IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘තාජුඩීන් ඝාතනයේ වීඩියෝ ගැන එතෙරින් වාර්තාවක්‘

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සීසීටීවී කැමරා දර්ශන ඇමරිකාවේ එෆ්බීඅයි, එම්.පී.එස් හෝ එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාඩ් අධිකරණ විද්‍යා පිළිබඳ විද්‍යාගාරයකට යැවීම සුදුසු බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට අද (5) දැන්වීය.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය අද (5) අධිකරණය හමුවේ කියා සිටියේ සැකකටයුතු වාහනයක් සීසීටීවී දර්ශනවල ඇතත් එම දර්ශනවල දුර්වල තත්ත්වය නිසාත් තම විද්‍යාගාරයේ තාක්ෂණ සීමා නිසාත් වාහනයේ අංක තහඩුව හඳුනාගත නොහැකි බවයි. නාරාහේන්පිට හා කිරුළපන ප්‍රදේශයේදී ගත් බව කියන ඩීවීඩී හා සීඩී තැටි හතරක් පිරික්සූ බවත් සැකකටයුතු වාහනයක් එහි ඇති බවත් කොළඹ විශ්ව විද්‍යාල පරිගණක අංශය උසාවිය දැන්වීය.

පාරේ ආලෝකයත් වාහන ආලෝකයත් නිසාත් අඳුරේදී මෙම වීඩියෝ දර්ශන ගෙන ඇති නිසාත් අංක තහඩුව පැහැදිලිව හඳුනාගත නොහැකි බව සරසවිය අධිකරණයට දැන්වීය. ඩබ්ලිව්.පී.කේ.යූ - 6543 දරණ සැක කටයුතු වාහනයේ මිනිසුන් සිටීදැයි හඳුනාගැනීමටද නොහැකි බව සරසවි වාර්තාවේ දැක්වේ. එම සීසීටීවී දර්ශන විශ්ලේෂණයට විදේශ විශේෂඥ සහාය ලබාගත හැකි බව මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට මීට පෙර දන්වා තිබිණි. වැඩිදුර විභාගය ජනවාරි 7 ට කල් තැබිණි.

තාජුඩීන් ඝාතනය කැරුණේ 2012 මැයි මාසයේදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදීය.

 

 



අදහස් (0)

‘තාජුඩීන් ඝාතනයේ වීඩියෝ ගැන එතෙරින් වාර්තාවක්‘

යසපාල Tuesday, 05 January 2016 05:00 PM

අපරාදේ! ඔය තැටි බාරදෙන්න තිබුනේ ඩුබායි තිලක්ට. ඇහින් දැක්කා වගේ වාහනේ හිටපු මිනිසුන්ගේ ඔළුවල කෙස් ගානත් කියයි. (නි)

:       0       0

නීල් Tuesday, 05 January 2016 05:10 PM

ලංකාවේ වෙන අපරාධ නැහැනේ ඉතින් හොයන්න. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 06 January 2016 09:50 PM

තිලක් ඩුබායි, අනු දහසක් පමණ තරුණ තරුණියන් දෑත් දෙපා ගෙල සිඳ අමානුෂික ලෙස ටයර් උඩ පිළිස්සූ යුගය ඔබට අමතකද? එම අපරාධයට වගකිවයුත්තන් ගැන ඔබගේ මතය කෙබඳුද? (නි)

:       0       0

යසපාල Tuesday, 05 January 2016 06:37 PM

මේ ගැන පරීක්ෂණ ඉක්මන් කරනවා නම් හොඳයි (නි)

:       0       0

විජිත් Tuesday, 05 January 2016 07:39 PM

මට තවත් දෙයක් දැන් පැහැදිලියි. මේ පරීක්ෂණය හෙමින්සැරේ යටයනවා නොවෙයි, යටගහනවා වගෙයි. දැනටත් මෘත දේහයේ කොටස් අඩුයිලු නේද? මේ එළිපිටම ඔප්පුවුණ මේ ම්ලේච්ඡ මිනීමැරුම සදාකාලික රහසක් ලෙස පවතීවි. (නි)

:       0       0

විජිත් Tuesday, 05 January 2016 10:50 AM

එතකොට අර දේශපාලුවෙක් මේ ළඟදි කිවානේද ..ඒ වීඩියෝ වල අරයා හිටියා මෙයා හිටියා, ටි 56 එකකින් අරයා තාජුදින්ගේ හිසට පහරදුන්නා...ආදි දේ..? දැන් කියන විදිහට වාහනයවත් හරියට හඳුනා ගන්න අපහසුයිනේ .. (බ)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 05 January 2016 10:13 PM

60% ලංකාවේ මිනිස්සු තමුන් කරන දේ නොදැන, තමා අතින්ම තම ගෙල සිඳගැනීමට දක්වන උනන්දුවක්! යහපාලනයේ රස දැනේවි 2016 වසර තුළදීම. (නි)

:       0       0

විල්ලාර Tuesday, 05 January 2016 11:07 AM

ආණ්ඩුවේ සේවකයෝ විතරද බත් මාළු කන්නේ අැයි උඹට ඡන්දෙ දීපු දුප්පත් අය කන්නේ පස්ද (බ)

:       0       0

විදානේ Tuesday, 05 January 2016 11:37 AM

කොහොමහරි ඒවා මේවා කරලා කාලය ගන්න හදන්නේ. හැබැයි ඔය කියන තැන්වලට යැවුවොත් නිවැරදිවත් ඉක්මනටත් වාර්තා ලැබෙයි. ඕකට නඩු මස ගණන් කල්දාන්න ඕනෑ නැහැ (නි)

:       0       0

සම්පත් Tuesday, 05 January 2016 11:38 AM

විල්ලාර මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 12:12 PM

මේ තරම් පැහැදිලි සාක්ෂි තිබියදීත් මොකට අඳුරේ අතපත ගගා කාලය කා දමනවද මන්දා? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 12:19 PM

දැනට තිබෙන සාක්ෂි හොඳටම ප්‍රමාණවත් නේද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 12:20 PM

දැන්වත් සියලු පරීක්ෂණ කරන්න ජෙනරල්ට බාරදෙන්න. රට වෙනුවෙන් ඒ යුතුකමවත් කරන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 12:21 PM

ඔය ටික කරන්න අවුරුද්දක් මොකටද? ජනවාරි 9 වෙනිදාම යවන්නනේ තිබුනේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 12:23 PM

අපේ පැත්තේ කෙනෙක් සුපිරි කාරයක් හොරකම් කරලා මාස ගාණකට පස්සේ හසුකර ගත්තේ 4 වෙනි තට්ටුවට අරගෙන ගිහිල්ලයි. සියළු දේ වමාරලා තිබුනා. (නි)

:       0       0

ඩෙස්මන් Tuesday, 05 January 2016 12:20 PM

අනේ මන්දා දවසින් දවසම කල්යනවා (නි)

:       0       0

නාමල් Tuesday, 05 January 2016 12:25 PM

හැබැයි එතෙර වාර්තාව නම් ඉක්මණින් එයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 12:25 PM

මේ රජයෙන් මෙගා දුෂණ, වංචා, මිනීමැරුම් අල්ලනවා කියන එක සිහිනයක් පමණයි. තවත් ඒ සිහින දකින්න මම නම් කැමති නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 12:22 PM

මිනීමැරුමක් කරලා කාටවත් ගැලවීමක් දෙන්න එපා.ඒ වරද සිද්ධවෙන්න/කරන්න ඉඩ දෙන්න එපා. පැහැදිලි බලයක් දීලත් ඒ යුතුකම රට වෙනුවෙන් ඉටු නොකළා කියලා ඔබලාට මිනිස්සු සාප කරවී. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 12:29 PM

ඔය මිනීමැරුම වගේම අර විශ්ව විද්‍යාලයේ අන්තරේ තරුණයන් දෙන්නගේ මිනීමැරුම ගැනත් සොයන්න. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මිනිමරපු මිනීමරුවන්ට දැඩි දඩුවම් කරන්න. (බ)

:       0       0

ධනුෂ්ක Wednesday, 06 January 2016 02:52 AM

බයවෙන්න එපා. අයවැයේ උණුසුම යනතුරු මේවා ‍මෙහෙම වේවි. කාට කාටත් ඕනෑ ඔය මහා පුටුවල සැප ලබන්න. අපි පෝලිමේ ඉඳලා කතිරේ ගහනවා (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 05 January 2016 12:32 PM

ඇයි රාජිත මහත්තය කිව්වේ ප්‍රභූ පවුලක් ඉන්නවා එතුමා දැක්ක කියල.. අාපහු මොකට ඕව පිටරට යවනවද මන්ද..කටින් බතල විතරයි... (බ)

:       0       0

ඉන්දික Tuesday, 05 January 2016 12:48 PM

බලාගෙන ඩුබායි තිලක්, ඔය ගහපුවත් එලවල අල්ලාවි, කට කට පරිස්සමින් (බ)

:       0       0

කමනි Tuesday, 05 January 2016 01:57 PM

අනේ මන්දා, මේකත් ඔප්පු කර ගන්න බැරිවෙයි වගේ. (හේ)

:       0       0

නිලන්ත Tuesday, 05 January 2016 02:32 PM

මේ පරීක්ෂණය වහාම ඩුබායි වෙත බාර දිය යුතුයි. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 771 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 894 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1619 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2041 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 520 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1065 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35817 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site