IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


තාජුඩීන් ඝාතන වීඩියෝ කැනඩාවට

වසීම් තාජුඩීන්ගේ ඝාතනය හා සම්බන්ධ සීසීටීවී කැමරා දර්ශන ඇතුලත් සංයුක්ත තැටි 10 ක් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා රසායනාගාරයකට යැවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද රහස් පොලිසියට අවසර දුන්නේය. මෙතෙක් අධිකරණය බාරයේ තිබූ තැටි රැගෙන රහස් පොලිසිය ලබන 22 වැනි දා කැනඩාව බලා යන බව ද පොලිසිය අධීකරණයට දැනුම් දුන්නේය.

එම රසායනාගාරයේ වාර්තාව රහස් පොලිසිය අධීකරණයට ඉදිරිපත් කරනු ඇත.

එසේම හිටපු රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මෘත ශරීරයේ කොටස්  අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්පති ඇතුළු බලධාරීන් වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

වසීම් තාජුඞීන් ගේ මරණය සම්බනධයෙන් මෙතෙක් සිදු කළ මූලික විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස්පතිට, රහස් පොලිස් අධ්‍යක්ෂකවරයාට හා අදාළ නිලධාරීන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලයි.

වසීම් තාජුඞීන් සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය 2012 ජූලි මාසයේ පැවැත් වූ බවත් 2013 ජූනි මාසයේ 03 වැනිදා තම ධූරයෙන් විශ‍්‍රාම ලැබු බවත්, ඉන් පසුව මෘත ශරීර ගබඩා කර තිබූ ස්ථාන හෝ අධිශීතකරණ සම්බන්ධයෙන් කිසිදු කටයුත්තකට තමා සම්බන්ධ නොවූ බවත් කියා සිටින පෙත්සම්කරු එම මෘත ශරීර කොටස් කිහිපයක් අස්ථානගතවී ඇති බව පසුව දැනගත් බව ද කීය. ඒ සම්බන්ධයෙන් තමාට චෝදනා කරනුයේ තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් හෝ අවදානමක් ඇති නිසා බවද එය එසේ සිදු වුවහොත් එමඟින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බව ද පෙත්සම්කරු කියා සීටීයි.

 



අදහස් (0)

තාජුඩීන් ඝාතන වීඩියෝ කැනඩාවට

නිෂාරත් ප්‍රිනා Saturday, 20 August 2016 03:54 AM

ආයෙත් මාකටින් පටන් අරන් වගේ. තව අවුරුදු කීයකට තජුදීන් ඝාතනය මාකට් කරයිද දන්නේ නැහැ. (රේ)

:       0       0

රූපසිංහ Friday, 19 August 2016 12:00 PM

ඔබ හරියටම හරි දුලිප්. අපේ රටේ අහිංසක බුද්ධිමත් උගත් දරුවන් අමු අමුවේ මරා දැමුවේ කවුද කියලා කාටවත් මතක නැති එකනේ පුදුමේ. මේ එක පුද්ගලයෙක් අල්ලාගෙන මොර දෙන්නේ ඇයි කියා කාට කාටත් තේරුම් නැති එකනේ අනෙක් පුදුමය. (නි)

:       0       0

හේමන්ත Friday, 19 August 2016 12:10 PM

මේක පස්සේම දුව දුවා ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් නැහැනේ සමහරුන්ට (නි)

:       0       0

විජේ Friday, 19 August 2016 12:10 PM

සමහරුන්ට මරණ පරීක්ෂණ කරන්න ඕනෑ නැහැ වගේ මේ සමහර කතා වලින් පෙනෙන්නේ (නි)

:       0       0

ජයරත්න Friday, 19 August 2016 12:18 PM

මේ ඔක්කොම කරලත් ඔප්පු කරගන්න බැරිවුණාම කියයි අධිකරණය ස්වාධීනයි මේක තමයි යහපාලනය කියලා. නමුත් මේ නාස්ති කරන මුදල් සහ රාජ්‍ය නිලධාරීන්ගේ වටිනා කාලය ගැන කවුද වගකියන්නේ. රටක සංවර්ධනය වෙනුවෙන් යෙදවියයුතු සම්පත් නේද මේ. රටේ සිදුවූ අනිත් කිසිම මරණයකට නැති උනන්දුවක් ඇයි මේ මරණය වෙනුවෙන් විතරක්. (නි)

:       0       0

සරණපාල Friday, 19 August 2016 12:25 PM

මේවා තියාගෙන මෙච්චරකල් මොකද කළේ? තාජුඩීන් ගැන පළවෙන හැම වාරයක් පාසාම එම පවුලට කොතරම් දුකක් දැනෙනවා ඇද්ද ? (නි)

:       0       0

කෝසල Friday, 19 August 2016 12:47 PM

අනේ මන්දා මේවා කවදා හමාරවෙයිද කියලා (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 19 August 2016 12:49 PM

මේ වගේ වැළලී ගිය මිනීමැරුම් කොතරම්ද? ඒ අයත් වටිනා ජීවිත ඔවුන්ගේ දරුවන්ට, බිරින්දෑවරුන්ට, දෙමව්පියන්ට. දේශපාලන වාසි තකා එක දෙයක් වෙනුවෙන් සොයන මෙය ඇත්තටම එක්තරා විහිළුවක්. අනෙක් අපරාධ ගැනත් ඇයි මේ වගේ තීන්දු තීරණ නොගන්නේ. (නි)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Friday, 19 August 2016 01:49 PM

අැයි දිලීප් මේ අපරාදෙට ඔයාගේ මැදමුලන වීරයෝ අහුවෙයි කියල බයද? (අ)

:       0       0

මහාදේව Saturday, 20 August 2016 07:41 AM

කැනඩාවට වඩා ගොඩක් දක්ෂ විශේෂක්ඥයෝ ඉන්නේ එංගලන්තේ චැනල්-4 ආයතනේ, එකටනේ ඔයටික යවන්න තිබුනේ. (රේ)

:       0       0

සුසිල් Friday, 19 August 2016 02:36 PM

දිලිප්, මිනී මැරුම් නම් ඕන තරම් වෙලා තියෙනවා, ඒගොල්ලො කියපු විදිහට මේක මිනීමැරුමක් නොවෙයිනෙ, නමුත් රියදුරා මගී ආසනයෙ ඉඳගෙන වාහනය පදවලා , අනතුරක් වෙලා, වාහනය ගිනි අරගෙන මරනයට පත් වුන ලෝකයේම පලමු අවස්තාව මේක.ඉතින් ඒ රියදුරා මේක කරගත්ත විදිය හොයල බලන එක නරකද ? (අ)

:       0       0

බෙනට් Friday, 19 August 2016 02:43 PM

මේ රටේ ඕක විතරයි වෙච්ච එකම මිනීමැරුම . පුදුම උනන්දුවක් තියෙන්නේ මිනීමරුවෝ හොයන්න .(අ)

:       0       0

ලංකා Friday, 19 August 2016 03:57 PM

මෙවැනි සාපරාධි ක්‍රියා කරපු අයත් ඊට හවුල් වූ අයත් අනුබල දුන් අයත් අල්ලා නිසි දඩුවම් පමුණුවන තුරු මට නම් අවුරුදු ගානක් උනත් ඉවසීමෙන් බලන් ඉන්න පුළුවන්.(අ)

:       0       0

සාමා Friday, 19 August 2016 04:05 PM

හලෝ බෙනට් ඔයා මොනවද දන්නේ අපරාධ විද්‍යාව ගැන .කෙස් ගහේනුත් පුළුවන් ඕනෑම තරාතිරමක මිනීමැරුමක් හොයාගන්න .මේ ලෝකේ කාටවත් අපරාධයක් කරලා සැනසිල්ලේ ඉන්න බැහැ . (අ)

:       0       0

රවිඳු Friday, 19 August 2016 09:43 PM

ඕක ඉතින් රටම දන්නා ඇත්ත කතාවක්නේ. (නි)

:       0       0

නිල්මිණි-ජපානය Saturday, 20 August 2016 05:25 PM

අපරාධ කල අය සොයල අඩුවම් දෙන එක හොඳ දෙයක් නේ. ඕනෙම අපරාධයක් ගැන සොයන්න එපා කියන්නේ අපරාධකරුවන්ට මුදලට හෝ වෙනත් හේතුවක් නිසා සහය දක්වන අය විය හැකියි.(රේ)

:       0       0

ඉන්දු Friday, 19 August 2016 10:55 PM

නැවතත් රිදී තිරයට එනවා වගෙයි (නි)

:       0       0

දිලිප් Saturday, 20 August 2016 07:03 PM

අපරාධයට නිසි දඩුවම් දීමේදී. එය කල පුද්ගලයා මත වෙනස් නොවිය යුතුයි. එය පක්ෂ පාට ජාති භේද වලට ලගු කොට තකන්න එපා.අද වන අපරාධ මෙන්ම ඊයේ වූ අපරාධද සොයා බැලිය යුතුයි. ඒ මතු හෙට දින එවැනි අපරාධ වලට මහජනයා යොමු නොවන්නට තරම් බියක් ඇති වන්නටය. අපරාධයක ආදීනව ඉස්මතුකරලන්නය. එමගින් අපරාධ රැල්ල අඩු කරවන්නටය.(රේ)

:       0       0

දිලිප් Friday, 19 August 2016 10:20 AM

තවත් බරපතල හෙලිදරව්වකට මුල පුරනවා වෙන්න පුළුවන්! (හේ)

:       0       0

හරිත Friday, 19 August 2016 10:28 AM

මිනී මැරුම් සිදු වුනේ මෙපමණද ?(හේ)

:       0       0

දිලීප් Friday, 19 August 2016 10:34 AM

මේ මරණය වෙනුවෙන් කරන උත්සාහයෙන් සියයට දහයක් දාන්න අර පාරේ ටයර් උඩ මරුන මේ රටේ බුද්ධිමත්ම දරුවන්ට මොකක්ද වුනේ කියලා හොයන්න , (හේ)

:       0       0

පෙරේරා Friday, 19 August 2016 10:34 AM

දැන් නම් මේක ඇතිවෙලා (හේ)

:       0       0

රිස්වාන් Saturday, 20 August 2016 08:29 PM

මම නම් කියන්නේ කරවූ අය නිදහස් වෙනවා. ගෝලයෝ ටික එල්ලුම් ගස් යනවා. මොකද මේක ශ්‍රී ලංකාව (නි)

:       0       0

ලක්සිරි Saturday, 20 August 2016 08:59 PM

ඔය අපරාධය කළ මිනිසුන්ට තව පටිසන් දෙන්න පටන්ගත්තා විතරයි. මිනිමරපු අය මේ ලෝකෙදීම විඳවලා තමයි මැරෙන්නේ. ආයේ ඒකෙ දෙකක් නැහැ. (නි)

:       0       0

හේවගේ Friday, 19 August 2016 10:50 AM

ලංකාවේ සී සී ටි වී කැමරා තිබුනට එහි එන දර්ශන පිළිබඳව නිගමනයකට එන්න දක්ෂයෝ නැද්ද?(හේ)

:       0       0

රුවන් Friday, 19 August 2016 10:55 AM

අපේ රටේ කරන්නේ නැතුව වෙනත් රටක ඕක කරන එක හොදයි.(හේ)

:       0       0

අනුරාධ Friday, 19 August 2016 11:19 AM

හැම අපරාදයක්ම මේ වගේ උනන්දුවෙන් විමර්ශනය කරනවා නම් (හේ)

:       0       0

බියංකා Saturday, 20 August 2016 03:08 AM

මීට මාස ගණනකට පෙර කිව්වා නේද කැනඩාවට යැව්වා කියලා. දැන් මේ මොනවද මෙයාලා කියන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1373 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 270 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2246 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1241 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 667 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 446 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39234 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site