IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණයට හිටපු ජනපතිගේ පවුලේ ආරක්ෂකයන් ගැනත් සොයයි

මනෝප‍්‍රිය ගුණසේකර 
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පවුලේ අයට වසර      3 1/2ක් පුරා ආරක්‍ෂාව සැළසු නාවික හමුදා නිලධාරීන් භාවිතා කළ තොරතුරු පොත්, ඔවුන්ගේ නිවාඩු ලේඛන ආදිය ලබාගෙන රගර් කී‍්‍රඩක මොහොමඞ් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව පරීක්‍ෂණ සිදුකරන බව රහස් පොලිසිය කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
 
රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවූ   අවස්ථාවේදී සිද්ධියට අදාළව සිදුකරන ලද පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය මේ බව දැනුම් දුන්නේය.
 
මෙහි සැකකරුවන් ලෙස නම් කර සිටින දැනට ඇප මත මුදා හැර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂ සුමිත් චම්පික සහ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද සමරසේකර  මහත්වරු  අධිකරණයේ පෙනී සිටියහ.
 
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව කරන ලද පරීක්‍ෂණ වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය තාජුඩීන්   ඝාතනය වූ 2012 මැයි මස  17 වැනිදා රාතී‍්‍ර 12.32ට මරණකරුගේ ජංගම දුරකතන  අංකයට සැකකටයුතු එස්.එම්.එස්. පණිවිඩයක් ලැබී ඇතැයි ද,  එය රෂ්මි ද සිල්වා නමැත්තියගෙන් ලැබී ඇති බව සිදු කළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇතැයිද දැනුම් දුන්නේය.
 
ඒ පිළිබඳව ඇගෙන් හා තවත් අයගෙන් ප‍්‍රකාශ ලබාගෙන පරීක්‍ෂණ සිදුකරන බව දැනුම් දුන් රහස් පොලිසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පවුලේ අයට 2012 ජනවාරී මස පළමු වැනිදා සිට 2015 මැයි මස 30 වැනිදා දක්වා වසර 3 1/2ක් පුරා ආරක්‍ෂාව සැළසු නාවික හමුදා නිලධාරීන් භාවිතා කළ තොරතුරු පොත්, ඔවුන්ගේ නිවාඩු ලේඛන ආදිය ලබාගෙන පරීක්‍ෂණ සිදුකරන බවද දැනුම් දුන්නේය.
 
මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකර දැනුම් දීම සඳහා තමන්ට කල් ලබාදෙන ලෙසද රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
 
කරුණ සළකා බැලීමෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළව සිදුකරන පරීක්‍ෂණ වල ප‍්‍රගතිය ලබන ජුනි මස 29 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා මෙම පැමිණිල්ල එදින යළි කැඳවීමටද නියම කළේය.



අදහස් (10)

තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණයට හිටපු ජනපතිගේ පවුලේ ආරක්ෂකයන් ගැනත් සොයයි

kavi Thursday, 03 May 2018 11:40 AM

ඡන්දයක් අත ලඟ

:       7       68

Imzy Thursday, 03 May 2018 12:20 PM

තාජුදින් නැවතත් කරලියට. අපි කන්නේ තණකොළද මන්දා

:       29       141

buddika Thursday, 03 May 2018 01:24 PM

ඡන්දයක් ලග එනවෝ

:       28       83

rohana kumara mendis Thursday, 03 May 2018 05:10 PM

ආනේ තාම හොයනවා තව අවුරුදු දෙකයිනේ කමක් නැ ඒ දෙකත් හොයන්නකෝ.

:       133       113

Siri Thursday, 03 May 2018 06:20 PM

රණවිරුවනි දන්නා තොරතුරු සේරම එලියට දාන්න.

:       105       53

Pohottu Bamunaa. Friday, 04 May 2018 01:55 AM

සරත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති වුනා නම්, මෙලහට මේ ඔක්කොම හොයාගෙන අල්ලලත් ඉවරයි. කෝ එ්ත්, රටේ සහ අපේ කරුමෙට එහෙම වුනේ නැහැනේ.

:       81       96

tikiri Friday, 04 May 2018 03:43 AM

තාජුඩීන් නැවත ලංකාවේම ඉපදිලා වෙච්චි දෙය කියයි .

:       0       5

saman Friday, 04 May 2018 04:02 AM

රටේ දැවෙන ප්‍රශ්ණයක්......

:       15       1

කුමාර Friday, 04 May 2018 04:27 AM

මහා තාජුදීන් කථා වස්තුව.............. රිය අනතුරකින් මරණයට පත් වූ ශ්‍රී ලංකාවේ එකම තරුණයාගේ කථාව...නැවතත්ත තිරගත වේ....

:       1008       46

Kumara Tuesday, 08 May 2018 04:15 AM

කොහෝමත් සමහරුන්ට රිදෙනවා.ඔය මොකා උඩ පැන්නත්,අැත්ත දෙවියන් වහන්සේ දන්නවා..පුළුවන් නම් එයා ගෙන් බෙිරෙන්ටකෝ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 231 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 192 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 694 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 443 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 256 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 994 4

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site