IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


තොටළඟ පැල්පත් පැටවු ගහයි

නාගරික සංවර්ධන අධිකාරිය තම ගෙවල් කැඩී යැයි තොටළඟ මහපාර අඟහරුවාදා (16) සිට අවහිර කරමින් උද්ඝෝෂණය කළ සියලු දෙනාට අසල නිවාස යෝජනා ක්‍රම තුනකින් හොඳ නිවාස දී ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.

පසුගිය 12 වැනිදා වනවිට ඔවුනට එම නිවාස බාරදී තිබූ බවත් ඇමැතිවරයා කීවේය.

ගෙවල්වල පදිංචියට ගිය අය සති අන්තයේ යළි අනවසර මඩුවලට එන බවත් ඇතැමුන් යහළු මිත්‍රයන්ද ඒවායේ පදිංචියට රැගෙන එන බවත් රණවක මහතා පැවසීය.

වර්ග අඩි 500ක ජීවත්වූ අයට නිවාසයක් ද වර්ග අඩි 700ට වඩා ඉඩක සිටි අයට නිවාස දෙක බැගින්ද අලුත් නිවාසවලින් දී ඇතැයි ඇමැති කීය.

 



අදහස් (0)

තොටළඟ පැල්පත් පැටවු ගහයි

සමරේ Wednesday, 17 February 2016 11:57 AM

තරහ වෙන්න එපා අැත්ත කියන්නෙ අත්දැකීමෙන්ම. මෙි මිනිස්සු මුඩුක්කු මානසිකත්වයෙන් මිදෙන්න කැමති නැහැ. හේතු ගොඩක් තිබෙනවා. මම 95-96 කාලෙදි ඔය ප්‍රදේවල ජීවත්වුණා. (නි)

:       0       0

නිහාල් Wednesday, 17 February 2016 11:50 AM

මට පුදුම වසරකට කොහොමද මෙපමණ මහල් නිවාස කන්දරාවක් හැදුවේ කියලයි. (නි)

:       0       0

ජනක Thursday, 18 February 2016 06:58 AM

මම හැමදාම කියන දෙයක් තමය ලංකාවේ තද නීති නැතුව රට හදන්න බැහැ. බොරු අනුපම්කව ඕනේ නැහැ, ඇඬුඩුවට කමක් නැහැ, තදින් හිටින්න. (ර)

:       0       0

ජයරත්න Wednesday, 17 February 2016 12:43 PM

පහුගිය රජය කාලෙ කොළඹ පැල්පත්වාසීන් තට්ටු නිවාස වල පදිංචි කරවන්න යනකොට ඒකට පුලුවන් තරම් අකුල් හෙලපු අය තමයි අද ආණ්ඩුවෙ ඉන්නෙ. දැන් ඒක ඒ අයටම පාරාවළල්ලක් වෙලා. (නි)

:       0       0

චන්දි Wednesday, 17 February 2016 08:53 AM

තදින් තීරණ ගන්න ඕන තැන තදින් ගන්න ඕනේ. මිනිස්සු කියන්නේ හොද පරමාදර්ශී කිසි වරදක් නැති අය හිතල තමයි මාධ්‍යය සහ සමහර පක්ෂ කතාකරන්නේ. (බ)

:       0       0

කරුණාතිලක Wednesday, 17 February 2016 08:57 AM

මේ නගරය දැන්වත් පිළිවෙලට හැදිය යුතුයි (ම)

:       0       0

සත්‍යපාල Wednesday, 17 February 2016 09:32 AM

ඔය කියන හොද නිවාස දුන්නේ මහින්ද ආණ්ඩුවෙන් නේද ? එකත් මේ ඊයේ පෙරේද මෙයාල හදල දුන්න වගේ කතාකරන්නේ. (ර)

:       0       0

‍‍උදය Wednesday, 17 February 2016 09:33 AM

මේ මිනිසුන්ගේ උද්ඝෝෂණය නිසා මගීන් වන අපිට පුදුම කරදයක් වුනේ. මේ අයට නිසි දඩුවම් දෙන්න ඕනේ. දුන් නිවාසත් ආපසු ගන්න ඕනේ. (හේ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 17 February 2016 09:37 AM

මොන රජයක් තුලින් මේ ක්‍රියාවලිය සිදු කෙරුණත් මොහාන් කියූ දෙය තමයි සිද්ධ වෙන්නේ . හැබැයි ඒක ඔබ කියූ විදියේ මානසිකත්වය පිලිබඳ ප්‍රශ්නයක් නම් නෙමෙයි. මෙතන තියෙන්නේ ජීවත්වීම පිලිබඳ ප්‍රශ්නයක් ,ඔවුන්ගේ ආදායම් මාර්ග තියෙන්නේ අර කලින් පදිංචි ස්ථාන හා බද්ධවයි . අලුත් ස්ථානවල ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් විදියේ ආදායම් මාර්ග තියෙනවා නම් ඔවුන් කීයටවත් මුල් පදිංචි තැනට යන එකක් නැහැ . (ර)

:       0       0

ජූඩ් Wednesday, 17 February 2016 09:42 AM

අලුත් ගෙවල් දීපු ගමන් ඇයි පරණ මඩු ඉවත් නොකළේ. ඕක තමියි ප්‍රශ්නෙට මුල. (ර)

:       0       0

කපිල Wednesday, 17 February 2016 01:41 PM

නිවසකට වහලක් තිබිය යුතු වුණත් සෑම වහලක් තියෙන ගොඩනැගිල්ලක්ම නිවසක් නොවන බව වටහාගත යුතුයි. මේ අයට අවශ්‍ය නිවසකට තිබිය යුතු පරිසරය මහල් නිවසක දෙන්නේ කොහොමද? නිදහසේ හිටපු අය ගාල්කළ හැම මහල් නිවාස ව්‍යාපෘතියක්ම අසාර්ථකයි. (නි)

:       0       0

මොහාන් Wednesday, 17 February 2016 07:19 AM

මේ කතාව ඇත්ත. මහින්ද මහත්තයට බැණ බැණ නාරාහේන්පිට මිනිස්සු අලුත් ගෙවල් වලට ගියේ. ඔවුන්ට ආපහු එන්න දුන්නොත් දැනුත් එනවා. මේක මිනිස්සුන්ගේ මානසිකත්වය. (ර)

:       0       0

සේනක Thursday, 18 February 2016 10:59 AM

මෙයා අතගහපු එක වැඩක් වත් ඉවර කළාද? බතල කොළ හිටවන්න හරිම සුරයා. (බ)

:       0       0

මහින්ද Wednesday, 17 February 2016 08:06 AM

මම තොටළග ඉන්නේ පුද්ගලයෙක් මේ සිලුදෙනාට ගෙවල් දීල තියෙන්නේ නමුත් ගෙවල් කුලියට දීල නැවතත් එතනටම ඇවිල්ලා ඉන්නවා කුඩෑල්ලා මෙට්ට්ටේ තියන්න බෑ කියන්නේ මේවට තමයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 979 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 431 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 279 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 848 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 718 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 321 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site