IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


තාජුඩීන් ඝාතනයේ ප්‍රධාන සාක්කිකරුට බලපෑම්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධ ප්‍රධාන සාක්කිකරුවකුට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අද (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.

තාජුඩීන් භාවිත කළ බව කියන ජංගම දුරකතනය හමුවී ඇතැයි අධිකරණයට දැනුම් දුන් නීතීඥවරයා එහි දත්ත ඇතැයි විශ්වාස කරන බව ද කීවේය.

එම දුරකතනය සම්බන්ධයෙන් විශේලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක පාසලේ කළමනාකාරුට නියෝග කළේය.

දැනට අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරයා ගැන කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතා මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශය හෙළා දකින බවත්, රජයේ වැදගත් තනතුරක් දැරූ ඔහු වැනි පුද්ගලයකු එවැන්නක් නොකර සිටීමට තිබූ බවත් අගතියට පත් පාර්ශ්වය හා නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.

ඔහුගේ ප්‍රකාශවලින් පරීක්ෂණයට බාධා සිදු වෙනවා නම් ඒ ගැන රහස් පොලිසිය මගින් දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත් කීවේය.

  නඩු පොත සේප්පුවේ තබන ලෙස රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති හෙයින් එවැනි නියෝගයක් දිය නොහැකි බව කීවේය. සිද්ධිය වාර්තා කිරීමේ දී   ආචාර ධර්මවලට අනුව එය වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීය.



අදහස් (0)

තාජුඩීන් ඝාතනයේ ප්‍රධාන සාක්කිකරුට බලපෑම්

ඉෆ්රාන් Thursday, 10 September 2015 06:06 AM

වැඩි යමක් මේ මරණයට සම්බන්දය තියන්න පුළුවන් සාමාන්‍ය මරනයක් නම් එමෙහම තර්ජනය එන්ඩ විදියක් නැත (අ)

:       0       0

හරීන් Thursday, 10 September 2015 07:00 AM

එහෙම බලපෑම් එනවා කියන්නේ මේ පිටුපස අපි නොදන්නා යම් දෙයක් තිබෙනවා කියන එකයි (නි)

:       0       0

විල්සන් Friday, 11 September 2015 02:19 AM

මොන දේ කළත් ඇත්ත කවදා හෝ හෙළිවේවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 141 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 182 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 459 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 404 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 317 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 208 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 117 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 91 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site