IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘තැටිය රත් කළේ රොටිය හදන්න‘

වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවේ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (1) පැවසූහ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම බලයට පත්වී මාස හයකින් ඉටු කරන ලෙස ජනාධිපතිවරණ සමයේ යෝජනා කළ විට එය දින සීයකින් කළ හැකි බව කීවේ එතුමාම යැයි කී සෝභිත හිමියෝ දැන් විධායකයේ බලතල භාවිතා කර එම පොරොන්දුව ඉටු කරන ලෙස ඉල්ලති.

ජාතික විධායක සභාවට තමා සහභාගී වන්නේ නැත්දැයි සමහරුන් තමාගෙන් ප්‍රශ්න කරන බවද කී උන්වහන්සේ  තමා ඊට පත් කර ඇති බව පුවත්පත්වල පළවී තිබුණද ඒ සඳහා පත්වීම් ලිපියක් හෝ රැස්වීම්වලට සහභාගීවන ලෙස ආරාධනයක් මේ වනතුරු ලැබී නැතැයිද කියා සිටියහ.

මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ බව පැවසුවේ සාධාරණ සමාජයක් සඳහා පුරවැසියෝ සංවිධානය මගින් ‘සාධාරණ සමාජයක් - අපි කතා කරමු‘ තේමාව යටතේ කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමුළුවක් අමතමිනි.



අදහස් (0)

‘තැටිය රත් කළේ රොටිය හදන්න‘

නිහාල් Sunday, 01 March 2015 03:06 PM

රොටි නෙමෙයි කැඳ හැළියක් වෙන බව ඔබවහන්සේට නොපෙනුනාට අපිට කලින් දැනුනා. නිසල ජලය ගැඹුරුයි. රටට යහපතක්ම වේවායි මගේ පැතුමයි. (නි)

:       0       0

යොමාල් Sunday, 01 March 2015 03:12 PM

දැන් ඉතින් තේරෙනවා නේද අපි කිවුව දේවල් හරි කියලා (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 01 March 2015 03:22 PM

රොටිය නොහැදේ නම්, මීළඟ මැතිවරණයේදී ඔබවහන්සේ මුලිකව අලුත්ම පිරිසක් රටටම ඉදිරිපත්කර තරඟකර රට බේරාගත යුතුය. ජරාජීර්ණ වුණ පරණ දේශපාලන ගොහොරුවේ පල්වෙන විෂබීජ ඉවත්කිරීමට ඇති හොඳම අවස්ථාව තමා මේ (නි)

:       0       0

විජය Sunday, 01 March 2015 03:51 PM

සෝභිත හිමි මේ සියල්ල කළේ මහජනතාව වෙනුවෙන්, පුද්ගලික වාසි බලාගෙන නෙමෙයි. පොඩ්ඩක් බලන්න මේ ඉල්ලීම් කවුරු වෙනුවෙන්ද කියලා. (නි)

:       0       0

සිරිසේන Sunday, 01 March 2015 03:54 PM

ඉදිරියට වඩින්න හාමුදුරුවනේ. (නි)

:       0       0

සහන් Sunday, 01 March 2015 04:01 PM

කට්ටිය හරියට කලබලවෙලා. හාමුදුරුවනේ, කලබල නොවන්න. හැම දෙයක්ම ඔබවහන්සේ සිතපු ආකාරයට,රටේ සුබසිද්ධියට වේවි (නි)

:       0       0

අනිල් Sunday, 01 March 2015 04:18 PM

දැන් තියෙන්නේ ඔය රත්වෙච්ච තැටියෙන්වත් ප්‍රයෝජනයක් ගන්න එක තමා. නැත්නම් තව ටික කාලයක් යනකොට ඒ සුවයවත් විඳගන්න බැරිවෙයි (නි)

:       0       0

කෝලිත Sunday, 01 March 2015 04:37 PM

උන්නාන්සේට දැන් කරන්න තියෙන්නේ එක දෙයයි (නි)

:       0       0

ටෙක්ලා Sunday, 01 March 2015 04:38 PM

දැන් ඉතින් තේරුණා කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

පෙරේරා Sunday, 01 March 2015 05:39 PM

ඔව් ඉතින්, ජනතාව බලාගෙන හිටියට මෙදාපාරත් රොටි නැතුව පරිප්පු විතරද කොහෙද? (නි)

:       0       0

චමිලා Sunday, 01 March 2015 06:03 PM

හාමුදුරුවන්ට නොතේරුන දේ මහින්දට ඡන්දය දුන් හැමකෙනෙකුටම එදා තේරුණා. අපි දන්නවා ඕක ඔහොම වෙනවා කියලා. (නි)

:       0       0

නඩරාජා Sunday, 01 March 2015 06:26 PM

ඔන්න තොවිලයේ සමයන්! දැන් සමහරු නම් ගලේ පැහැරූ බළල්ලු වගේ... අපි නම් මඩුවලිග සූදානම් කරගෙන ඉන්නේ (නි)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 01 March 2015 06:43 PM

සංජය, හිතන්න මොළයක් කියලා දෙයක් නැද්ද? (නි)

:       0       0

අමායා Sunday, 01 March 2015 06:47 PM

ඕකනේ කියන්නේ... දැන් පේනවා නේද? කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කියලා අපේ මුතුන්මිත්තෝ කිවුවලු නේද අපේ හාමුදුරුවනේ .......? (නි)

:       0       0

සමන් පෙරේරා Sunday, 01 March 2015 08:07 PM

අර මොනවද මාලු කෑවා නම් විඳවන්න ඕනෑ කියලා කතාවක් තිබෙනවාලුනේ (නි)

:       0       0

විකුම් Sunday, 01 March 2015 08:12 PM

හාමුදුරුවරු පන්සලට වෙලා බණ භාවනා කරගෙන වැඩ සිටිනවා නම් තමයි අපි කැමති (නි)

:       0       0

නන්දසේන Sunday, 01 March 2015 08:29 PM

ඔහොම යද්දී අපි කාට කාටත් රොටි පුච්චන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

ගයාන් Monday, 02 March 2015 01:16 PM

ගිය පාර සිරිසේනට දුන්නේ. මහින්ද මීට වඩා හොදයි (නදී)

:       0       0

විජේදාස Sunday, 01 March 2015 10:04 PM

රටට ජාතියට ආදරය ඇති කෙනෙක් කරළියට ගෙනඑමු (නි)

:       0       0

සූරියබණ්ඩාර Sunday, 01 March 2015 10:22 PM

යුද්ධය තිබුන කාලයේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා සමහරු කිව්වේ හරියට සිංහල ජාතිය බේරාගැනීමට නම් බඩට නොකා හෝ හරිහම්බ කරන දෙයක් යුද්ධය වෙනුවෙන් කැප කළයුතු බවයි. ඒ කාලේ හොඳ තදට ජාතික කැක්කුමක් තිබුනා. දැන් ඒවා අමතකවෙලා. දැන් බොරුවට රඟපානවා. (නි)

:       0       0

ධනංජය Sunday, 01 March 2015 10:36 PM

අනේ බණ්ඩාර, එක්කෙනෙක් ඇවිල්ලා මෙහෙම නම් 12ක් ආවොත් කොහොම තියෙයිද? (නි)

:       0       0

යසංග Sunday, 01 March 2015 10:38 PM

දැන් තැටි වලින්වත් රොටි වලින්වත් අපිට වැඩක් නැහැ (නි)

:       0       0

දිලානි Monday, 02 March 2015 01:49 PM

අපි නම් ඕක පොදු අපේක්ෂකයා එනකොටම දැනගත්තා. මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි(නදී)

:       0       0

විකුම් Monday, 02 March 2015 12:04 AM

දිවි හිමියෙන් යුදවැද රටත් ජාතියත් බේරාගත් සෙන්පතියාණන් අපි පෙරමුණට කැඳවාගෙන එමු. (නි)

:       0       0

විකුම් Monday, 02 March 2015 12:09 AM

නීතිය සාමය රජයන ලොවකට දොරටු විවෘත කිරීමට, අපි ජෙනරල් සරත් ෆොන්සේකා දෙසට හැරෙමු. (නි)

:       0       0

දිලානි Monday, 02 March 2015 02:45 PM

තිලක් -ඩුබායි ඔයානම් හොදටම බය වෙලා වගේ නේද? දැන් සියලු දෙනාටම වැටහෙනකොට කඩේ ගියපු අයට හොදට දාඩිය දානව නේද ? (නදී)

:       0       0

සුජීව Monday, 02 March 2015 02:00 AM

විධායකය නැතුව ලංකාව පාලනය ක‍රන්න බැහැ. කොටියට රට දෙන්න බැහැ අපිට (නි)

:       0       0

නිමල් Monday, 02 March 2015 02:20 AM

හාමුදුරුවනේ,ඔබ වහන්සේලා දුරදිග නොබලා වැඩකළා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනයට මින් වන විපාකයවත් හිතුවද? අඩුගණනේ පාර්ලිමේන්තුවේ 2/3 බලය නැතුව ඔය කියපු දේවල් කරන්න බැරි බව දැනගෙන හිටියාද? දැන් ඉතින් පරිස්සමින්. (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 02 March 2015 02:22 AM

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමි කියන්නේ,ඒකාධිපති පවුල් පාලනයෙන් සහ හොර කල්ලියෙන් රටත් රටේ අසරණ ජනතාවත් නිදහස් කරගැනීමට ජිවිත පරිත්‍යාගයෙන් ක්‍රියාකළ හාමුදුරු නමක්. (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 02 March 2015 02:26 AM

මිනීමරු ප්‍රභාකරන්ට වඩා බියෙන් සිටි කාලයක් අපි පසුකරගෙනයි ඇවිල්ලා ඉන්නේ. (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 02 March 2015 02:29 AM

විකුම්,මම එදත් කිව්වේ, අදත් කියන්නේ රට නිදහස් කරගැනීමට ඉන්න එකම නායකයා "කියන දේ කරන,කරන දේ කියන" ජෙනරල් සරත් ෆොන්සේකා පමණයි කියලා. (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 02 March 2015 02:32 AM

රට නිදහස් කරගත්තාට මදි. ඒකාධිපති පවුල් විසින් රටේ ගසාකෑ මහජන මුදල් ඩොලර් ත්‍රිලියන ගණන් නැවත ජනතාව සතුකරන්න පුළුවන් වෙන්න ඕනෑ (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 02 March 2015 02:37 AM

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට ඒකාධිපති පවුලෙන් රට නිදහස් කරදුන් පිනම ඇති. (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 02 March 2015 02:38 AM

රටේ ධනස්කන්දය ගසා කෑ විදිහට තවත් අවුරුදු 2 ක් ගියානම් අපිට රටක් නම් ඉතුරුවෙන්නේ නැහැ.අපේ අනාගත දරු පරම්පරාවට ඉතුරු වෙන්න තිබුනේ ඉතියෝපියාවක්,සෝමාලියාවක්,උගන්ඩාවක්,කෙන්යාවක්,බන්ගලිදේශයක්... (නි)

:       0       0

දයාල් Monday, 02 March 2015 02:48 AM

කවුරු කවුරුත් බලාගෙන හිටියේ රොටි කන්න. දැන් බැරියෑ කන්න ඉතින් (නි)

:       0       0

චන්දන Monday, 02 March 2015 02:58 AM

අනේ! අපේ හාමුදුරුවෝ රැවට්ටුවා. කොහොමහරි රණ්ඩුවෙලා හරි පොරොන්දු ටිකක් හරි ඉටුකර ගනිමු. දින 100 කල්දාන්න දෙන්න එපා.කවදාවත් ආයෙත් කරන්නේ නැහැ. (නි)

:       0       0

අබේරත්න -ටෝකියෝ Monday, 02 March 2015 05:10 PM

අනේ හාමුදුරුවනේ, ශාසනයට, දුප්පත් දායකයන්ට යම් සේවයක් කරන්න . (නි)

:       0       0

දේවේන්ද්‍ර Monday, 02 March 2015 05:18 PM

අපි බලාගෙන සිටිමු යහපාලනය කොහොමද කියලා (නි)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 03:38 AM

පරණ තැටි, අමු රොටි සමග මඩ 1000 යි දින 100 දැන් තිර ගතවේ (නදී)

:       0       0

ඒඩ්‍රියන්ද මෙල් Monday, 02 March 2015 03:43 AM

ඔය කාගේ කාගේත් තැටි අපි දන්නවා (නදී)

:       0       0

වයිකෝ Monday, 02 March 2015 03:54 AM

හොරු, හොර නායකයන්, චන්ඩි, වංචා කායන්, බොරුකාරයෝ, හොර ගිවිසුම් ගහපු අය ඡන්දෙදී ඉවත් කරමු (නදී)

:       0       0

රොෂේන් Monday, 02 March 2015 04:11 AM

ඔබ වහන්සේ ගොඩක් මහන්සි උනා. දැන් ඉතින් බණක් භාවනාවක් කරගෙන ඉන්න අපේ හාමුදුරුවනේ (නදී)

:       0       0

මොහාන් Monday, 02 March 2015 04:22 AM

තිලක් -ඩුබායි, අනාගතයෙ අපට දකින්න ලැබෙයි සිරියාවක්, ඉරාකයක්, ලිබියාවක්.(නදී)

:       0       0

දිනේෂ් Monday, 02 March 2015 05:27 AM

තිලක් ඩුබාය් , ඔයා කොහේ ඉඳන්ද කෑගහන්නේ. සෝභිත හාමුදුරුවෝ දැන් දොස් කියන්නේ සිරිසේන ජනාධිපතිතුමාට පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ කියලා. ඔයා කොහෙද යන්නේ මල්ලේ පොල් කියල කියන්න කලින් ලියලා තියෙනදේ තේරුම් අරන් ඉන්න. (දිල්)

:       0       0

පිවිතුරු යහපාල Monday, 02 March 2015 05:46 AM

තිලක් ඩුබායි මරු කියවනවා..දෙයියනේ කියලා අවශ්‍ය වැඩේ වුණා නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියනම් මොකද (දිල්)

:       0       0

නිලක Monday, 02 March 2015 06:05 AM

වැඩේ වැරදුනා වත්ද? (ර)

:       0       0

උදිත නන්දන Monday, 02 March 2015 06:26 AM

උනුත් එකයි මුනුත් එකයි මෙදා පාර අපි ජවිපෙට (නදී)

:       0       0

ජානක Monday, 02 March 2015 06:32 AM

හැමෝම හිතනවා වගේ වැඩ පිළිවෙළකට එහෙම ඉක්මනට එන්න බෑ. සාර්ථකත්වයට ක්‍රමවේදයක් තියෙනවා. (දිල්)

:       0       0

සුදත් රෝහණ Monday, 02 March 2015 07:04 AM

අපි ඕක කිවුවා. ඉඟුරු දීල මිරිස් ගත්ත කියල කියන්නෙ හිටපු අය හොඳයිද ? (ර)

:       0       0

දිශාන් Sunday, 01 March 2015 11:14 AM

හාමුදුරුවොත් ඉඟුරු දීල මිරිස් ගත්තද?(දිල්)

:       0       0

සමන්ත Sunday, 01 March 2015 11:18 AM

අපිට නං කියන්න එපා අපි ඕවා කලින්ම කිව්වා..! (ර)

:       0       0

සමන් Sunday, 01 March 2015 11:19 AM

අපි නම් කලින් ම දන්නවා ඔය ටික... (ර)

:       0       0

සොපී Sunday, 01 March 2015 11:29 AM

විධායකය අහෝසි කිරීම නුවනට හුරු නැහැ. ඒක රට බෙදන්න උඩගෙඩි දීමක්. (ර)

:       0       0

වැකෝ Sunday, 01 March 2015 11:30 AM

හාමුදුරුවනේ, ඕව හිතපු තරම් පහසු නැහැ. තව අවුරුදු 5 ඉන්න ඉවසගෙන. (ර)

:       0       0

විරාජ් Sunday, 01 March 2015 11:38 AM

මේක සටනක් අපේ හාමුදුරුවනේ. අත හරින්න එපා. තාම අවස්ථාව තියනවා. දැන් මහජනතාව අතරට ප්‍රශ්නය ගෙනියන එක තමා සුදුසුම. මෛත්‍රී මහත්තයා ඕනවට වඩා නිස්ශබ්දයි. අරගලය ජනතාව සතුයි. (ර)

:       0       0

ඉසුරන්දි Sunday, 01 March 2015 11:44 AM

ඊලග පාර අපි කාටද ඡන්දෙ දෙන්න ඕනේ එතකොට. දැන් ඉතින් මේ මහ පක්ෂ දෙකට පොඩ්ඩක් ආයුබෝවන් කියලා වෙන පක්ෂයක අපේක්ෂකයෙක් පත් කරගන්න උත්සහ කරමුද? දුම් පිඹ පිඹ තැටි රත් කලාට වැඩක් නැහැ අන්තිමට ඒ තැටියටම කරවෙන්නේ රටේ අපිවගේ ජනතාවයි. (ර)

:       0       0

ප්‍රියන්ත Sunday, 01 March 2015 11:44 AM

බෝට්ටුවේ තිබුණු පැත්ත හොදයි, පෙරලුනු පැත්තට වඩා. (ර)

:       0       0

වැකෝ Sunday, 01 March 2015 11:54 AM

විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට අත්‍යවශයි. (ර)

:       0       0

නිරූප Sunday, 01 March 2015 11:58 AM

මම කලපනා කරන්නේ හිනා වෙන්නද නැත්නම් අඩන්නද කියල. (ර)

:       0       0

ප්‍රියන්ත Sunday, 01 March 2015 12:01 PM

නොදන්නා යකාට වඩා දන්නා යකා හොද බව අහලම නැද්ද ? රාජිත මහත්තයත් වහෙන් ඔරෝ දැන් ඔය කියවන්නේ (බ)

:       0       0

කරුණාරත්න Sunday, 01 March 2015 12:07 PM

ඊළම ළගදීම අපිට (බ)

:       0       0

හැරී Sunday, 01 March 2015 12:09 PM

අනේ මේ...ඔයාල තමයි මෙයාලව නග්ගල තිබ්බේ..නිකන් දැන් රොටි ගැන කියවනවා ! කෝ අර රතන හිමි (බ)

:       0       0

අනුර Sunday, 01 March 2015 12:10 PM

මේ ගොල්ලොත් හරියට වැඩකරන්නේ නැත්නම් කරන්න තියෙන්නේ ආපහු අනිත් පැත්තට ඡන්දෙ දෙන එක නෙවේ. රටට වැඩකරන උගත් මිනිස්සු පත්කරගන්න එකයි අරක නැත්නම් මේක මානසිකත්වයෙන් වැළකෙමු. (බ)

:       0       0

සංජය Sunday, 01 March 2015 12:18 PM

අපේ හාමුදුරුවනේ, අාපහු මහින්ද මහත්තයව ගෙනල්ලා එයාගේ අඩු පාඩු හදා ගත්තනම් හොඳයි කියල අපට දැන හිතෙනවා. යන්තම් මෙයාල අාව විතරයි අන්න ඊළාම් කාරයෝ උතුරේ නැට්ට උස්සගෙන (නදී)

:       0       0

අනුෂි Sunday, 01 March 2015 12:24 PM

අතීතයේ වැඩ විසු හාමුදුරුවරුන් රට ජාතියේ ආරක්ෂාව ප්‍රදාන කරලයි දිවි හිමියෙන් සේවය කළේ. (නදී)

:       0       0

හිමාල් Sunday, 01 March 2015 12:28 PM

විධායක බලයෙන් නෙවෙයි ඔය කියන ඒවා කරන්නේ. ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍යයි. යම් හෙයකින් විධායක බලය අහෝසි වුනොත් ඒක පාර්ලිමේන්තුවට ලැබෙනවා. (ර)

:       0       0

මදු Sunday, 01 March 2015 12:49 PM

රටට වෙන්නේ මොකක් ද කියලා කාට කාටත් තේරුනොත් හොදයි. (ර)

:       0       0

මඩිහේ පැනසිහ Sunday, 01 March 2015 12:55 PM

විධායක ජනාධිපති කෙනෙක් රටට ඕනෑ. (නි)

:       0       0

චමිලා ලිලන්ති Sunday, 01 March 2015 01:09 PM

1977 ඉඳන් කුරුවල් කරපු ඔළුගෙඩි ඇති මිනිසුන් යහපත් සමාජයක් කරා ගෙනයන්න බෝම අපහසුයි.අනික ඔය අශුද්ද හවුලත් එක්ක ඒ සමාජය ඇති කිරීමට සිතීමත් සිනයක්ම තමා. (බ)

:       0       0

රාජා Sunday, 01 March 2015 01:13 PM

අන්න රාජිත ඇමතිතුමා තැටිය මාරු කළා කියල පළවෙලා. ඉතින් දැන් ඔබවහන්සේ අපිට වුනු පොරොන්දුවලට මොකද වෙන්නේ. අපිට තවදුරටත් ඔබලාව විශ්වාස කරන්න පුලුවන්ද? (බ)

:       0       0

නිමල් Sunday, 01 March 2015 01:16 PM

බළල්ලු ලවා කොස් ඇට බාවනවා කිව්වේ ඕකට තමා. හැබැයි දැන් කාලේ බළලුන්ටත් ඔයිට වැඩිය මොලේ තියෙනවා. (බ)

:       0       0

අනුරුද්ධ Sunday, 01 March 2015 01:18 PM

විධායක බලතල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කළ යුතුයි. රටේ පාලකයා වශයෙන් ජාතික ආරක්ෂාව තමන් අතට ගන්න එක හොඳයි. එත් ඒක අනිසි විදියට භාවිතා කරන විධායකයකින් ඵලක් නෑ. ආරක්ෂක තනතුරු දෙන්න ඕන සුදුස්සාට. නුසුදුසු අය තවමත් ඉන්නවා ආරක්ෂක ලොකු පුටුවල. ඒවා ඉවත් කරන්න තමයි විධායකය භාවිතා කළ යුත්තේ. (බ)

:       0       0

සුදත් සංජීව Monday, 02 March 2015 09:35 AM

සාදු, සාදු, සාදු (නදී)

:       0       0

සම්පත් වන්නිආරච්චි Sunday, 01 March 2015 01:28 PM

කබල රත්කර භාර දෙන්නේ කාටද කියලා අපිනම් මුලදීම දැක්කා. (ර)

:       0       0

බංඩාර Sunday, 01 March 2015 02:18 PM

අපේ හාමුදුරුවෝ, එක නායකයෙක් පත් කරලා විතරක් වැඩක් නැහැ. අපේ රටට මෛත්‍රී වගේ නායකයෝ දොළොස්දෙනෙක් පත් කරන්න ඕන මේ රට හදන්න නම්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 97 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 975 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 259 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 159 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 358 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 885 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site