01:12 PM

මේවා සහ ගහන අපරාද නෙවෙයිද ? කවුරු කලත් මේවා හොයල වැරදි කරුවන්ට දඬුවම් දිය යුතුමයි. නිකන් නෙවෙයි මින් මතුවට දේශපාලන හයියෙන් පිස්සු කෙලින්න ඉන්න ලොක්කන්ට සහ උන්ගේ පුත්තුන්ට උන ගැනෙන්න එක්ක. එකඟයි පිටබැද්දර ජයා (නදී)

:       0       0

ජය Friday, 07 August 2015 08:46 AM

අමානුෂික ඝාතනයක්, කඩවසම් තරුණ ක්‍රීඩකයෙක්. හේතුව තමයි පාලකයෝ බලයෙන් මත්වීම මුල අමතක කරලා. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 August 2015 01:52 PM

පිවිතුරු යහපාල වගේ "දේශපාලන මෝඩයෝ" ඉන්න රටකනේ අපිත් ඉපදුනේ. (නි)

:       0       0

රුක්ෂාන් Friday, 07 August 2015 09:11 AM

මිනි මරුවන් කව්රු වුණත් මොන තරාතිරමේ වුණත් දඩුවම් කරන්න ඕනා. මේවා මහා සහගහන අපරාද, මොන තරම් ලස්සන කඩවසම් තරුණයෙක් ද නිකරුණේ මරල දලා තියෙන්නේ , දෙවියනි ඔබ කොහිද ?(නදී)

:       0       0

නිශාන්ත Friday, 07 August 2015 01:53 PM

ඔහු අද හිටියා නම් කොච්චර ජනප්‍රිය ක්‍රීඩකයෙක්ද? (නි)

:       0       0

සිසී Friday, 07 August 2015 09:45 AM

ලැජ්ජයි!

:       0       0

පුෂ්පා Friday, 07 August 2015 10:17 AM

වැරදි කරලා නම් අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. මම හිතන්නේ රටේම බහුතර පැතුම එයයි. (ම).

:       0       0

අනුශ්ක Friday, 07 August 2015 03:12 PM

මෙහි ඇත්ත නැත්ත ඉක්මණින් හෙළිවේවා! (නි)

:       0       0

නිර්ෂාඩ් Friday, 07 August 2015 10:25 AM

මෙය සැලසුම් කර කල මිනීමැරුමක් බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කල හැකි සාධක සහ සාක්කි ඉදිරියේදී උසාවිය හමුවේ දිග හැරෙනු ඇත. රජයේ අධිකරණ වෛද්‍ය වාර්තාව පසුගිය රජයේ බලවතුන්ගේ මැදිහත්වීම නිසා අවුරුදු දෙකහමාරක් තිස්සේ ඇදී ඇදී අතුරුදන් වන තත්වයක තිබුණත් ආණ්ඩුවේ වෙනස් වීමත් සමග එය දැන් කරලියට පැමිණ ඇත. කවුරුන් හෝ විසින් කාගේදෝ අණ කිරීමකට මෙම ඝාතනය සිදු කර ඇත. (අ)

:       0       0

ඩයස් Friday, 07 August 2015 10:28 AM

වැරැද්ද කල අය දඬුවම් විඳිය යුතුයි. අපි 18න් පසුත් මයිත්‍රී පාලනයක් බලාපොරත්තු වෙමු.(නදී)

:       0       0

අනුර Friday, 07 August 2015 10:33 AM

අනේ රාජිත මහත්තයෝ වීරයෙක් වෙන්න කියන කතාද මේවා? (නදී)

:       0       0

ලුම්බිණි Friday, 07 August 2015 06:01 AM

රාජිත සේනාරත්න පොලිසියට වැඩේ කරන්න දීලා නිහඬව සිටියා නම් නේද හොඳ? (ම)

:       0       0

ඉන්දි Friday, 07 August 2015 10:41 AM

අදහස් ලියල තියෙන ගොඩ දෙනෙක්ගේ මොලේ රත්වෙලාවගේ දැනටමත්.

:       0       0

ඩිලාන් Friday, 07 August 2015 10:47 AM

දැන් එතකොට සෙන්ජි කියන්නේ මේ රටේ වෙන හැම මිනීමැරුමක්ම දේශපාලන මඩට බැරකරලා අතහරින්න කියලාදඝ මොකටද එහෙනම් මේ රටේ පොලිසි උසාවි සහ නීති පද්ධතියක් තියෙන්නේ? (නි)

:       0       0

සලිත Friday, 07 August 2015 06:08 AM

දැනටම තීන්දුව දීල වගේ ...(ම)

:       0       0

දුමින්ද Friday, 07 August 2015 06:10 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකද, කැබිනට් ප්‍රකාෂකද (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 07 August 2015 04:16 PM

ඩුබායි තිලක් ලංකාවේද ඉපදුනේ? මම හිතුවේ ඔයා ඍධියෙන් පහළවුණ කෙනෙක් කියලා. ඔයා දන්නා දේවල් වල හැටියට මේකත් කියන්නකෝ රසවත් කරලා. (නි)

:       0       0

පොඩිසේන Friday, 07 August 2015 10:51 AM

ඒත් සමහරු නම් දැන් කතාකරන්නේ හරියට බුදුවෙලා වගේ. (නි)

:       0       0

ගුණසේකර Friday, 07 August 2015 10:53 AM

සන්දාන මහ ලේකම් මොලේ රත් කරගෙන ප්‍රකාශයක් කළා (නදී)

:       0       0

රුවන් Friday, 07 August 2015 10:56 AM

මේක මිනි මැරුමක් නම් සිදු වුනේ කොහොමද කියලා සොයන්න ඕන නැද්ද එතකොට ? පුදුම කතානේ මේ සමහර මොංගල් අප්පුලා කියන්නේ (නදී)

:       0       0

ෂානක Friday, 07 August 2015 06:21 AM

මිනිය ගොඩ ගන්නත් කලින්ම ඔක්කොම තීන්දු අරන් වගේ.(ම)

:       0       0

සුමිත් Friday, 07 August 2015 06:23 AM

මිනි මරුවන් කව්රු වුණත් මොන තරාතිරමේ වුණත් දඩුවම් කරන්න ඕන , මේවා මහා සහගහන අපරාද, මොන තරම් ලස්සන කඩවසම් තරුණයෙක් ද නිකරුණේ මරල දලා තියෙන්නේ , දෙවියනි ඔබ කොහිද ?(ම)

:       0       0

රවී Friday, 07 August 2015 11:00 AM

හරි එහෙනම් දැන් මේකේ මහා මොළ කාරයා සොයන්න . දේශපාලන මඩට ආදේශ කරලා ලිස්සලා යන්නේ කොහොමද ? (අ)

:       0       0

සෙනරත් Friday, 07 August 2015 06:29 AM

මිනි මෝරු ලංකාවේ ඇති කිරීම නීති විරෝධීයි . ඒ සම්බන්ධවත් පරීක්ෂණයක් තියන්න. (බ)

:       0       0

ප්‍රභාත් Friday, 07 August 2015 11:07 AM

කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඇති බව මතක තියා ගනිමු (අ)

:       0       0

ටෙෂාන් Friday, 07 August 2015 06:35 AM

මේවා කරපු පාහරයින්ට දඬුවම් දිය යුතුයි. (බ)

:       0       0

රුචිර Friday, 07 August 2015 06:39 AM

මියගිය ඇත්තන් විකුණන් කන මිනී කාක්කෝ. (බ)

:       0       0

රුචිර Friday, 07 August 2015 06:42 AM

ජනවාරි අටෙන් පසු හොරෙන්ම මිනිය ගොඩ අරන් සාක්ෂි වෙනස් කරලද කියල සාධාරණ සැකයක් මතුවෙනවා (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 07 August 2015 06:43 AM

හොදින් වැඩුණු මිනි මෝරෙකුට වුනත් දවසට මස් කිලෝ 50 ක් දුන්නම ඇති. ඒක දීගන්න බැරි කමක් එතුමාට නැහැ. (බ)

:       0       0

ශාන් Friday, 07 August 2015 06:45 AM

මෙයාගෙ කටත් දැන් වක්කඩේ වගේනේ. බලන් යද්දී හැමදේම තීන්දු කරන්නේ මෙයා වගේනේ. අපරාධකරුවන්ට දඩුවම් දිය යුතුමයි. එ්ත් මේ වගේ කටින් නෙමෙයි. මේ ඇමැතිතුමාගේ බල්ටි විතරයි (බ)

:       0       0

අමිල පීරිස් Friday, 07 August 2015 06:46 AM

ජනාධිපති ආරක්ෂක අංශය ඉන්නේ ජනාධිපති ආරක්ෂා කරන්නද නැත්නම් ජනාධිපති පව්ලේ අයට කරදරයක් වෙන අය මරන්නද ? ජනාධිපති ආරක්ෂක අංශය උසස් පොලිස් නිලදාරියෙකු ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අංශයක් ඉතින් කොහොමද මෙහෙම පුවත් පලවෙන්නේ (බ)

:       0       0

සුපුන් Friday, 07 August 2015 06:46 AM

මේක කරපු පාහරයා කව්ද කියල මුළු රටම දන්නවා..(බ)

:       0       0

සේන Friday, 07 August 2015 06:46 AM

මේ තරුණයාට යුක්තිය ඉෂ්ට විය යුතුයි (බ)

:       0       0

ජයසිංහ Friday, 07 August 2015 06:51 AM

රහස් පොලීසිය පරීක්ෂණ කරන මේ වගේ දේවල් ගැන රාජිත මොකටද මාධ්‍යයට කියන්නෙ. අනික තමා පශ්චාත් මරණ සහතිකයේ රිය අනතුරකින් වුණු මරණයක් කියල සඳහන් වෙලා තියෙද්දි එකපාරටම මේක ඝාතනයක් කියල චෝදනා කරන්නෙ කොහොමද. අනික තමා ඡන්දය කිට්ටු වෙලා මේ සිද්ධිය අවුස්සන්නෙ යම් කෙනෙකුට මඩ ගහන්න තියෙන වුවමනාවට නෙවේ ද? (බ)

:       0       0

චමින්ද කුමාර Friday, 07 August 2015 06:59 AM

පච ප්‍රකාශක තවත් පච වපුරයි .. උසාවියෙන් තීන්දුවක් ආවට පස්සේ මෙවැනි ප්‍රකාශ කරන එක හොදයි නේද? (බ)

:       0       0

රත්නායත Friday, 07 August 2015 06:59 AM

කරන හොරකම් වහගෙන මිනිස්සුන්ගේ අවධානය වෙනතකට ගන්න කරන වැඩ. ඇයි මේවා ජන්දේ කිට්ටුවෙලා ගන්නේ. ජනාධිපතිවරණයේදි කියපු බොරු අපිත් ඇත්ත වගේ අහගෙන හිටියා. තවත් නම් රාජිත කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. 88-89 කාලේ අයගේ මිනිවල් ඇද්දොත් මොකද වෙන්නේ (බ)

:       0       0

දිලිප් Friday, 07 August 2015 07:22 AM

මෙතන පැහැදිලිවම අමානුෂික මනුෂ්‍ය ඝාතනයක් සිදු වෙලා තියෙනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් ජාති ආගම් , පක්ෂ පාට,ගැන නොතකා මේ ගැන හදවතට එකඟවම අදහස් පල කරනවානම් තමයි හොඳ.(ම)

:       0       0

හේවා සරත් Friday, 07 August 2015 07:41 AM

මැරිලත් පාඩුවේ ඉන්න නැහැ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 07 August 2015 07:53 AM

මේවා සහ ගහන අපරාද නෙවෙයිද ? කවුරු කලත් මේවා හොයල වැරදි කරුවන්ට දඬුවම් දිය යුතුමයි. නිකන් නෙවෙයි මින් මතුවට දේශපාලන හයියෙන් පිස්සු කෙලින්න ඉන්න ලොක්කන්ට සහ උන්ගේ පුත්තුන්ට උන ගැනෙන්න එක්ක (නදී)

:       0       0

තේජක Friday, 07 August 2015 07:53 AM

අනේ යන්න යහපාල මහත්තයෝ යන්න. හුරතලේට මෝරු ඇතිකරන්නේ මොන මිනිස්සුද? හුරතලේට ඇති කළා නම් පස්සේ අයින් කලේ අැයි? (නදී)

:       0       0

සඳුරුවන් Friday, 07 August 2015 07:55 AM

රහස් පොලිසිය පවත්වන හැම පරික්ෂනයකම තොරතුරු කොහොමද කියන්නේ. බුද්දිමත් අය‍ට තේරුම් ගන්න පුළුවන් මේ ඡන්දය නිසා මේවා මෙහෙම වෙන්නේ කියලා. හැබැයි කව්රු කරත් මේ වගේ අපරාද වලට නියම දඩුවම් ලබාදෙන්න ඕන.(නදී)

:       0       0

විජයබාහු Friday, 07 August 2015 08:00 AM

මෙයා කියන කතා නම් සත පහකට විශ්වාස කරන්න හොඳ නැ. මෙයා කලින් කිව්වෙත් ඔව්වමයි. (බ)

:       0       0

කසුන් Friday, 07 August 2015 08:06 AM

මෙතැන ඝාතනයක් වෙලා තියෙනවනම් වැරදි කරුවන්ට අනිවාර්යෙන්ම දඬුවම් දිය යුතුයි. ඒ වුනාට මේ රාජිත ගේ කටින් කියන කිසිම දෙයක් සත පහකට විස්වාස කරන්න බැහැ. (බ)

:       0       0

සෙන්ජී Friday, 07 August 2015 08:21 AM

ජයසිංහ සහ රත්නායක හරි. මේවා දේශපාලන මඩ. ඡන්ද කාලේට විතරයි. බටලන්ද සහ දුමින්ද නඩු වගේ. අපියි මෝඩයෝ (නදී)

:       0       0

බටගල Friday, 07 August 2015 12:18 PM

අනේ පවු දෙවියනේ! ඔහු මොනතරම් දුකක් විඳින්න ඇද්ද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 07 August 2015 12:26 PM

නිර්ෂාඩ්, මම හිතන්නේ කරුවලේ යනකොට "මහසොහොන" ගහල වෙන්න ඇති. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 07 August 2015 12:33 PM

කට්ටිය නඩුව අහල තීන්දුව දීලත් ඉවරයි. දැන් එතකොට වාහන හැප්පෙන්න බැහැ. හැපිච්ච එකාගේ ඇටකටු කුඩු වෙන්න බැහැ. වාහනේ ගිනි ගන්න බැහැ. වාහනේ ඇතුලේ පිච්චිලා මැරෙන්න බැහැ. වාහනේ හැපිලා මළාම උන්නු විදියටම ඉන්න ඕනා. වෙනසක් එහෙම උනොත් ඉතින් ප්‍රභූ පුතෙක් තමයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 351 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5369 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 927 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4375 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3910 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2511 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16930 13




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site