IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


තොණ්ඩමන් උසාවි නියෝගය ඉවත දමයි

පසුගිය ජනපතිවරණ සමයේ පසුගිය රජය උඩරට වතු කම්කරුවනට බෙදා දීම සඳහා තොණ්ඩමන් පදනමට දුන් රුපියල් තුන් කෝටියක භාණ්ඩ බෙදා හැරීම තහනම් කරමින් හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය නිකුත් කළ වාරණය ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුම්ගම් මහතා එම ක්‍රීඩාංගනයෙන් අද (17) පිට වී ගියේය.

උසාවි නියෝගයක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහු අධිකරණයට අපහාස කර ඇතැයි නීති අංශ කියයි.

එම භාණ්ඩ බෙදා හැරීම නවත්වන ලෙස පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් පොලිසිය කළින් පැවැත්වූ පරීක්ෂණයෙන් පසුව එම භාණ්ඩ තොන්ඩමන් මහතාට යළි බාර දෙන ලෙස හැටන් මහේස්ත්‍රාත් අයි පී බී ලියනගේ මහතා නියෝග කර තිබිණි.

ඒ අනුව තොන්ඩමන් මහතාට භාර දුන් එම භාණ්ඩ නෝවුඩ් තොන්ඩමන් ක්‍රීඩාංගනයේ දී අද  (17) බෙදා දෙමින් සිටිය දී පොලිසිය තවත් අධිකරණ නියෝගයක් රැගෙන එහි ආවේය.

තොණ්ඩමන් මහතා එම නියෝගය ප්‍රතික්ෂේප කර ක්‍රීඩාංගනයෙන් පිටව ගියේය.

ඒ වන විට භාණ්ඩ රැසක් බෙදා දී තිබිණි.

එම භාණ්ඩ අතර ශබ්ත විකාශන යන්ත්‍ර, පුටු, සෙවිලි තහඩු, වැඩි කූඩාරම්, ඉවුම් පිහුම් භාජනය විය.

තේවතු 203කට, ගම් 47කට හා තොණ්ඩමන් පදනමේ ප්‍රජා ශක්ති ව්‍යාපෘති 44කට මෙම භාණ්ඩ බෙදා දීමට නියමිතව තිබිණි.

නොබෙදූ භාණ්ඩ රැගෙන යෑම වැළැක්වීම සඳහා ක්‍රීඩාංගනයේ දොරටු වසා දැඩි ආරක්ෂාව යෙදූ පොලිසිය නෝවුඩ් නගරයේ ආරක්ෂාව ද තර කළේය.

පොලිසිය දෙවැනි අධිකරණ නියෝගය ලබා ගැනීම සඳහා අධිකරණයට පවසා ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ අලුතින් පරීක්ෂණයක් පැවැත්වෙන නිසා භාණ්ඩ බෙදා හැරීම නතර කිරීමේ වාරණයක් නිකුත් කරන ලෙසයි.



අදහස් (0)

තොණ්ඩමන් උසාවි නියෝගය ඉවත දමයි

වාසනා Wednesday, 18 February 2015 06:06 AM

ඉතින් මිනිසුන්ට භාණ්ඩ බෙදාදෙන එක කොච්චර හොඳ වැඩක්ද? (නි)

:       0       0

දිනුක් Tuesday, 17 February 2015 02:39 PM

මේවාටද කියන්නේ ශ්‍රී ලංකාවේ නීතිය කියලා? මෙම පුද්ගලයා සැහෙන වැරදි ප්‍රමාණයක් කර ඇත සාමාන්‍ය මනුස්සයෙක් කළා නම් දැනටමත් හිරබත් කනවා (නි)

:       0       0

ද සිල්වා Wednesday, 18 February 2015 12:57 AM

තොණ්ඩමන්ලාට උසාවි නියෝග වැදගත් නොවේ. හැමදාම දිනන පැත්තට මුක්කු ගැසීම නිසා හැමදාම 'විනින් ටීම්' එකේය (නි)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Tuesday, 17 February 2015 11:02 AM

උසාවියෙන්ම තොන්ඩමන්ට භාර දුන්නු භාන්ඩවලට ඔහු කැමති දෙයක් කරන්න බැරිද. (බ)

:       0       0

දහම් Tuesday, 17 February 2015 11:46 AM

ඔන්න තවත් යහපාලන ප්‍රතිඵලයක්. වෙනසක් ඉල්ලපු අය දැන් බලාගන්නකෝ! (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 17 February 2015 11:47 AM

රටේ මහජනතාවගේ මුදල් තම දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් භාවිතා කිරීමට ඇති නිදහස දැන්වත් නතර කළයුතුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1348 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 823 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2079 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 413 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 708 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1760 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site