IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


තාජුදීන් ඝාතනයේ දුරකතන සාක්කි මකා දාලා

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මිය ගොස් සිටි දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා අරලියගහ මන්දිරයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඩේමියම් පෙරේරාට දුන් බව කියන දුරකතන ඇමතුම් ජනාධිපති ලේකම් කාර්යාලයය මකා දමා ඇතැයි රහස් පොලිසිය අද (24) උසාවියට දැන්වීය.

රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කියා සිටියේ එම දුරකතන ඇමතුම්වලට වගකිවයුතු නිලධරයන් ඒවා සියල්ල මකා දමා ඇති බවයි. එම නලධරයන් දැන් ඔවුන්ගේ තනතුරුවලින් ද ඉල්ලා අස්වී ඇති බව රහස් පොලිසිය කීවේය.

දුරකතන සටහන් පිළිබඳ තොරතුරු පොත්පත්වලින් මකා දමා ඉවත් කළ බව කියන අය ගැන පරීක්ෂණ අරඹා ඇතැයි ද රහස් පොලිසිය පැවසීය.

මෙම දුරකතන ඇමැතුම්වලට සම්බන්ධ තොරතුරු ඇතුළත් පරිගණකයේ සීපීයූ උපාංගය (මධ්‍යම සැකසුම් ඒකකය) සොයාගත් බවත්, ඒ ගැන පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලිසිය දැන්වීය.

රඑස් පොලිසිය මේ තොරතුරු ලබා ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ නිලධාරීන් දෙදෙනකුගෙන් බව ද උසාවියේ දී කියැවිණි.

මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළු වූයේ කෙසේද යන්නත්, ඒ පිළිබඳ නීතිපතිගේ ස්ථාවරය අධිකරණයට දන්වන්නැයි මහේස්ත්‍රාත්වරයා රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට නියෝග කළේය.


හිටපු ඩීඅයිජී අනුරත් යළි රිමාන්ඩ්

2016 අගෝස්තු මස 24 12:43:50 | . , නිරංගි අබේවික්‍රම

අදහස්(0) බැලූවෝ (1487)

 

තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසී සුමිත් චම්පික පෙරේරා සැප්තැම්බර් 07 වැනි දා දක්වා  රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (24) නියෝග කළේය.

 



අදහස් (0)

තාජුදීන් ඝාතනයේ දුරකතන සාක්කි මකා දාලා

දහම් Wednesday, 24 August 2016 04:18 PM

කාටහරි හිතෙනවද මේ යන විදිහට උසාවියේදී කවුරුන් හෝ වැරදිකාරයෙක් වෙයි කියලා. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 24 August 2016 04:45 PM

දැන් ඕක අල්ලන්න දැඟලුවා මදෑ. කොහොමහරි කෙනෙක් හිරේ දාන එක නෙමෙයි වෙන්න ඕනෑ, රටේ යුක්තිය ඉ‍ටුවෙන එකයි. ඒක විපක්ෂයට විතරක් වෙලා මදි. ඒ වගේම කෝ නතර වුණ සංවර්ධන කටයුතු. ඒවා වහන්න මේවා කරලා බැහැ (නි)

:       0       0

ධම්ම Wednesday, 24 August 2016 04:42 PM

සමහරු "හොරකම් කළේ අල්ලන්න බැරිවෙන්න. මිනීමැරුවේ අල්ලන්න බැරිවෙන්න". නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කිව්වලු. (නි)

:       0       0

නිරුල් Wednesday, 24 August 2016 04:54 PM

නැතුව ඉතින්... එ්වා ආරක්ෂාවෙලා තිබුණා නම් තමයි පුදුමේ! (නි)

:       0       0

චන්දන Wednesday, 24 August 2016 05:09 PM

මේවා ගැන හොයන්න එපා කියන අයගේ පවුලේ කෙනෙකුට මේක වුණා නම් එපා කියයිද? සමහරු ඉන්නවා තමන්ගේ පක්ෂයේ අය මොන වැරදි වැඩේ කළත් හොඳයි (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 25 August 2016 06:50 AM

අනතුර වු තැන තිබුන සිසිටිවී කැමරාවල රෙකෝඩ් වුන දේවල් එකපාරටම මැකිලා ඇසින් දුටු සාක්ෂි තිබිලත් ඒවා බොරුවෙලා අපරාධ කරලා නිදහස්වෙන රටේ ඕවා වෙන එක ඉතින් පුදුමයක් නෑ. මෙරටේ දේශපලකයෝන්ට වෙනම නීතියක් පත්කරන උන්ට වෙනම නීතියක් නේ (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 24 August 2016 05:50 PM

කොච්චර මැකුවත් හාර්ඩ් ඩිස්ක් වල තිබෙන ඒවා තාක්ෂණය මඟින් නැවත ලබාගත හැකිනේ (නි)

:       0       0

කාලිංග Wednesday, 24 August 2016 07:23 PM

මේක ඉතින් සිරි ලංකාව නිසා අපිට මේ සිදුවන දේවල් ගැන පුදුමයක් නැහැ (නි)

:       0       0

සුමුදු Wednesday, 24 August 2016 10:30 PM

තාජුදීන් කියන්නේ මුස්ලිම් ළමයෙක්.. සිංහල බෞද්දයන් හැටියට ලජ්ජා විය යුතු? සතුටු විය යතුද? මේ අහිංසක ළමය මැරුවේ මොකටද මන්ද? (රේි)

:       0       0

සරත් Wednesday, 24 August 2016 10:48 PM

රවිඳු කඩේ යන්නේ කාටද? (නි)

:       0       0

දොන් Thursday, 25 August 2016 12:15 AM

මේකට තමයි යහපාලනය කියන්නේ. දැන් අපි හොඳට හඳුනාගෙනයි ඉන්නේ (නි)

:       0       0

රත්නායක Thursday, 25 August 2016 01:20 AM

ගීත්, ඔයා කියන දේ හරි. මේ කියන්නෙ 71-89 කාලෙ තිබුණු අාණ්ඩු කරපු මිනීමැරීම්, අතුරුදහම් කිරීම් ගැනත් හොයන්න කියලා. දැන් ඉන්න ගොඩක් අය මේ ගැන දන්නෙ නැහැ. ඒකනෙ මේ කතා කියන්නේ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 24 August 2016 11:57 AM

කාලයත් එක්ක ස්වභාවධර්මයෙන්ම ඕවා මකා දමනවා. (ර)

:       0       0

ගීත් Wednesday, 24 August 2016 12:20 PM

තාජුඩීන් සිද්ධියම අල්ලගෙන දඟලන්නේ හැත්තෑව දශකයේදී දස වදදී මරපු අපේ කොල්ලො කෙල්ලො ගැනත් පරීක්ෂණයක් කළොත් නරකද? කාට කියන්නද මේවා (නි)

:       0       0

සහන Wednesday, 24 August 2016 12:15 PM

මේ ආණ්ඩුවට අපි ඇත්තටම සම්පුර්ණ සහයෝගය දියයුතුයි. මොකද සරත් ෆොන්සේකාව කිසිම වගවිභාගයක් නැතුව කුදලාගෙන ආවා. නමුත් මේ මිනීමැරුම් ගැන හරි විදිහට හොයන සාක්ෂි සහිතව වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න ගන්න උත්සාහයට අපි ගෞරව කළයුතුයි (නි)

:       0       0

සරණපාල Wednesday, 24 August 2016 12:23 PM

දුරකථන තොරතුරු මකපු කට්ටිය ඇතුළට ගත්තහම මකන්න කියපු කට්ටිය ගැන කියාවි යසට. මේ තාජුඩීන්ට සහ ඔහුගේ පවුලට සාධාරණය ඉෂ්ට කරන්න (නි)

:       0       0

ෂියන් Wednesday, 24 August 2016 12:45 PM

71 හා 88/ 89 කැරැල්ලට සම්බන්ද කිසිදෙයක් සෙවීමට අවශ්‍ය නැත. මන්ද 71 සිදු වුවේ ත්‍රස්තවාදී ක්‍රියාවකි එහෙදී විනාශකළ කිසිදු ත්‍රස්තවදෙයෙක් ගැන සෙවීමට අවශ්‍ය නැත (හේ)

:       0       0

චන්දන Wednesday, 24 August 2016 12:46 PM

ගීත් පළමුව රටක හිටපු ජනාධිපති කෙනෙක්ගේ පුතුක් සම්බන්ද මෙවැනි මිනීමැරුමක් අප කලින් අසා නැත. දෙවනුව මෙය මිනී මරුමක්නම් ඒ ගැන සාධාරන පරීක්ෂණයක් සිදු විය යුතුයි. (හේ)

:       0       0

දනුෂ්ක Wednesday, 24 August 2016 12:50 PM

මේ ගැන වෙනම පරික්ෂණයක් කරන්න.(හේ)

:       0       0

නිරේෂ් Wednesday, 24 August 2016 01:14 PM

මේ වගේ හෙණ ගහන අපරාධ කරන්න අනුබල දීපු හැම එකවම එල්ලලා මරන්න ඕනේ ගෝල් ෆේස් එකට ගෙනල්ල මිනිස්සුන්ට පේන්න.(බ)

:       0       0

රාමන් Thursday, 25 August 2016 03:02 AM

සුමුදු, මෙතන ජාතිවාදයක් අවුස්සන්න එපා. පුද්ගලික හේතු මිසක් ජාතිවාදී ප්‍රශ්නයක් මේ සිද්ධියේ වෙලා නැහැනේ. (නි)

:       0       0

රණතුංග Thursday, 25 August 2016 03:11 AM

මීට කලින් මැරුන අය ගැනත් හොයන්නකෝ. එ්ත් මේ රටේ පුරවැසියෝ (නි)

:       0       0

අසාද් Wednesday, 24 August 2016 01:36 PM

ගීත්, හැත්තෑවේ දශකයේ සිදුවිම් සහ මේ සිදුවීමයි අතර සමානත්වයක් නැහැ.මේ සිදුවීම් දෙක අතර තියෙන වෙනස හඳුනාගන්න බැරි පුද්ගලයන් අදහස් දැක්වීම විහිළුවක්. (නි)

:       0       0

රුස්ලන් Wednesday, 24 August 2016 01:57 PM

වසීම් තාජුඩීන් කතාව මට නම් දැන් තිත්තවෙලා. මේක නිකන් නව කතාවක් වගේනෙ, ඉවරයක් නැහැ. (නි)

:       0       0

දර්ශන Wednesday, 24 August 2016 02:06 PM

ගීත්, හැත්තෑව දශකයේදී කොල්ලෝ කෙල්ලෝ මැරුනේ කැරැල්ලක් හේතුවෙන්. තාජුඩීන් මැරුවේ එහෙමද? මේ මිනීමරුවන් හොයන එක ගැන ඔයාට අමාරුද? (නි)

:       0       0

හුසේන් Sunday, 28 August 2016 09:25 PM

එක දෙයක් විතරක්ම බදාගෙන සමහරු රට කුලප්පු කරනවා. වෙන වැඩ නැද්ද කියලා හිතෙනවා (නි)

:       0       0

දිලිප් Thursday, 25 August 2016 04:08 AM

පරීක්ෂණ කටයුතු සිදු වන්නේ පවතින නීති රාමුව තුළය. යල් පැන ගිය බව සැබෑය.නවීකරණයට පියවර ගත යුතු බවද සැබෑය. සියල්ලන්ටම සාධාරණය ඉටු විය යුතු බවද සැබෑය.(ම)

:       0       0

සුසිල් Wednesday, 24 August 2016 02:36 PM

මේවා පුදුම තර්කයක්, තජුඩීන් ගැන හොයන්න එපාලු,\n හැබැයි 71 , 88/89 ත්‍රස්තවාදී අය හොයන්නලු, උතුරේ අතුරුදහන් ත්‍රස්තවාදී අය ගැන හොයන්න එපාලු...(රේ)

:       0       0

රවිඳු Wednesday, 24 August 2016 03:00 PM

ගීත්,මෙයාලා වෙනුවෙන කඩේ යන එක අමනුස්ස ගතියක්. .(රේ)

:       0       0

ඉසුරන්දි Thursday, 25 August 2016 04:48 AM

71 හා 88/89 කාලේ වෙච්ච සිද්ධි හා මෙවැනි අබිරහස් ඝාතන එකට සැසදිය නොහැකිය.තාජුදින් මරණය සිදුව ඇත්තේ ආණ්ඩුව සමග සටන් වදින්න ගිහින් නෙමෙයි. හුදෙක් මෙවැනි දේ පවුද්ගලික පළිගැනීම් වියහැක. (බ)

:       0       0

වීරවර්ධන Thursday, 25 August 2016 06:19 AM

කොච්චර සාක්කි මැකුවත් සියලුදෙනාටම දවසක දඬුවම් ලැබෙනවා. නීතියෙන් බැරිවුණොත් දෙවියන්ගෙන්, ස්වභාව ධර්මයෙන්.. ඒක වළක්වන්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 128 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 90 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1668 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 694 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1622 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1292 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site