IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


තොණ්ඩමන් පොලිසියට රාජකාරි උගන්වන්න යයි

හැටන් කොටගල නගරයේ හින්දු කෝවිලක පූජකවරයකුට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට දිඹුල පොලිසියට පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට එරෙහි වූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා දිඹුල පොලිසිය අසළට ගොස් නිලධාරීන්ට දෝෂාරෝපණය කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

දිඹුල පොලිසිගේ ගේට්ටුව අසලට ගොස් ස්ථානාධිපතිට එළියට පැමිණෙන්නැයි දැනුම් දී ඇති බවත්, ස්ථානාධිපතිවරයා වෙනත් රාජකාරියක සිටි නිසා උප පොලිස් පරික්ෂකවරයකු පැමිණ ඇමැති සමග සාකච්ඡා කර ඇති බවත්, ඕනෑම ආගමක නායකයකුට එරෙහිව පැමිණිලි ලදහොත් ඔහු පොලිසියට ගෙන්වීම අසාධාරණ බවත්, පොලිසිය ගොස් ප්‍රකාශ සටහ් කර ගත යුතු බවත් තොණ්ඩමන් මහතා කීවේයැයි පොලිසිය පවසයි.

‘රටේ අගමැතිට හෝ ප්‍රභූවරයකුට එරෙහිව පැමිණිල්ලක් ආවොත් ඔහු පොලිසියට ගෙන්වාගෙන ප්‍රකාශ සටහන් කර ගන්නවාද? යැයි ඔහු පොලිසියෙන් ප්‍රශ්න කර තිබේ.

මීට පෙරද තොණ්ඩමන් මහතා පොලිසිය සමග වාදයක පටැලවී තිබිණි.



අදහස් (0)

තොණ්ඩමන් පොලිසියට රාජකාරි උගන්වන්න යයි

ලක්සිරි Sunday, 21 August 2016 03:18 PM

රටේ යහපාලනය ක්‍රියාත්මක උනාට තාමත් ඉන්නවා ඉස්සර හයිකාරකම් තියෙන උදවිය. (රේ)

:       0       0

දහම් Sunday, 21 August 2016 06:09 AM

අන්න එහෙමනේ යහපාලානේ. හැබැයි රට බේර ගත්ත ගෝඨාභය වීරයාව සැරෙන් සැරේ පොලිසි ගෙනියන එක හොඳයි.(රේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 21 August 2016 06:24 AM

මේක නම් පුද්ගලික ප්‍රශ්නයක් ,යහපාලනයේ දුර්වලතාවයක්නම් නොවෙයි.(රේ)

:       0       0

රුවන් Sunday, 21 August 2016 06:56 AM

ඔව් ඔව්. මෙතුමන්ලා කරන ඔක්කොම නරක වැඩ පුද්ගලික ප්‍රශ්න. යහපාලනයේ සම්බන්ධයක් නැහැ. හැබැයි ඉස්සර කට්ටිය කරපුවට ඒ රජය වගකියන්න ඕනෑ. (නි)

:       0       0

දයානි Sunday, 21 August 2016 07:06 AM

අනේ අපේ ත්‍රිවිධ හමුදාවට වෙච්ච දෙයක්? ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 21 August 2016 07:13 AM

මේක තමිල්නාඩුව වගේ කරන්න යනවාද? පොලිසියේ රාජකාරියට ඇඟිලි ගැසීමට මොන බලවතාටවත් ඉඩනොදිය යුතුයි. (නි)

:       0       0

තෙන්නකෝන් Sunday, 21 August 2016 07:09 AM

මේක ඉතින් දේශපාලකයන්ටම ගිය රටනේ! (නි)

:       0       0

ඉසුරු Sunday, 21 August 2016 09:07 PM

අන්න මිනිස්සු! ඔවුන් ඔවුන්ගේ ආගමට, ජාතියට අාදරෙයි. ඒකට අපේ අය? (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 21 August 2016 09:17 PM

මෙතුමා පොලිසියට ගිය එක මහා වැරැද්දක්ද? එතකොට අර අධිකරණ නියෝග සමහරු දුරකතනයෙන් වෙනස්කරනකොට හොඳයිද? හොරු, මංකොල්ලකාරයෝ, කුඩුකාරයන් බේරගන්න නොවේ ගියේ මෙතුමා. ආගමික නායකයකු වෙනුවෙන් පෙනීඉන්න එකේ මොකක්ද වරද? (නි)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 21 August 2016 08:13 AM

පොලිසියටත් මෙහෙම නම් රටේ ජනතාව මොනවා කරන්නද (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 22 August 2016 04:32 AM

අල්ලලා දාන්න මහත්තයෝ කූඩුවට. රාජකාරියට බාධාකිරීම කොහොමටවත් නොසළකා හරින්න බැහැ (නි)

:       0       0

මනෝජ් Monday, 22 August 2016 04:38 AM

එතකොට අපේ මහා සංඝරත්නය පොලිසි වලට අරන් ගිහින් රිමාන්ඩ් කරන එක හොදද? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 70 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 257 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 544 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 418 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3585 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 520 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site